වෙනස

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    තිය තිය ඉන්නෙ නැතුව ඇතුලට වර.


    ඔන්න ලමායි අද උබලට කියල දෙන්ඩ යන්නෙ වචන දෙකක වෙනස. මගේ යාලුවෙක් කිවුවා ඌට සම්පූර්නයි කියන වචනෙයි අවසානයි කියන වචනෙයි වෙනසක් පෙන්නෙ නෑලු. මම ඌට ඒක උදාහරනෙකින් කිවුවා මෙහෙම.

    මිනිහෙක් තමන්ට ගැලපෙන බිරිදක්ව බැන්දම ඒ මිනිහ සම්පූර්නයි. ඒත් නොගැලපෙන බිරිදක් බැන්දොත් ඒක උගේ අවසානේ.

    දැන් උබලටත් තේරෙනව නේද වචන දෙකේ වෙනස. මම මේක ගොඩක් දැම්මේ අපේ එලකිරි එකෙත් ඉන්නව කසාද බැදල විදවන උනුයි කසාද නොබැද විදවන උනුයි. මම කියන්නෙ නම් කසාද බැදල උනත් තමන්ට තේරෙනව නම් මෙයා මට ගැලපෙන්නේ නෑ කියල දෙන්නම විදව විදව ඉන්නවට වඩා කතා කරගෙන දෙන්නම වෙන් වෙන එක දෙන්නටම හොදයි නේද.

    මම කියන්නෙ පොඩි වැරැද්දක් වෙච්ච ගමන් #$%ක උඩ දාගෙන ඩිවෝස් එක ගන්ඩ දුවන්ඩ නෙමෙයි. මේ ලෝකෙ කවුරුත් සර්ව සම්පූර්න නෑ මචන්. අපි හැමෝගෙම අඩු පාඩු තියනව. එත් අපිට පුලුවන් තව කෙනෙක්ට ඕන විදියට හැඩ ගැහෙන්ඩ. මේක ගැහැනු පිරිමි කියල බේදයක් නෑ. උබෙ සහකරුවාට/සහකාරියට ගැලපෙන විදිහට හැඩගැහෙන්ඩ බලපන්. වෙන් වෙන එක ගැන හිතන්ඩ ඕනා කරන්ඩ දෙයක් නැතිම උනොත් විතරයි. අනිකාව හොදට තේරුම් ගන්ඩ බලපන්. අනෙකාගේ ඕනා එපාකම් හොදට හොයල බලපන්. අනෙකාට තේරුම් යන්ඩ දීපන් උබව විශ්වාස කරන්ඩ පුලුවන්, උබට යමක් තේරුම් කරල දෙන්ඩ පුලුවන්, උබට යමක් තේරුම් ගන්ඩ පුලුවන් කෙනෙක් කියල. හොදට ඇහුම්කන් දීපන් අනෙකා කියන දේ ගැන. ඇහුම්කන් දීලා උබට එයා කිවුව එකේ වැරැද්දක් පේනව නම් හොදින් ආදරෙන් කියල දීපන්. කේන්ති අරගෙන බඩු පොලොවෙ ගහල රටේ ලෝකෙ නැති කුනුහරපෙන් බැනල ප්‍රශ්න විසදන්ඩ බෑ. එහෙම පුලුවන් ෆිල්ම් වල විතරයි.

    මේක බැදපු උන්ට වගේම බැදපු නැති උන්ට සහ කෙල්ලෙක් හොයාගන්ඩ ඉන්න එවුන්ටයි ලිවුවෙ. කොහෙන්වත් උස්සපු එකක් නෙමෙයි. ටිකක් දිග වැඩි උනානම් සමාවෙයන්. ඒත් මේක බලල එකෙක්වත් හැදෙනවනම් මට ඒ හොදටම ඇති. තව එකක්. උබ රස්සාවක් කරනව ඇතිනෙ. ඒත් සල්ලි වලටම තැන දෙන්ඩ එපා මචන්. සල්ලිත් ඕන තමයි. ඒත් ජීවිතේ මුල්තැන සල්ලි වලට දෙන්ඩ එපා. පවුලට දීපන්. එහෙනම් දැනට ඇති. මේක ලිවුව රෙප් ගන්ඩ නෙමෙයි මචන්. කවුරුහරි කියවල තමන්ගෙ ජීවිතේ ගොඩදාගන්ඩයි. කියවල ගන්ඩ පුලුවන් දෙයක් ගනින්. ගන්ඩ දෙයක් නැත්තන් බැනල හරි පලයන්.