වෙළෙඳ ත්‍රස්‌තවාදය අවසන්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වෙළෙඳ ත්‍රස්‌තවාදය අවසන්

වෙළෙඳ ත්‍රස්‌තවාදය අවසන් කිරීමට පිහිටු වූ සොරබොර ටැම් ලිපිය

ශ්‍රී ලංකාවේ ස්‌වර්ණමය රාජ්‍ය පාලන සමය අනුරාධපුර යුගය ලෙසට සැලකෙයි. නමුත් මේ යුගයේදී වරින් වර ඇති වූ විදේශ ආක්‍රමණ හේතුවෙන් රටේ අඛණ්‌ඩව පැවැති ආගමික සංස්‌කෘතික සහ ආර්ථික ව්‍යqහයන්ට හානි පැමිණුනි.

සයවන ශත වර්ෂයේදී මාන කුමරු නොහොත් මානවම්ම රජු බලයට පත් වන්නේ රටට එරෙහි සියලු සතුරු බලවේග මර්දනය කරමිනි. දෙවැනි කාශ්‍යප රජුගේ පුත්‍රයා වූ මාන කුමරු සතුරු උවදුරු නිසා ඉන්දියාවේ පල්ලව දේශයට පැන ගොස්‌ එහි රජු වන පළමුවැනි නරසිංහ වර්මන් රජුට සේවය කොට සේනා බලයෙන් සහ ආයුධ බලයෙන් ශක්‌තිමත්ව ලංකාවට පැමිණ ද්‍රවිඩයන් පරාජය කර ක්‍රි.ව. 691 දී අනුරාධපුරයේ රජවූ බව සඳහන්ය.

මේ මානවම්ම රජ පෙළපත පස්‌වැනි මහින්ද දක්‌වා අඛණ්‌ඩව වසර තුන්සිය හතළිස්‌ හයක්‌ රට පාලනය කර ඇත. වර්මන් පල්ලව අභිධානය මේ පෙළපතේ අය භාවිත කර ඇත්තේ එහි පළමුවැනියා වූ මාන කුමරු පමණි. අනෙක්‌ රජවරු ලංකාවට අනන්‍ය වූ අභිධානයන් භාවිත කර ඇති බව පෙනේ.
පස්‌වැනි කාශ්‍යප රජුගේ අනුරාධපුර පවුරු ලිපිය පස්‌වැනි දප්පුල රජුගේ කතරගම පුවරු ලිපිය තුන්වැනි උදය රජුගේ සොරබොර ලිපිය ආදී ලිපිවල සඳහන් පරිදි මෙම පරපුර ඔතාවස්‌ බවද ගෝත්‍ර නාමය තලාවික්‌ (ටිකා) බවද පෙනේ.

මෙම පෙළපතේ පාලන කාලය පෙර සඳහන් කළ පරිදිම අතිශයින් සංකීර්ණ වූ සතුරු ආක්‍රමණයන් බහුල කාලයෙකි. නමුත් මානවම්ම රජුගේ කාලයේ ඇති කළ ශක්‌තිමත් අඩිතාලම නිසා රට ස්‌වාධීනව පැවතුණු ආකාරය තේරුම් ගත හැකිය. එහෙත් රජ පවුල තුළ වූ අභ්‍යන්තර අරගල නිසා අනුරාධපුරයත් රෝහණයත් අතර බලය දෝලනය වෙමින් රාජ්‍ය පාලනය සිදුවූ බව පෙනේ. ලංකාව ද්‍රවිඩ බලයට යටත්ව පැවතුණු බොහෝ වකවානුව වල දක්‌නට ලැබෙන එක්‌ වෙනසක්‌ නම් රටේ ආර්ථිකය කඩා වැටීමයි. ජාතික ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා පවත්වා ගෙන යමින් තිබූ ඇතැම් ආයතන ව්‍යqහයන් අර්බුදයට පත්වූ අවස්‌ථා මේ යුගයේදී කැපී පෙනේ. නමුත් රට ස්‌වාධීනත්වය කරා නැවත පැමිණුනද එම අර්බුදයෙන් නිසි පරිදි හඳුනාගෙන ඒවාට අවශ්‍ය නිසි විසඳුම් නොයෙදීම නිසා රටේ ඉදිරි ගමනට බාධා පැමිණි අවස්‌ථාවන්ද තිබිණි. උතුරු දඹදිව සූර්ය වංශයේ මහා සම්මත රන් පෙළපත විජය රජුගෙන් පසු ලංකාවේ පාලන බලයෙහි රැඳී සිටියහ. එයට ප්‍රථම ලංකාවේ ගම් දනව් වල පාලන බලය නිත්‍ය ගෝත්‍රිකයන් අත පැවැති බව සත්‍යයෙකි. එයට අමතරව මුහුදු නාවික බලයේ රැහැන නාග ගෝත්‍රිකයන් අත පැවතුණි.

