වේදනාවට මුල...
හැම වරදකටම, හැම වේදනාවකටම මුල මගේ සිතේ පවතින උපාදානය. මා සිතින් අල්ලගෙන ඉන්න තාක් මට පූර්ණ සැනසීමක් ලබන්න බැහැ. එකින් එක, කුඩා කුඩා හේතු, හරි වැරදි දෑ විශාල ප්‍රමාණයක් තිබෙනවා දුකට, වේදනාවට මූලික වුණු.. නමුත් එකම විශාල, ප්‍රබල හේතුවක්, එකම මූලයක් පේනවා.
එය නම්, මේ බැඳීම, අල්ලාගැනීම. මගේ සිතේ පවතින උපාදානය...!!!!
බාහිර රූපත් අල්ලගෙන, බාහිර වචන, ක්‍රියා අල්ලාගෙන. ඒවා අනුව මගේ මනස සෙලවෙනවා. ඒවගේ ක්‍රියාවලින් මත මගේ ජිවිතේ සතුට රඳා පවතිනවා.
මේක නෙවෙයි බුදු හාමුදුරුවෝ දේශනා කරපු මාර්ගය. පියාගේ ක්ෂේත්රයෙන් ඉවතට ගිය විගස මම බලාපොරොත්තු විය යුතුයි දුක, භිය..
බලාපොරොත්තුව සිත දුකට පත්කරනවා. භීතියකට පත් කරනවා. ඒ බලාපොරොත්තුවේ පවතින අනපේක්ෂිත බාවය මත මගේ සිතේ සතුටත් අනපේක්ෂිතයි. ඉටු වුණොත් සතුට. කඩ වුණොත් දුක. දිනුවොත් සතුට, පැරදුණොත් දුක. හැමදේම හොඳට වුණොත් වාසනාව, ලැබීම. නරක් වූ විට අවාසනාව, නොලැබීම.
මේ සැම දෙයකින්ම නිදහස් වූ සිතක් නම්, ඒ සිතේ දුක් නැහැ. අහිමිවීම් නැහැ. සැමදෙයක් කෙරෙහිම මැදහත්. නිරාමිස සුවය, ප්‍රීතිය රැඳෙනව. කවුරු මතවත් ,මොනයම් දෙයක් මතවත් නෙවෙයි ඒ සිතේ සතුට රඳා පවතින්නේ. උපාදානයෙන් නිදහස් වෙච්ච අතහැරීම මත.
කුමක් වූවත් එය භාරගැනීමට සූදානම්.. ලැබීම්, නොලැබීම් සියල්ල කෙරෙහි මැදහත්. හිමි, අහිමිවීම් කෙරෙහි මැදහත්..ඒ සිත සැමදාම නිදහස්. සුවදායකයි..
කොතනකවත් අල්ලාගැනීමක් නෑ. බාහිර රූපයක් අල්ලාගෙන නෑ. තමන්ගේ රූපය අල්ලාගෙන නෑ. අනුන්ගේ වචන අල්ලාගෙන නෑ. අල්ලාගන්නෙත් නෑ. කවුරු, කුමක් කීවත් ඒවා හුදෙක් අනිත්‍ය වෙලා යන වදන් පමණයි. එය අල්ලාගත්තොත්, සිතින් උපාදාන කළොත් විතරයි සිතට බලපෑමක් කළ හැකි. නැත්නම් ඒ වචන උඩු සුළඟට එකතු වුණු වටිනාකමක් නැති දෙයක් පමණයි. ඒ කෙරෙහි ඇලීමක් ගැටීමක් නැහැ. මේ ලෝකේ පවතින, සජීවී, අජීවි, තමාගේ , අනුන්ගේ ආදී සියළුම සංස්කාර කෙරෙහි වටිනාකමක් දී ඇත්තේ මාගේ සිතින් පමණයි. මගේ සිතින් ඒ සෑම දෙයක් කෙරෙහිම දී ඇති වටිනාකම් තීරණය වන්නේ, මගේ සිතින් ඒවා මැන බලන, සසඳන ආකාරය මත.
මේ මැන බැලීම්, සැසඳීම් යම් දිනක නිමා වූවා නම්, කිසිවක් මගේ සිතට වටින්නේ නෑ. ඒ කිසිවකින් මගේ සිතට අල්ප මාත්‍රයක බලපෑමක් ඇති කරන්නට සමත් වන්නේ නෑ. ඒවා නිවැරදි වූවත්, වැරදි වූවත්, සාධාරණ වූවත්, අසාධාරණ වූවත්, සියල්ලම මා භාරගන්නව. කිසිවක් කෙරෙහි ඇලෙන්නේත් නෑ, ගැටෙන්නේත් නෑ. සිත සුවදායකයි. සිත නිවීමක පවතින්නේ. කිසිවකින් එය ඇවිස්සෙන්නේ නෑ. කිසිම බාහිර සංස්කාර ධර්මයකට එය වෙනස් කරන්න බෑ.
සියළු සිතිවිලි ධර්ම සමාහිතයි. උපාදානයෙන් මිදුණු තැන ශාන්තයි. සමාහිතයි. ප්‍රීතිමත්. නිර්භයයි. ප්‍රභාශ්වරයි.
අල්ලාගැනීම භයානකයි. දුක් සහිතයි. බුදුන් දෙසූ මාර්ගයට පටහැණියි. කෙදිනකවත් සතුටක් සැනසීමක් ලබන්නට බැහැ. එයයි සියළුම පෘථග්ජන සත්වයෝ යන මාර්ගය. එයයි දුකේ මාර්ගය.දුකේ මූලය. එය කෙලෙස් මඩ වගුරක්.යළි යළි එහිම එරෙමින්, ගිලෙමින්, කිසිදා නොනිමෙන් භව ගින්දරක වැටෙන තෝතැන්නක්..
යළි යළි භවයම සකස් කරන, යළි යළි සතර අපා ආදී අති මහත් වූ දුකටම ඇඳ දමන ඇවිළෙමින් පවතින ගින්නක්. නොනිමෙන ගින්නක්. ඇවිලෙමින් යන ගින්නක්. "උපාදාන පච්චයා භවෝ"
කෙදිනකවත් විසඳුමක්, අවසානයක්, කෙළවරක් නොමැති යළි යළි උපතවල්ම සකස් කරන අති භයානක වූ දුක්ඛ මූලයක්. දුක්ඛ සමුදයක්..!!!
සියළු උපාදානයන්ගේන් මිඳුණු තැනයි බුදු හිමියන් දේශනා කළ තැන. එතනයි පියාගේ ක්ෂේත්රය. එයයි ආරක්ෂිත ක්ෂේම භූමිය.එයයි මාරයාගෙන් මිදුණු තැන. එයයි සිසිල් සීත ජලාශය.
එයයි සදාතනික උත්තරීතර පූජා භූමිය මනසින් ස්පර්ශ කළ හැකි..!!!
~~~ අමා සුව ~~~
Facebook

Amasuwa - අමා සුව
Path to Nirvana
තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!
Path to Nirvana
තෙරුවන් සරණයි...!!!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!!!!
Last edited: