සාමාන්‍යයෙන් කෙල්ලගේ පැත්තේ අය තමයි විවහා ලියාපදිංචිය ලෑස්ති කරන්නේ. ඒ උනාට දැන් නං දෙගොල්ලොම කතාබහ කරලා ඒක සුදානම් කර ගන්නවා. එක්කෝ රෙජිස්ට්‍රාර් කෙල්ලගේ ගෙදෙරට එක්කන් ඇවිත් මගුල ලියාපදිංචි කරන්නත් පුළුවන්. එහෙම නැත්තන් ප්‍රදේශීය ලේකම් කාර්යාලයට යන්නත් පුළුවන්.
ඒක කතාබහ කරලා තොර ගනිල්ලා.
මම අහලා තියෙන විදිය කෙල්ල සහ කොල්ලා එකම දිස්ත්‍රික්කයේ නෙමෙයි නං පොඩි කොස්සක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ උන් දෙන්නගේ පදිංචිය එකම දිස්ත්‍රික්කයේ කියලා, ඒ විදියට එඩ්රස් දෙකක් දෙන ඒක.
කොහොමත් ඉතින් කසාද බැන්දම එක ගෙදෙට්ටනේ යන්නේ. ඒ හින්දා කලින් කොහේ හිටියම මොඅක්ද? මෝඩ නීති වලට ඒ විදියටම පිළිතුරු දීපල්ලා.
ID කාඩ්, සාක්ෂි කාරයෝ,උන්ගේ ID එහෙම අරං පලයල්ලා. වැදගැම්මකට නැති හාපටුවෝ සාක්ෂි කාරයෝ විදියට එක්කන් යන්න එපා. වැදගත් එකෙක් එක්කන් පලයන්.
කසාදෙ ලියාපදිංචි කරාම පස්සේ එදාම කෙල්ලගේ ගෙදරට යනවා කොල්ලගේ පැත්තේ නෑයෝ. එතකොට හොදට කන්න දීලා සලකන්න ඕනි.
පස්සේ ඉතින් වෙඩිම අරං හරි නැතිව හරි කෙල්ල එක්කන් පලයව් කොල්ලගේ ගෙදෙට්ට.