චක්‍රායුධය teledrama❤️🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,046
    46,523
    113
    කාලෙක ඉඳන් හොයපු ඵකක්..මෙන්න දාලා අානන්ද අබේනායක youtube ඵකට..🤩


    2006 / 2007 නිර්මාණය වෙන මේ විශිෂ්ඨ ටෙලිනාට්‍ය විකාශනය වුණේ ස්වාධීන රූපවාහිනියේ. හරිම අපූරු සංකල්පයක් යටතේ නිර්මාණය වුණත්, මේක හුග දෙනෙක් අතරට ගියේ නැති බවක් පෙනුනා. මේ කතාව ගෙතෙන්නෙ අතීතයත් වර්තමානයත් කියන කාල දෙකම උපයෝගී කරගෙනයි. මේ කතාවට අනුව ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන්නු කැප්පෙටිපොල නිළමෙතුමා ළගින්ම ආශ්‍රය කරපු, එතුමාගේ හිතවතෙක් තමයි මඩාටුවේ අප්පුහාමි කියන්නෙ. නිළමෙතුමාගෙ ළගින්ම හිටපු උපදේශකයෙක් වගේම ප්‍රභල සටන් ශිල්පියෙක්. සටනක් මැදදි ඉංග්‍රීසි සොල්දාදුවෙක්ගෙන් වෙඩි කන මඩාටුවේ අප්පුහාමි සිහි නැතුව වැටෙනවා. ඊට පස්සෙ කැප්පෙටිපොල දිසාවේ ඇතුළු පිරිස, මඩාටුවේ අප්පුහාමිව උස්සගෙන යනවා දක්ෂ වෙදෙක් ළගට. අප්පුහාමිගෙ ඇගේ තියෙන වෙඩි උණ්ඩ අරන් දැම්මත්, ඉතිරි ජීවිත කාලයේම අප්පුහාමිට එක්තැන් වෙලා ඉන්න වෙයි කියලා, වෙද උන්නැහේ කැප්පෙටිපොල නිළමෙට කියනවා. ඒ කියන්නෙ හරියට කෝමා තත්වයක් වගේ. අප්පුහාමිගෙ කේන්දරය බලන වෙද උන්නැහේ සහ වටේ ඉන්න අය තීරණය කරනවා පැරණි සෘෂිවරුන්ගේ ක්‍රමයකට අනුව අප්පුහාමිව බෙහෙත් ඔරුවකට දාලා, හංගලා තියන්න. මේ ක්‍රමය නිසා අප්පුහාමි දීර්ඝ නින්දකට යනවා. කවුරුත් මේ බවක් දන්නෙත් නෑ. මේක ගැන දන්න අය නිදහස් අරගලයට සම්බන්ධ වෙලා හිටපු නිසා, ඒ හැම කෙනෙක්මත් මරණ දඩුවම්වලට ලක් වෙනවා.

    සියවස් ගණනාවක් ගියායින් පස්සෙ ඌව වෙල්ලස්ස පැත්තෙ පැරණි විහාරස්ථානයක නායක හාමුදුරු නමකටයි, ගමේ වෙද මහත්තයෙකුටයි මේ විහාරයේ වලලලා තිබුණු සියවස් ගණනාවක් පරණ පෙට්ටියක් හම්බ වෙනවා. පෙට්ටිය ඇතුළෙ තියෙනවා සිලින්ඩරාකාර යතුරක්. විහාරය පිටිපස්සෙ තියෙන ගල් ලෙනේ තියෙනවා යතුරු කටක්. ඉතින් මේ අය ඒ ලෙන ඇරලා බලනවා. ලෙනේ තැන්පත් කරලා තියෙනවා පරණ පුස්කොල පොතක්.

    මේ පුස්කොල පොතේ, අර පරණ කතා ප්‍රවෘත්තිය ලියවිලා තියෙනවා. ඊට පස්සෙ ඒකෙ තියෙන විස්තර අනුව කැළෑවක් පීරගෙන යනවා මඩාටුවේ අප්පුගේ සිහිමුර්ජා වුණු දේහය හොයා ගන්න. ගල් ලෙනක් ඇතුළෙ තිබිලා අන්තිමට ඒ දේහය හම්බවෙනවා. ඊට පස්සෙ දේහය ඔරුවෙන් ගොඩට ගන්නවා. ගොඩට අරගෙන අප්පුහාමිව සිහිමුර්ජාවෙන් මුදවලා, වර්තමාන ලෝකය ගැන උගන්නනවා. ඊට පස්සෙ අප්පුහාමිව ගමට එක්කන් එනවා, වෙද මහත්තයාගේ දුර නෑදෑයෙක් විදිහට. ඊට පස්සෙ කතාව පුරාවටම යන්නෙ ගමේ ජීවිතය ගත කරන අප්පුහාමි ගැනයි. 18 වෙනි ශතවර්ෂය සහ 21 වෙනි ශතවර්ෂය අතරේ තියෙන වෙනස, ඒ වගේම 21 වෙනි ශතවර්ෂයට හැඩගැහෙන්න උත්සාහ කරන හැටි ගැනයි. ඒ වගේම ගමේ ඉන්න දොස්තර නෝනා කෙනෙක්ටත් අප්පුහාමිගෙ හිත යනවා. 18 වෙනි සියවසේදි අප්පුහාමි එක්තරා ලස්සන යුවතියකගෙ හිත දිනාගෙනයි හිටියෙ. 21 වෙනි සියවසේදි මුණ ගැහුනු ඒ නෝනටත් තියෙන්නෙ ඒ යුවතියගෙ මූණමයි. ඉතින් අප්පුහාමි මේ නෝනටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔහොම තමයි කතාව ගලාගෙන යන්නෙ...

    කතාවේ රගපානවා අතිදක්ෂ නළු නිළි පිරිසක්. ඒ අය අතරින් නායක හාමුදුරුවන්ට පණ පොවපු ජී.ආර්.පෙරේරා මහත්මා, වෙද මහත්තයට පණ පොවපු වසන්ත විට්ටච්චි, මඩාටුවේ අප්පුහාමිට සහ දොස්තර නෝනාට පණ පොවපු ශ්‍රියන්ත මෙන්ඩිස් සහ නයනා කුමාරි ප්‍රධානයි.

    ගීත ගැන කතා කරනකොට තේමා ගීතය ගැන අමතක කරලා බෑ. මේ ටෙලිනාට්‍යයට තියෙන්නෙ හරිම ලස්සන තේමා ගීතයක්. ඒක හරිම ලයාන්විතයි. ඒ ගීතය ලස්සන වෙන්න ගීතය ගායනා කරපු අමරසිරි පීරිස් මහත්මාගේ සහ නීලා වික්‍රමසිංහ මහත්මියගේ හඩවල් වගේම පසුබිමින් ඇහෙන ගැට බෙර වාදනයත් ඉවහල් වෙලා තියෙනවා. ඊට අමතරව මේ ටෙලිනාට්‍යයේ තවත් රණ ගීතයකුත් තියෙනවා. අමරසිරි පීරිස් මහත්මා ගායනා කරන මේ ගීතය අහනකොට ලොකූ දේශාභිමානී හැගීමක් හිතට දැනෙනවා. ගීතයේ රූප රචනයත් අතිවිශිෂ්ඨයි...


     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    episode 4 යි නෙ බන් දැනට තියෙන්නෙ. ඉක්මනට අප්ලෝඩ් කරපියව් 😏