මට වෙඩි තැබුවත් මත් උවදුරෙන් දරුවන් රැකගැනීම සඳහා පෙරමුණ ගන්නවා යැයි කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දිය යුතු බවට මා යෝජනා කළ අවස්ථාවේ ඊට දැඩි විරෝධතාවක් මතු වුණා.
එල්ලා මරන්න බැරිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දූපතක හෝ රඳවා තැබිය යුතුයි. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහයෝගය ලැබෙන නිසා ඔවුන් පාලනය කිරීම අපහසුයි. මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාධිපතිතුමාට විශාල උනන්දුවක් තිබෙනවා. මත්ද්‍රව්‍ය උවදුර පාලනය කරන්න මහා සංඝරත්නයේ සහයෝගය ලබාගන්න. කතෝලික සභාවේ සහාය අපි දෙන්නම්. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ වැඩපිළිවෙළ සඳහා මම පෙරමුණ ගන්නම්. මට වෙඩි තිබ්බත් කමක් නෑ. මේ ව්‍යසනයෙන් අපේ දරුවන් ආරක්ෂා කර ගත යුතුයි යැයිද අගරදගුරුතුමන් පැවසූහ.

Last edited: