වෙන රටකට යන්න දන්නෙ නැති අයට උපදෙස් 7 ක්
වෙන රටකට යන්න හීනයක් තියෙන, ඒත් පටන්ගන්නෙ කොහෙන්ද කියලා දන්නෙ නැති අයට උපදෙස් 7 ක්
[FONT="]“රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ” කියලා කිව්වට අපි ගොඩක් දෙනෙක්ගේ හීනයක් තියෙනවා වෙන රටකට ගිහින් පදිංචි වෙන්න. හැබැයි වෙන රටකට කිව්වට වනුආටු වලට, ස්වාසිලන්තෙට යන්න නෙවෙයි. අපිට වඩා දියුණු ආර්ථිකයක් තියෙන, සැපේ ඉන්න පුලුවන් කියලා හිතෙන රටකට යන්න තමයි හැමෝම හීන දකින්නේ. ඒකනේ ඇමරිකාවට බණින ගමන් වුනත් මේ අවුරුද්දේ ග්‍රීන් කාඩ් ලොතරැයිය එන්නේ කවද්ද කියලා හොය හොයා ඉන්නේ. හරි කොහොම වුනත් එහෙම යන්න හිතුවට විතරක් මදිනේ. හීනවලට වීසා දෙන්නෙ නෑ. කොහෙන් හරි වැඩේ පටන් ගන්න ඕන. බලමු එහෙමනම් මේ කරුණු කොයි තරම් වැදගත් වෙයිද කියලා පිටරටක පදිංචියට යන හීනේ සාර්ථක කරගන්න.[/FONT]
[FONT="]
[/FONT]
1. මොකක්ද හැබෑටම යන රට?
[FONT="]දැන් ඔය හැමෝගෙම හීනවල තියෙන්නේ වැඩිහරියක් එක්කෝ ඇමරිකා නැත්තං ඔස්ට්‍රේලියා නේ. එහෙම බෑ. මුලින් තීරණය කරන්න ඕන තමන්ට හරියටම ගැලපෙන, තමන් යන්න කැමති සහ තමන්ට යන්න “පුලුවන්” රට මොකක්ද කියලා. ඒකට සෑහෙන්න රිසර්ච් එකක් කරන්න වෙනවා. මේ රට තෝරන වැඩේදී සමහරවිට තමන්ගේ ලඟ ඥාතියෙක් ඉන්න රටක් වෙන්න පුලුවන්. එහෙම නැත්තං තමන්ට ඒ රටට එන්න උදවු කරන්න ලෑස්ති වුණු යාලුවෙක් ඉන්න රටක් වෙන්න පුලුවන්. ඒ වගේ අවස්ථාවක ඉතින් තෝර තෝර ඉන්න බෑ තමයි. හැබැයි එහෙම පිටින් එන උදවුවක් නැතිනම් සීරියස්ලි හිතලා බලන්න වෙනවා තමන්ගේ ඔප්ෂන් මොනවද කියලා.[/FONT]
[FONT="]ඒ ඔප්ෂන් ගැන හොයලා බලන්න මේ කරුණු සැලකිල්ලට ගන්න එක හොඳයි.[/FONT]
[FONT="]වඩා හොඳ ආර්ථිකයක්[/FONT]
[FONT="]විදේශිකයින්ට පිළිගැනීමක්[/FONT]
[FONT="]විදේශිකයින්ට රැකියා අවස්ථාවන්[/FONT]
[FONT="]හොඳ ජීවන තත්ත්වයක්[/FONT]
2. කොහොමද යන්නේ?
