වෛද්‍ය ඒකාධිකාරය

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر

මේ කියලා තියෙන විදියට සී දෙකයි එස් දෙක දෙන්න යන්නේ..
ඉල්ලන්නේ එස් 3 ඇති කියලා වගේ...

EDIT:ආ නෑ වගේ... අවම සුදුසුකමක් එපා කියනවා වගේ

එස් තුන නොදුන්නොත් පාඩුයි මොකද රට යන පිරිස වැඩි වෙනවා.
ගොඩක් රට වල O/l වලින් කරන්න දෙනවා foundation එකක් කරලා.
එහෙම උනොත් අපේ රට තවත් පස්සට යනවා.

:(:(:(:(
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලැජ්ජා නැද්ද හලෝ තමන් කියපුදේම දැන් වෙනස් කරන්න?:lol: GMOA එකට දොස්තරලා වත් ඔහොම කඩේ යන්නේ නැතුව ඇති:rofl:......"වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ" කියල කිව්වේ තමුන්ම නේද?:lol::lol::lol:

    දැන් එතකොට කියන්නේ වරප්‍රසාද වලටත් ගිජුයි හැබැයි ගිජු වෙලා ඕන දෙයක් කරපුදෙන් කියලා හිටියෙත් නැහැ කියලද? ඉස්සල්ලම සිංහල ඉගනගනින්.:lol:

    දන්නා දෙයක් කතා කරන්න ළමයෝ.......පර්මිට් කතාව අයවැය යෝජනා වල තිබුණ එකක් ඒකට විරුද්ධ වෙලා ඒ යෝජනාව අහක දැම්මා. දැන් පොඩ්ඩකට කලින් දන්නේ නෑ කිව්වා නේද? එක පාරට එක්ස්පර්ට් කෙනෙක් උනාද?:lol:

    ලොකු පොඩි නැති බව නම් පේනවා :lol:

    ලැජ්ජා නැද්ද හලෝ තමන් කියපුදේම දැන් වෙනස් කරන්න?
    :lol:

    මම කතා කලේ වෘත්තිමය තත්වය සලකා වරප්‍රසාද වලට ගිජු වෙලා ඕන එකෙක් ඕන දෙයක් කරපුදෙන් කියලා උන් හිටියෙ නෑ කියන එක...

    කොහොම උනත් බලන්න ඕනේ වරප්‍රසාද නැතිවෙලාද ඇතිවෙලාද කියන එක නෙවෙයි... විරෝධය ෆුල් දෙනවද නැද්ද කියන එක. උන් දුන්නනේ.. ඒවට හරියන්න උන්ගේ වරප්‍රසාදත් සීමා කරලා.
    ආයේ කොහෙන් හරි පටන් ගන්න.
    ඇති මට කාලය වැය කලා..

    සිංහල දැනුම නම් අන්තිමයි. වරප්‍රසාද වලට ගිජු නොවුනු මිනිස්සු කෝ බොල.... වරප්‍රසාද නිසා කටවහගෙන හිට්යෙ නෑ කියලා තියෙන්නේ...තියෙන වරප්‍රසාද රැකගන්න හෝ අලුතෙන් ලබාගන්න නොසිතා එක්ටා එකට විරුද්ධව කතා කලා ලීඩ් කල කිව්වේ... පටලවගන්න එපා හරී...

    අන්තිම කෑල්ලට උත්තරෙ:ඇයි උඹ දන්නෙ නැද්ද පර්මිට් සීමා කලා කියලා...

    වරප්‍රසාද වලට කෙළ උනේ නැහැයි කියපු නිසයි මම දන්නේ නෑ කියාදෙන්න කිව්වේ.. එක්ස්පර්ට් වගේ කියපු නිසා..
    දැන් වත් කාගෙන්හරි අහලා බලන්න... පර්මිට් කතාව අයවැය යෝජනා වල තිබුණ එකක් ඒකට විරුද්ධ වෙලා ඒ යෝජනාව අහක දැම්මා. එක්ස්පර්ට් හොයාගන්නකෝ පර්මිට් වලට වෙලා තියෙන දේ. වරප්‍රසාද වලට කෙලවගෙනත් තියෙනවා කියලා තේරෙයි එතකොට...

    මම ජී.එම්.ඕ.ඒ. එකට කඩේ ගියානම් පෝස්ට් නම්බර් 12 ඊයෙ දාපු එකක් කියවලා එන්න,,
    මම ජී.එම්.ඕ.ඒ. ක ගැන හොඳක් කියලා තියෙන්නේ "ලංකාවේ එකම වෘත්තිකයින් කොටස සාමුහිකව තීරණ ගන්න" කියලා.
    අනිත් හැම එකකම එකමුතුවක් නෑ. එක්ටා එකට වෛද්‍ය සහය ලොකුවට බලපෑවා පසු බහින්න කියලා.. දැට්ස් ඕල් :dull::nerd:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එස් තුන නොදුන්නොත් පාඩුයි මොකද රට යන පිරිස වැඩි වෙනවා.
    ගොඩක් රට වල O/l වලින් කරන්න දෙනවා foundation එකක් කරලා.
    එහෙම උනොත් අපේ රට තවත් පස්සට යනවා.

    :(:(:(:(

    meke tyena widiyata medicine walata 2C-1S one kiyala tyenawa wage.
    anikwata 3S wennathi.

    mama owa gana hoyana eka atarala tyenne.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :lol:

    සිංහල දැනුම නම් අන්තිමයි. වරප්‍රසාද වලට ගිජු නොවුනු මිනිස්සු කෝ බොල.... වරප්‍රසාද නිසා කටවහගෙන හිට්යෙ නෑ කියලා තියෙන්නේ...තියෙන වරප්‍රසාද රැකගන්න හෝ අලුතෙන් ලබාගන්න නොසිතා එක්ටා එකට විරුද්ධව කතා කලා ලීඩ් කල කිව්වේ... පටලවගන්න එපා හරී...

