ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    දෙවන විමලධර්මසුරිය රජු මියගිය කල්හි වැඩි කාලයක් දුම්බර කුණ්ඩසාලේ වාසය කළ බැවින් කුණ්ඩසාලේ කුමාරයා යයි ප්‍රචලිතව සිටි රජුගේ 17 හැවිරිදි පුත් කුමාරයා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජ විය.ඔහුගේ බිසව ද නායක්කාර් කුමරියක වූ අතර ඇය උඩුමාලේ දේවී නම් විය.නරේන්ද්‍රසිංහ රජු රජවිම පිලිබඳව සෑහෙන රදල පිරිසක් නොසතුටෙන් සිටි අතර ඔවුන්ගේ අභිලාෂය වූයේ දෙවන විමලධර්මසූරිය රජුගේ යකඩ දොළියක්ගේ (දෙවන බිසව) පුත් පට්ටියේ බණ්ඩාර නැමැත්තා රජ කරවීමයි.

    එම අදහස මුදුන්පත් කරගැනීම සඳහා මාතලේ,සතර කෝරළේ,ඌවේ,සත් කෝරළයේ, ආදී දිසාවේවරුන් ඇතුළු උසස් නිලධාරීන් 120 දෙනෙකු පමණ එක්වී කැරැල්ලක් ගැසූහ.ඔවුන්ගේ සැලැස්ම වූයේ මහ මළුවේ ඇත් පොරයක් සංවිධානය කොට රජු එය නැරඹීමට එනවිට මරා දැමීමය.එසේ වුව මහවාසල නිලධාරීහු කල්තියාම ඒ පිළිබඳව දැන රජුට දැන්වූහ.

    උඩවත්ත කැලය මැදින් වටපුළුවට ගොස් මහවැලි ගඟින් එතෙරව පොද්දල්ගොඩ ගල් ලෙනක සැඟවී ජීවිතය ගලවා ගත් රජු පසුව තමාට හිතවත් මොණරවිල දිසාව,හිඳගල අදිකාරම,හුලංගමුවේ මොහොට්ටාල,මාම්පිටියේ බත්තරාළ,දස්කොන් රාළ ආදීන්ගේ සහායෙන් කැරැල්ල මැඬ පැවැත්තුවේ බණ්ඩාර ඇතුළු කැරලිකරුවන් මරා දමා ඔවුන් සතුව තිබූ පදවි හා ගම්බිම් රාජ පක්ෂිකයින් අතර බෙදා දුන්නේය.

    රජුගේ ජීවිතය ගලවා ගැනීමට සහාය වූවන් අතර ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි ජාතික මවකට උපන් දස්කොන් නැමැත්තෙකු විය.ඔහු කුඩා කල සිටම රජුගේ මිතුරෙකු වූ අතර කැරැල්ලෙන් අනතුරුව ඔහු අදිකාරම් ධූරයට පත් කරන ලදී.එසේ වුව රජ බිසව සමඟ ඇති කරගත් අනියම් සබදතාවයක් හේතුවෙන් රජු ඔහු හිස ගසා මරා දැම්ම බව සඳහන් වේ.

    රජු නායක්කාර් වංශිකයින් හා ළඟින් ඇසුරු කිරීම,සිංහල ප්‍රධානීන් කුමන්ත්‍රණය කිරීමට හේතුව වශයෙන් සැලකිය හැකිය.රජු තම බිසව වශයෙන් ගෙන්වා ගත් නායක්කාර් වංහික කුමරිය සමඟ පැමිණි ඇයගේ නෑදෑයින් මෙන්ම මිට ඉහත රජවරුන්ගේ නායක්කාර් වංශික බිසෝවරුන්ද නැදෑයින්ද මේ වන විට අඩරට රජ වාසල තුළ ප්‍රබල තත්ත්වයක් හිමිකරගෙන සිටියහ.තමන් සූරිය වංශිකයින් ලෙසින් හදුන්වා ගත් ඔවුහු සිංහලයින් හා ආවාහ විවාහවලටද සම්බන්ධ නොවී ඔවුන් සදහා වෙන්වු විධියක අහංකාර අයුරින් වෙනමම ජීවත් වූහ.එවුන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් සිංහලයින් සතුව තිබූ බලතල අඩුවී සිංහලයින් රජු හා විරසක වු බව පෙනේ.

    කුමන්ත්‍රනයෙන් පසුව රජු වඩ වඩාත් තම නායක්කාර් වංශික ඥාතින් හා සබඳතා පැවැත්වූවා පමණක් නොව සමහර කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රෙද්හවල මිෂනාරි කටයුතුවල යෙදිමටද ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නේය.මෙවැනි හේතුන් මත සිංහල ප්‍රධානීන්ද,මහජනතාවද රජු හා තව තවත් විරසක වන්නට වූහ.ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ පාලන සමය තුළ කැපි පෙනෙන අයුරින් දැකිය හැකි දෙයක් වුයේ රාජ සභාව තුළ රජුට පක්ෂ හා විපක්ෂ වශයෙන් කොටස් දෙකක් බිහිවීමය.මේ සියලු කාරණා අඩරට රාජ්‍යෙය් පැවැත්ම දෙදරා යාමට හේතු වූවා මෙන්ම කනගාටුවටද කාරණයකි.

    දෙවන විමලධර්මසූරිය රජුගේ පාලනයේ අවසන් සමයේදී උඩරට රජුගේ විදේහ වෙළඳ සබඳතාවලට අවහිර කිරීම සඳහා ලන්දේසීන් විසින් වසා දමන ලද වරායවල් යළි විවෘත කර ගැනීමට නරේන්ද්‍රසිංහ රජු අත්සාහ ගත්තද සඵල වූයේ නැත.රජු එයටබල කිරීමක් වශයෙන් උඩරට හා පහතරට දේහ සීමාවන්හි තිබු කඩවත් වසා දැමුවේය.එසේ වුව එයින්ද රජු බලාපොරොත්තු වූ දෙය ඉඩු වූයේ නැත.

    රජුගේ ඊළඟ ක්‍රියාදාමය වූයේ ලන්දේසීන්ට එරෙහිව පහතරට කුරුදු තලන්නන් ලවා කැරලි ගැස්සවීමය.එසේ වුව ලන්දේසීන් ඒවා මැඩ කුරුදු තලන්නන්ගේ ඉල්ලීම ද ඉටුකලෙන් රජුගේ එම ප්‍රයන්තය ද බිද වැටුණි.ක්‍රි.ව.1739 දී ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මියගිය අතර කොනප්පු බණ්ඩාරගෙන් ඇරඹි උඩරට සිංහල රාජවංශයෙහි නිමාවද එයින්ම සනිටුහන් විය.

    Copied yasiruudana.wordpress.com
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    රජුගේ ජීවිතය ගලවා ගැනීමට සහාය වූවන් අතර ප්‍රංශ ජාතික පියෙකුට දාව පෘතුගීසි ජාතික මවකට උපන් දස්කොන් නැමැත්තෙකු විය.ඔහු කුඩා කල සිටම රජුගේ මිතුරෙකු වූ අතර කැරැල්ලෙන් අනතුරුව ඔහු අදිකාරම් ධූරයට පත් කරන ලදී.එසේ වුව රජ බිසව සමඟ ඇති කරගත් අනියම් සබදතාවයක් හේතුවෙන් රජු ඔහු හිස ගසා මරා දැම්ම බව සඳහන් වේ.
    මූ ලස්සන හැන්ඩි පොරක් වෙන්න ඇති.
    ''දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් නොයෙනා ගමනකි යන්නෙ... එනමුත් ලඳුනේ මතුඅත් භවයේ ඔබ මා යලි හමුවන්නේ''
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ වගේ ජනකතා තියෙන පොතක් මම කියෙව්වා පැටිකාලේ.

    'මගදිගට ජනකතා' කියල.

    මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ

    10067520-1.jpg