වීර පුරන් අප්පු

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    වීර පුරන් අප්පු

    වීර පුරන් අප්පු

    weerapuran-appu-2.jpg


    "උඹට අවසන් වතාවට යමක්‌ කියන්න තියෙනවද..."

    "මගේ අම්මා මං වගේ තව දහදෙනෙක්‌ වැදුවා නම් මේ රටේ එක බිම් අඟලක්‌ අයිති කරගන්න පර සුද්දන්ට ඉඩ තියන්නෙ නෑ..."

    පුරන්අප්පු එසේ කියනවාත් සමඟම "මූට වෙඩි තියාපල්ලා" යෑයි යුද්ධාධිකරණ නායකයා කෑගෑවේය.

    වහාම වෙඩි තැබිණි. පුරන්අප්පු දළදා මාළිගාව දෙසට හැරී දෝත් මුදුන් දී වැඳගෙන මැරී වැටුණේය.

    පොදු ජනයා අතර හිඳ පොදු ජනයා වෙනුවෙන් සටන් කොට ඉතිහාසයේ රන් අකුරින් නම සටහන් කල ලක්දිව සැබෑ ජාතික වීරයෙක් වූ පුරන්අප්පු මරණයට මිනිත්තු ගණනකට පෙර එසේ කිවේය.

    පුරන්අප්පු අපට මෙන්ම මතු පරපුරටද වීරයෙකු වන්නේ එදා මෙදාතුර ජීවිත පරිත්‍යාගයෙන් මේ රටේ උස් නිදහස වෙනුවෙන් සටන් කල මහා පෞරාශයකින් හෙබි මිනිසුන් අතර මිනිසෙකු නිසාය.

    ඉංග්‍රීසි පාලනය තුල ගම්පතියා යනු උන්ගේ සියලු ඕනා එපාකම් ඉටුකළ බත් බැලයෙකි . පුරන් අප්පු සටන් බිමට පිවිසියේ එවන් ප්‍රජාපීඩක තනතුරක් හෙබවූ අයුක්තිසහගත නිලධාරියෙකුට එරෙහිව ඔහුගේ නිජබිම වූ මොරටුව ප්‍රදේශයෙනි. ඔහු ගම්පතියාගේ අසාධාරනකම් වලට එරෙහිව ඔහුට පහර දුන්නේය..ඔහුගේ නිවස ගිනිබත් කළේය. අවසානයේදී ඉංග්‍රීසිනිගේ සිරදඬුවම් විඳීම වෙනුවට කන්ද උඩරටට පලා ගියේය. පුරන්අප්පු වීරයෙකු සේ බැබළෙමින් සිටියේ නැත. ඔහු වීරයකු සේ වැඩකළ මිනිසෙකි. කන්ද උඩරට දී ඔහු ඉංග්‍රීසින්ට එරෙහිව දියත් කල පළමු ප්‍රහාරය වුයේ ඩෝසන් නමැති සුදු නඩුකාරයාගේ නිවස මංකොල්ල කා සියල්ලම දුප්පතුන් අතර බෙදා දීමය. එයට මුලෝක වූ හේතුව නම් එම නඩුකාරයා ස්වදේශික ජනයාට එරෙහිව නීතිය අයුක්ති සහගත ලෙස ක්‍රියාවේ යෙදවීමය. මේ සියලු සිදුවීම් ඉදිරියට ගලාගෙන යනවිට පුරන් අප්පු ඉංග්‍රීසින්ට දාමරිකයකු වුවද පොදු ජනයාට වීරයෙක්‌ විය.

    1846 දී ඉංග්‍රීසි සුරාකන පාලකයන්ට උදා වුයේ අයහපත් කාලයකි. ඔවුන්ගේ කොපි වගාවට වසංගත රෝගයක් වැළඳීමෙන් බොහෝ වතු විනාශ විය. එම පාඩුව මකා ලීම උදෙසා ට ඉංග්‍රීසීහු විවිධාකාර බදු පනවන්නට වූහ. ඒ අතරින් ජනතාවට දරාගත නොහැකි බද්ද වුයේ ඇඟ බද්දයි . පවුලක පිරිමියා විසින් ඇඟ බද්ද යනුවෙන් සිලිම් 3 ක බද්දක්‌ රජයට ගෙවිය යුතු විය. දුප්පත් ගැමි ජනතාවට සිලිම් තුනක්‌ සොයා ගැනීම ඉතා අපහසු කරුණක්‌ විය. සිලිම් 3 ක ඇඟ බද්ද නොගෙවන්නේ නම් දින 6 ක්‌ පාරේ වැඩ කළ යුතු විය. ජනතාව හෙම්බත් කළ මේ බදු නිසා ජනතා විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණි. ඊට නායකත්වය දුන් නායකයන් අතර කැපී පෙණුනු නායකයා පුරන්අප්පුය.

    බදුවලින් මිරිකෙමින් සිටි දුගී ජනයා පුරන්අප්පු වටා රොක්‌ වන්නට වූහ. මේ වන විට ඔහු සිටියේ මාතලේය. කරෝ අප්පු සහ දීනිස්‌ නමින් ඔහුට විශ්වාසවන්ත එමෙන්ම නිර්භීත සගයන් දෙදෙනෙක්‌ද විය. ඒ දෙදෙනාද එකතු කරගත් පුරන්අප්පු ජනයා රැස්‌ කරගෙන මාතලේ අවට සුද්දන්ට අයිතිව තිබූ කෝපි වතු ගිනි තබන්නට විය. සුද්දන්ගේ තානායම් වලට, නිල නිවාසවලට පහර දී ඔවුන් පලවා හැර සිරගෙවල් කඩා බොහෝ ජනයා නිදහස් කරගත්තේය.

    වයස අවුරුදු 36 සපිරෙද්දී ශ්‍රී ලංකාවේ නිදහස පතා සටන් කළ වීරයෙකුගේ අවසානය සටහන් වෙන්නේද සුපුරුදු සිංහල ජාතිකයන්ගේ නීච පාවාදීමකින්ය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට වැරෙන් පහරදී , සටනට ජනතාව පෙළගස්වමින් සිටි ජයග්‍රාහී අවධියක ඔහු වටා සිටි සගයින් අතරින් දෙදෙනෙකු වූ බැද්දගේ අල්විස්‌ ,හේවා හකුරු යන දෙදෙනා සුද්දන්ගේ පවුම් 100 ක ත්‍යාගය වෙනුවෙන් පුරන් අප්පු පාවාදුන්නේය. පුරන්අප්පු නිදා සිටි ගල් ලෙනට කඩා වැදී ඔහු අත්අඩංගුවට ගෙන ඉංග්‍රීසින්ට භාර දෙන ලදී.

    පුරන්අප්පුට එරෙහි නඩු විභාගය ඉතා කෙටි විය. යුද්ධාධිකරණ ලොක්‌කා මේජර් ලුෂින්ටන් "මූට වෙඩි තියාපල්ලා" යයි හඬ නගන විට පුරන්අප්පු දළදා මාළිගාව දෙසට හැරී දෝත් මුදුන් දී වැඳගෙන මැරී වැටුණේය. ලංකා ඉතිහාසය ආලෝකමත් කළ වීරවරයන් අතර වීරයෙක් දැයෙන් සමුගත්තේය.


    Bukiyen
     
    • Like
    Reactions: Red-Cat