    වරප්‍රසාද වලට කෙළ උනේ නැහැයි කියපු නිසයි මම දන්නේ නෑ කියාදෙන්න කිව්වේ.. එක්ස්පර්ට් වගේ කියපු නිසා..
    දැන් වත් කාගෙන්හරි අහලා බලන්න... පර්මිට් කතාව අයවැය යෝජනා වල තිබුණ එකක් ඒකට විරුද්ධ වෙලා ඒ යෝජනාව අහක දැම්මා. එක්ස්පර්ට් හොයාගන්නකෝ පර්මිට් වලට වෙලා තියෙන දේ. වරප්‍රසාද වලට කෙලවගෙනත් තියෙනවා කියලා තේරෙයි එතකොට...

    මම ජී.එම්.ඕ.ඒ. එකට කඩේ ගියානම් පෝස්ට් නම්බර් 12 ඊයෙ දාපු එකක් කියවලා එන්න,,
    මම ජී.එම්.ඕ.ඒ. ක ගැන හොඳක් කියලා තියෙන්නේ "ලංකාවේ එකම වෘත්තිකයින් කොටස සාමුහිකව තීරණ ගන්න" කියලා.
    අනිත් හැම එකකම එකමුතුවක් නෑ. එක්ටා එකට වෛද්‍ය සහය ලොකුවට බලපෑවා පසු බහින්න කියලා.. දැට්ස් ඕල් :dull::nerd:

    සාමූහිකව තීරණ ගන්න එකම සෙට් එක දොස්තරලා විතරක් නෙවෙයි. උදාහරණයක් විදිහට දැන් ඊයේ පෙරේදා දුම්රිය වර්ජනයක් තිබුනේ උනුත් හැමදාම එකටම තමයි ඕවා කරන්නේ. අවුරුද්දට කී පාරක් උන් ස්ට්‍රයික් කරනවද.

    කව්රු කව්රුත් වැඩ කරන්නේ තමන්ගේ වාසිය ගැන හිතල තමයි ඒකයි ඇත්ත. එහෙම නැති උන් නැහැ. GMOA එකෙන් ECTA විරුද්ද උනෙත් medical field එක දානවා කියල තිබුන නිසා සහ අපේ උන් විරුද්ධ උනෙත් තමන්ගේ ජොබ් වලට තර්ජනයක් නිසා. රටට නරකයි කියන එක නෙවෙයි ඇත්තටම අංක එකේ හේතුව.

    එහෙම මිසක් පරාර්ථකාමී රටට ආදරේ වෘත්තිකයෝ මෙහෙ නෑ.

    ආෆ්ටර් ඕල් වී ආ සිරි ලන්කන්ස්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාමූහිකව තීරණ ගන්න එකම සෙට් එක දොස්තරලා විතරක් නෙවෙයි. උදාහරණයක් විදිහට දැන් ඊයේ පෙරේදා දුම්රිය වර්ජනයක් තිබුනේ උනුත් හැමදාම එකටම තමයි ඕවා කරන්නේ. අවුරුද්දට කී පාරක් උන් ස්ට්‍රයික් කරනවද.

    කව්රු කව්රුත් වැඩ කරන්නේ තමන්ගේ වාසිය ගැන හිතල තමයි ඒකයි ඇත්ත. එහෙම නැති උන් නැහැ. GMOA එකෙන් ECTA විරුද්ද උනෙත් medical field එක දානවා කියල තිබුන නිසා සහ අපේ උන් විරුද්ධ උනෙත් තමන්ගේ ජොබ් වලට තර්ජනයක් නිසා. රටට නරකයි කියන එක නෙවෙයි ඇත්තටම අංක එකේ හේතුව.

    එහෙම මිසක් පරාර්ථකාමී රටට ආදරේ වෘත්තිකයෝ මෙහෙ නෑ.

    ආෆ්ටර් ඕල් වී ආ සිරි ලන්කන්ස්.

    aa oya mathe hitiyot waadayak oneth nea..
    after all thamange wurtyata hari aadareta wirodaya dakwuwawane perata awilla..
    dumriya riyadurot rajaye sewkayan නිසා labour laws haa rajaye reply eka anuwa kriya marga gatta...

    padiya wadikaraganeemata action ganeema saha rajya widesha welenda pratipatti anuwa anagata danger eka daka actions ganeema dekak..

    e kohoma unath wurtimaya ekamutuwa nishedanaya wenne nea thawath podi kulakyakin...

    lankawe suddawantgayin doccu kiyala kiwwe nea :lol:
    antima wakya tika mulinma kiwwanam ou ou kiyala meka nawatwanna tibba... :lol:
     
    දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම උනේ පඩි වැඩි වීමට අමතරව දුම්රිය සහයකයොන්ගේ බඳවාගැනීම් සුදුසුකම් ඉහල දාලා වැඩි වැටුපක් දෙන එක කරන්න එපයි කියල......ඔන්න අපේ "වෘත්තිකයෝ" :lol:

    GMOA එකත් ECTA එකට විරුද්ධ රජයේ ප්‍රතිපත්ති රටට අහිතකරයි වගේ උදාර චේතනාවකින් නෙවෙයි, ඕකෙන් එයාලගේ bottom line එකට කෙළවෙන පොටක් තියන නිසා.:yes:

    ඔතන දෙකක් තුනක් නෑ එකයි තියෙන්නේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම උනේ පඩි වැඩි වීමට අමතරව දුම්රිය සහයකයොන්ගේ බඳවාගැනීම් සුදුසුකම් ඉහල දාලා වැඩි වැටුපක් දෙන එක කරන්න එපයි කියල......ඔන්න අපේ "වෘත්තිකයෝ" :lol:

    GMOA එකත් ECTA එකට විරුද්ධ රජයේ ප්‍රතිපත්ති රටට අහිතකරයි වගේ උදාර චේතනාවකින් නෙවෙයි, ඕකෙන් එයාලගේ bottom line එකට කෙළවෙන පොටක් තියන නිසා.:yes:

    ඔතන දෙකක් තුනක් නෑ එකයි තියෙන්නේ

    ඔය මොන හේතු වලින් හරි එට්කා පසුබැස්සේ උන්ගෙ එකමුතු විරෝදෙ හින්දනෙ..
    උන් ලීඩ් කල නිසානෙ..
    ඒකනෙ අත්ත.. :ඵ්
    දැන් උන්ට ගහන්නෙ කොහොමහරි යුනිටි එක කඩවගත්තොත් උන්ගේ වාසියකට හරි රටේ අවාසියකදි පෙනී ඉන්න එක වළක්වන්නනේ..
    මට ඔය යූනියන් වලට අමුතු ආදරයක් නැතිවාසේම ඔය සමහරුන්ට තියෙන අමුතු වෛරෙත් නෑ.. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය මොන හේතු වලින් හරි එට්කා පසුබැස්සේ උන්ගෙ එකමුතු විරෝදෙ හින්දනෙ..
    උන් ලීඩ් කල නිසානෙ..
    ඒකනෙ අත්ත.. :ඵ්
    දැන් උන්ට ගහන්නෙ කොහොමහරි යුනිටි එක කඩවගත්තොත් උන්ගේ වාසියකට හරි රටේ අවාසියකදි පෙනී ඉන්න එක වළක්වන්නනේ..
    මට ඔය යූනියන් වලට අමුතු ආදරයක් නැතිවාසේම ඔය සමහරුන්ට තියෙන අමුතු වෛරෙත් නෑ.. :dull:

    උන් විරුද්ධ උනේ උන්ට අවාසි නිසා මිසක් රට ගැන හිතල නෙවෙයිනේ ඕකනේ ඇත්ත. මොකද ඕකට මූණ දෙන්න ඔච්චර අමාරු?

    පුද්ගලික අංශයේ ඉන්නේ තමන් ගැන විතරක් හිතන උන්, GMOA කියන්නේ "රට වෙනුවෙන්" එකමුතු වෙන උන් වගේ බොළඳ කතා කියන්නේ නම් GMOA ගැන පුදුම ආදරයක් තියන ඩයල් තමයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් විරුද්ධ උනේ උන්ට අවාසි නිසා මිසක් රට ගැන හිතල නෙවෙයිනේ ඕකනේ ඇත්ත. මොකද ඕකට මූණ දෙන්න ඔච්චර අමාරු?

    පුද්ගලික අංශයේ ඉන්නේ තමන් ගැන විතරක් හිතන උන්, GMOA කියන්නේ "රට වෙනුවෙන්" එකමුතු වෙන උන් වගේ බොළඳ කතා කියන්නේ නම් GMOA ගැන පුදුම ආදරයක් තියන ඩයල් තමයි :lol:

    අනේ උබල වගේ බූරුවො බන්...අධයාපනේ විකුනනවට ඇති තරම් හුරේ දාපල්ල...උබලටම ඔවගෙ රිටන් හම්බෙනව වැඩි කාලයක් යන්ඩ කලින්...:yes::yes:

    උබ හිතාගෙන ඉන්නෙ රනිල අධ්යාපනේ විකුනගෙන කන්ඩ යන්නෙ රටට තියෙන ආදරේ නිසා රට හදන්ඩ කියලද???? ලොකු වැරදීමක් මහ බැකුව හොරා කාපු එකාට අග්ගලාවක් කජ්ජක් නෙමේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ උබල වගේ බූරුවො බන්...අධයාපනේ විකුනනවට ඇති තරම් හුරේ දාපල්ල...උබලටම ඔවගෙ රිටන් හම්බෙනව වැඩි කාලයක් යන්ඩ කලින්...:yes::yes:

    උබ හිතාගෙන ඉන්නෙ රනිල අධ්යාපනේ විකුනගෙන කන්ඩ යන්නෙ රටට තියෙන ආදරේ නිසා රට හදන්ඩ කියලද???? ලොකු වැරදීමක් මහ බැකුව හොරා කාපු එකාට අග්ගලාවක් කජ්ජක් නෙමේ...

    මේ මොකෙක්ද? :lol: රනිලෙක්ගේ මගුලක් දැන් කතා කරේ කව්ද? නලින් ද සිල්වා කියන්නේ රනිල්ව පෙන්නන්න බැරි පොරක් :rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    වෛද්‍ය ඒකාධිකාරය කඩන්න ඕනි, මොකද මෙයාල සම සව්‍ය්ක්ය , හෙද නිලධාරී අයට දෙන්න තියෙන ගොඩක් අවස්ථා නැති කරනවා.
    හැබැයි එහෙම කියල රාජිතට හරි කොහේ හරි ඉන්න හිගන දේශපලුවෙක්ට ඕනි විදිහට මේවගේ තීරණ ගන්න දෙන්න හොද නෑ.