[FONT="]දැන් ඔය එක ස්කිල්ස් ලැයිස්තුවකවත් ඔබේ වෘත්තිය සුදුසුකම් නැතත් සැලෙන්න එපා. මුලින්ම අපි බලමු ඔබේ වෘත්තියේ විදියට රැකියාවක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියලා. ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා හොයලා බලන්න පුලුවන් ඔබට ඕන රටෙන් ජොබ් එකක් හොයාගන්න. මේක ලේසි වැඩක් නෙවෙයි, මොකද ඔබ එක රටක ඉඳන් තව රටක රැකියාවක් හොයන්නේ. ඉන්ටර්වීව් එකක් වුනත් ස්කයිප් හරහා තමයි ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ. මේක සෑහෙන අසීරු වැඩක්, හැබැයි කිසිසේත්ම සිද්ධ නොවෙන වැඩක් නෙවෙයි. ඒ නිසා උත්සාහ කළාට කමක් නෑ.[/FONT]
[FONT="]දෙවෙනියට ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි විසිට් වීසා හදාගෙන ඒ රටට ගිහින් එහේ ඉඳන් ජොබ් හොයන එක. මේකත් අවුලක් නෑ ඒ රටේ දන්න අඳුනන කෙනෙක් හරි ඉන්නව නං. මොකද විසිට් වීසා වුනත් එහෙම නිකම්ම දෙන්නෙ නැති නිසා. මේ ක්‍රමේට ජොබ් හොයන එක වඩා සාර්ථකයි, හැබැයි ජොබ් එකක් ලැබෙන්න වගේම නොලැබෙන්නත් ඉඩ තියෙනවා කාලේ හැටියට. ඒ නිසා විසිට් වීසා එකට සල්ලි යට කරන්න ඕන ගෙවල් දොරවල් උගස් තියලා නං නෙවෙයි.[/FONT]
[FONT="]තුන්වෙනියට මේ එකක්වත් බැරි නං, ඒ කියන්නේ එහෙම සුවිශේෂී කුසලතාවයක්, වෘත්තිය සුදුසුකමක් තාම හදාගෙන නැත්තං, පටන් ගන්න වෘත්තිය සුදුසුකම් ඇති කරගන්න. දැන් වෙන රටකට යන්න වැඩියෙන්ම ඉල්ලුම තියෙන ක්ෂේත්‍රයන් මොනවද කියලා දන්න නිසා වැඩේ තවත් ලේසියි.[/FONT]
3. ලැන්ග්වේජ් එක තියෙන්න ඕන
[FONT="]එහෙම නැතිනම් සමහර විට වෙනත් භාෂාවකට මුල් තැන ලැබෙනවා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඩුබායි වගේ රටකට යනව නං අරාබි භාෂාව යම් තරමකට පුරුදු වෙන්න ඕන. ඇත්තටම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් එහෙම වෙන රටක වෘත්තියක් ලබාගන්න අයට දෙන පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවට ඔය භාෂාවත් ඇතුළත්. ඉතින් ඒ නිසා භාෂාව දැනගෙන ඉන්න ඕන. කඩ්ඩ එහෙම ගොඩදාගන්නම බැරි නං හෙට ඉඳන් ඉංග්‍රීසි පංති යන එක හරි කරන්න ඕන.
[/FONT] 4. රට තොට අඳුනගන්න එක වටිනවා
[FONT="]ඒ විතරක් නෙවෙයි, ඒ රටේ ඉතිහාසය, ඒ රටේ දේශපාලනයේ සුවිශේෂී සිදුවීම් ගැන එහෙමත් දැන කියාගන්න එක පාඩුවක් වෙන්නෙ නෑ. රස්සාවට යන්න ඕවා අහන්නෙ නැති වුනාට, පුරවැසිභාවය එහෙම ගන්න යන තැනකදී ඕවා ගැන එහෙමත් දන්නවද කියලා බලනවා.[/FONT]
[FONT="]දැන් ඔය මගුල් හොයාගන්නෙ කොහොමද කියලද හිතන්නේ? ඒකට තමයි අන්තර්ජාලේ තියෙන්නේ![/FONT]
5. ඉගෙනීමත් තියෙන්න ඕන බ්‍රෝ
6. අද හිතලා හෙට යන්න තියාගන්න එපා
[FONT="]අනික් කාරණාව තමයි වෙන රටකට සංක්‍රමණය වෙන එක ලේසි වැඩක් නෙවෙයි. මෙහේ තියෙන වැඩකටයුතු සෙට්ල් කරලා යන්න ඕන. ඒ නිසා කරදාසිය ලිපේ දැම්මා වගේ රට යන්න පුලුවන් කියලා හිතාගෙන ඒ චාන්ස් එක කටට වැටෙනකල් කට ඇරං ඉඳලා හරියන්නෙ නෑ. ඒකට කාලයක් මහන්සි වෙන්න ඕන. හොඳම දේ තමයි මේ කරුණු හැමදේම සලකා බලලා ටයිම් ෆ්‍රේම් එකක් තමන්ටම හදාගන්න එක. ඒ කියන්නේ තව අවුරුද්දකින් යනවා කියලා හිතලා ඒකට අවශ්‍ය කරන දේවල් හදාගන්න එක.[/FONT]
[FONT="]මෙතන මෙහෙම පොඩි කොස්සකුත් තියෙනවා. සමහර රටවල ඔය අවශ්‍යතාවයන් අවුරුදු කීපයක් යද්දී වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අවුරුදු පහකින් රට යනවා වගේ සැලසුමක් වෙනුවට ඔය ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්නත් ඕන.[/FONT]
7. උපදෙස් ගන්න තැන් තියෙනවා
[FONT="]මීට අමතරව වෙනත් රටවලට සංක්‍රමණය වෙන්න උදවු කරන ඒජන්සි, ඒ ගැන උපදෙස් වෘත්තිමය වශයෙන් ලබාදෙන ඒජන්සි ලංකාවේ ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් අන්තර්ජාලේ කරක්ගහලා හොයාගන්න පුලුවන්. දැන් එතනින් හොඳ නමක් තියෙන විශ්වාසවන්ත තැනක් බලලා ගිහින් කතාවක් දාලා බැලුවට කමක් නෑ. සමහර වෙලාවට අමතරව මුදලක් වියදම් වුනත් මේ ඒජන්සියක් හරහා වඩා පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුලුවන්.