මයියංගනයේ සොර බොර වැවක්‌ පිහිටි ප්‍රදේශයද මෙලෙස යක්‌ ගෝත්‍රිකයන්ගේ වාස භූමියෙන් නොහොත් පදියමක්‌ ලෙස පැවැති බව ඉතිහාස ගත තොරතුරු අනුවත් ජනප්‍රවාද ගත තොරතුරු අනුවත් පැහැදිලි වේ. සොරබොර වැව ටැම් ලිපිය නොහොත් බදුලු කච්ෙච්රි ලිපියේ මෙය සඳහන් වන්නේ හෝපිටුගමු පදියෑ යනුවෙනි. වත්මන් සිංහල භාෂාවෙන් හෝ ඉන්දීය ආර්ය භාෂාවලින් හෝ මේ පදය අර්ථ දක්‌වන්නට උත්සාහ දරා ඇතද එය සාර්ථක වී නැත. එහිදී පදිය අර්ථ ගන්වා තිබෙනෙaන් වෙළෙඳ පොළ, කඩ මණ්‌ඩිය, වනික්‌ පථ ආදී වශයෙනි. නමුත් සෙල්ලිපි පාඨය සඳහන්ව තිබෙන්නේ හොපිරිගම පදියෑ වැ පාරයන් යනුවෙනි.

හෝපිටිගමු වෙළෙඳ නගරය යන අර්ථය මෙහි ගැබ් වන බව විවරණයන්හි සඳහන්ය. නමුත් පැරැණි යක්‌ ගෝත්‍රික භාෂාවේ "පදියම" යන වදන සඳහන්ව තිබෙන්නේ සේවා සපයන ගම් යන අර්ථයෙනි. ඒ අනුව වෙළෙඳ කටයුතු සඳහා වෙන්වුණු ගම හෝපිටිගමු පදිය විය හැකිය. නුවරඑළි දිස්‌ත්‍රික්‌කයේ පදියපැලැල්ල යන නාමයද විග්‍රහ කරගත් විට මේ අර්ථය ලබාගත හැකි යෑයි සිතමි.

බදුලු ටැම් ලිපියට අනුව සිරි සඟබෝ උදය (තෙවැනි උදය) රජුගේ කාලයේදී හෝපිටිගමු වෙළෙඳ පොළ අර්බුදයට පත්ව තිබූ ආයතනයකි. පදි ලද්දන් නොහොත් වෙළෙඳ පොළ භාරව සිටි නිලධාරීන්ගේ සහ වෙළෙඳුන්ගේ අයුතු ක්‍රියා නිසා ගම්වැසියෝ පීඩාවට පත්වී සිටියහ. මේ වෙළෙඳ ගම පාලනය කිරීමට පෙර සිරිතක්‌ පනවා දී තිබූ බව සෙල් ලිපියෙන් පැහැදිලිය. ඒ සතර වැනි කාශ්‍යප රජු කාලයේ පණවන ලද ව්‍යවස්‌ථාවකි.

මේ ව්‍යවස්‌ථාව කඩ කොට වෙළෙඳ පොළ මගින් අයුතු ලාභ අනේකාර ලබා ගැනීම ගැන මයියංගන විහාරයට පැමිණි රජුට වැසියෝ පැමිණිලි කර සිටියහ. එය සෙල්ලිපි පාඨයේ සඳහන්ව තිබෙන්නේ ව්‍යවස්‌ථා ඉක්‌මා අන්නෑයෙන් දඩ ගත්හ. නොසිරිත් පාඩුරු ගත්හ යනුවෙනි.
රජු තම ලේකම් තැන මගින් පෙර සිරිත ආදර්ශයට ගෙන කරවූ නව ව්‍යවස්‌ථාව සොරබොර ටැම් ලිපිය යනුවෙන් හැඳින්වේ.

මෙහි සඳහන් වැදගත්ම කාරණය නම් රජු තම ආඥව ප්‍රකාශයට පත් කළ පසු වෙළෙඳපොළ ලබාගත් නිලධාරීන් වෙළෙඳ සංස්‌ථාවේ සාමාජිකයන්, ගමේ වැඩිහිටියන්, එක්‌ව කතිකා කොට පෙර සිරිත විවරණය කොට නව ව්‍යවස්‌ථාව පැණවීමට උත්සාහ කරලීමයි. මෙම ක්‍රමය ජන සම්මතවාදී ලක්‍ෂණයෙකි. නූතන සමුපකාර ක්‍රමයේ මූල ධර්මයන්ද එහි ගැබ්ව පවතී. අවනීති සමයේ නොහොත් රට පරාධීන වන විට මේ ජන සම්මත ක්‍රමයන්ට පැවතීමට නොහැකිය.

හෝපිටිගමු වෙළෙඳපොළ හා ගම එදා පීඩාවට පත්ව තිබුණේ බලහත්කාරයෙන් අය බදු ගැනීම, ගෙහිමියා වෙනුවට අඹුදරුවන් අත්අඩංගුවට ගැනීම බඩු රැගෙන පැමිණි තවලම් ගොනුන් පැහැර ගැනීම, වෙළෙඳ පොළට ගෙනෙන බඩු වළක්‌වා පෙරමඟට ගොස්‌ ගැනීම රජයේ බදු මනින ලාස්‌ වලින් නොමැන වෙනත් ලාස්‌ වලින් මැනීම. මුද්‍රd නොතැබූ තරාදි වලින් බර කිරීම ආදී අයථා වෙළෙඳ කටයුතු කිරීමෙනි.

මේ අවනීති හැරුණු කොට වෙළෙ¹ම් නොකළ යුතු තැන් වල හිඳ බඩු විකිණීම බදු පැහැර හැරීමට නිල නොලත් තැන්වල හිඳ විකිණීම, බුලත් පුවක්‌ වැනි දේ නුසුදුසු තැන්වලදී විකිණීම ආදී අවස්‌ථාවන්ද දක්‌නට ලැබුණු බව කිව යුතුය.

මේ වෙළෙඳපොළ පිහිටි ගම පෙර සඳහන් කළ පරිදිම පදියමක්‌ නොහෙත් පදියක්‌ විය. ඒ අර්ථයෙන් ගත් කල එය අයත් ගෝත්‍රිකයන් වාසය කළ ගමකි. එවැනි ස්‌ථාන අන් ස්‌ථාන වලට වඩා පීඩාවට පත් කිරීමට නිලධාරී පෙළඹී සිටි බව පැහැදිලිය. පෙර සිරිත අනුව විසිපහක පඬුරු ගත යුතු නැත. පන්සීයක්‌ පඬුරු ගැනීමද විහාරස්‌ථානයට අයත් කැලෑවලද ලී දඬු කැපීමද ගමේ තිබෙන රා, මස්‌, කිරි ගිතෙල් පැහැර ගැනීමද නිසා ගමේ විශාල අසහනකාරීත්වයක්‌ පැන නැඟී තිබූ බව පෙනේ.

මේ තත්ත්වය මෙසේ තිබියදී මාතොට වරායෙන් ගොඩ බට දෙමළ වෙළෙන්දන්ද ඔවුන්ගේ නිලධරයන්ද මේ ගම්වලට පැමිණ කරදර කිරීමද මේ අසහනයට බලවත් හේතුවක්‌ විය.

අසල්වාසි රට වන ඉන්දියාවෙන් එන මේ බලපෑම එදත් මහ ඉහළින් තිබූ බව මේ ලිපියෙන් පැහැදිලිය. නමුත් රජු යම්කිසි ස්‌වාධීනතාවකට පත්ව සිටි බැවින් එවැනි විදේශ ආධිපත්‍යයකට එරෙහිව සෘජුව කටයුතු කළේය. මේ දෙමළ නිලධාරීන්ට ගම් වදින්නට ඉඩ නොදිය යුතු යෑයිද මාතොටින් තෙරපීම කළ යුතු යෑයිද සෙල් ලිපියේ ලියා තැබුණේ එහෙයිනි.

යම්කිසි ආකාරයකින් මේ ව්‍යවස්‌ථා ඉක්‌මවා නව නිලධාරීන් කටයුතු කළ හොත් රාජ සභාවේ ඉහළතැන් දක්‌වා පැමිණිලි කළ යුතු යෑයිද මෙහි ලියා ඇත. කලින්නරා උදය, මන්තිලා සේන, මනිතිලා තාරුම, නුඹලා ගල වැමිණි, ගොලගමු නිලා දෙවල ආදී නිලධාරීන් මේ ලිපිය නොහොත් සම්මත සම්මත තම්බවන්නට පැමිණ ඇත. ඒ මගින් හෝපිටිගම පදිකයේ පැවැති වෙළෙඳ හා නිලධාරී ත්‍රස්‌තවාදය අවසන් කොට සමුපකාර ක්‍රමය නැවත යාවත්කාලීන කොට ඇත.

මහජනතාව පීඩාවට පත්වූ අවස්‌ථාවලදී රජය නිවැරැදිව ක්‍රියා කළ ආකාරය මේ ලිපියෙන් පැහැදිලි වේ. එහිදී පෙර සිරිත පිළිබඳ මහ ඉහළින් තක්‌සේරු කොට වර්තමානයට ගැලපෙන නව නීති සම්පාදනය වූ බවද පෙනේ. මේ තත්ත්වය වෙන කවරදාටවත් වඩා වර්තමානයට ආදර්ශ ගත හැකි සිදුවීමක්‌ බව පෙන්වා දිය යුතුය.