වෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය".
ආරෝග්‍යා පරමා ලාභා - සංතුෂ්ටි පරමං ධනං
විස්සාසා පරමං ඥාතී - නිබ්බාණං පරමං සුඛං
ඊයේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින සාදයක් රාත්‍රියේ තිබුනා. එතැන සිටි අපේ තවත් මිත්‍රයෙක් නිසා තමයි මේ කථාව මට මතකයට ආවේ. ඔහු රජයේ ලියාපදිංචි උපදේශක වරයෙක්.
ඔහු විසින් අපට කියූ කථාවක් තමයි දැන් ටික කලකට පෙර මට මුහුණ දෙන්න සිදු වූ මෙම සිදුවීම මතකයට ආවේ. මම මේ කථාව ඔබට මෙසේ කියන්නම්. මෙහිදී කිසිම කෙනෙක්ට මේ අය හදුනා ගන්න පහසු නොවෙන ආකාරයට තමයි මේ කථාව මම කියන්නේ. ඒ නිසා තමන් දන්නා කියන, අහලා තියන, කිසිම කථාවක් සමග මේක සංසන්දනය කරන්න එපා. මම ඔබට කියනතෙක්ම ඒ කථාව දන්නේ අපි කීප දෙනයි.
මේ කථාවේ අම්මා ගැන මුලින් කියන්නම්. ඇය ඉහල මධ්‍යම පාන්තික පවුලක දරුවෙක්. උසස් අධ්‍යපනයක් නොලැබුනත් ඉහළ පෙලේ පාසලකින් අධ්‍යාපනය හැදෑරූ කාන්තාවක්. සමාජයට විනෝදයට ලැදි අයෙක්. ගෙදර දොර වැඩ වලට වැඩි උනන්දුවක් නැති ඇය තම සැමියාව පාලනය කරගෙන සිටින්නියක්. උසස් කාන්තා සමාජයේ පුහු ආඩම්බරයෙන් හැසිරීමට ප්‍රිය ඇත්තියක්.
මැය තම පාසැල් අවධියේත් තරුණ අවධියේත් පුරුෂ සමාගමයට දැඩි ලොල් සිතැත්තියක්. ඒ නිසාම පරපුරුෂ සේවණයටත් යොමූ මැය තම විවාහක පුරුෂයාට අමතරව තව පුරුෂයන් කීපදෙනෙක් වරින් වර ඇසුරට යොමු වූ අයෙක්. කෙසේ හෝ මැයගේ මේ සියළු රහස් සම්බන්ධතාවයන් යම් දිනකදී ඇයගේ සැමියාට හසු වනවා සේම ඉන් ඇගේ විවාහ දිවිය සෑහෙන කැලබීමකටද ලක් වෙනවා. අවාසනාවකට ඇය ඒ වන විට දෙදරු මවක්. වැඩිමල් දියණිය, ඊට වසර කීපයක් බාල පුතණුවන්.
දරුවන් දෙදෙනාගේ පිනට මේ යුවල ඉහත සියළු පෙර වරදවල් සාදාගෙන නැවතත් එක පවුලක් ලෙස ජීවිතය ගෙනියන්න යම් අධිෂ්ටානයක් ඇති කර ගන්නවා.
දැන් අපි බලමු මේ ස්වාමි පුරුෂයා ගැන. ඔහුත් ඉහළ මධ්‍යම පාන්තික පවුලක එක් දරුවෙක්. යම් පමණක ඉහළ ඉගෙනීමක් ලබා ඇතත් සමාජ වගකීම් දරා හෝ ලෝක යථාර්ථයන් එතරම් තේරුම් නොගත්තෙක් වන අතර දැඩි මිතුරු ඇසුරටත්, වෙනත් කාන්තාවන් ඇසුරටත්, මුදල් පාලනයකින් තොරව වියදමටත්, තම තරුණ වියේදීම පුරුදු වෙන්වා. මේ නිසා මොහුගේ මව්පියන් මොහුව තම පවුල් සමඟ සම්බන්ධයක් තිබූ තම සම සමාජ තලයක යුවතියක් වූ ඉහත කාන්තාවට ආවාහ කර දෙනවා. දරුවන් ලැබෙත්දී මේ පුරුෂයාට යම් වගකීම පිළිබඳ හැගීමක් සිතට ආවත් තම බිරිදත් සමග ඉහළ මද්‍යම පාන්තික ජීවිතය ගෙනයන්නට දරන වෙහෙස නිසා තම වගකීම් අමතක කර ජීවත් වීමට පෙලබෙනවා. එයට බිරිදගෙන්ද ලැබෙන්නේ නොමද සහයක්.
දිනක් නොසිතූ ලෙස බිරිදගේ අනාචාරයක් අතටම හසුවන මොහු දැඩි මානසික පීඩනයකට ලක් වනවා. වෛද්‍ය සහයෙන් කෙසේ හෝ තම සිත හදා ගන්නා මේ පුදගලයා තම දරුවන්ට දැඩි ලෙස ආදරය කරනවා. ඒ නිසාම බිරිදට සමාව ලැබෙන අතර ඇයට සියළු සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉන් පසුව නවත්වනවා. එපමණක් නොවෙයි තම ජීවන රටාවද අංශක 180 අනෙක් පැත්තට හරවන මොහු තම කුටුම්භයටම සීමා වීමට පටන් ගන්නවා.
කෙසේ වෙතත් මෙවැනි අයෙක් තම සිතේ ඇතිවන වෛරය එකපාරටම එලියට දාන්නේ නැහැ. මොහුත් ඒ වගේ අයෙක්. ඔහු බිරියගෙන් පලි ගන්න අපූරු ක්‍රමයක් සොයා ගන්නවා.........
අපි දැන් මේ දරුවො ගැන බලමු. පිරිමි දරුවා ඉතාම කුඩයි, මේවැනි දෙයක් තෙරෙන වයසක නෙමෙයි ඔහු සිටින්නේ. දියණිය වැඩිවිය පැමිණෙන්නේ මේ කාලයේම. අඹුසැමි අරෝව අවසාන වෙන්න බලපාන්නේත් මේ කාරණය. නමුත් මේ දියණියට මවගේ රහස් සියල්ලම ඉතාමත් රහසින් පියා විසින් හෙලි කරනවා. ඒ නිසා ඇය තම මව සමග දැඩි වෛරයකින් පසු වෙනවා. ඇය සලකන්නේ මව තමාට උපදෙස් දීමටවත් සුදුසු අයෙක් ලෙස නොවෙයි. මේ නිසාම මේ මව දියණියට හිතූවක් කර ගැනීමට හැර නිසොල්මන් වෙනවා. දැන් මේ තරුණ දියණිය මවගේ රැකවරනයේම සිටිය යුතු කාලයේ එම රැකවරණය ඇයම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මෙය පියාගේ නොමඳ සතුටට හේතු වෙනවා. මේ අතර ඇය තම උසස් පාසලේ වෙනත් යෙහෙලියක් සමග ගැහැනු දරුවකුට නොමනා සම්බන්ධයක් පවත්වාගෙන යන බව ගුරුවරුන්ට වැටහෙනවා. මේ ගුරුවරුන් ඇයව ප්‍රසිද්ධියේ මේ ගැන විවේචනය කරනවා. මින් සිදු වෙන්නේ ඇය තම පාසැල තුලත් නොසලකා හැරීමට භාජනය වීම.
මේ තරුණිය ඉන් ඇතිවන තම කාන්සිය කොන් කිරීම වෛරය පිට කර ගන්නේ පාරතොටේදී ඇයට හමුවන පිරිමි ලමයෙක්ගෙන්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ පිරිමි ලමයා ඔවුන් හමු වූදෙවනි දිනම ලාභ කාමරයකදී ඇගේ යෞවනය බිලි ගන්නවා. ඇයට ඒ ගැන හැඟීමක් නැහැ. මේ සිදු වීම ගැන නොමේරූ තරුණිය සිතන්නේ ඇය ඇගේ මවගෙන් හොදටම පලිගත්තා යන අරුතෙන්.
කෙසේ හෝ මැය අතින් අත යන විට පියාට දැන ගන්නට ලැබෙනවා. ඉන් පසුවයි මේ යුවලට දැන් තමන් වැටී සිටින අපහසුව අමාරුව ගැන ඇස් අරෙන්නේ.
වෛද්‍ය ප්‍රතිකාර මඟින් තරුණියගේ සිතේ ඇතිව තිබූ වෛරී හැගීම් ඉවත් කලත්, ඇයව තව දුරටත් මේ රටේ තබාගෙන සිටීම ඉතාම අපහසු බැවින් දැන් ඇයත්, ඇගේ මවත් ඇතුලු මුළු පවුලම වෙසෙන්නේ ආසියානු කලාපයේම වෙනත් රටක.
විනිශ්චය ඔබයි.....
වරද කාගෙද??????
හොද නම් rep+ 1ක් හරි bump 1k හරි දාල යන්න.
