ගයාන් කියල පොරක් කරන්නේ
ඉස්සරනම් ටිකක් හොඳට කළා. වෙබ් ඩිසයිනින් නම් මම දන්නේ නැහැ. මම C#, VB.NET නම් කළා දැන් සෑහෙන කාලෙකට කලින්.
ඊට පස්සේ මගේ යාලුවෙක් ගියා ඌට නම් හරියට කරලා නැහැ. සමහර වෙලාවට වෙන කොල්ලෙක් දාල උගන්නල තියෙන්නේ උන්ට. ගයාන් කියන එක්කෙනාම කරනවානම් එච්චර අවුලක් නැහැ. හැබැයි ගොඩාක් ඩීප් කියල දෙන්නෙත් නැහැ බං. ඒවා අපිම හොයාගන්න ඕනේ.
W3Schools වලින් ඉගෙන ගනිං. ඊට පස්සේ සයිට් හතරක් පහක් ආතල් එකට හදහන්. නෙට් එකේ තියෙන රිසෝසස් වලින් ගොඩ දම්මහැකි ඩිසයිනින් නම්. HTML, CSS හොඳට ප්‍රැක්ටිස් කරහන් Bootstrap වගේ ෆ්‍රේම්වර්ක් එකක් ඉගෙන ගනිං. ෆොටෝ ෂොප්, ඉලස්ට්‍රේටර් ඉගෙනගනින්.
ඩිවෙලොප්මන්ට් තමා ටිකක් අමාරු. ඩිසයිනින් ඉගෙන ගන්න අමාරු නැහැ.