වේලි වේලි යන්නෙ මේ..!!“ -ජොනීම කියයි (Video)

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වේලි වේලි යන්නෙ මේ..!!“ -ජොනීම කියයි (Video)

    පාද(ඩ) යාත්‍රාව තෙවෙනි දිනයේ නන්නත්තාරයි..! “:P

    ජනතාව මග දෙපස තණකොල මිටි එල්ලයි..!
    Padada_Yatra_3rd_day.gif




    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.30, ප.ව‍‍‍‍‍‍.9.00)



    රාජපක්ෂ චෞරයන්ගේ පාද(ඩ) යාත්‍රාවේ තෙවැනි දිනය වූ අද නෙළුම්දෙනියෙන් ආරම්භ වූ අතර අද ඊයේටත් වඩා මහජන සහභාගීත්වය අඩු වී තිබිණ. මහින්ද රාජපක්ෂ පාද(ඩ) යාත්‍රාවට අද සම්බන්ධ වූයේද නැත. නාමල් රාජපක්ෂ ඩලස් රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්දානන්ද ගීතා කුමාරතුංග ආදීහු සම්බන්ධ වූ නමුත් ජන සහභාගීත්වය දහසක් හෝ සිටියේ අහම්බයෙන් ස්ථාන වලය.



    ආරම්භයේදී නාමල් රාජපක්ෂ සම්බන්ධ වූ නමුත් විනාඩි 10 ක් පයින් ගමන් නොකළ ඔහු ඉන්පසුව අතුරුදහන් විය.


    මෙහි දැක්වෙන ලංකාදීප සේයාරුව පාද(ඩ) යාත්‍රාව අද දහවල් 1 ට පමණ වරකාපොලට ලඟාවෙද්දී ලබා ගත් එකක් වන අතර ඒ වන විට සිටි මුළු පිරිස සේයාරුවේ දැක්වේ. එ් වන විට සිටි පිරිස 500 ක් වත් නොවීය. (සේයාරුව ලංකාදීපයෙනි)


    ඩලස් අලහප්පෙරුම බලපත්‍රයක් රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට නිට්ටඹුවේ දී උත්සාහ කළ අතර පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවශ්‍ය බලපත්‍රය ඉල්ලා සිටි විට එවැන්නක් ඔහු අත තිබුනේ නැත. එබැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීමට ඩලස්ට ඉඩ ලැබුනේ නැත.


    පාද(ඩ) යාත්‍රාවේ යන්නේ හරක්ය යන්න සංඛේතවත් කරමින් මග දෙපස මහජනතාව තැනින් තැන තණකොළ මිටි එල්ලා තිබෙනු දක්නට ලැබිණ. කිරිබත්ගොඩ නගරයේ විදුලි සංඥා පද්ධතිය අසල සිට බුදුපිළිමය දක්වා පාර මැද්දේ විදුලි කණුවල තණකොල මිටි එල්ලා තිබිණි.


    තමන් වේලී වේලී පා ගමනේ යන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්ම නාමල් සමග යන අවස්ථාවේදී පවසන වීඩියෝවක් මෙහි දැක්වේ (වීඩියෝව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයෙනි)







     
    • Like
    Reactions: kasun137