වීරවංසගේ මෙහෙකාරියන්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වීරවංසගේ මෙහෙකාරියන්

    ඉංජිනේරු සංස්ථාවේ සේවිකාවන් වීරවංසගේ මෙහෙකාරියන් ලෙස යොදවලා
    Wednesday, 20 July 2016 11:18 Print Email

    විමල් වීරවංස නිවාස, ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයාලෙස කටයුතු කළ සමයේ ඉංජිනේරු සංස්ථාවට බඳවා ගත් සේවිකාවන් තම නිවසේ මෙහෙකාරියන් ලෙස යොදාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් උතුරුමැද පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ස්වාධීන රූපවාහිනියේ ඇත්ත නැත්ත වැඩසටහනේදී හෙළිදරව් කර සිටියේය.

    විමල් වීරවංස විසින් ඔහුගේ පාක්ෂික හිතවතුන්ට එම අමාත්‍යාංශයේ මුදල් අවභාවිතා කරමින් අනුග්‍රහය දක්වා ඇති ආකාරයත් ඔහුගේ ඥාතීන්ට ඉඩම් හා නිවාස ලබාදෙමින් ඥාති සංග්‍ර සිදු කර ඇති ආකාරයත් සම්බන්ධයෙන් තමන් පැමිණිලි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන්ද මේ වනවිට කරුණු රැසක් හෙළිදරුව් වී ඇති බවත් දැන් ඇත්තේ ඊට අදාළ නීතිය ක්‍රියාත්මක වීම බවත් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් එහිදී පැවසීය.

    බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී සිය බිරිඳගේ සාරියේ කට්ට ගැසීමට පවා හමුදා සෙබළියන් යොදවා ඇති ආකාරයත් බැසිල් රාජපක්ෂ මහතාගේ නිවසේ ඇති කළ සුණඛයන් නෑවීම සඳහා හමුදා නිලධාරීන් යොදවා සිටි ආකාරයත් එහිදී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කර සිටියේය.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උසාවි ගිහිං ටෙලිපෝන් වලට ගහපු බදු ටික අයිං කල්ල දුන්නනෙ දැන් ගහපං මඩ ඒ මනුස්සයගෙ චරිතෙ විනාස වෙනකංම :angry: :angry:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උසාවි ගිහිං ටෙලිපෝන් වලට ගහපු බදු ටික අයිං කල්ල දුන්නනෙ දැන් ගහපං මඩ ඒ මනුස්සයගෙ චරිතෙ විනාස වෙනකංම

    රතු අලි පැටවු ITN එක බදු අරගෙන රටේ භයානක ප්‍රශ්න අමතක කර unp එකට හෙළුවෙන් කඩේ යනවා
     
    Last edited:
    • Like
    Reactions: Amith0424