වෘතිමය කැමරා කරණයේ මූලික සිධ්දාන්ත. (The Theory Behind The Videography

gangu4ever

Member
Jun 17, 2014
13
15
0
කැමරාකරණය ඉගෙනගමු

වර්තමානය වනවිට ඔබත් මමත් අප බොහෝදෙනා දැණුවත්ව හෝ නොදැනුවත්ව කැමරශිල්පියෙකු වී හමාරය. ඒ ඔබ සතු ජංගම දුරකතනයේ අන්තර්ගත කැමරාව හේතුවෙනි. සාර්ථක හෝ අසාර්ථක රුප රාමු, රුපවලි හරහා කැමරශිල්පියෙකුගේ අද්දැකීම ඔබ ලබා ඇත. එහෙත් මෙතෙකැයි එය සුළු කොට තැකිය නොහැකිය.

මෙතාක් අප නරඹන රුපවාහිනී දර්ශන පසුපස කැමරාකරුවන් ඇතුළු කොතරම් තාක්ෂණික ශිල්පින් පිරිසකගේ දහදිය කදුළු සැඟවී ඇද්ද ? එම දහදිය කඳුළු වල මල් පල දරන්නේ අපගේ භාව උද්දිපනයන් හරහාය. භාව උද්ධිපනයට කැමරා ශිල්පියාගෙන් ඉටුවන දායකත්වය අපරිමිතය. එසේ භාව උද්ධීපනය කෙරෙනු වස් කැමරා ශිල්පියාගේ නිර්මාණශීලිත්වය මෙන්ම වැදගත් තවත් එක් ප්‍රධාන මූල බීජයක් වෙයි. එනම් කැමරාකරණ මූලික සිද්ධාන්තයි.

රුප මධ්‍යය තුළ රුප ඛණ්ඩය (රුප රාමුව/shot) රුපවලියට මුදුන් මුලක් බඳුය. “කිසියම් අඛණ්ඩ කල පරාසයක් තුළ පටිගත කරගන්න රුපරමු පෙළ රුප ඛණ්ඩයක් ලෙස සයිද්ධාන්තිකව හඳුන්වයි”.

කැමරාකරණයේ සිද්ධාන්ත තුළ ප්‍රධාන වර්ගීකරණයට අනුව කැමරාවෙන් රුගත කරනා රුප ඛණ්ඩ සතර ආකාරයකට වර්ග කර දක්වයි.

කැමරා රාමුවට හසුවන ප්‍රදේශයට අනුව
කැමරා චලනයට අනුව
කැමරා කෝණයේ චලනයන්ට අනුව
රුප රාමුව තුළ වස්තුව සිදුකරන චලනයන්ට අනුව

කැමරා රාමුවට හසුවන ප්‍රදේශයට අනුව

කැමරා කාචයට හසුවන ප්‍රදේශය රුප රාමුවේ පරාසය වෙයි.චතුරශ්‍රාකාර කැමරා රාමුවට හසුවන රුප කොටස ලෙස සරලව දක්වියහැකි. නැවත මෙහි කොටස් නවයක් ඇතුලත් වෙයි. මෙය රුප ඛණ්ඩයේ ප්‍රමාණය (short sizes) ලෙස ද හඳුන්වයි.

Extreme long short (XLS/ELS)
Very long short (VLS)
Long short (LS)
Knee short/Medium long short (MLS)
Mid short (MS)
Medium close up (MCU)
Close up (CU)
Big close up (BCU)
Extreme close up (XCU/ECU)
(වරහන් තුළ ඇත්තේ ක්ෂේත්‍රයේ භාවිතා කරන නාමයයි)

කැමරාවට හසුවන්නේ පුද්ගල රුපයක් යැයි නිදසුන් ලෙස ගෙන……………



EXTREME LONG SHOT
ext-long-shot.jpg
XLS රුපරාමුවක විශාල ප්‍රදේශයක් රූපගත වන අතර පුද්ගලයෙක් වග හදුනා ගත්තද, පුද්ගල ස්ත්‍රී, පුරුෂ භාවය හඳුනා ගත නොහෙකිය.





VERY LONG SHOT
minivan-oct-17-2013.jpg
පෙරට වඩා සමීප වන VLS රුපරමුවෙන් පුද්ගලයාගේ ස්ත්‍රී, පුරුෂ භාවය හඳුනාගත හැකිය. රුපරමුවට හසුවන ප්‍රදේශය පෙරට වඩා සීම වී ඇත.



මින් පසුව දක්වන රුපරාමු සඳහා headroom සහ looking space පිළිබඳව සෙලකිලිමත් වියයුතුයි.


(headroom- හිසට ඉහලින් තබන ඉඩප්‍රමනය.)
framingcompare.jpg




(looking space- පුද්ගලයාගේ අවදානය යොමුවී ඇති දිශාවට ඉඩක් වෙන්කිරීම)
stock-footage-attractive-young-caucasian-woman-looking-at-the-sea-and-smiling-copy-space.jpg




LONG SHOT
sam_0108.jpg
පෙරටත් වඩා සමීප, පුද්ගලයාගේ හිසේ සිට පාදාන්තය තෙක් හොදින් පෙනෙන රුපරමු LS නම් වේ.



මින් පසුව දක්වන රුපරාමු වලදී පුද්ගල ශරීරය නැවෙන සන්දි වලින් නොකැපෙනසේ රුපරමු ලබාගතයුතුය


KNEE SHORT / MEDIUM LONG SHOT
potc-iii-3.jpg
පදන්තයත් දණහිසත් අතර කොටසින් ඡේදනය වන මෙම රුපරමුව MLS නම්වේ.



මින් පසු headroom පිලිබඳ වැඩි සැලකිල්ලක් නොදක්වයි.




MID SHOT
mid-shot.jpg
MS රුපරමුවේදී රුගතකොටගන්නේ පුද්ගල බහුවෙ මැනික්කටුවත් වැලමිටත් අතර කොටසි.



MEDIUM CLOSE UP
036.jpg
MCU රුපරමු වැලමිටට මදක් ඉහලින් රූපගත කොට ගනී.





CLOSE UP
sdc10400.jpg
මුහුණේ හැගීම් හොදින් පෙනෙන පරිදි ලබාගන්න CU රුපරාමු, හිසේ සිට උරහිස දක්වා කොටස ආවරණය වන පරිදි රූපගත කොට ගනී.





BIG CLOSE UP
jennifer-aniston-close-up-jpg.jpg
නිකට හා නළල අතර ප්‍රදේශය රුගත කොට ගන්නා BCU රුපරාමු තුලින් වඩාත් හොදින් මුහුණේ ඉරියව් දක්වියහැකිය.







EXTREME CLOSE UP
superstock_4029r-134376.jpg
ECU රුපරාමු තුලින් ඉතා සමීප රුප ලබාගත හැකිය. එහිදී රූපගත කොට ගන්නේ එක් ඉන්ද්‍රියකි. Focusing (රුපයේ පැහැදිලි බව ) දුර්වලතා මෙහිදී හොදින් පෙනේ.




මෙතෙකින් කැමරාකරණයේ මූලික සිද්දාන්ත පළමු අදියර අවසන් වන අතර, වර්ගීකරණයේ ඊළඟ කොටස් සමග හමුවෙමු.
;) :yes: ;) :yes: ;) :yes:
source http://musicinuni.wordpress.com/2014/07/24/%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%BA-%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A/#more-33
 
Last edited:

gangu4ever

Member
Jun 17, 2014
13
15
0
ගොඩක් අමාරුවෙන් ලිවේ bump එකක් වත් දාලා පලයන්, thnkx machanla
 

Similar threads