වෙනම ජීවත්වෙන අලුත බැඳපු ජෝඩුවලට එන ප්‍ර&#3521

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙනම ජීවත්වෙන අලුත බැඳපු ජෝඩුවලට එන ප්‍ර&#3521


    මේ කියන්න යන්නෙ දිවි නහගන්න තරං ප්‍රශ්න නොවුනත් මේ ප්‍රශ්න නිසා අඩු වැඩි වශයෙන් ජෝඩු අතරේ ආරවුල් සිද්ධ වෙන්න පුළුවන්. ආරවුල් කියන්නෙ ඉතිං පුංචි පුංචි කතාබහ තමයි. ඒ වුනාට සතුටින් ඉන්න ජෝඩුවකට එහෙමවත් අවුලක් ඕන නැහැනෙ. මිනිස්සු තමුන්ගෙ පාඩුවෙ නොඉන්න එක ලොකු අවුලක්. තමුන්ගෙ ජීවිතේ අවුල් තියාගෙන අනුන්ගෙ ජීවිතවල ඇද හොයන්න යන එක කවදාවත් හදාගන්නෙ නැති අවුලක්. මේ කියන්න යන්නෙ ඒ වගේ දේවල් ගැන.

    1. සිවිල්


    Newly-Married-Daily-Troubles-aniwa-01.gif


    ඔය අලුත කසාද බැඳපු අය දන්නව තමුන් වෙනම ජීවත් වෙනවනං කවදාවත් රෙදි ඇඳගෙන හිරකරගෙන ඉන්නෙ නැහැ කියල. ඒ අය ඉතිං ඉන්නෙම සිවිල් පිට තමයි. ඒ නිසා එහෙම අයට කරදර කරන්න හොඳ නැති විත්තිය කට්ටිය දැනගන්න ඕන. ඕක කොච්චර දන්නව වුනත් වටපිටාවෙ උන්දලා ඔය ආතල් එක කන එකමයි වැඩේ. ඕක හිතලම කනවදත් කියල හිතෙන්නෙ කිසිම අවශ්‍යතාවයක් නැති බොරු දේවල්වලටත් දොරට තට්ටු කළාමයි. දොරට තට්ටු කරාම හදිස්සියෙ ඇඳුම් අඳින්න වෙන එකයි වසංගතේ. ඉතිං හදිස්සියෙ ඇඳුං ඇඳගෙන පඩිපෙල් බැහැගෙන ගිහිල්ලා බැලුවාම එහා ගෙදර එකා අහපි පුතා ඔයාලට කරන්ට් තියෙනවද? කියල. ඉතිං කොල්ලට හිතෙනව අංකල්ව විදුලි පුටුවෙ ඉන්දන්න.


    2. යුගලාසන දේශණා

    Newly-Married-Daily-Troubles-aniwa-02.gif


    ආතල් එකේ ඉන්න කාලෙ තනියම ඉන්නව කියල දැනගත්තම සමහර ඉරිසියාකාරයො එනව ගෙදර. මේ වගේ අයට ඕන කෙනෙක් අයිති වෙන්න පුළුවන්. එන්නෙ ආතල් එකේ ඉන්නව කියල දැනගත්තම කාල ඇඳලා ඉන්න බැරුව. ඒ අයට ඕව කියල ඔලුවලට ඉරිසියාව දාන්නත් තවත් අය ඉන්නවා. ඉතින් මේ බුවාලා ඇවිල්ලා කරන්නෙ පුටු දෙකේ වාඩි වෙලා අපෙන් අහනව විස්තර. මොනවද කෑවෙ? කොත්තු. කොහෙන්ද? කඩෙන්. බඩේ අමාරු හැදෙන්නැද්ද? හැදෙනවා. අර එළියෙ බෝතල් වගයක් තියල තිබ්බෙ? අපි බීපුව තමයි. මෙහෙම පටන්ගන්න ටෝක ඉවරවෙන්නෙ, ළමයි හදලා ලොකු මහත්කරනකං ටෝක් දුන්නට පස්සෙ. මේ ඔක්කොම වෙන්නෙ වෙනම ගෙදරක ඉද්දි. අම්මල එක්ක ඉන්නවනං වෙනිං අයට බණ කියන්න ඉඩක් නැති වෙනවනෙ. ඒ නිසා දෙන්න එක්ක තනියම වෙනිං ගෙදරකට යද්දි ඔය ඕන්නැති ඉරිසියාකාරයො මග ඇරලම ඉන්න උත්සහ කරන්න.


    3. ආදරයේ ඵල නෙලීම


    Newly-Married-Daily-Troubles-aniwa-03.gif


    ඔන්න ඉතිං වෙනම ඉන්නකොට මුල් කාලෙ වෙන හෙනේ තමයි ඕක. නිවාඩු ඔක්කොම ඇඳටම දියවුනා මදිවට සඳුදා උදේට ඇහැරෙන්නෙම පරක්කු වෙලා. ඔෆිස් යන්න ඇ‍ඳගෙන බිරින්දෑ රෑ ඇඳුම පිටින් කෑම එක අරන් එනකොට ම්වාහ් ගාලා දොරෙන් පැනල යන්න තරම් අපි ආත්මාර්ථකාමී නෑ ආයිබොවන්ඩ. ඉතින් දෙන්න එක්ක ආයි ඇ‍ඳේ. ඔන්න ඉතිං දැන් වෙනදට වඩා පැයක් පරක්කුයි. කමක් නෑ කියල උදේට ඔතල දීපු කෑම එක ඇ‍ඳේම තියාගෙන කනවා. ඔන්න ඉතිං හිත පිරෙන්න ආදරයේ ඵල නෙලලා, බඩ පිරෙන්න බත් කෑවම, ඊයෙ රෑ බීපුවත් එක්කම ආයෙත් කොල්ල නිදි. සතියෙ පටන් ගන්න දවස වෙච්චි, සඳුදා දවල් වෙලා ඔෆිස් යන්න හොඳ නැති නිසා ඔන්න ඔහේ දානව නිවාඩුවක්. ඔන්න ඔහොමයි මං මේ අවුරුද්දට හත්වෙනි පාරටත් ලොක්කගෙන් බැනුම් ඇහුවෙ.


    4. නෑයන් වේයන්


    Newly-Married-Daily-Troubles-aniwa-04a.jpg


    ඉතිං ඔහොම චාටර් වුනාම උපරිම ප්‍රයෝජන ගන්න කියල ඉතුරු වෙන්නෙ සෙනසුරාදයි ඉරිදයි විතරයි. ඉතින් දෙයියනේ කියල දවල් වෙනකං බුදියගෙන සැපේ ඉන්නව කියල හිතද්දිම වදිනව බෙල් එක. ඉතිං පෑන්ට්‍රි කබඩ් ඇතුළෙන් සරම හොයාගෙන ඇඳගෙන උඩට ගිහිල්ල ලූප් හෝල් එකෙන් බැලුවම නැන්ද ඉන්නව සෙනග කන්දක් එක්ක. අර රත්ති ආන්ටි ගෙවල්වලට එනව වගේ තමයි. ඔන්න ආයි දුවගෙන ගිහිල්ල නිරිවස්තරෙන් නිදියං ඉන්න බිරින්දෑව ඇහැරෝලා වියසනේ තත්ත්වෙ කියනව. මම ප්ලෑන් කළේ ගේ ඇතුළට වෙලා සද්ද නැතුව ඉන්න. ඒත් වයිපරේ ගිහින් ඇරපි දොර. දොර අරින්න විතරක් වුනානං මදැයි. දැන් උයපංකො සනුහරේටම.


    5. නේබර්ස් ඕල් ද වේ


    Newly-Married-Daily-Troubles-aniwa-05.gif



    වටපිටාවෙ ඉන්නෙත් ඔක්කොම හොට බිම ඇනිච්ච බුවාලා. ඉතින් තරුණ කපල් එකක් ආවම ඒ අයටත් නොස්ටැල්ජියාව ගහනව ඉහට. අපි ඒ කාලෙ මොනෝ රේල් එකේ යන ගමං බල්ලොන්ට ගල් ගැහුවෙ සිං සිං ගාලා පුතා වගේ ටෝක්ස් දෙන්න පටන් ගන්නව. ඕකෙ ව්‍යසනේ ඕක නෙමෙයි. ඇන්ටිලා ටික ගෙට ගෙවදිනව. වයිෆ්ගෙ ඇඳුම් අල්මාරියෙන් ඇදලා අරන් ඒ අයගෙ අතීත ස්මරණය කරනව. අංකල්ල හැමදාම ගසන ඇල්මැරුනු අඩියට පොඩි ජීවයක් දෙන්න කියල හිතාගෙන කොල්ලව බෝතලේට සෙට් කරගන්නව. නිකං හිතහංකො වෙස්සන්තරේ අහගෙන අමුවෙන් ගල් අරක්කු ගහන සීන් එකක්.


    6. අම්මිලා ඇත්තෝ

    Newly-Married-Daily-Troubles-aniwa-06a.jpg


    සෙනසුරාදා ඉරිදාට ලොකුවට උයන්නෙ කසාද බැඳලා කල් ගිය මිනිස්සු. අලුත බැඳපු එවුන් එදාට පිටතින් ආහාර ගෙන ඒම හෝ ලේසියට දෙයක් හදාගෙන කුස ගිනි නිවාගැනීම සිද්ධ කරනව. ඉතිං ඔහොම ලේසියට දෙයක් හදාගෙන කන්න හිතපු දවසට අම්මලා ගෙදර එනව කියල කෝල් එක එනව. අම්මල එන එකෙන් එක අවුලයි තියෙන්නෙ. අපේ අර හිතපු ලේසි පාසු ඩයට් එක දාන්න බැරි වෙනවා. අපි අඩුවට කනවට අම්මලාගෙ හිත සතුටු නැහැ. එයාලා කියන්නෙ ව්‍යංජන හතරක් සමග කහබත් සහ මදි පාඩුවට පපඩම්, අතුරුපසට බ්‍රෝකන් ජෙලි පුඩිම වගේ සීන්. පොල් සම්බෝලෙට සම්බ හුණ්ඩුවක් ගහගෙන රුපියල් විසි පහේ ලුණු දෙහි පැකට් එක කඩාගන්න ජෝඩුවකට ඔය රෙසිපිය ඇහුනම ඇතිවෙන හැඟීම ඔයාලම හිතාගන්නකො.



    aniwa.lk
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    බැදලා වෙනම ඉන්නකොට තියෙන අතල් එක ඔය මහා ගෙවල් වල කාමර කැලි ඇතුලේ ගන්න බෑ
    කොහොමත් බන්න්දනම් වෙනම ඉන්න ඕන
    අපේ රටේ විතරයි අවුරුදු තිහ හතළිය වෙලත් දෙමව්පිය සෙවන කල් ගතකරන මිනිස්සු ඉන්න
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැදලා වෙනම ඉන්නකොට තියෙන අතල් එක ඔය මහා ගෙවල් වල කාමර කැලි ඇතුලේ ගන්න බෑ
    කොහොමත් බන්න්දනම් වෙනම ඉන්න ඕන
    අපේ රටේ විතරයි අවුරුදු තිහ හතළිය වෙලත් දෙමව්පිය සෙවන කල් ගතකරන මිනිස්සු ඉන්න

    :yes::yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    බැදලා වෙනම ඉන්නකොට තියෙන අතල් එක ඔය මහා ගෙවල් වල කාමර කැලි ඇතුලේ ගන්න බෑ
    කොහොමත් බන්න්දනම් වෙනම ඉන්න ඕන
    අපේ රටේ විතරයි අවුරුදු තිහ හතළිය වෙලත් දෙමව්පිය සෙවන කල් ගතකරන මිනිස්සු ඉන්න

    සිරා සිරා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නානාට ඉතින් ගේනු 7ක් තමා බලාගන්ඩ වෙනව :sorry::sorry:



    :lol::lol::lol:

    යෙකනේ මාතියා මෙහෙ 7යි ස්වර්ගේදී 72කයි.. කොහොමද ශෙප.. ශින්හලයට කොයින්ද ඕවා :P