වෙනස උදාවෙයි-පාතාලය හිස ඔසවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට වෙඩි තැබුවත් මත් උවදුරෙන් දරුවන් රැකගැනීම සඳහා පෙරමුණ ගන්නවා යැයි කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ.

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට මා යෝජනා කළ අවස්‌ථාවේ ඊට දැඩි විරෝධතාවක්‌ මතු වුණා.

    එල්ලා මරන්න බැරිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දූපතක හෝ රඳවා තැබිය යුතුයි. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන නිසා ඔවුන් පාලනය කිරීම අපහසුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාට විශාල උනන්දුවක්‌ තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්න මහා සංඝරත්නයේ සහයෝගය ලබාගන්න. කතෝලික සභාවේ සහාය අපි දෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් කමක්‌ නෑ. මේ ව්‍යසනයෙන් අපේ දරුවන් ආරක්‍ෂා කර ගත යුතුයි යැයිද අගරදගුරුතුමන් පැවසූහ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප‍්‍රදේශයට ඊයේ (30 දා) පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී හෙරොයින් ජාවාරම්කරුවකුට වෙඩි තබා මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.

    මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් හවුස්‌ නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    මොහොමඩ් ෆවුස්‌ නමැත්තා කොල්ලකෑමක්‌ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇති බව


    පොලිසිය පවසයි.

    ෆවුස්‌ ගමන් ගත් ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියෙන් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් පිස්‌තෝලවලින් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

    මොහොමඩ් ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයකු බව කියන "බයියා" ගේ ගෝලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "මාමාස්‌මි" යන අයගේ කල්ලියේ ප්‍රබලයකු බවද පොලිසිය කියයි.

    කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ෆවුස්‌ නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට දින කිහිපයකට පෙර මාළිගාවත්තේ දී හෙරොයින් ජාවාරම්කාරියක්ද වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙසේ ඝාතනයට ලක්‌වූයේ ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය හා හෙරොයින් ජාවාරම මෙහෙයවන තවත් අපරාධකරුවකු වන කංචිපාන ඉම්රාන් නමැත්තාගේ හිටපු බිරිඳ බව විමර්ශනවලින් හෙළිවිය. එම ඝාතනයත් මෙම වෙඩි තැබීමත් අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව පොලිසිය පවසයි.

    කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන සිදු කෙරේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් ප‍්‍රදේශයට ඊයේ (30 දා) පෙරවරු 10.30 ට පමණ යතුරුපැදියකින් කඩාවැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු දෙනෝදාහක් දෙනා බලා සිටියදී හෙරොයින් ජාවාරම්කරුවකුට වෙඩි තබා මුළු ප‍්‍රදේශයම භීතියට පත්කර පලාගොස් ඇත.

    මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මොහොමඩ් හවුස්‌ නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    මොහොමඩ් ෆවුස්‌ නමැත්තා කොල්ලකෑමක්‌ සම්බන්ධයෙන් අලුත්කඩේ අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට ආපසු සිය නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්‌වී ඇති බව


    පොලිසිය පවසයි.

    ෆවුස්‌ ගමන් ගත් ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියෙන් පන්නාගෙන ආ පාතාල සාමාජිකයන් පිස්‌තෝලවලින් ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

    මොහොමඩ් ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ ප්‍රබලයකු බව කියන "බයියා" ගේ ගෝලයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත. ෆවුස්‌ නමැත්තා මාළිගාවත්ත පාතාලයේ නායකයාව සිටි "මාමාස්‌මි" යන අයගේ කල්ලියේ ප්‍රබලයකු බවද පොලිසිය කියයි.

    කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධයෙන් ෆවුස්‌ නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මීට දින කිහිපයකට පෙර මාළිගාවත්තේ දී හෙරොයින් ජාවාරම්කාරියක්ද වෙඩි තබා ඝාතනය කර තිබිණි. මෙසේ ඝාතනයට ලක්‌වූයේ ඩුබායි දේශයේ සැඟවී සිටිමින් මෙරට පාතාලය හා හෙරොයින් ජාවාරම මෙහෙයවන තවත් අපරාධකරුවකු වන කංචිපාන ඉම්රාන් නමැත්තාගේ හිටපු බිරිඳ බව විමර්ශනවලින් හෙළිවිය. එම ඝාතනයත් මෙම වෙඩි තැබීමත් අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව පොලිසිය පවසයි.

    කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන සිදු කෙරේ.

    ඉතින් හොඳයිනෙ බන්.. ජාවාරම්කාරයො උන් උන්ව මරාගත්තාවෙ. ඉතුරු වෙන ටික ආන්ඩුවෙන් මරන්න ඕන හරිනම්. :yes::frown:

    ඒක නෙවෙයි බන් කවුද අර "බයියා"
    :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් හොඳයිනෙ බන්.. ජාවාරම්කාරයො උන් උන්ව මරාගත්තාවෙ. ඉතුරු වෙන ටික ආන්ඩුවෙන් මරන්න ඕන හරිනම්. :yes::frown:

    ඒක නෙවෙයි බන් කවුද අර "බයියා"
    :rofl::rofl::rofl:

    උන් නම් හැදි ගැවුනත් කමක් නැ , ඒත් උන් ඔය මරා ගන්නෙ කුඩු මාර්කට් එකක්ට.. කුඩු පාන්පිටිවෙලා තියෙන්නෙ බන් කොල්ලො විනාශයි ඒකයි තියෙන ප්‍රශ්නෙ ..:dull::dull: අලුත් පාතාල කරයෙක් වෙන්ඩ ඇති නම ඇහුවෙත් අද..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    උන් නම් හැදි ගැවුනත් කමක් නැ , ඒත් උන් ඔය මරා ගන්නෙ කුඩු මාර්කට් එකක්ට.. කුඩු පාන්පිටිවෙලා තියෙන්නෙ බන් කොල්ලො විනාශයි ඒකයි තියෙන ප්‍රශ්නෙ ..:dull::dull: අලුත් පාතාල කරයෙක් වෙන්ඩ ඇති නම ඇහුවෙත් අද..

    mr-lansa-colombo-telegraph.jpg


    hqdefault.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකක්ද පොටෝ දාල අදහස් කරන්නෙ..උබේ රනිල්ගෙත් කැබිනට් ඇමති කෙනෙක්නෙ බන්..රනිල් එක්ක එකට ගත්ත පොටෝ ඕනෙද???
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
    මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ මුහුණ සම්පූර්ණයෙන් ආවරණ වූ ආරක්ෂිත හිස් වැසුම් පැළඳ යතුරුපැදියකින් පැමිණි නාඳුනන


    පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.
    මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නෙකු බවට තොරතුරු අනාවරණය වී අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
    වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කෙරෙනවා.
    තගල්ල පොලිසිය මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෑනියෙක්ට පාරෙ යන්ඩ බැරි රටක්

    මෝටර් රථයකින් ගමන් කරමින් සිටි කාන්තාවකට කිසියම් පුදගලයෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    වැලිගම්පිටිය ප‍්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

    තවත් වාහනයකින් පැමිණි පුද්ගලයෙකු මෙසේ වෙඩි තබා ඇති බවත් සැකකරු සොයා පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටකට ගිය කලක් අහිසක ගැහැනියක්ට දරුව එක්ක පාරෙ යන්ඩත් බැ..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලිය ඊයේ (29) රාත්‍රිෙය් යාපනය මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහර දීමක් හේතුවෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පැවසීය.

    අදාල පහරදීම ධනුරොක් නමැති කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසකට එල්ලවී ඇති අතර පළමුව පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල කොට ඇති අතර පසුව නිවසට ඇතල් වූ කණ්ඩායම නිවසේ වැකරමින් සිටි මේෂන්බාස් වරයෙකුට පහර දී පලා ගොස් ඇත.

    සැකකරුවන් යතුරුපැදි තුනකින් පුද්ගලයින් නම දෙනෙකු පැමිණ අදාළ නිවස වෙතට පැමිණ පුද්ගලයාට පහරදී නිවසටද අලාභහානි සිදුකොට පලා ගොස් ඇත.

