වෙදා (වතිල නෙමේ)

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    වෙදා (වතිල නෙමේ)

    ඔන්න මගෙන් තව කතාවක්, ඊයේ කථාවට ලැබුණු පර්ති.චාර නිසාත්, අද Office එකේ වැඩියේ වැඩ නැති නිසාත් මේක දාන්න හිතුනා.......

    මේක නම් ඇම්ඩාගේ කතාවක් නෙමේ. ගමත වෙද මහත්තයෙක්ට වෙච්ච සීන් එකක්. (උබලා හිතන්නේ වතිල කියලා නේද? හැබැයි මේක උනේ වතිල සහෝදරයට නෙමේ....)

    ඔන්න ඉතින් දුර බැහැර පිටිසර ගමක මළ ගෙයක් සිද්ද උනා. මැරිලා තියෙන්නේ අවුරැදු 55-60 ක පොරක්. මොනා උනත් මේ මනුස්සයා මැරෙන්න කළින් ඉඩ කඩම්, දේපළ දැරැවන්ට ලියලා දීලා නෑ... පොර මැරිලා තියෙන්නෙත් සර්පයෙක් දශ්ඨ කරලා.

    ඔන්න ඉතින් රැ ජාමේ දුර බැහැර ඉන්න ළමයි එහෙමත් ආවා මළ ගෙදර. දැන් ඉතින් දේපල බෙදා ගන්නත් අමාරැ වෙන දුකට කට්ටිය එක රොත්තේ අඩනවා. ඔය අතර මළ ගෙදරට එහා ගමෙන් ආවා පොරකුත් හිටියා. ඉතින් මේ මනුස්සයා මැරිලා ඉන්න පෙරගේ ළමයකුට කාතා කරලා කිව්වා, සර්පයින් දශ්ඨ කරලා මැරැණ අය, ඇත්තටම මැරිලා නැති වෙන්නත් පුලුවන් එහෙම අයව සනිල කරන්න පුලුවන් වෙදෙක් අල්ලපු ගමේ ඉන්නවා කියලා. ඉතින් දරැ මල්ලෝ ටික ඉක්මනින් ගිහින් ඒ වෙදාව අරගෙන අවා.

    ඔන්න මහ උජාරැවෙන් ඒ වෙදා ඇවිත් නාඩි එහෙම බලලා කිව්ව මෙයා මැරැලා නෑ. සිහි නැතිවෙලා ඉන්නේ. ඉක්මනින් බෙහෙත් කලොත් පණ ගන්න පුලුවන් කියලා. ඉතින් ගමේ අයත් වෙදාට ඔනා හැමදේම සපයලා දුන්නා.

    ඔන්න දැන් වැඩේ පටන් ගත්තා. වෙදා බෙහෙත් ගුලි 2ක් හදලා නාස් පුඩු වල තියලා හයියෙන් පිම්බා, මුකුත් උනේ නෑ. 2 වැනි පාරත් හයියේන් පිම්බා. ඒත් No response. පස්සේ 3 වැනි පාර නහය ලගටම කරලා ආයෙත් වේගෙන් පිම්බා, ඔන්න ඒ සැරේ නම මැරැණු කෙනාගේ බෙල්ල පොඩ්ඩක් හැරවුනා. දැන් කට්ටියට මාර සතුටුයි.

    ඔය අතර ගමේ මල් ශාලාව අයිති මුදලාලිත් වෙදා ගැන ආරන්චි වෙලා දුවගෙන ආව. දැන් කට්ටිට මුදලාලිට කිව්වා මරැණු කෙනාට පණ එන්න තමා යන්නේ කියලා. කලබල උනු මුදලාලි වෙදාට කිවුවා, අනේ වෙද මහත්තයෝ පොඩ්ඩක් ඉන්න. මම එම්භාම් කරපු වෙලේ ඔය කෙනාගේ බඩවැල් බෙකු අපේ මල් ශාලාවේ පිටි පස්සේ වැලලන්න දුන්නා. පණ ආවත් බඩවැල් නැතුව ජිවත් වෙන්න බෑ නේ. මම දුවලා ගිහින් ඒවා අරගෙන එන්නම් කියලා.... :lol::lol::lol::lol::lol:

    තේරැණ නේද හෙර වෙද්දුන්ගේ වැඩ...........:P:P:P:P:P:P
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    000205AF.gif
     
    • Like
    Reactions: Leitan