වෙයිද බන් දුවන්නත්

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    වෙයිද බන් දුවන්නත්

    ජාතික ඇඳුමට
    හැඩ ද බන් මන්


    අංකල් කෙනෙක් වෙනුවට
    උඹේම මාමා කෙනෙක් වගේ
    පේනවා නොවෑ දැන්


    බලපං මගෙ රැවුල
    කරකවල ගත්තහම
    පැරණි සිංහලයෙක් වගේ පේනවද
    පුරුෂ ලක්ෂණ මතු වෙලාද
    දුටු ගැමුණු පරපුරේ
    මේ යුගේ උජාරුව
    දැන් දෝරෙ ගලනවාද


    කාලයට ගැලපෙන
    කියා පු ඇඳුම බං
    බැලූවහම සරම හරි සැහැල්ලූයි
    උඹත් ඇඳ බලහන්කො


    දුවන්න තමයි දැන් අමාරු
    වෙයිද බන් දුවන්නත්


    (හෙට අනිද්දා තිබෙන මැතිවරණයට ලක ලෑස්ති වන දේශපාලනඥයෙකු සහ ඔහුගේ ගෝලයෙකු අතර වූ සංවාදයක් අනුසාරයෙනි)