වෘකයන්ගෙ ගමන
================
සමාජ මාධ්‍යජාල , අන්තර්ජාලය තුලින් නිවැරදි තොරතුරු ලබා ගැනීමේ හැකියාවටත් වඩා පවතින්නේ වැරදි තොරතුරු සංසරණය වීමේ හැකියාව. ඒ නිසා ග්‍රහණය කරගන්නා සෑම කරුණකම පසුවිපරමක් සිදු කිරීම ඉතාමත් නුවණට හුරු ක්‍රියාවක්.
පහතින් තිබෙන පෝස්ට් එක මීට අවුරුදු කිහිපයකට කලින් ජාත්‍යන්තර සමාජ මාධ්‍යජාල තුල පැතිරුන පෝස්ට් එකක්. ඒක සිංහලට පරිවර්තනය වෙලා සංසරණය වෙනවා මේ කාලය තුල. කිහිප දෙනෙක්ම මේකෙ නිරවද්‍යතාව අසා තිබුන නිසා මේ ගැන යමක් සටහන් කල යුතුයැයි සිතුනා.
මේ පෝස්ටුවෙ තිබෙන ඡායාරූපය ලබා ගන්නෙ චෑඩ්න් හන්ටර් නම් ඡායාරූප ශිල්පියා 2011 වර්ශයේදි. ඒ BBC ය මඟින් සිදුකල 'ෆ්‍රෝසන් ප්ලැනෙට්' වාර්තාමය වැඩසටහන සඳහා. පහත පින්තූරය සමඟ ඇති කරුණු සියල්ලටම වඩා වෙනස් කතාවක් තමයි මේ ඡායාරූපයේ සත්‍ය කතාව. මේ ඡායාරූපයේ ඉදිරියෙන්ම ගමන් කරන්නෙ මේ වෘක රංචුවේ ඇල්ෆා ෆීමේල් සත්වයා. ඇල්ෆා මේල් සහ ෆීමේල් කියන්නෙ වෘක රැල තුල ප්‍රජනන අයිතිය සතුකරගත් වෘක යුවලට. වෘක රංචුවක පැටවුන් බිහි කරන්නෙ මේ ඇල්ෆා සතුන් පමණයි.
උතුරු අර්ධගෝලයේ කෙලවරටම වෙන්න තියෙන උතුරු කැනඩා ප්‍රදේශයේදි තමයි මේ වෘකයන්ව ඡායාරූපයට හසු කරගන්නෙ. නමුත් සමාජ මාධ්‍ය තුල මේ ඡායාරූපය පැතිරෙන්නෙ පහත විස්තරයත් සමඟ. පහතින් තිබෙන විස්තරය සම්පූර්ණයෙන්ම විකෘති සටහනක්. මෙහි ඉදිරියෙන්ම ඇල්ෆා ගැහැණු සතා ගමන් කරන අතරේ ඇයගෙ අඩි පහරේ තමයි පසුපසින් එන වෘකයන් ගමන් කරන්නෙ. මේකට හේතුව තමයි ශක්තිය වැය වීම ඉතිරි කරගැනීම. රැලේ ඉන්න ශක්තිමත් සත්වයෙක් සාමාන්‍යයෙන් ඉදිරියෙන් හිම කපාගෙන ගමන් කරනවා මාරුවෙන් මාරුවට. ඒ අඩිපාර ඔස්සේ තමයි ඉතිරි සතුන් ගමන් කරන්නෙ. උග්‍ර මාංශභක්ෂක සතුන් වශයෙන් ඔවුන් ශක්තිය ඉතිරි කරගත යුතුයි ඊලඟ දඩයම සඳහා. විශේෂයෙන්ම මේ රංචුව අයත් උතුරු ඇමරිකානු කලාපීක වෘකයන් තමයි ලෝකයේ විශාලතම දඩයම් සිදුකරන වෘකයන්. තමන්ගෙ ප්‍රමාණයට වඩා පහලොස් ගුණයක් පමණ විශාල බයිසන් ගවයන් බිම හෙලීමට මේ ප්‍රදේශවල වෘකයන් සමත්කම් දක්වනවා. මේ දඩයම් සඳහා උඝ්‍ර ශිත දේශගුණය සමඟ ශක්ති සංරක්ෂණය සිදුකල යුතු වෙනවා. තනි තනි සත්වයා වශයෙන් එරෙන හිම තුල ගමන් කිරීමට සිදු වුනොත් මේ ශක්ති වැය වීම වැඩිවෙනවා. මාරුවෙන් මාරුවට ඉදිරියෙන් ගමන් කරන්නා පසුපස යෑම තුලින් එරීම අවම වෙනවා සුළං ප්‍රතිරෝධය අවම වෙනවා සහ ඒ ඇසුරින් ශක්තිය ඉතිරිවීම සිදුවෙනවා. පහත ඡායාරූපයේ සඳහන් ආකාරයට මහල්ලන්, දුබලයන් , නායකයා පසුපසින් ආදිය ගමන් කිරීමක් සිදුවෙන්නේ නෑ.
වෘකයන්ගෙ සමාජ ක්‍රමය ඉතාමත් සංකීර්ණයි. නමුත් මානව හැසිරීම්, උපකල්පන ප්‍රක්ශේපනය කිරීම තුලින් සිදුවන්නෙ මේ ගැන වැරදි අදහස් සමාජගත වීම. වැරදි තොරතුරු ඉතාමත් වේගයෙන් සමාජගත වුනාට නිවැරදි තොරතුරු සමාජගත වීම සිදුවන්නෙ ඉතාමත් මන්දගාමීව.
(උපුටා ගැනීම - පරිනාමික දිනපොත)