    You must spread some Reputation around before giving it to WhiteWalker again.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    දුම්රිය රියදුරන්ගේ ඉල්ලීම උනේ පඩි වැඩි වීමට අමතරව දුම්රිය සහයකයොන්ගේ බඳවාගැනීම් සුදුසුකම් ඉහල දාලා වැඩි වැටුපක් දෙන එක කරන්න එපයි කියල......ඔන්න අපේ "වෘත්තිකයෝ" :lol:

    GMOA එකත් ECTA එකට විරුද්ධ රජයේ ප්‍රතිපත්ති රටට අහිතකරයි වගේ උදාර චේතනාවකින් නෙවෙයි, ඕකෙන් එයාලගේ bottom line එකට කෙළවෙන පොටක් තියන නිසා.:yes:

    ඔතන දෙකක් තුනක් නෑ එකයි තියෙන්නේ

    ETCA eken GMOA ekata කෙල වෙන්නෙ කොහොමද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දොස්තර ඒකාධිකාරය 3

    දොස්තර ඒකාධිකාරය ගැන තව ලිපි කිහිපයක් ම එක දිගට නැති වුවත් ලියන්න ඕන. මේ ලිපි පෙළේ මාතෘකාව වෛද්‍ය ඒකාධිකාරයෙ නොව දොස්තර ඒකාධිකාරය ලෙස වෙනස් කරනවා. මෙරට බටහිර දැනුම් ආධිපත්‍යය හා සංස්කෘතික ආධිපත්‍යය වඩාත් ම ක්‍රියාත්මක වන්නේ දොස්තර ඒකාධිකාරය මගිනුයි. අපට මෙය අදවත් හෙටවත් බිඳින්න බැහැ. බටහිර ආධිපත්‍යය එතරම් ම බලවත්. එහෙත් කලක් ගත වූ විට මේ ආධිපත්‍යය බිඳ වැටෙවි. එහි දී දොස්තර ඒකාධිකාරයත් බිඳ වැටේවි. එහෙත් ඒ සඳහා තව කල් තියෙනවා.

    මා කලින් දිනෙක සඳහන් කළා බටහිර රටවල මොළය බද්ධ කිරීමේ පර්යේෂණ කෙරෙන බව. ඔවුන් සතුන් සම්බන්ධයෙන් දැනටමත් පර්යේෂණ කර තියෙනවා. එහෙත් ම ඇතැමුන් එයට විරුද්ධයි. මෙය බෙල්ල කපන වැඩක්. කෙසේ වෙතත් යම් දිනෙක මොළය බද්ධ කිරීම සාර්ථක ව කෙරුණොත් එදාට තේරෙවි මනස යනු මොළයේ ප්‍රතිඵලයක් නොවන බව. එදාට මනස තේරුම් ගැනීමට හුදු ද්‍රව්‍යවාදී ප්‍රවාදවලින් බැර වේවි. එදාට මනස තේරුම් ගැනීමට කියමින් මොන පට්ටපල් බොරුවක් ගොතාවි දැයි කියන්න බැහැ.

    අපට බටහිර වෙදකම ගැන ආඩම්බර වීමට ඉගැන්වෙනවා. බටහිර වෙදකම හරියට මෙරට දොස්තරලාගේ නිර්මාණයක් වගේ. මෙරට දොස්තරලාත් මෙරට අනෙක් ඊනියා උගතුන් වගේ ම තවත් අනුකාරකයන් පිරිසක් පමණයි. අපට ඉන්නවා හොඳ අගමැති කෙනෙක්. ඔහු අගමැති කර ගැනීමෙන් ම අපේ දීිකම හෙළි වෙනවා. ඔහු එකල මෙරටට පෘතුගීසීන් පැමිණීම අනුස්මරණය කරන්න සූදානම් වූවා. එහෙත් වාසනාවකට 2005ට කලින් ඔහු අගමැති කමෙන් ඉවත් කෙරුණා. දැනටමත් ඔහු මෙවර අගමැති කමෙන් ඉවත් කිරීම මහින්ද මෛත්‍රී ගැටුම නිසා කල්ගත වුණා හොඳට ම වැඩියි.

    පසුගියදා ඔහු රෝම ලන්දේසි නීතිය මෙරට ක්‍රියාත්මක වීම ගැන ආඩම්බරයෙන් කතා කරලා තිබුණා. ඔහු කියා තිබුණා බටහිර නීතියක් ආසියාවේ ක්‍රියාත්මක කළ ප්‍රථම රට ලංකාව කියා. එහි ආඩම්බර වන්න දෙයක් නැහැ. එයින් පෙන්නුම් කරන්නේ අපේ දීනකමයි. රෝම ලන්දේසි නීතිය දැන් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ. මේ දෙරටේ ම ලන්දේසින් ගෙන ආ වෙල්ලාල කෘෂිකර්ම කම්කරුවන් ඉන්න බව විග්නේස්වරන් ඇතුළු වෙල්ලාලයන් අමතක කරනවා. අප බටහිර නීතිය බටහිර වෙදකම ගැන මෙන් ම බටහිර තාක්‍ෂණය, බටහිර ප්‍රවාද පොදුවේ බටහිර දැනුම ගැන ආඩම්බර වෙනවා. හරියට ඒවා අපේ වගේ.

    කවුදෝ පඬි පෝාතකයකු, දොස්තර කෙනකු විය හැකියි, ලියා තිබුණා බටහිර විද්‍යාව ගැන මා කියන දේ පිළිගත්තත් දොස්තරලා ගැන මා පශ්චාත්නූතනවාදියකු මෙන් වචන පමණක් පාවිච්චි කරන්නකු බව. ඔහු පශ්චාත්නූතනවාදය ගැන දන්නවා ද කියන්න බැහැ. මෙරට පශ්චාත්නූතනවාදීන් ද මෙරට ම උගතුන්. ඒ කියන්නෙ අනුකාරකයන්. ඔවුන් තමන්ට නොතේරෙන දේ කිව්වා. දැන් කියන්නේ නැහැ. ඒ දැන් මෙරට පශ්චාත්නූතනවාදීන් නැති නිසා. ඔවුන් පශ්චාත්තාප වෙනවා ඇති. එහෙමත් නැත්නම් පාරආඛ්‍යානයක් (මෙටා නැරේටිව්- අමරසේකරට මෙගා නැරේටිව්) සොයා ගෙන ඇති.

