වීරවංශ බිරිඳට හොර ගුවන් බලපත්‍රයක්?

වීරවංශ බිරිඳට හොර ගුවන් බලපත්‍රයක්?

http://ravaya.lk/?p=5529
අපට ලැබී තිබෙන ආගමන හා විගමන දෙපාර්ත මේන්තුවෙන් තහවුරු කරගත් තොරතුරු අනුව ඇය සතුව විදේශ ගමන් බලපත් දෙකක් ඇත්තේය. එකක් N වර්ගයේ සාමාන්‍ය ගමන් බලපත‍්‍රයක්ය. අනෙක D වර්ගයේ රාජ්‍යතාන්ත‍්‍රිකව ලබාදෙන ගමන් බලපත‍්‍රයකි.

මෙහිදී ප‍්‍රශ්නය පැන නැගී ඇත්තේ ඇය සතුව ගමන් බලපත‍්‍ර දෙකක් තිබීම නිසා නොව එම ගමන් බලපත‍්‍ර දෙක සඳහා ඇය විසින් ලබාදී ඇති තොරතුරු එකිනෙකට පරස්පර විරෝධී ඒවා නිසාය.

ඇයගේ N ගමන් බලපත් අංකයN1284124 ය. ඊට අනුව ඇගේ නම ශිර්ජා උදයන්ති වීරවංශය. උපන් දිනය 1967.02.01 දිනය. ජාතික හැඳුනුම්පත් අංකය 675320233Vය. ඒ සඳහා ඇය ඉදිරිපත් කර ඇත්තේ උපන් ස්ථානය වැල්ලම්පිටියයැ’යි සඳහන් අංක 5935 දරන උප්පැන්න සහතිකයය. ලිපිනය වශයෙන් සඳහන්වන්නේ A9, MP’s නිල නිවාස, මාදිවෙලය.

ඇයගේD ගමන් බලපත‍්‍රයේ අංකය D3642817ය. ඊට අනුව ඇයගේ නම රන්දුණු මුදියන්සේලාගේ ෂෙහාසා උදයන්ති රණසිංහය. එහි ඇගේ උපන් දිනය 1971.02.03ය. ජාතික හැඳුනුම්පත් අංකය 715344696Vය. ඒ සඳහා ඉදිරිපත් කර ඇත්තේ උපන් ස්ථානය වැල්ලවත්තයැ’යි සඳහන් 999 අංක දරන උප්පැන්න සහතිකයය. ලිපිනය වශයෙන් සඳහන් වන්නේ ඊ13 පැජට් පාර, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07ය.

ඇගේ N වර්ගයේ ගමන් බලපත‍්‍රයේ දරු දෙදෙනාගේද නම් ඇතුළත්ව ඇති අතර ෘ වර්ගයේ රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයේ දරු දෙදෙනාගේ නම් ඇතුළත්ව නැත.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    DSC_4527.jpg





    DSC_2.jpg





    hqdefault.jpg