වීශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රද

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වීශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රද

2dl9gkm.jpg


වීශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රදර්ශනය ඇරඹේ

ලෝක සාමය තේමා කරගනිමින් ලෝකය පුරා රටවල් විශාල ගණනක වන්දනාවට භාජනය වන
විශ්ව ශාන්ති බුදුරුව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශනය කිරීමට ජනාධිපති කාර්යාලය හා එක්ව
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු යොදා ඇත.

2000 වසරේ දී කැනඩාවේ දී සොයා ගන්නා ලද ‘පෝලර් ප්‍රයිඩ් පේඩි’ නමැති
දුර්ලභ ගණයේ කොළ පැහැති ටොන් 18 ක මැණික් පාෂාණයකින් නෙළන ලද
ලොව විශාලතම බුදුපිළිමය වන විශ්ව ශාන්ති බුද්ධ ප්‍රතිමාව
ප්‍රමාණයෙන් ටොන් 4, 1/2 ක් පමණ බරැති අඩි 08 ක උසකින් සමන්විත වන අතර
එහි කිරිගරුඬ ආසනය මීටර් 2 ක උසකින් යුක්තය.
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලෙස
ගණන් බලා ඇති අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 650 කි.

මේ වන විට වියට්නාමය, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව,
ජර්මනිය, එංගලන්තය, සිංගප්පූරුව, තායිවානය, චීනය හා තායිලන්තය යන රටවල
ප්‍රදර්ශනය කොට ඇති මෙම බුද්ධ ප්‍රතිමාව
අද වන විට සමස්ත ලෝකයේ මිලියන 12 ක පමණ ජනතාවකගේ
වන්දනා මානයට පාත්‍ර වී ඇති අතර එම පිළිම වහන්සේ
2012 අගෝස්තු මස 05 වැනි දින ශ්‍රී ලංකාවට වැඩම කෙරෙති.

අගෝස්තු මස 7 සිට 8 දින දක්වා ජනාධිපතිතුමා විසින් මෙම ප්‍රතිමා වහන්සේ
අරලියගහ මැදුර පරිශ්‍රයේ දී වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කිරීමටත්,
අගෝස්තු 11 සිට 19 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන්
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී පෙරවරු 11 සිට රාත්‍රී 07 දක්වා
ශ්‍රී ලංකාවාසී ජනතාවට වන්දනා මාන කිරීම සඳහා තැන්පත් කිරීමට සැලසුම් කර ඇත.

Website: www.jadebuddha.org.au

_____________________________________
Worldwide Buddhist Information and
Education Network► www.TheBuddhism.net

කතෘ අයිතිය මාසතු නොවන අතර කාගේත් දැනගැනීම පිනිස මෙහි පල කරන ලදි............
 
  • Like
Reactions: eranga_rama

Similar threads