    මා දොස්තරලා ගැන කියන දේ අර පාරආඛ්‍යානය වගේ යොදා ගන්මින් කරන්නක් නො වෙයි. මෙරට දොස්තර ඒකාධිකරයක් ඇති බව තේරුම් ගන්න බැරි නම් වෙදමහතුන්ගෙන් අහන්න ඕන නැහැ. හෙදියන්ගෙන් අහන්න. දැන් හෙදියන්ට වෙන ම සභාවක් තියෙනවාලු. එහෙම ඇති. ඒත් ඒ ගැන කියා ඇති වෛද්‍ය ආඥාපනතේ සංශෝධන ඉල්ලුවා ම එක මහාචාර්ය දොස්තර කෙනකු කියා එවා තිබුණේ එය හෙදියකගෙන් අසා දැන ගන්න කියා. දොස්තරලාගේ උද්ධච්ඡභාවය එහෙමයි. විශ්වවිද්‍යාල හෙද පාඨමාලාව අවුරුදු හතරක පාඨමාලාවක් කිරීමට විරුද්ධවන්නේ කවුද. සමසෞඛ්‍ය පාඨමාලාවල කාලය පිළිබඳ ප්‍රශ්න ඇති කර ගත්තේ කව ද? මෙරට දොස්තරලා තම අධිකාරය රැක ගැනීම සඳහා වෙදමහතුනට නොව තම බටහිර වෛද්‍ය ක්‍ෂෙත්‍රයෙහි ම වෙනත් අයට අකුල් හෙලනවා. මා දන්නා විධියට එංගලන්තයේ හෙදියකට වැඩිදුර අධ්‍යාපනයකින් පසු වෛද්‍යවරියක වෙන්න පුළුවන්. මෙරට දොස්තරලා හෙද පාඨමාලාවේ කාලය දික්කිරීම පවා තම ඒකාධිකාරයට පහරක් ලෙස සලකනවා.

    දැනට වසර ති පහකට පමණ පෙර විශ්වවිද්‍යාල ක්‍ෂෙත්‍රයෙහි හීනමාන හා ඒකාධිකාර ප්‍රශ්නයක් ඇති වුණා. එකල මා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් මෙන් ම කොළඹ විශ්වවිද්‍යාලයිය සනාපන සභාවේ සාමාජිකයකු ද වුණා. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආයතනයක් ලෙසයි රාජගිරියේ දේශීය වෛද්‍ය ආයතනය පවත්වාගෙන ගියේ. එහි ආචාර්යවරුන් වෘත්තීය සමිතියක් පිහිටුවා ගෙන තිබුණා. එහෙත් එම වෘත්තීය සමිතිය ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජික සමිතියක් බවට පත් කර ගැනීමට සමිති සම්මේලනයේ බොහෝ දෙනා කැමති වුණේ නැහැ. එයට හේතුව අන් කවරක්වත් නොව දේශීය වෛද්‍ය ආයතනය එකල බටහිර දැනුම් පද්ධතිය පසුපස නො යෑම. එහෙත් හේතු ලෙස ඉදිරිපත් කෙළේ අද මෙන් ම ඊනියා ප්‍රමිතිය ආදී ප්‍රශ්න. මා එකහෙළාම කියා සිටියා දේශීය වෛද්‍ය ආචාර්ය සමිතියත් සමිති සම්මේලනයේ සාමාජිකයකු විය යුතු බව. අවසානයේ දී ඔවුන්ට ආචාර්ය සමිති සම්මේලනයේ සාමාජිකත්වය හිමි වුණා. සෞන්දර්ය ආයතනය සම්බන්ධයෙන් ද එවැනි ප්‍රශ්න ඇති වුණා. එයට පසු කලෙක මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු වී සිටිය දී යාපනය විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය ආයතනය පිළිබඳ ප්‍රශ්නය පැන නැගුණා. මා ප්‍රතිපාදන කොමිසමේ දේශීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ කමිටුවේ සභාපති වුණා. මා තව දෙදෙනකු සමග තකහනියක් යාපනයට ගොස් එහි සිද්ධ වෛද්‍ය ආයතනය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කළා ඒ ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ ස්වාධීන පීඨයක් බවට පත් කළ යුතු ය කියා. ප්‍රතිපාදන කොමිසම ඒ නිර්දේශය පිළිගෙන සිද්ධ වෛද්‍ය ආයතනය යාපනය විශ්වවිද්‍යාලයේ පීඨයක් බවට පත් කළා. එමෙන් ම නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ පිහිටි යුනානි අධ්‍යාපන ඒකකය අධ්‍යයන අංශයක් බවට පත් කිරීමට මා තවත් අයකු සමග ත්‍රිකුණාමලයට ගොස් වාර්තාවක් ඉදිරිපත් කළා. එහෙත් මෛත්‍රිපාල ජනාධිපති වීමෙන් පසු තවදුරටත් ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස කටයතු කිරීම නින්දාවක් ලෙස සලකා මා කොමිසමෙන් ඉල්ලා අස්වුවා, ත්‍රිකුණාමල නිර්දේශයට කුමක් විණි දැයි මා දන්නේ නැහැ. මේ කරුණු මා සඳහන් කරන්නේ ආයුර්වේද සිද්ධ යුනානි වෛද්‍ය ක්‍රම ඉගැන්වීමට මෙරට ඇති බාධා ගෙනහැර දැක්වීමටයි. සිංහල වෙදකමට ආණ්ඩුව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අද අප ආයුර්වේදය සිංහල වෙදකම ලෙස සැලකීමට පුරුදු වෙලා. (මතු සම්බන්ධයි)
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    ඔව් GMOA එක වගේ අපිට ජාතික වැදගත්කමක් තියන ගැටළු (ළමයි ඉස්කෝලේ දාගන්න එක, කාර් පර්මිට්) වෙනුවෙන් සටන් කරන්න "කොන්දක්" නෑ :(

    :lol::lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔව් පුද්ගලික ආයතන වල ඩිමාන්ඩ් කරනවා......දුන්නේ නැත්තම් තමන්ට ඒ දේවල් ලැබෙන තැනකට අස් වෙලා යනවා නැතුව වැඩ වර්ජන කරන්නේ නෑනේ.

    දැන් ECTA එකට විරුද්ධව කොහෙන් අස්වෙලා කොහාටද යන්න ඕනේ? අනික වැඩ වර්ජන කරා කියමුකෝ, රජයේ සේවකයෝ වැඩ වර්ජන කරද්දී එයාලගේ සේව්‍යයා වෙච්ච රජයට රිදෙනවා. අපි වැඩ වර්ජන කරාම රජයට රිදෙනවද? රජයේ ප්‍රතිපත්ති වලට අපි වැඩ කරන company මක් කරන්නද?

    ECTA සටන වෙනුවෙන් GMOA එක කැප කරපු එක වරප්‍රසාදයක් කියන්න බලන්න :lol:
    :yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උන් විරුද්ධ උනේ උන්ට අවාසි නිසා මිසක් රට ගැන හිතල නෙවෙයිනේ ඕකනේ ඇත්ත. මොකද ඕකට මූණ දෙන්න ඔච්චර අමාරු?

    පුද්ගලික අංශයේ ඉන්නේ තමන් ගැන විතරක් හිතන උන්, GMOA කියන්නේ "රට වෙනුවෙන්" එකමුතු වෙන උන් වගේ බොළඳ කතා කියන්නේ නම් GMOA ගැන පුදුම ආදරයක් තියන ඩයල් තමයි :lol:

    :(:(
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මහැදුරු නලීන් සිල්වා මහතාණන් විසින් "වෛද්ය ඒකාධිකාරය" නමින් ලිපි කිහිපයක් පළ කැර තිබෙනු දුටිමි. විකල්ප දැනුම් පද්ධතියක් ගැන මගේ මුල් පොත වූයේ එතුමාණන්ය. නමුත් මිනිසුන් මුල් පොතින් පසුව ඉන් ඉදිරියට යායුතු බව දනිමි. එනිසාම ඒ මුල් පොත විසින් කරනු ලබන හරයක් නැති ප්රකාශ ගැන මේ ලිපිය ලිවීමට සිදු වී තිබේ. බටහිර වෛද්ය ක්රමයට ඒකාධිකාරයක් අවශ්යද, එය අපට ගැලපෙනවාද, දැනුම අනුව පරගැති ද ඈ ආදී මාතෘකා හෝ සංවාද මේනූල තුල නොසලකා හැරෙන අතර එවන් ප්රතිචාර අනතුරු හැඟවීමකින් තොරවම ඉවත් කර දමා සාකච්ඡාව නිසි මිනුම් තුල තබා ගන්නට මැලි නොවෙමි.

    නලීන් සිල්වා මහතාණෝ ලිපිය පටන් ගනුයේ "දොස්තර ඒකාධිකාරයක්" අප්වත්වා ගැනීමට අවැසි බව කියමින්. එ මහතාගේ මේ ප්රකාශය හාස්යජනක ප්රකාශයක්. වෛද්යවරුන් ඉල්වන්නේ ප්රමිතියසහිත වෛද්ය අධ්යාපනයක් වන අතර අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය ඉල්වන්නේ මුදලට නොවිකුණන, එනම් සුදුසුකම් මත පම්ණක් තීරණය වන අධ්යාපන ක්රමයකි. මේ දෙකොට්ඨාශයම තවත් රාජ්ය වෛද්ය පීඨ ඇති වීමට විරුද්ධ නොවෙති. ඒ නිසා වෛද්යවරුන්ට ඒකාධිකාරයක් අවශ්ය යැයි පැවසීම විහිළු සහගත ප්රකාශයකි. මෙහිදී මා කරුණු දැක්වීම කෙරෙනුයේ වෛද්යවරුන්ගේ පාර්ශවයෙනි. සිසුන්ගේ පැත්තෙන් අදහස් දැක්වීමට මට නොහැකිය.

    "විශ්වවිද්යාලවලට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ බලය ඇත්තේ විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම් සභාවට මිස සෞඛ්ය අමාත්යවරයාට නො වෙයි" යනුවෙන් මහැදුරු තුමා ප්රකාශයක් කරනුලබයි. මේ කථාව ඇත්තය. ඕනෑම වෛද්ය උපාධියක් සඳහා සිසුන් ඇතුළු කර ගැනීමේ නිර්ණායක ඇති කර ගැනීමට විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසමට හැකිය. නමුත් මැහැදුරු තුමාට වයස නිසා හෝ වෙනත් යම් කරුණක් නිසා හෝ අමතකව ගිය කරුණ නම්, වෛද්යවරයකු වීමට උපාධිය පමණක් නොසෑහෙන බවයි. ඒ සඳහා අවුරුද්දක සීමාවාසික පුහුණුවක් හා ඇගැයීමකින් අනතුරුව ලියාපදිංචිය අවශ්යය. විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසමට සිසුන් ඇතුළත් කිරීමේ නිර්ණායක සැකැසිය හැක්කේ යම් සේද, වෛද්ය සභාවට වෛද්යවරුන් ලියාපදිංචිය පිළිබඳ නිර්ණායක ඒ ආකාරයෙන්ම සැකැසීමට නීතිමය බලතල ලබා දී ඇත. වෛද්ය උපාධි ලැබූ, නමුත් ප්රමිතිය මඳ කම නිසා ලියාපදිංචියට පිළි නොගැනෙන වෛද්ය උපාධිධාරීන් ඇතිවීම ප්රශ්ණයක් බැවින්, අවම නිර්ණායක ලොව පුරාම සාදන්නේ වෛද්ය සභාව හෝ එයට අනුයුක්ත මණ්ඩලයක සහභාගීත්වයෙනි. වෛද්ය සේවා ආඥා පණතට අනුව වෛද්ය සභාවේ ප්රධානයා සෞඛ්ය ඇමැතිවරයාය. එනිසා මෙහිදී ඔහු බැහැර කර අවම ප්රමිතීන් සැකැසීම සිතන්නේ නම් එය විහිළුවක් පමණක්ම වනු ඇත. අපෙන් විශ්ව විද්යාල පණත කියවා ඇත්දැයි අසන මහැදුරු තුමාට අපට කීමට ඇත්තේ "වෛද්ය ආඥා පණත කියවා නැත්ද?" යන්නයි.

    වෛද්ය අධ්යාපනය සහ වෙනත් අධ්යාපනයන් අතර වෙනසක් නැතැයි එතුමාණෝ සඳහන් කරති. ඒ වෙනුවෙන් ඔහු ගන්නා උදාහරණය නම් ජීවිත වලට වගකීම සම්බන්ධවයි. එතුමාණෝ ඒ සාධකය ගෙනෙන්නේ වෛද්ය අධ්යාපනයේ තාක්ෂණික ස්වභාවය දැනගෙනද යන්න මා හට ප්රශ්ණයකි. වෛද්ය අධ්යාපනය විශේෂ වන්නේ එහි බහුතරයට වග කියන්නේ විශ්ව විද්යාලයෙන් පිටත සේවය කරන්නන් විසින් වන නිසාය. විශ්ව විද්යාලයෙන් පිටත සේවය කරන වෛද්යවරුන් පාලනය වන්නේ වෛද්ය ආඥා පණතෙන් මෙන්ම, සෞඛ්ය අමාත්යංශයෙනි. ඒ නිසා තාක්ෂණිකව, වෛද්ය අධ්යාපනය අනෙකුත් ඒවායින් වෙනස් බව වැටැහී යා යුතුය. මෙවන් වෙනස්කම් සහිත වෙනත් අධ්යයනයන් තිබෙන්නට පුළුවන. ඒ සියල්ලම තාක්ෂණිකව විශේෂය.

    පුද්ගලික මෙන්ම රජයේ වෛද්ය විද්යාල වලට අවම සුදුසුකම් ලොව පුරාම අවශ්ය බව පිළිගන්න කාරණාවක්. බටහිර ගැති ඈ ආදී ලෙස මහැදුරු තුමා ඔහුගේ සුපුරුදු මන්තරය ජප කිරීමට මෙදිදී ඉදිරිපත් විය හැකි නමුදු, අප මේ කතා කරන්නේ බටහිර අධ්යාපනය ගැනය. ඒ නිසා බටහිර මිනුම් දඳු වලට අනුව එය සකසා ගත යුතුය
    . උසස් පෙළ ප්රථිපළ, විද්ය උපාධිය සමත්වීම සමග ඍජු ලෙසම සහසම්බන්ධතාවයක් දක්වන බව දැනටම ඔප්පු වී අවසන්. අඩු උසස් පෙළ ලකුණු සහිත විදෙස් උපාධිධාරී වෛද්යවරුන් සහ රජයේ වෛද්ය පීඨ සිසුන් එකම විභාගයකට (common MCQ) මුහුණ දුන් අවස්ථාවේ රජයේ සිසුන් 80% සමත් වීමත්, විදෙස් උපාධිධාරී සිසුන් 6% පමණක් සමත් වීමත් තුළින් මේ බව මනාව පැහැදිලි වන අවස්ථාවක්. බඳවාගැනීමේ පරිපාටිය ලිහිල්වන්නට වන්නට, අසමත් වන ප්රතිශතය ඉහළ යන බව මෙහිදී පැහැදිලි විය යුතුයි. රජයේ වෛද්ය විද්යාලයක නම් එය සම්පත් සහ මුදල් නාස්තියක් වන අතර, පුද්ගලික වෛද්ය විද්යාලයකනම් ලාබ දරුණු ලෙස අඩුවීමට බලපානු ඇත. පුද්ගලික අංශයේ එවිට එකම පිළිතුර විභාග වල ප්රමිතිය බාල කර වැඩි සිසුන් ගණනක් සමත් කර ලාබ වැඩි කර ගැනීමයි.මේ කාරණා සොයා බලන්නට මහැදුරු තුමාට අවශ්යතාවයක් තිබුණාද යන්න නම් මම නොදනිමි.

