වෛද්‍ය උපාධියට සැත්කමක්‌!!!!!!!!

c boy

Well-known member
  • Jul 12, 2011
    2,264
    515
    113
    45
    මාතර
    වෛද්‍ය උපාධියට සැත්කමක්‌!!!!!!!!

    මෙරට රජයේ වෛද්‍යවරුන් සඳහා පිරිනමන M.B.B.S බැචලර් ඔෆ් මෙඩිසින්, බැචලර් ඔෆ් ස(ර්)ජරී) උපාධියෙන් සැත්කම් (ස(ර්)ජරීස්‌) කොටස ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් කටයුතු කර ගෙන යැම හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වල M.B.B.S උපාධිධාරී වෛද්‍ය නිලධාරීන් 14,000 කට සැත්කම් කිරීමට ලබාදී ඇති අයිතිය ද අහෝසි වන බව එම වෛද්‍ය නිලධාරීහු පවසති.

    මේ අනුව ඉදිරියේදී රජයේ රෝහල්වල සැත්කම් කිරීමට හැකියාව ලැබෙනුයේ 100 ක්‌ වැනි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට පමණකි.

    දැනට රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් වලින් සියයට 99 ක්‌ම සිදු කරනුයේ විශේෂඥ ශ්‍රේණියට අයත් නොවන M.B.B.S. උපාධිධාරී ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරීන් විසින් වන අතර ඔවුනට සැත්කම් කිරීමේ අයිතිය අහිමි කළහොත් රෝහල්වල සිදුකෙරෙන සීසේරියන් ඇතුළු සැත්කම් ගණනාවක්‌ අත්හිටුවීමට සිදු වන බව රජයේ ප්‍රධාන රෝහලක සේවය කරන ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරිවරයකු "දිවයින"ට පැවසීය.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභා ආඥ පනතෙහි 32 වැනි වගන්තිය යටතේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන් හට සැත්කම් කිරීමට ලබාදී ඇති අයිතිය අහෝසි වන අයුරින් එම වගන්තිය සංශෝධනය කර රජයේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් සඳහා පිරිනමනු ලබන M.B.B.S:shocked: උපාධියෙන් සැත්කම් කොටස ඉවත් කිරීමට මේ අනුව වෛද්‍ය සභාව කටයුතු කර ගෙන යන බව එම වෛද්‍ය නිලධාරිවරයා කීවේය.

    මේ අනුව පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ සිදු කිරීම සඳහා මෘත ශරීරය කැපීමේ හා සීසේරියන් ඇතුළු සැත්කම් කිරීමේ අයිතිය ද සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ඉවත් කෙරෙන බව කී හෙතෙම තෝරාගත් සීමිත සැත්කම් සංඛ්‍යාවක්‌ පමණක්‌ සිදු කරනු ලබන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන්ට රජයේ රෝහල්වල සෑම සැත්කමක්‌ම ආවරණය කිරීම කළ නොහැකි වීම නිසා රෝගීහු දැඩි අපහසුතාවකට පත් වනු ඇතැයි අවධාරණය කළේය.

    මේ අතර ප්‍රාදේශීය ප්‍රධාන පෙළේ රෝහලක ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිවරයකු මේ සම්බන්ධව විමසූ විටදී කියා සිටියේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සැත්කම් සිදුකිරීමේ කාර්යය ඉවත් කිරීමට මේ වන විට තීරණයක්‌ ගෙන එයට අදාළ චක්‍රලේඛයක්‌ පවා කලකට පෙර රෝහල් ප්‍රධානීන් වෙත නිකුත් කර තිබූ බවත් එය මෙතෙක්‌ ප්‍රධානීන් විසින් සඟවා ගෙන තිබූ බවත්ය.

    took from divaina http://www.divaina.com/2012/07/08/news05.html
     
    Last edited:
    • Like
    Reactions: Fox C2 and kasun69

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ඔහොම කරොත් ලෙඩ්ඩුන්ට ගෙදර තමා ඉන්ඩ වෙන්නේ. මොකද ඉස්පිරිතාල වල 99% සැත්කම් කරන්නේ MBBS doctors la.
     
    • Like
    Reactions: c boy