[FONT="]දැන් රට තෝරගත්තනේ. ඉන් පස්සේ ඒ රටට යන විදිය ගැන හිතන්න වෙනවා. ඇත්තටම රට තෝරගන්න රිසර්ච් එකේදී අපිට මේ කියන්න යන කරුණුත් අහුවෙනවා. දැන් රටකට යන්න ඕන බෝට්‍ටුවෙන් නෙවෙයි. ඒකට විවිධ ක්‍රම තියෙනවා. මොනවද මේ එක එක ක්‍රම කියලා දැනගන්න තියෙන හොඳම ක්‍රමේ තමයි තමන් තෝරගත්තු රටේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහින් බලන එක කොහොමද යන්නේ කියලා. දැන් ඔය හැම රටකම වගේ තියෙනවා ඒ රටට ඉක්මනින්ම අවශ්‍ය කරන කුසලතා තියෙන ලැයිස්තු එකක් හෝ කීපයක්. මුලින්ම ගිහින් බලන්න තමන්ගේ වෘත්තියට අදාළ සුදුසුකම් මේ ලැයිස්තු වල ඉල්ලලා තියෙනවද කියලා. දැන් ඔය ලැයිස්තු වලින් “අම්බානෙක හදිසියි” ලැයිස්තුවේ වගේ තමන්ගේ සුදුසුකම් තියෙනවා නම් වැඩේ සෑහෙන්න ලේසියි. හැබැයි එකක්. ගෙදර පයිප්පයක් කැඩුනහම හදාගන්න පුලුවන් නිසා තමන් පයිප්ප බාස් කෙනෙක් වෙන්නෙ නෑ කියලා දැනගන්න ඕන. අර ස්කිල්ස් ලැයිස්තුවේ ප්ලම්බර් කියලා තියෙනවා නං තමන්ට ජල නළ කාර්මිකයෙක් විදියට ඉදිරිපත් කරන්න පුලුවන් සුදුසුකම් තියෙන්න ඕන.[/FONT]
[/FONT]
[FONT="]දැන් ඔය එක ස්කිල්ස් ලැයිස්තුවකවත් ඔබේ වෘත්තිය සුදුසුකම් නැතත් සැලෙන්න එපා. මුලින්ම අපි බලමු ඔබේ වෘත්තියේ විදියට රැකියාවක් හොයාගන්න ක්‍රමයක් තියෙනවද කියලා. ගොඩක් වෙලාවට අන්තර්ජාලය හරහා හොයලා බලන්න පුලුවන් ඔබට ඕන රටෙන් ජොබ් එකක් හොයාගන්න. මේක ලේසි වැඩක් නෙවෙයි, මොකද ඔබ එක රටක ඉඳන් තව රටක රැකියාවක් හොයන්නේ. ඉන්ටර්වීව් එකක් වුනත් ස්කයිප් හරහා තමයි ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ. මේක සෑහෙන අසීරු වැඩක්, හැබැයි කිසිසේත්ම සිද්ධ නොවෙන වැඩක් නෙවෙයි. ඒ නිසා උත්සාහ කළාට කමක් නෑ.[/FONT]
[FONT="]දෙවෙනියට ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි විසිට් වීසා හදාගෙන ඒ රටට ගිහින් එහේ ඉඳන් ජොබ් හොයන එක. මේකත් අවුලක් නෑ ඒ රටේ දන්න අඳුනන කෙනෙක් හරි ඉන්නව නං. මොකද විසිට් වීසා වුනත් එහෙම නිකම්ම දෙන්නෙ නැති නිසා. මේ ක්‍රමේට ජොබ් හොයන එක වඩා සාර්ථකයි, හැබැයි ජොබ් එකක් ලැබෙන්න වගේම නොලැබෙන්නත් ඉඩ තියෙනවා කාලේ හැටියට. ඒ නිසා විසිට් වීසා එකට සල්ලි යට කරන්න ඕන ගෙවල් දොරවල් උගස් තියලා නං නෙවෙයි.[/FONT]
[FONT="]තුන්වෙනියට මේ එකක්වත් බැරි නං, ඒ කියන්නේ එහෙම සුවිශේෂී කුසලතාවයක්, වෘත්තිය සුදුසුකමක් තාම හදාගෙන නැත්තං, පටන් ගන්න වෘත්තිය සුදුසුකම් ඇති කරගන්න. දැන් වෙන රටකට යන්න වැඩියෙන්ම ඉල්ලුම තියෙන ක්ෂේත්‍රයන් මොනවද කියලා දන්න නිසා වැඩේ තවත් ලේසියි.[/FONT]
3. ලැන්ග්වේජ් එක තියෙන්න ඕන
[FONT="]
[/FONT]
[FONT="]සාමාන්‍යයෙන් ගොඩක් අය යන්න උත්සාහ කරන රටවල් බොහෝමයකම පාහේ ඉංග්‍රීසි භාෂාව තමයි පාවිච්චි වෙන්නේ. දැන් කියන්න එපා මට කඩ්ඩ ෂේප් කරගන්න පුලුවන් කියලා. මොකද මේක බලන්නේ වීසා ඉන්ටර්වීව් එකේදී කැඩි කැඩී කතා කරන විදියෙන් නෙවෙයි. “අයි නෝ, යූ නෝ, බකමූණෝ” ටයිප් එකට කතා කරලා වැඩේ ගොඩදාගන්න බෑ. මේකට තියෙනවා එක එක එක්සෑම්. දැන් ඔය IELTS නැත්තං TOEFL කියලා කරන්නේ. ආන්න ඒ විදියේ පිළිගත්තු එක්සෑම් එකක් කරලා, එක්සෑම් එක සතුටුදායක විදියට ගොඩදාගෙන තියෙන්න ඕන.[/FONT]
[/FONT]
[FONT="]එහෙම නැතිනම් සමහර විට වෙනත් භාෂාවකට මුල් තැන ලැබෙනවා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ඩුබායි වගේ රටකට යනව නං අරාබි භාෂාව යම් තරමකට පුරුදු වෙන්න ඕන. ඇත්තටම විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් එහෙම වෙන රටක වෘත්තියක් ලබාගන්න අයට දෙන පුහුණුවක් තියෙනවා. ඒ පුහුණුවට ඔය භාෂාවත් ඇතුළත්. ඉතින් ඒ නිසා භාෂාව දැනගෙන ඉන්න ඕන. කඩ්ඩ එහෙම ගොඩදාගන්නම බැරි නං හෙට ඉඳන් ඉංග්‍රීසි පංති යන එක හරි කරන්න ඕන.
