වෙන කවුද, ඒ මම

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    රෑ එකොළහට අවන්හල වැහැව්වාම සිරිපාල ගෙදර ආවේ, එදා අවන්හලේ දී හඳුනාගත් ගුණපාලත් එක්ක. සාක්කුවට අතදාලා යතුරත් අතට ගත් ඔහු කළුවරේම දොර ඇරලා බිත්ති අතපත ගාලා, ලයිට් එකක් දල්වලා ගුණපාලට කථා කළා.

    ‘ගුණේ මේ තියෙන්නේ මගේ ගෙදර. මේක තමයි මගේ සාලෙ. අර තියෙන්නේ මගේ ටීවී එක. මම ටීවී බලන්නේ, පත්තරයක් කියවන්නේ මේ හාන්සි පුටුවේ දිගැදිලා.’

    ඊළඟට ඒ කිට්ටුව තිබුණු කාමරයකට ඇතුළු වුණු ඔහු එහි විදුලි බල්බය දැල්වුවා. ඒ කාමරේ මැද තිබුණු ඇඳක නිදා සිටි ස්ත්‍රියකට ඔහු අත දික්කරලා මෙහෙම කිව්වා.

    ‘මේක අපේ නිදන කාමරය. මේක තමයි අපේ නිදන ඇඳ. ඔය නිදා ඉන්නේ මගේ වයිෆ්.’

    ‘එතකොට අර කවුද?’ ගුණපාල ඇස් ලොකු කරලා අත දික්කළේ සිරිපාල ගේ බිරිඳ ළඟම ඇයට තුරුළු වී නිදා සිටි අයකු පෙන්වමිනි.

    ‘ඉතින් ගුණේ ඒ මම නෙ. වෙන කවුද මගේ ඇඳේ ඉන්නෙ?’ සිරිපාල පිළිතුරු දුන්නා.
    :D:D:yes::D:D



    source:silumina
     

    marley

    Well-known member
  • Jan 5, 2009
    14,024
    307
    83
    ** ගන්ජා කෑලෙ **
    huta
    gamesao_3x16.gif