    ඉන් පසුව එතුමා "වෛද්ය සභාව මෙතෙක් කල් අවම සුදුසුකම් තීරණය කර නැත්තේ එය ඔවුන්ගේ බල ප්රදේශය නොවන නීිසා. ඔවුන්ට වෛද්යවරුන් ලියා පදිංචි කිරීමේ දී වෙනත් ආකාරයකට උපාධියේ තත්වය මනින්න පුළුවන්. පිටරට වෛද්ය උපාධිධාරීන්ගේ ඇතුළත් වීමේ අවම සුදුසුකම් තීරණය කිරීමට වෛද්ය සභාවට හෝ සෞඛ්ය ඇමතිවරයාට හෝ පුළුවන් ද?" යනුවෙන් පැනයක් නගනවා. එතුමා මෙහිදී ගෙඩි පිටින්ම වැරැදි බව නැවතත් කිව යුතුය. වෛද්යැ අධ්යාපනයේ ප්රමිතිය තීරණය කිරීමේ බලය ඇත්තේ වෛද්ය සභාවට බව වෛද්ය ආඥා පණතේ පැහැදිලිව දැක්වේ. අවම සුදුසුකම් යනු එයින් එක අංගයක් පමණි.වෛද්යවරුන් ලියාපදිංචි කිරීමේදී ප්රමිතිය මැනීමට වෛද්ය සභාවේ මහැදුරු වරුන් දනිති. ඔවුන්ට ම්හැදුරු නලීන්ගේ උපදෙස් අවශ්යම නැත. කොටින්ම මහැදුරු නලීන්ගේ මේ ගැන දැනුම ඇත්තේ හෝඩියේ පන්තියේ මට්ටමේය. ඒ නිසා වෛද්ය අධ්යාපනයේ සීමා සලකුණු කිරීම එකී උගතුන් විසින් කරනු ලබන අතර ගණිත අධ්යාපනයේ ප්රමිතිය ගැන මහැදුරු නලීන්ට යමක් කල හැකි වනු ඇත.

    මහැදුරු නලීන් සිතා සිටිනුයේ වැඩි වැඩියෙන් වෛද්ය විද්යාල අරින්නට අරින්නට බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහළ යනු ඇති බවයි. නමුත් එතුමාට කාරණා දෙකක් අමතකව ගොස් ඇත.

    පළමුවැන්න නම්, Z අගය පහළ යන්නට, යන්නට සමත්වෙන ප්රතිශතය අඩු වෙන බවය. ඒ නිසා අතුළත් කිරීම ගණන x අක්ෂයේ සහ සමත්වීම් y අක්ෂයේ සටහන් කර ප්රස්තාරයක් ඇන්දොත් එය කෙමෙන් වැඩිවී සමතලා බවට පත්වී යනු ඇත. මේ සමතලා වීම වන අගය අප දැනට දන්නේ නැත. දළ ගණනය කිරීමකින් එය 2000 පමණ වන බව පෙනී යයි. 97.5% විශ්රම්භ මට්ටමේදී (confidence interval) එය 1950 පමණ වනු ඇත.

    දෙවැනි කාරණය නම්, මේ රටේ රෝහල් වල ඉඩ ඇත්තේ වෛද්ය සිසුන් 1700-1900 දක්වා ගණනක් පුහුණුවට පමණක් බවයි. පුද්ගලික රෝහල් වල සිසුන් සියයක් පුහුණුවටවත් සෑහෙන රෝගීන් නොමැත. මේ ගණනය කිරීම් කරන ලද්දේ ලෝක සෞඛ්ය සංගමය මගින් ලබා දෙන ලද නිර්ණායක අනුවය. මේ නිරණායක අප රටට නොගැලපේ වැනි ප්රලාප මහැදුරාණෝ කීමට හැකි වුවත්, ලෝක සෞඛ්ය සංවිධානයේ වෛද්ය අධ්යාපන දැනුම නම් තල්මසා ඉදිරියේ මහැදුරු තුමා ඇමීබාවෙක් වැනිය. දැනටමත් දේශීයව සිසුන් 1200ක් පමණ පුහුණු වෙති. වයඹ සහ සබරගමුව පීඨ සමග මෙය 1400-1500 දක්වා වැඩි වනු ඇත. එවිට පුද්ගලික වෛද්ය විද්යාලයකට ඉතුරු වන්නේ ඉතා සුළු අවස්ථා ප්රමාණයක් පමණි. මේ තත්ව යටතේ අවම සුදුසුකම කුමක්ද යන්න දළ වශයෙන් ගණණය කල හැකිය. අප එකී ගණන 1800 ලෙසා ගනිමු. වසරකට ජීව විද්යාවලියන සිසුන් ගණන 20,000කි. ලංකාවේ පුහුණුවට ඉඩ ඇත්තේ ඉන් 9% පමණි. එනම් ජීව විද්යාව සඳහා 9 වෙනි ප්රතිශතකය (percentile) අවම සුදුසුකම ලෙස සැලකීමට සිදු වනු ඇත. නව වෙනි ප්රතිශතකය යනු Z අගය වශයෙන් +1.34ක් බව, ගණිතය මනාව දත් මහැදුරු තුමා පහසුවෙන්ම තේරුම් ගනු ඇතැයි සිතමි. මේ ප්රථිඵලය ආසන්න වශයෙන් සමාන වන්නේ A1B2ක ප්රතිඵලයකටය. ඒනිසා 3B යනු ඉතා සාධාරණ අවම සුදුසුකමකි.

    මහැදුරු තුමා දෙවනුව ලියා ඇති ලිපියේ තාක්ෂණික කරුණු කිසිවක් නැති අතර එහි ඇත්තේ කණිපින්දම් ගැසීමක් පමණයි.මහැදුරු නලීන් සිල්වාණෝ මේ රටේ ඉහළම ගණයේ විද්තෙකි. නමුත් එතුමාණෝද තමන් නොදන්නා දේවලට කථා කරන්නට යාමෙන් පීචං වීමට තරම් කෙනෙක් නොවේ.

    වෛද්‍ය රංග වීරක්කොඩි