වේයන්ගොඩ සමීර Original 12 Photo අමාරු අය බලන එපා

Shelphy

Member
Mar 19, 2012
120
3
0
මේවගේ දේවල් දාන්න එපා.මේ අයියා මගේ ඥාතියෙක්.අපිට හුඟක් හිතට අමාරුයි මේවා මෙහම දානකොට.

Machanla , Meka Ain karanna . Meka me Nathi wechcha Sameerata honda nae ,,,,,, Please remove this.
 
Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මචෝ පුලුවන්නම් මේක අයින් කරහන් ...
    මේ මගේ හොදම යාලුවෙක්.මැරිච්ච සමීරට ගරු කිරීමක් වශයෙන් මේ ටික අයින් කලොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ .පෙළක් අය මේ චයරුප හොයනවාත් ඇති .එත් මේ photos එයාගේ යාලුවෝ .නෑදෑයෝ , දකින වාරයක් ගානේ කොච්චර දුක් වෙනවද ?ටිකක් හිතපන් ඇග වෙන් වෙලත් හිත හයියෙන් කතා කරපු මේ කොල්ලට ගරු කලොත් හොදයි නේද කියලා.

    පුලුවන්නම් මේ ජිවිතේ නැති වෙන්න කටයුතු කරපු උන්ට විරුද්දව නැගී සිටින්න කටයුතු කරන්න .

    සමීර සොහොයුරණනි ඔබට නිවන් සුව !!!!!!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,069
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මචෝ පුලුවන්නම් මේක අයින් කරහන් ...
    මේ මගේ හොදම යාලුවෙක්.මැරිච්ච සමීරට ගරු කිරීමක් වශයෙන් මේ ටික අයින් කලොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ .පෙළක් අය මේ චයරුප හොයනවාත් ඇති .එත් මේ photos එයාගේ යාලුවෝ .නෑදෑයෝ , දකින වාරයක් ගානේ කොච්චර දුක් වෙනවද ?ටිකක් හිතපන් ඇග වෙන් වෙලත් හිත හයියෙන් කතා කරපු මේ කොල්ලට ගරු කලොත් හොදයි නේද කියලා.

    පුලුවන්නම් මේ ජිවිතේ නැති වෙන්න කටයුතු කරපු උන්ට විරුද්දව නැගී සිටින්න කටයුතු කරන්න .

    සමීර සොහොයුරණනි ඔබට නිවන් සුව !!!!!!
    Machan foot board eka kadan watila una deyak da meka?,apith kandy indan badullata foot board eke ellila trip giya un eth khoma watunada,watunath mehema ahu une khomada keyala hithaganna ba!:(
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    Machan foot board eka kadan watila una deyak da meka?,apith kandy indan badullata foot board eke ellila trip giya un eth khoma watunada,watunath mehema ahu une khomada keyala hithaganna ba!:(

    meka kiyawapan machooo.ubatama tharei.mekata CGR 1ka wagakiyanna one.
    අනේ ඩොක්‌ටර් අම්මට දැන්ම කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරුව මැරෙයි. වේයන්ගොඩදී දුම්රියෙන් වැටී බරපතළ ලෙස තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයා එලෙස ඉල්ලා සිටිද්දී රෝහල් වෛද්‍යවරුන්ගේ මෙන්ම රෝහල් කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාගේ නෙතට නැගී තිබූ කඳුළු දෙකොපුල් දිගේ ගලා යන්නට පටන් ගත්තේය. පෙරේදා (17 වැනිදා) සවස 3.30 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ මෙම තරුණයා නමින් සමීර ප්‍රසාද් අසුරමාන්නය. වයස අවුරුදු විසිඑකකි. වේයන්ගොඩ එළුවාපිටිය අංක 326/1 පදිංචිව සිටි මොහුට වෛද්‍ය සහෝදරියකද සිටින බව ඔහු කියා ඇත.
    උදරයෙන් පහළ කොටස දුම්රියට හසුවී ගැලවී ගොස්‌ තිබියදී තරුණයා සාමාන්‍ය පරිදි කතා කරමින් කළ කී දැ රෝහල් කාර්ය මණ්‌ඩලය පවා සසල කළේය. දුම්රියට හසුවූ පසු ඔහු ළඟට පැමිණි අයකුගෙන් ඇසුවේ “කෝ මල්ලි මගේ කකුල් දෙක” කියාය. පසුව රෝහලට ගෙන ගොස්‌ ඇත. තව කියවන්න »

    “අනේ ඩොක්‌ටර් මට පොඩි උදව් දෙකක්‌ කරන්න.”
    “මොකක්‌ද ඕනේ උදව්ව”
    “මගෙ කොන්ද රිදෙනවා. ඉන්ජෙක්‌ෂන් එකක්‌ ගහලා ඒ වේදනාව නතර කරන්න. තිබහයි උගුර ගිලෙන්න වගේ. වතුර ටිකක්‌ දෙන්න.” ඒ තරුණයා එසේ ඉල්ලීය.
    විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතා ද පැමිණ රෝගියා පරීක්‍ෂා කර ඒ මොහොතේ රෝගියා බාරව සිටි වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාට ඉංග්‍රිසියෙන් කළ උපදෙස්‌ ද රෝගියා අසා සිටියේය.
    “අනේ මගෙ කන්දෙකට පුළුන් කෑලි දෙකක්‌ ඔබන්න. මම දන්නවා. මම ජීවත් වෙන්නේ නෑ. ඒ නිසා මාව ජීවත් කරවන්න උත්සාහ ගන්න එපා. කියා ආයාචනා කරන්නට විය.
    ඒ අසල සිටි තරුණ වෛද්‍යවරිය දෙස බලා තරුණයා ඇසුවේ “කකුල් දෙක නැති කෙනෙක්‌ව බඳින්න ඩොක්‌ටර් වුණත් කැමති නෑ නේදැයි” කියාය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන්ම වෙන්ව තිබියදී ඒ වේදනාවද යටපත් කරගෙන මේ තරුණයා කතා කරන දේවල් රෝහල් කාර්ය මණ්‌ඩලයට අසන්නට සිදුවූයේ කඳුළු කැට තුළිණි.
    සිද්ධිය දුටුවන් පොලිසියට කියා ඇත්තේ අනතුරෙන් පසු සෑහෙන වේලාවක්‌ ඔහු අනතුර වූ ස්‌ථානයේ සිටි බවය.
    “මම හිතාමතා දුම්රියට පැන්නේ නෑ එහෙම පැනලා මැරෙන්න මට ප්‍රශ්නයක්‌ ඇත්තෙත් නෑ. මට දැනුනේ දුම්රියේ පඩිය (Footboard) එක කඩාගෙන වැටුණා. වගෙයි. “අනේ ඩොක්‌ටර්… මගෙ පර්ස්‌ එකේ අයිඩෙන්ටිටිය තියෙනවා. දැන්ම නම් අම්මට කියන්න එපා. මට දැන් ජීවත්වෙන්න ඕනෙ නෑ.” මේ තරුණයා එසේ කියා මහ හයියෙන් හුස්‌ම ගන්නට පටන් ගත්තේ විනාඩි හතළිහක පමණ කාලයක්‌ රෝහලේ වෛද්‍යවරුන් හා කාර්ය මණ්‌ඩලය සමග එලෙස කතා කළ පසුවය.
    මේ තරුණයා උගත්, බුද්ධිමත් අයෙක්‌ වන්නට ඇතැයි රෝහල් කාර්ය මණ්‌ඩලයට සිතිණි. රෝගියාගේ සිරුරෙන් ලේ වහනය වන්නට වූ පසු වෛද්‍යවරු තරුණ ජීවිතය බේරා ගන්නට නොගත් උත්සාහයක්‌ද නැත. පිටතින් රුධිරය ලබා දුන්නේ කොහොම හෝ මේ වටිනා ජීවිතය බේරා ගන්නටය.
    මවට අසීමිතව ආදරය කළ මේ පුතු පණපිටින් ඒ මව වෙත යවන්නට ඇත්නම් කියා වෛද්‍යවරුන්ට සිතුණි. ඒත් ඒ මවට, මේ පුතුගේ අන්තිම වචන කන්දරාවෙන් එකක්‌ හෝ අසන්නට ඉඩ නොදී මාරයා ඒ පුතුව රැගෙන යන්නටම ගියේය.
    “අනේ මගෙ රත්තරන් පුතේ ඔයාට මේ මොකද වුණේ…” ඒ අම්මා එලෙස අසන විට පුතුගේ වචන මැෂිම නතරව තිබිණි.
    අකාලයේ වියෝවු සමීර ප්‍රසාද් ට නිවන් සුව පතමු!
     
    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    Machan puluwannam ain karapan........
    Baladdi as dekata kadulu enawa............

    Sameera , Obata niwan Suwa labeewaaa.......!
    mathu jathi jathith mewan akal marana uruma noweewaaaaa.....!

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මචෝ පුලුවන්නම් මේක අයින් කරහන් ...
    මේ මගේ හොදම යාලුවෙක්.මැරිච්ච සමීරට ගරු කිරීමක් වශයෙන් මේ ටික අයින් කලොත් හොදයි කියලයි මටනම් හිතෙන්නේ .පෙළක් අය මේ චයරුප හොයනවාත් ඇති .එත් මේ photos එයාගේ යාලුවෝ .නෑදෑයෝ , දකින වාරයක් ගානේ කොච්චර දුක් වෙනවද ?ටිකක් හිතපන් ඇග වෙන් වෙලත් හිත හයියෙන් කතා කරපු මේ කොල්ලට ගරු කලොත් හොදයි නේද කියලා.

    පුලුවන්නම් මේ ජිවිතේ නැති වෙන්න කටයුතු කරපු උන්ට විරුද්දව නැගී සිටින්න කටයුතු කරන්න .

    සමීර සොහොයුරණනි ඔබට නිවන් සුව !!!!!!

    අම්ම කෙනෙකුට ලමෙක් නැතිවුනාම ජීවිතේම නැති වුන වගේ තමා බන්
    මෙයා අන්තිම මොහොත දක්වා මාරයත් එක්ක සටන් කළා
    මගේ ශාතිශෂ්‍ය සංවේගය
    deepest_sympathy_postcard-p239456478145773945trdg_400.jpg