වෙන් ලවු මේකිං

srinathweb123

Member
Jul 7, 2015
23
17
0
වෙන් ලවු මේකිං

මුහුන පුරා දැලි රැවුලක් ආවා
නාඹර විය මට ඉඟි බිඟි පෑවා
මලවර විය දුටු කෙල්ලන් ගාවා
අමුතුම පෙම් මල් සුවඳක් ආවා


කෙල්ලන් පස්සේ මම ලුහු බඳිමී
ඇය එන තුරා මහ මඟ පැල් රකිමි
ඇයට ඇහෙන්නට බොරුවට කහිමි
තව එක සිගරට් උගුරක් අදිමි


ඔබ මගෙ පෙම් කඳ ,රන් කඳ ,පොල් කඳ
මාසේ පෝයට පායන පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින් ඉඳ
නාලයි ආවේ දැන් නැහැ ගස් ගඳ


තණ කොළ බිස්සේ-ලිය ගොමු අස්සේ
පතෝල මැස්සේ -ඉඳලයි බැස්සේ
තෙමි තෙමි වැස්සේ-පෙම් කළ රිස්සේ
නිකන්ම ගැස්සේ -බැන්දට පස්සේ


පෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
සිනමා හලකට රිංගමු ජොලියේ
හිටියත් පැය ගනනක් බැල්කනියේ
නමවත් නොදනිමි චිත්තරපටියේ


කට්ලට් ,ඔම්ලට් ,ෂර්බට් මස්කට්
දෙන්නද ඩාලිං කැඩ්බරි චොක්ලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ බිස්කට්


එනු මගෙ සුන්දර සූකිරි බෝලේ
අපි දෙන්නට දැන් සිකුරගෙ කාලේ
දාගත්තට පසු පොල්කටු මාලේ
ගයමු-රඟමු අපි ගහමින් ඩෝලේ


කවදද සුදු ඔබ අයෙ මෙහෙ එන්නේ
කෙලෙසද ඔබ නැති කළ මම ඉන්නේ
බඳිමුද ඇහුවම ඇයි නිල් වෙන්නේ
කුමටද මඟුලට කම්මැලි වන්නේ


අහසේ රන්තරු ගලවා දෙන්නම්
මුහුඳේ මිනි මුතු අරගෙන දෙන්නම්
සසර වසන තුරු ඔබම පතන්නම්
බඳිමුද ඇහුවොත් පැනල දුවන්නම්


දැක්කම විංකිං -නැතුවට කිංකිං
පෙම් සයුරේ අපි යටටම සිංකිං
වෙන් ලවු මේකිං -නෝ මෝ ජෝකිං
විල් යූ මැරි මී? අයෙ බණ ටෝකිං


මේ අයි කිස් යූ?විල් යූ නොට් ගිවු?
ඩූ නොට් සේ දැට් යූ ඩූ නොට් ලවු
ඉෆ් යූ සේ සෝ අයි ෂැල් ඩයි නවු
ඕ මයි ඩාලිං,හවු කැන් අයි ලවු

source http://colored-machines.blogspot.com/2011/12/blog-post_15.html