වෙන්නප්පුව බස් නැවතුම්පොලේ කොටසක් කඩා වැටේ
වෙන්නප්පුව නගර මධ්‍යයේ ඉදිකරමින් ඇති බස් නැවතුම් පොළේ කොටසක් කඩා වැටී තිබෙනවා. සේවකයින් විසින් බස් නැවතුම් පොලේ කොටසකට කොන්කී‍්‍රට් යොදමින් සිටින අවස්ථාවේ එක්වරම එහි විශාල කොටසක් බිමට කඩා වැටුණු බවයි ඇසින් දුටුවන් පවසන්නේ.
කෙසේවෙතත් එහිදී කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නැහැ. පළමු කොන්කී‍්‍රට් තට්ටුව කඩා වැටී සුළු වේලාවකට පසුව තවත් එවැනිම විශාල කොන්කී‍්‍රට් තට්ටුවක් කඩා වැටී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ඉදිකිරීම්වල ඇති දුර්වලතා මෙම කඩාවැටීමට හේතුව බවයි.

....ඔයිට වඩා ගනිකාවක් හොයන සල්ලි නම්බුකාරයි බන්..

REP

