වෙලාව කීයද?

chinsara

Member
Mar 3, 2012
562
137
0
තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?
මහල්ලා : කොහෙත්ම බෑ.
තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?
මහල්ලා : ඔව්, අනිවාර්‍යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.
තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?
මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්.
තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට.
මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්.
තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්.
මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි.
තරුණයා : ඔව් ඔබ හරි.
මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්‍රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි.
තරුණයා : (සිනාසෙයි)
මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි.
තරුණයා : ඔව් ඔබ හරියටම හරි.
මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ.:lol::lol::lol::lol::lol:
 

diu

Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    funny_animated_picture_18.gif
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    "අනේ නාකි‍යෝ තොගේ වෙලාව තෝම ති‍යාගනින් දුවත් එක්කම. මට පට්ට කෑල්ලක් ඉන්නවා...":baffled::baffled::baffled:.....ela post 1 ban