    සැකකරුවන් පලා යන අවස්ථාවේදී පොලීසිය විසින් සිදු කරන ද සෝදිසි මෙහෙයුමකදී සිදුවීම සම්බන්ධයෙන් ආවා කාල්ලියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 23 ත් අතර තරුණ‍යින් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    සිද්ධියෙන් තුවාල ලැබු තුවාලකරු යාපනය රොහලට ඇතුළත් කොට ඇති බවට මණිපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යාපනය කෝපායි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පසු පස තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි ආවා යැයි සැක කෙරෙන කල්ලියක තිදෙනෙකු, 30 අත්අඩංගුවට ගෙන ඇති බවට කෝපායි පොලීසිය කියා සිටියේය.

    කෝපායි ප්‍රදේශයේ සිටි ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු පිටුපස යතුරුපැදියකින් තියුණු ආයධ සහිතව තිදෙනෙකු ලුහු බැඳ ඇති අතර එහිදී දිව ගිය ව්‍යාපාරිකයාගේ පුතා දිවි ගලවා ගැනීමට කෝපායි ප්‍රදේශයේ පිහිටි ළිඳකට පැන ඇති අතර පසුව එම ස්ථානයට පැමිණි ආවා කල්ලියේ පිරිස් විසින් ළිඳට පැන්න පුද්ගලයා ගොඩට ගෙන පහර දීමට සූදානම් වී ඇත.

    ළඳට පැන්න පුද්ගලයා ගොඩට ගැනීමට සැරසෙන අවස්ථාවේදී ළිඳ තුල සිටි එම පුද්ගලයාගේ කෑ ගැසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් සිදුවීම දැක ඒ බව කෝපායි පොලීසියට දැනුම් දී ඇත අනතුරුව එම අවස්ථාවේදීම කෝපායි පොලීසිය විසින් අදාල ස්ථානයට පැමිණ සැකකරුවන් තිදෙනෙකු හා ඔවුන් පැමිණි යතුරුපැදියද සමග තියුණු ආයුධ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ළිඳට පැන්න පුද්ගලයාද බේරා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කෝපායි ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර ඔවුන් ආවා කල්ලියේ බවට සැකක කෙරෙන අතරම අධිකරණයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව කෝපායි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සැකකටයුතු අන්දමින් මියගොස් සිටි අන්තර් දිස්ත්‍රික් සමස්ත ලංකා පාසල් සිසුන් ප්‍රවාහනය කිරීමේ සංගමයේ ලේකම්වරයාගේ මළ සිරුර මිනුවන්ගොඩ, බලබෝව, ඇන්තූරියම් මාවතේ මාර්ගයක තිබියදී ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (2) පෙරවරුවේ සොයාගෙන තිබේ. මිනුවන්ගොඩ
    නගරය අවට පාසල්වලට සිසු සිසුවියන් ප්‍රවාහනය කළ මිනුවන්ගොඩ කුඩාගොඩ පදිංචිකරුවකු වූ 58 හැවිරිදි කිත්සිරී විජයානන්ද අමරසිංහ නමැති දෙදරු පියාගේ මළ සිරුර මෙසේ සොයාගෙන තිබේ.

    මළ සිරුර තිබෙන ස්ථානය වේයන්ගොඩ පොලිසියට අයත් බවට තහවුරු වීමෙන්


    අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ වේයන්ගොඩ පොලීසිය මගින් සිදු කරනු ලැබීය. මියගිය අයට අයත් පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථය මළ සිරුර තිබූ ස්ථානය ආසන්නයේ තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබූ අතර වෑන් රථය තුළ තිබී හිස් අරක්කු භාගය බෝතලයක් සහ වස යැයි සැක කළ හැකි හිස් බෝතලයක් සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

    ඉකුත් 28 වැනිදා උදේ පාසල් සිසුන් රැගෙන යාම සඳහා නිවසේ සිට වෑන් රථයෙන් පිටත්ව ගොස් ඇති මොහු එදින දහවල් සිසු සිසුවියන්ට වෑන් රථයෙන් ඔවුන්ගේ නිවෙස්වලට ඇරලවා නැවත ඔහුගේ නිවසට ගොස් නොමැති බවට පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ. අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත එම සැකකටයුතු මළ සිරුර ගම්පහ මහ රෝහල වෙත පෙරේදා (29දා) සවස රැගෙන ගොස් තිබූ අතර මරණයට හේතුව සොයා ගැනීම සඳහා පශ්චාත් මරණ පර්ෂණය ඊයේ (30දා) ගම්පහ මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබූ බව වේයන්ගොඩ පොලිසිය පැවැසීය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌරගස්මන්හන්දිය, රන්තොටුවිල ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රී පුද්ගලයින් දෙදෙනකු වෙඩිතබා, කපා කොටා ඝාතනය කර තිබේ. රාත්‍රී 7.30 ත් 8.00 ත් අතර කාලය තුලදී මෙම ඝාතනයන් සිදුකර තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

    මෙසේ ඝාතනය කර ඇත්තේ ඌරගස්මන්හන්දිය පොලිස් වසමේ ඉහළ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේම පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) නැමැති ඥාති සහෝදරයින් දෙදෙනාය.

    ඝාතනයට ලක් වූ දෙදෙනා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේදීම ඊයේ (30) රාත්‍රී 10.00 ට පමණ පවත්වන ලද අතර මෘත දේහයන් මේ වන විට ඇල්පිටිය මූලික රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණයන් අද (01) දිනයේදී ඇල්පිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

    ඝාතනයන් සිදුකර ඇත්තේ ඝාතනයට ලක් වූ මාලවල, රන්තොටුවිල ලිපිනයේ පදිංචි කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) නැමැති අයගේ නිවසේදීය. චමිල දීපාල් රණසිංහ (37) නැමැති අය සිය නිවස ඉදිරිපිට ඇති කුරුදු වාඩියේ සමන් සුරේෂ් (30) නැමැති අය සමග කතා කරමින් සිටියදී ඝාතකයින් පැමිණ ඝාතනයන් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මොවුන් දෙදෙනා ඉඩ ලද සෑම විටකම පාහේ මෙසේ කුරුදු වාඩියේ කතා කරමින් සිටින බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙයින් සමන් සුරේෂ් (30) නැමැති අය ඝාතනය කර ඝාතකයින් ඔහුගේ හිස කදින් වෙන්කර රැගෙන ගොස් ඉහළ මාලවල, රන්තොටුවිල සමූපකාරය අසල තබාගොස් ඇත. ඝාතකයින් චමිල දීපාල් (37) නැමැති අයගේද හිස කදින් වෙන් කරන්නට උත්සාහ දරා ඇති බවත් වෙන් වෙන්නට ආසන්නව තිබියදී චමිල දීපාල් (37) නැමැති අයගේ දේහය ඝාතනයන් සිදුකල ස්ථානයේම දමා ගොස් තිබෙන බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
     
    • Like
    Reactions: RaZor_911

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නුගේගොඩ හයිලෙවල් මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක් අසල දී රංගන ශිල්පී තිලක් ජයවීර මහතා පෙරේදා (29) පිහියකින් ඇනීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව මිරිහාන
    පොලිසිය කියයි.
    තුවාල ලද තිලක් ජයවීර මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය තියයි. සමාජ ශාලාවට ඉකුත් සිකුරාදා. (23) රාත්‍රී එකොළහට පමණ පැමිණ සිටි රංගන ශිල්පී තිලක් ජයවීර මහතා පෙරේදා අලුයම හතරයි තිහට පමණ එයින් පිටව යාමේදී
    මෙම ප්‍රහාරයට ලක්වී ඇතැයි


    පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් පහළිවී ඇත. පිහියෙන් ඇන්න පුද්ගලයා ඩෙනිම් කලිසමක් හා සුදු පාට ටී ෂර්ටයක් හැඳ සිටි බවත් ඔහු පිහියෙන් ඇන පලා යන අවස්ථාවේ සමාජ ශාලාවේ පාලකයෝ ලොක්කා යනුවෙන් කෑ ගැසු බව රංගන ශිල්පී තිලක් ජයවීර මහතා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වේ.
    පිහියෙන් ඇනීමට හේතුව නිශ්චිත වශයෙන් අනාවරණය වී නැති අතර පැරණි ආරවුලක් මිට හේතුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
    පිහියෙන් ඇන්න බව කියන සැකකාර සමාජ ශාලා සේවකයා. ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. මිරිහාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආවා කල්ලිය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් ආවා යනු ජනතා විරෝධී කල්ලියක් නොවන බව පවසා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ රාත්‍රියේ දමාගොස් ගොස් තිබියදී ප්‍රදේශවාසීන් විසින් වව්නියාව පොලීසිය දැනුවත් කොට ඇත.

    වවුනියාව කුරුමන්කාඩු, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථාන කිහිපයක අදාළ අත්පත්‍රිකා දමා ගොස් තිබියදී හමු වී ඇත.

    මුහුණ වසා ගනිමින් සිටින පිහියක් අතින්ගත් පුද්ගලයෙකුගේ රුව රැගෙන ආවා නමින් සඳහන් ජායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව ඒ-4 කොලයක සකස් කොට තිබු බවද ප්‍රදේශවාසීන් පැවසූහ

    එම කොළයේ අදාල ඡායාරූපයද සමගින් ලියා තිබුනේ

    “අපි ජනතාවගේ ගැටළුවෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා, අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා.” යනුවෙන්ය.

    අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද වව්නියාව පොලීසිය පැවසීය.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුද්දඝෝෂගේ නාමික ඔල්කට්,වික්ටොරියානු, සිoහල ,ජයින - බෞද්දයෝ ඉන්න රටවල් පාතාලවල් වෙන එකේ කිසිම පුදුමයක් නෑ . පාතාලවල් නොවුනොත් තමා පුදුමේ.පාතාලේ හිස එසවීමෙන්ම ඔප්පු වෙනවා මේ රටේ අදහන්නේ සැබැ බුදුදහම නොවන වග ........:cool::cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආයුධ පෙන්නල දරුවො පැහැරගෙන යන රටක්..


    අම්බලන්තොට,කොටබෝගහ අසළ නිවසකට කඩාවැදුනු ආයුධ සන්නද්ද පිරිසක් නිවැසියන් බියගන්වා නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ඇතිබව අමිබලන්තොට පොලිසිය පවසයි.

    මෙම දැරිය පැහැර ගැනීම සඳහා යතුරුපැදි තුනකින් පුද්ගලයන් හය දෙනකු පැමිණ ඇති බව අම්බලන්තොට පොලිසිය පවසයි.

    ඉදිරිපස දොර කඩා නිවසට ඇතුළුවූ සන්නද්ධ පිරිස දැරිය සිටි කාමරයේ දොරට වෙඩි තබා එය විවෘත කර ඇගේ පියා සහ සොහොයුරා සාලයේ


    දණගස්‌සවා මෙම පැහැර ගැනීම සිදු කළ බව එම නිවැසියන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

    පැහැර ගැනීමට පැමිණි පිරිස අතරින් එක්‌ අයකු අත ගිනිඅවියක්‌ තිබෙනු දුටු බව නිවැසියන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

    මේ පිළිබඳව පොලිසිය සිදුකළ විමර්ශනයේදී පැහැර ගැනීමට ලක්‌වූ 17 හැවිරිදි නිපුණි වත්සානි නම් මෙම දැරිය පෙම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ සිටි තරුණයා ඇතුළු කිහිපදෙනකු මේ පැහැර ගැනීමට පැමිණ ඇති බවත් පෙම්වතා මත්ද්‍රව්‍යකට ඇබ්බැහිවීම නිසා ඔහුට නිවසට නොපැමිණෙන ලෙස දෙමාපියන් අවවාද කර ඇති බවත් හෙළිවී තිබේ.

    පැහැර ගැනීමට පැමිණි පිරිස පොලිසියෙන් හඳුනාගෙන තිබෙන අතර තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි ලක්‌සිරි ගීතාල්, තංගල්ල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අබේරාජ ගම්ලත් යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අම්බලන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති ජගත් විඡේගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.
     

    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    මහින්ද සර්ට අපලයක් තෝ පොන්න වේසි. හුත්තිගේ කොල්ලා හැමණියන්