අපේ රටේ දේශපාලන පරිවර්තනයක් සමග සිදුවිය යුතු මනුෂ්‍යත්වයේ පරිවර්තනයක් ද තිබෙනවා කියා අපි සිතමු. මිනිසුන් දරිද්‍රතාවය නිසා හොරකම් කිරීම ප්‍රශ්නයක් නොවේ. හේගල් කියූ ලෙස කුසගින්නේ සිටිනා මිනිසෙකුට පාන් ගෙඩියක් සොරකම් කිරීමට පරම අයිතියක් තිබේ. 'මනුතාපය' කෘතියේ පාන් ගෙඩියක් සොරකම් කිරීමට උත්සාහ කිරීම නිසා වසර ගණනක් සිරගත කරන ජොන් වල්ජෝන් ට සිදුවන අසාධාරණයට අපි එරෙහි වෙමු.
නමුත් අපේ රටේ හෙළිදරව් වෙමින් තිබෙන්නේ ඉතා හොඳින් සුවපහසු ජීවිත ගත කිරීමට තරම් සමාජ සුරක්ෂිත බවක් හිමි මිනිසුන් අධික ලෙස ධනය සෙවීමට සොරකම් කිරීමයි. මෙතරම් ධනයක් ජීවිතයට අවශ්‍ය වන්නේ ඇයි? ආහාර, සෞඛ්‍ය, දරුවන්ගේ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා වලට අමතරව පොතක් පතක් කියවීමට, චිත්‍රපටියක් බැලීමට වියදම් කිරීමට අමතරව අධික ධනයක් අවශ්‍ය වන්නේ ඇයි? අපේ සමාජය සොයා යන පරමාදර්ශ වන්නේ මොනවාද?