[/FONT] 4. රට තොට අඳුනගන්න එක වටිනවා
[FONT="]
[/FONT]
[FONT="]තමන් යන්න තෝරගත්තු රට ගැන දැනගෙන හිටියට වරදක් නෑ. මොකද රස්සාවට ගියත් ඒ රටේ තියෙන නීති රීති ගැන වගේම චාරිත්‍ර විදි, විශේෂ වෙනස්කම් එහෙම ගැන දැනගෙන ඉන්න ඕන. උදාහරණ විදියට කිව්වොත් සිංගප්පූරුවේ ගිහින් ලංකාවේ වගේ චුයින්ගම් එකක් කාලා මග දාලා යන්න බෑ කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කෙලින්ම දඩ නැත්තං හිරේ. එතකොට බ්‍රිතාන්‍යය වගේ රටක සෑහෙන්න ආචාරශීලීත්වය බලාපොරොත්තු වෙනවා. අඩු ගාණේ ෆැන්ටා බෝතලයක් ගෙනැත් දෙන වේටර්ට තෑන්ක් යූ කියන්නවත් දන්නෙ නැත්තං නැහැදිච්ච එකෙක් කියලා තමයි අපි දිහා බලන්නේ. මේවා නිකමට කිව්ව උදාහරණ. ඒ නිසා තමන් ජීවත් වෙන්න යන රටේ ස්වදේශිකයන්ගේ ගති පැවතුම්, ගුණාංග අරවා මේවා ගැන දැනගන්න එක වැදගත්.[/FONT]
[/FONT]
[FONT="]ඒ විතරක් නෙවෙයි, ඒ රටේ ඉතිහාසය, ඒ රටේ දේශපාලනයේ සුවිශේෂී සිදුවීම් ගැන එහෙමත් දැන කියාගන්න එක පාඩුවක් වෙන්නෙ නෑ. රස්සාවට යන්න ඕවා අහන්නෙ නැති වුනාට, පුරවැසිභාවය එහෙම ගන්න යන තැනකදී ඕවා ගැන එහෙමත් දන්නවද කියලා බලනවා.[/FONT]
[FONT="]දැන් ඔය මගුල් හොයාගන්නෙ කොහොමද කියලද හිතන්නේ? ඒකට තමයි අන්තර්ජාලේ තියෙන්නේ![/FONT]
5. ඉගෙනීමත් තියෙන්න ඕන බ්‍රෝ
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න මේක තව වැදගත් පොයින්ට් එකක්. සමහර වෙලාවට ලංකාවේ ඩිග්‍රියක් ගහපු මිනිස්සු වුනත් වෙන රටක ගිහින් තෙල් ගහනවා දැකල තියෙනවා කියල ඔය ගොඩක් දෙනෙක් කියනවා ඇහිල ඇතිනේ? මේක බොරු කතාවක්ම නෙවෙයි. සමහර වෙලාවට මේ රටේ අපිට තියෙන අධ්‍යාපන සුදුසුකම් වෙන රටක පිළිගැනෙන්නෙ නෑ. එතකොට ඒ රටේ පිළිගැනෙන විදියේ අධ්‍යාපන සුදුසුකම් ඇති කරගන්න ඕන. ඒකට කරන්න පුලුවන් හොඳම දෙයක් තමයි එක්කෝ ඒ රටේ තමන්ගේ ක්ෂේත්‍රයට ගැලපෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා බලලා ඒවා මෙහේ ඉඳන් ගොඩදාගන්න පුලුවන්ද කියලා බලන එක. එහෙම නැත්තං ඉතින් එහේ යන්න වෙනවා. එතකොට ඉතින් ගොඩක් වෙලාවට කරන්න වෙන්නේ වෙන පොඩි රස්සාවක් සෙට් කරගෙන ගිහිල්ලා ඒක කරන ගමන් ඉගෙන ගන්න එක තමයි. හැබැයි ඒකට යම් කිසි ප්‍රාග්ධනයක් ඕන වෙනවා. මේවා ඉතින් කල් යල් බලලා කරන්න වෙන දේවල්.[/FONT]
[/FONT]
6. අද හිතලා හෙට යන්න තියාගන්න එපා
[FONT="]
[/FONT]
[FONT="]අපේ ගොඩක් පිටරටකට ගිහින් ඉන්න ආසාවක් තියෙන අය කරන මොට්ට වැඩක් තමයි මේ. අදහස පහළ වුණු දවසේ ඉඳන් යන්න ට්‍රයි එක. එක්කෝ දන්න කියන එවුන් ඉන්නවද කියලා හොයයි, එහෙම නැත්තං ග්‍රීන් කාඩ් ලොතරැයි එනකල් බලාගෙන ඉඳී. හැබැයි මතක තියාගන්න ඕන මෙහෙම දෙයක්. වෙන රටකට සංක්‍රමණය වෙන්න හදන්නේ ස්ථිරවමනේ. එතකොට ඒකට සීරියස් වැඩ ටිකක් කරන්න වෙනවා. අර උඩ කියලා තියෙන විදියට. ඒවා දවසෙන් දෙකෙන් කරන්න බෑ. සමහර වෙලාවට අවුරුද්දක් දෙකක් යන්නත් පුලුවන්.[/FONT]
[/FONT]
[FONT="]අනික් කාරණාව තමයි වෙන රටකට සංක්‍රමණය වෙන එක ලේසි වැඩක් නෙවෙයි. මෙහේ තියෙන වැඩකටයුතු සෙට්ල් කරලා යන්න ඕන. ඒ නිසා කරදාසිය ලිපේ දැම්මා වගේ රට යන්න පුලුවන් කියලා හිතාගෙන ඒ චාන්ස් එක කටට වැටෙනකල් කට ඇරං ඉඳලා හරියන්නෙ නෑ. ඒකට කාලයක් මහන්සි වෙන්න ඕන. හොඳම දේ තමයි මේ කරුණු හැමදේම සලකා බලලා ටයිම් ෆ්‍රේම් එකක් තමන්ටම හදාගන්න එක. ඒ කියන්නේ තව අවුරුද්දකින් යනවා කියලා හිතලා ඒකට අවශ්‍ය කරන දේවල් හදාගන්න එක.[/FONT]
[FONT="]මෙතන මෙහෙම පොඩි කොස්සකුත් තියෙනවා. සමහර රටවල ඔය අවශ්‍යතාවයන් අවුරුදු කීපයක් යද්දී වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා අවුරුදු පහකින් රට යනවා වගේ සැලසුමක් වෙනුවට ඔය ටයිම් ෆ්‍රේම් එක පොඩ්ඩක් ප්‍රායෝගික වෙන්නත් ඕන.[/FONT]
7. උපදෙස් ගන්න තැන් තියෙනවා
[FONT="]
[/FONT]
[FONT="]දැන් මෙච්චර වෙලා මේ දේවල් හොයාබැලුවේ තනියෙන්මනේ. දැන් වෘත්තිමය උපදෙස් ගත්තට කමක් නෑ. කථා කරලා බලන්න විදේශ රැකියා නියුක්ති කාර්යාංශෙට. ඒ අයගෙන් අහලා බලන්න රට පටවන්න ඒ පැත්තෙන් තියෙන්න ඕන දේවල් මොනවද, ගෙවන්න ඕන දේවල් මොනවද වගේ කාරණා. ඇත්තටම පිටරටක සේවය කරන්න යන කෙනෙක් බියුරෝ එකේ ලියාපදිංචි වෙන්න ඕන. ගාණක් ගෙවන්න ඕන. ඉන් පස්සේ අවුරුදු පතාත් යම් ගාණක් ගෙවන්න ඕන. දැන් රස්සාවයි ඉන්න තැනයි ඔක්කොම හදාගෙන වීසාත් අරගෙන රට යන්න කියල ගියාට බෑ. බියුරෝ එකේ ලියාපදිංචි වෙලා නැත්තං, ඒ රටට යන්න බියුරෝ එකෙන් ඉල්ලන අවශ්‍යතා සම්පූර්ණ කරලා නැත්තං වීසා එකත් අරගෙන ආයෙමත් ගෙදර එන්න වෙනවා. රටින් පිටවෙන්න බැහැ. ඒ නිසා කලින්ම මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එක කෝකටත් හොඳයි.[/FONT]
[/FONT]
[FONT="]මීට අමතරව වෙනත් රටවලට සංක්‍රමණය වෙන්න උදවු කරන ඒජන්සි, ඒ ගැන උපදෙස් වෘත්තිමය වශයෙන් ලබාදෙන ඒජන්සි ලංකාවේ ඕන තරම් තියෙනවා. පොඩ්ඩක් අන්තර්ජාලේ කරක්ගහලා හොයාගන්න පුලුවන්. දැන් එතනින් හොඳ නමක් තියෙන විශ්වාසවන්ත තැනක් බලලා ගිහින් කතාවක් දාලා බැලුවට කමක් නෑ. සමහර වෙලාවට අමතරව මුදලක් වියදම් වුනත් මේ ඒජන්සියක් හරහා වඩා පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුලුවන්.
[/FONT]
[FONT="]මීට අමතරව තව හිතලා බලන්න දේවල් තියෙන්න පුලුවන්. හැබැයි එකක් ඔලුවේ තියාගන්න ඕන. තමන් මොන රටේ හිටියත් පිනට කන්න ගිහින් හරියන්නෙ නෑ. ඒ නිසා තමන්ට අවංකව ඒ රටේ ආර්ථිකයට දෙයක් දීලා තමන්ටත් දෙයක් කරගන්න පුලුවන් නම් තමයි එහෙම සංක්‍රමණය වෙන්න ඕන. අපි එහෙම කියන්නේ කොහොම හරි වෙන රටකට පැන ගෙන, ඉන් පස්සේ ලංකාවේ නමත් චාටර් වෙන විදියට කැත වැඩ කරන ශ්‍රී ලාංකිකයොත් ඕන තරම් ඉන්න නිසා.
[FONT="]so[FONT="]urce[/FONT][/FONT]
[/FONT]
[FONT="]so[FONT="]urce[/FONT][/FONT]
[/FONT]
Last edited: