වෙනස් විදියකට හිතන්න
"මං නිතරම අන් අයට දෙන අවවාදය තමයි, බලන් ඉන්න එපා කියන එක. තමන් තරුණ කාලේදී, නැතිවෙන්න කියලා යමක් නැති, බරක් පතලක් නැති කාලේදී තමයි මොනවාම හරි කරලා බලන්න ඕනේ. ඒක නිරන්තරයෙන්ම සිහියේ තියාගන්න. ඒ නිසයි අපි ඇපල් පටන්ගන්න අවදානම ගත්තේ. අපිට ආයෙ අමුතුවෙන් නැතිවෙන්න කියලා මුකුත් තිබ්බේ නෑ. මට එතකොට වයස අවුරුදු විස්සයි. වොස්ට මං හිතන්නේ විසිහතරක් විසිපහක් වගේ වෙන්න ඇති. අපි පවුල් වෙලා හිටියේ නෑ, දරුමල්ලෝ නෑ, ගෙයක් දොරක් නෑ. ඒ නිසා අවදානමක් ගන්න බයක් නෑ. වොස්ට පරණ කාර් එකක් තිබ්බා, මට පරණ ෆොක්ස්වගන් වෑන් එකක් තිබ්බා. ඒ වයසෙදි අපිට නැතිවෙන්න කියලා තිබුණේ වාහන දෙකයි ශර්ට් ටිකයි විතරයි."
"අපිට හැමදෙයක්ම තනියම උපයගන්න සිද්ධ වුණා. අපි තේරුම් ගත්තා මේ වැඩේ බංකොළොත් වුණත්, ඒ ඔස්සේ ලැබෙන අත්දැකීම් සම්භාරය, වුණු පාඩුවට වඩා දහ ගුණයක් වටිනවා කියලා."
විශ්වවිද්‍යාල පෙම් යුවලකගේ ආදරයක අත්වැරදීමක් විදිහට 1955 දී මෙලොව එළිය දකින ඔහු, ස්ටීව්. අහිංසක ජොබ්ස් පවුලේ රැකවරණය මත උස්මහත් වෙලා, පාසල් ගිහින්, උසස් අධ්‍යාපනය අතරමඟ නතර කරන්නේ ජොබ්ස් මහත්මයාට තවදුරටත් ඔහු වෙනුවෙන් මුදල් වියදම් කරන්න බැරි නිසයි. ස්ටීව් කියන්නේ ටෙක් පැත්තට බර තරුණයෙක්. ඒ නිසාම ඒ පැත්තෙන් වැඩිදුර හදාරනවා. ගෙදර ගරාජයට වෙලා තමන්ගේ මිතුරා ස්ටීව් වොස්නියැක් එක්ක පරිගණකයක් හදනවා. හැත්තෑ හයේදී ඒකට 'ඇපල්' කියලා නම යොදලා වෙළඳපොළට නිකුත් කරනවා. ගරාජයේ හැදුණු ඇපල් එක සමාගමක් දක්වා වර්ධනය වෙනවා. අසූ පහේදී තමන් හදපු ආයතනයෙන්ම ස්ටීව් ව එළවලා දානවා. ස්ටීව් වෙන පරිගණක ආයතනයක් පටන් ගන්නවා 'නෙක්ස්ට්' කියලා. ඒ ඔස්සේම හදනවා ආයතනයක් 'පික්සාර්' කියලා. 'පික්සාර්' එකෙන් හදනවා ලෝකයේ පළවෙනි කම්පියුට' ඇනිමේටඩ් ෆිල්ම් එක. ඇපල් එකට සිද්ධ වෙනවා එළවපු ස්ටීව් ව ආපහු ගෙන්නගන්න. එතැන් පටන් ස්ටීව්ගේ වෙනස් චින්තන පරාසයට හැකිවෙනවා ලෝකයේ ධනවත්ම බ්‍රෑන්ඩ් එක බවට 'ඇපල්' පත්කරන්න.
මිනිස්සු චේ ව ෆැෂන් එකක් කරගත්තේ යම් සේ ද, බොබ් මාලේව ෆැෂන් එකක් කරගන්නේ යම් සේ ද, මෑත ඉතිහාසයේ ඒ වගේ තත්ත්වයකට පත්වුණේ ස්ටීව් ජොබ්ස්. මිනිස්සුන්ට ඇපල් කියන්නේ ෆැෂන් එකක්. ෆ්රන්ට් කැම් එකෙන් නිකම්ම සෙල්ෆියක් ගහන්නේ නැතුව කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් රිය' කැම් එකෙන් ෆොටෝ එකක් ගන්නේ ඇපල් ලෝගෝ එක පෙන්නන්න ඕන නිසා. ඒකයි ෆෝන් එකට දාන බැක් කවර් වලත් ඇපල් ලෝගෝ එක එළියට පෙන්න රවුමක් කපලා තියෙන්නේ. ඒකයි කෝල් එකක් නැති, සිංදුවක් අහන්නැති වෙලාවක වුණත් එයාපොඩ්ස් දෙක කන්ගැට්ටේ එල්ලිලා ඉන්නේ. වීල් එකක රෙක්සින් එකේ මාලේ, චේ ස්ටිකර් ගහනවා වගේමයි ඇපල් ප්‍රඩක්ට් එකක් එක්ක ලැබෙන සුදු ස්ටිකර් දෙක කාර් එකේ රිය' ග්ලාස් එකේ කොණක අලවනවා කියන එකත්. ඇපල් කියන්නේ ලයිෆ්ස්ටයිල් එකක් විකුණන බ්‍රෑන්ඩ් එකක්. අලුත් ෆෝන් එකක් ආපු ගමන් මිල දී ගන්න ලෝයල් කස්ටම' බේස් එකක් ඇපල් වෙනුවෙන් හැදෙන්නේ ඒකයි. අලුත් අයිෆෝන් එක මිල දී ගන්න පෝලිමේ ඉන්නේ අලුත් හැරී පොටර් පොතක් නිකුත් වෙද්දී මුලින්ම මිල දී ගන්න හිටියා වගේ. ගොඩක් වෙලාවට අනිත් ටෙක් ආයතන එක්ක සසඳද්දී, එක ළඟ නිකුත් වෙන ඇපල් ඩිවයිසස් වල මහ ලොකු වෙනස්කම් නෑ. ඒ වුණත් බ්‍රෑන්ඩ් එක බලවත් නිසා එන එන ඇපල් එක මිල දී ගන්න අය ඉන්නවා.
මට හිතෙන්නේ බහුතරයක් ඇපල් පාරිභෝගිකයෝ ස්ටීව් ජොබ්ස් ගැන වර්ණනා කරන්නේත් ඒ ෆැෂන් එකේම කොටසක් විදිහට. වෝල්ටර් අයිසැක්සන් ලිවුව ස්ටීව් ජොබ්ස් චරිතාපදානය මිනිස්සු දැක්ක තැන මිල දී ගත්තා, හරියට කමල් ගුණරත්න මේජර් ජෙනරාල්තුමාගේ නන්දිකඩාල් පොත වගේ. මං හිතන්නෑ ඒ ගත්ත අයගෙන් භාගයක්වත් ඔය පොත ඉවර වෙනකං කියවන්න ඇති කියලා. අයිපොඩ් එකෙන්, අයිෆෝන් එකෙන්, අයිපෑඩ් එකෙන් එළියට ඇවිත්, ඇයි ස්ටීව් මෙහෙම දෙයක් කළේ කියලා හිතන්න. මැක් එකෙන්, මැක්බුක් එකෙන් එළියට ඇවිත්, මොකටද ස්ටීව් මෙහෙම දෙයක් කළේ කියලා හිතන්න. ස්ටීව් කියන නව නිපැයුම්කරුවා දිහා බලන්න. ස්ටීව් මොනතරම් අලුත් අදහස් තිබුණු කෙනෙක් ද බලන්න. කාමරයක් පිරෙන්න තිබුණු පරිගණකය මේස උඩට ගෙනල්ලා මවුස් එකක් දීලා මොනිටර් එකක් දෙන්න ස්ටීව් අලුතින් හිතුවා. වෝක්මන් එකට දාගන්න කැසට් තුන හතරක් බෑග් එකේ ගෙනියනවා වෙනුවට එක එක ජාතියේ කැමතිම සිංදු සියගාණක් ඩෙනිම් සාක්කුව අස්සේ ඔබාගෙන යන්න පුළුවන් විදිහක් ගැන ස්ටීව් හිතුවා. පැන්සලෙන් ඇඳලා ෆිල්ම් කරලා පෙන්නන කාටුන් වෙනුවට පරිගණකයෙන් ඇනිමේට් කරලා ෆිල්ම් හදන්නේ කොහොමද කියලා ස්ටීව් හිතුවා. අනිත් අයට වඩා සරල වෙන හැටි, වෙනස් වෙන හැටි, ඒ ඔස්සේ දියුණු වෙන හැටි ස්ටීව් හිතුවා.
ස්ටීව් නිතරම විශ්වාස කළේ අපි හැමෝම මේ විශ්වයේ යම් පළුද්දක්, කඩතොලුවක් ඇති කරන්න ඕනේ කියලයි. සරලව කිවුවොත් සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ කියලයි. විවිධාකාර හැලහැප්පීම් මධ්‍යයේ ඔහු ඒ දේ සාර්ථකව සිද්ධ කළා. ජංගම දුරකථන, පරිගණක, සංගීතය, සිනමාව සහ ඩිජිටල් ලෝකය ආදී ලෝකයේ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක විප්ලවීය වෙනසක් කරන්න ඔහු සමත් වුණා.
"මං මේ කියන්නේ උන්මත්තකයන් ගැන. නොගැළපෙන්නන් ගැන, විප්ලවකරුවන් ගැන, කරදරකාරයන් ගැන, සමචතුරස්‍ර හිල් වලට සවි නොවෙන රවුම් ඇබ වැනි අය ගැන, වෙනස් විදිහට ලෝකය දකින මිනිසුන් ගැන. ඒ අයට නීති අදාළ නෑ. ඔබට පුළුවන් ඒ වෙනස් අයව උදාහරණයට ගන්න, ඒ අයට විරුද්ධ වෙන්න, උත්කර්ෂයට නඟන්න, නැත්නම් හෙළා දකින්න. නමුත් ඔබට ඔවුන් සම්බන්ධයෙන් කළ නොහැකි එකම දේ තමයි ඔවුන්ව මඟහරින එක, මොකද ඔවුන් පවතින හැම දෙයක්ම වෙනස් කරන නිසා. ඒ අය මානව වර්ගයා ඉදිරියට ගෙනියනවා. අනිත් අයට ඔවුන්ව පිස්සෝ වගේ පෙනේවි. නමුත් මම හිතන්නේ ඔවුන් ඉතා බුද්ධිමත් කියලා. මොකද, මේ ලෝකය වෙනස් කරන්න තමන්ට පුළුවන් කියලා හිතන්න තරම් පිස්සුවක් තියෙන මිනිස්සු තමයි මේ ලෝකය වෙනස් කරන්නේ."
අලුත් විදිහට හිතන විදිහ ගැන හිතන්න.
තවත් එකෙක් නොවී වෙනස් එකෙක් වෙන්න.
සුබ උපන්දිනයක්, ස්ටීව්.
- ෂෙනාල් ගුණසේකර -

- "ඔබට තියෙන්නේ සීමිත කාලයක්. ඒ නිසා තවත් කෙනෙකුගේ ජීවිතයක ජීවත් වෙමින් ඒ කාලය අපතේ යවන්න එපා."
- "ඔබ කරන දේට ආදරය කරන්නේ නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා."
- "ඊයේ සිද්ධ වුණු දේ ගැන වදවෙන්නේ නැතුව හෙට දවස නිර්මාණය කරන්න."
- "ඔබ මොන යම් හෝ දෙයක් කර එය සාර්ථක වුණොතින්, එහිම එල්බගෙන ඉන්නේ නැතුව තවත් අලුත් දෙයක් කිරීම සඳහා යොමු වෙන්න."

Last edited: