වෛද්‍ය වැඩ වර්ජන

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    දොස්තරලා කවදාවත් ලෙඩ්ඩුන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ? තමන්ගේ දොස්තරකමට ප්‍රශ්නයක් වෙනකොට නේද අහිංසක ලෙඩ්ඩු ටික ඉස්සරහට දාලා වර්ජන කරන්නේ? :rolleyes::rolleyes:

    කරලම නැ
    සිංහලුන්ට දෙයක් මතක දවස කියාද බන්
    ඒ නිසා පුදුම වෙන්න දෙයක් නැ

    Ehema illala thiyena deyak sinhalunata mathak wennath ekka kiyapan balanna.
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    1) ලෙඩ්ඩු තමන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ?
    2)ලෙඩ්ඩු "දොස්තරලාට ප්‍රශ්නයක් වෙනකොට" කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ?

    ඩොකාලගෙ ප්‍රශ්නයකට ඩොකාල වර්ජනය කරන එක අවුල්.
    ඒ වුණාට අපි අපිට ලැබෙන්න ඕනෙ පහසුකම් ටිකවත් ඉල්ලන්නෙ නෑ.ඒකත් ඩොකාල වර්ජනය කරලා අරන් දෙනකල් ඉන්නෙ.ඒවට වර්ජනය ඕකේ.අපිට වාසියිනෙ. :lol:

    දොස්තරලගේ ප්‍රශ්නයකට ලෙඩ්ඩුන්ගෙන්ද පළිගන්නේ? ඒකද වෙදකම කියන්නේ. හොඳ වුණාම පින් දිදී යන උතුම් සේවයට මෙහෙමද සළකන්නේ? ඒ නිසා මං මෙච්චරයි අහන්නේ.අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න වීරත්වයක් දොස්තරලගෙන් කීදෙනෙක්ට ඒ පළිය ඇමැති කෙනෙක්ගෙන් ඒ පළිය ගන්න පුළුවන්ද ? දැන් ඔය ඕනි තරම් ආවා නේද හිරේ යන්න බැරිකමට බන්ධනාගාර රෝහලට ගිය මන්ත්‍රීලා, ඇමැතිලා.අන්න උන්ව ගණන් ගන්නේ නැතුව,බාර ගන්නේ නැතුව ඉන්න දොස්තරලා කී දෙනෙක්ට පුළුවන්ද?
     

    paalugama

    Well-known member
  • මහජනයාගේ මුදලින් නඩත්තු වෙන හරි වෙදෙක් කවදාවත් ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්නේ නැහැ.

    නිකන් බොරු පතුරවන්න එපා මල්ලී... එක්කෝ ඔයා රාජිතලගෙ උවමනාවට මෙහෙම බොරු දානවා.. නැත්නම් නොදන්නා කමට කමෙන්ට්ස් දාන පොඩි ලමයෙක් වෙන්න ඕනෙ. දොස්තරලා (වගේම අනෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හුගක් වෘතීය සමිති) කවදාවත් වැඩ වර්ජන වලට ලෙඩෙක්ගෙ ජීවිතෙ ප්‍රාන ඇපයට ගත්තේ නෑ, ගන්නෙත් නෑ. ස්ට්‍රයික් හින්දා කවුරු හරි ලෙඩෙක් මැරුනා කියලා කවදාවත්ම අහලා තියෙනවද? අනික් වෘත්තීන් වල ස්ට්‍රයික් මිම්මෙන් සෞඛ්‍ය ස්ට්‍රයික් මනින්න එපා හලෝ. ස්ට්‍රයික් කීවත් එදාටත් 90% වඩා රෝහලක රෝගී සත්කාර වැඩ වෙනවා. හුගක් වෙලාවට බාහිර රෝගී අංශය විතරයි වැඩ නතර වෙන්නෙ(සහ හදිසි නොවන සාමාන්‍ය ශල්‍යකර්ම.. සායන වල පවා ලෙඩා නොබැලුවට එන මාසයට අදාල බෙහෙත් ටික දෙනවා). ඒ වුනත් ඕනෑම හදිසි ලෙඩෙකුට, අමාරු ලෙඩෙකුට ඕනෑම වෙලාවක සුපුරුද් විදිහට රෝහලට ඇවිත් ප්‍රතිකාර කරගන්න පුලුවන්. ඔයාලා වාගෙ අය මේ සමාජෙට පතුරවන විස වලින් අනාගතෙ නැහෙන්නෙ උබල අපි වගෙ දුප්පත් පවුල් වල අය මිසක් උබලා කඩේ යන රාජිතලගේ පැලැන්තියෙ උන් නෙවෙයි බං

     

    paalugama

    Well-known member
  • දොස්තරලගේ ප්‍රශ්නයකට ලෙඩ්ඩුන්ගෙන්ද පළිගන්නේ? ඒකද වෙදකම කියන්නේ. හොඳ වුණාම පින් දිදී යන උතුම් සේවයට මෙහෙමද සළකන්නේ? ඒ නිසා මං මෙච්චරයි අහන්නේ.අහිංසක ලෙඩ්ඩුන්ගෙන් පළිගන්න වීරත්වයක් දොස්තරලගෙන් කීදෙනෙක්ට ඒ පළිය ඇමැති කෙනෙක්ගෙන් ඒ පළිය ගන්න පුළුවන්ද ? දැන් ඔය ඕනි තරම් ආවා නේද හිරේ යන්න බැරිකමට බන්ධනාගාර රෝහලට ගිය මන්ත්‍රීලා, ඇමැතිලා.අන්න උන්ව ගණන් ගන්නේ නැතුව,බාර ගන්නේ නැතුව ඉන්න දොස්තරලා කී දෙනෙක්ට පුළුවන්ද?

    නොදන්න දේවල්කියන්න එපා මචන්. ලෙඩ්ඩු වෙනුවෙන් (තමන්ගෙ වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් සීමා නොවී වෙන අය .. ඒ කීවෙ ලෙඩ්ඩු/ මහ ජනතාව වෙනුවෙනුත් මැදිහත් වුන, ස්ට්‍රයි කරපු එකම කට්ටිය වෛද්‍යවරු විතරයි - මතකද දන්නෙ නෑ ක්‍රිවල ඩී සී ඩී කේස් එක. එතකොටපිටරට සමගම් වල උවමනාවට සිමා රහිතව විශ කෘෂිරසායන රට තුල භාවිතය ගැන වගෙ දේවල්වලට මුලින්ම මැදිහත් වුනෙ ඩොකාල මිසක් වෙන අය නෙවෙයි. .. මේ සයිටම් ඉශූ එකත් වෛද්‍යවරුන්ට පෞද්ගලිකව බලපාන දෙයක් නොවෙයි ඩිරෙක්ට්ලි බලපාන්නෙ ලෙඩ්ඩුන්ට කියලා එක්කො ඔයාලට තේරුම් ගන්න බෑ නැත්නම් වෙනත් දේශපාලන අවශ්‍යතා මත නෙතේරෙනවා වගෙ කමෙන්ට් දානවා. සයිටම් නැවැත්තුවා කිය්ලා සල්ල්ලි ගෙවලා ඉගෙන ගෙන එන ඩොක්ටර්ස්ලා නවතිනවද? මීට කලින් ආවෙ නැත්ද? ඩොකාල කියන්නෙ ඒක නැති කරන්න කියලා නෙවෙයි හරි විදිහට ඉගෙන ගෙන එන ඩොක්ටර්ස්ල සමාජයට බිහි කරන්න කියන එක විතරයි.. මොකද ඔහොම එන ඩොක්ටර්ස් ලගෙන් බෙහෙත් ගන්නෙ උබ කියන ඩොකාට පිං දිදී යන සාමන්‍ය මිනිහා මිසක් මවුන්ට් එලිසබත් යන රාජිතලා රනිල්ලා නෙවෙයි. ඩොකාලට බනින්න වැය කරන කාලයෙන් 500න් එකක් වැය කරලා මේ "ආණ්ඩු" නෙවිල්ට සල්ලි හම්බ කරලා දෙන්න ගහන හොර මගඩි ටික එළි කරන්නකො පුලුවන්නම් මචන්!
     

    paalugama

    Well-known member
  • Ehema illala thiyena deyak sinhalunata mathak wennath ekka kiyapan balanna.
    තුන්වෙනි ලෝකෙ රටක් වෙච්ච අපේ රටෙ සෞඛ්‍ය දියුණු රට වල ගානට ගෙනල්ල තියෙන්නේ ප්‍රධානවම මෙතුවක් කල් මේ රටේ සෙවය කරපු වෛද්‍යවරු මිසක් වෙන අය නෙවෙයි - සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙක් වෘතීනුත් එයට යම් පමනකට දායක වූ බව සත්‍යයක් නමුත් බොහෝ ප්ලෑන් කිරීම් සහ ඉම්ප්ලිමෙන්ට් කිරීම් මූලිකවම සිදු වුනේ වෛද්‍ය්වරු හරහා..
    ඩී සී ඩී කියල එකක් මතකද දන්නෙ නෑ කට්ටියට?
    එතකොට විශ කෘමිනාශක භාවිතය?
    එක්ටා එක (ඒක ආව කියල අඩුවෙන්ම ඇෆෙක්ට් වෙන්නෙ ඩොකාල )
    ලංකාවෙ බොහො රෝහල් දියුණු කරන්න සල්ලි හොයා ගන්නෙ ඒ රෝහල් වල වැඩ කරපු/ කරන උණ තියෙන ඩොක්ටර්ස්ල මිනිස්ට්‍රි පස්සෙ ගිහින් නැත්නම් පිටරටවල ජයිකා වගෙ ආයත වලට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් ලියලා ගන්න සල්ලි වලින් මිසක් හිතල යමක් කරන දේශපාලකයො නෙවෙයි- හබැයි එහෙම හදා ගන්න ඒව විවෘත කරන්න නම් හෝ ගාල දෙස්පලුවෝ එනවා
    ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න රෝහල් වලට බෙහෙත් රජයෙන් හම්බ නෙවෙද්දි රජයට කරදර කරල්ල බෙහෙත් ගෙන්න ගන්නෙ ලෙඩ්ඩු වෙන්න ඇති නෙහ්? ඩෝනර්සලා පස්සෙ ගිහින් වීල් චෙයාර් එකක් දෙන්න පේශන්ට් මොනිටරයක් දෙන්න කියල ඉල්ලන්නෙ ලෙඩ්ඩු වෙන්න ඇති නෙ?
    රෝහලක උබලට පේන්නෙ ලෙඩ්ඩු එනව බෙහෙත් ගන්නවා යනවා වගෙ දෙයක් වුනාට ඒ දේ වෙන්න තව කොච්චර දේවල් වෙන්න ඕනෙද කියල - තිරයෙ පිටිපස්සෙ කරන්න තියේ වැඩ ගොඩ දන්නෙ රෝහල්වල වැඩ කරන අය මිසක් වෙන කවුරුවත්ම නෙවෙයි
    අනෙක් වෘතීය සමිති තමන් වෙනුවෙන් නොවී ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන වෙලාවල් තියෙනවද මචන්?

     

    paalugama

    Well-known member
  • දොස්තරලා වෙනුවෙන් කම්කරුවෝ කතා කරයි.පාරට බහියි.උද්ඝෝෂණය කරයි. හැබැයි කවදාවත් කම්කරුවා වෙනුවෙන් දොස්තරවරවරු කම්කරුවාගේ අයිතිය වෙනුවෙන් පාරට බහින්නේ නැහැ.උද්ඝෝෂණය කරන්නේ නැහැ.දොස්තරවරු තමන්ට කෙළවෙද්දි තමයි දඟලන්නේ.මොකද එයාලා බයයි එයාලගේ තත්ත්වය පහතට වැටෙයි කියලා.ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා බයයි.
    අතීතෙ දන්නෙ නෑ වගේ:lol:.
    ඇත්තම කීවොත් ඔය දැන් ඩොකාලට විරුද්ධව කෑ ගහන රත්නප්‍රිය පවා ඉස්සරහට ගෙනාවෙ ඩොකාලා. ජී එම් ඕ ඒ එක මතක විදිහට 1990 ගනන් වල අන්තිම කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ සේර
    කැටගරි එක්කාසු කරගෙන සංධානයක හැදුව මොද ඒ වෙනකොට විශේෂයෙන් සෞඛ්‍ය කම්කරු අය හිටියේ හරි යුනියන් ලීඩර්ස්ලා නැතිව එහෙන් මෙහෙන් තැලී තැලී. ඔන්න ඔය සංධානය හරහා බොහො කැටගරි වලට (විශේශයෙන් කම්කරු උපස්ථායක වගෙම එම් එල් ටී, නර්සින් - රත්නප්‍රියලා වගෙ- හාමුදුරුවො නෙවෙයි) නායකයෝ බිහි වුනා, හැබැයි අන්තිමෙ වුනෙ එහෙම බිහි වෙච්ච නායකයො ටික දේශපාලකයෝ ඩැහැ ගත්ත තමන්ගෙ උවමනා එපාකම් කරව ගන්න. . සමහර මෙහෙම බිහි කරපු නායකයින් හිස උදුම්මවා ගත්තා - මුල අමතක කරලා මූලික අරමුණු වලින් පිට ගිහින් - හරියට වඳුරට දැලි පිහිය අහුවුනා වගෙ -
    මේ නායකයින් බිහි කලෙත් ඒ
    යට එක්කාසු වෙන්න තැනක් හැදුවෙත් ජී එම් ඕ එක මූලික වෙලා.. එත් දැන් ඉතින් සමහරු අර මූසිලලව ගෙ නැග්ග ඉනිමගට පයින් ගහලා තම්න්ගෙ බඩ වඩා ගන්නවා.
    ජී එම් ඕ ඒ එක එක දෙයක් ඉගෙන ගත්තා ඒකෙන්.ඒකෙන් පස්සේ අනුන්ට කරන්න ගිහින් ඉල්ලන් කන එක ටිකක් අඩු කර ගත්තා..මෑතකදි නම් නර්සින් අය මිඩ්-වයිෆ්ලව කපලා දාන්න හදපු වෙලාවෙනම් මෑතකදි ජී එම් ඕ ඒ එක මැදිහත් වුනා
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0


    නිකන් බොරු පතුරවන්න එපා මල්ලී... එක්කෝ ඔයා රාජිතලගෙ උවමනාවට මෙහෙම බොරු දානවා.. නැත්නම් නොදන්නා කමට කමෙන්ට්ස් දාන පොඩි ලමයෙක් වෙන්න ඕනෙ. දොස්තරලා (වගේම අනෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හුගක් වෘතීය සමිති) කවදාවත් වැඩ වර්ජන වලට ලෙඩෙක්ගෙ ජීවිතෙ ප්‍රාන ඇපයට ගත්තේ නෑ, ගන්නෙත් නෑ. ස්ට්‍රයික් හින්දා කවුරු හරි ලෙඩෙක් මැරුනා කියලා කවදාවත්ම අහලා තියෙනවද? අනික් වෘත්තීන් වල ස්ට්‍රයික් මිම්මෙන් සෞඛ්‍ය ස්ට්‍රයික් මනින්න එපා හලෝ. ස්ට්‍රයික් කීවත් එදාටත් 90% වඩා රෝහලක රෝගී සත්කාර වැඩ වෙනවා. හුගක් වෙලාවට බාහිර රෝගී අංශය විතරයි වැඩ නතර වෙන්නෙ(සහ හදිසි නොවන සාමාන්‍ය ශල්‍යකර්ම.. සායන වල පවා ලෙඩා නොබැලුවට එන මාසයට අදාල බෙහෙත් ටික දෙනවා). ඒ වුනත් ඕනෑම හදිසි ලෙඩෙකුට, අමාරු ලෙඩෙකුට ඕනෑම වෙලාවක සුපුරුද් විදිහට රෝහලට ඇවිත් ප්‍රතිකාර කරගන්න පුලුවන්. ඔයාලා වාගෙ අය මේ සමාජෙට පතුරවන විස වලින් අනාගතෙ නැහෙන්නෙ උබල අපි වගෙ දුප්පත් පවුල් වල අය මිසක් උබලා කඩේ යන රාජිතලගේ පැලැන්තියෙ උන් නෙවෙයි බං


    මහජනයාගේ බදු මුදල්වලින් ජීවත්වෙනවා නම් කිසිම රෝගියෙකු බැහැර කරන්න රජයේ සේවකයෙකුට කිසිම අයිතියක් නැහැ.කිසිම රෝගියෙකු අපහසුතාවයට පත් කරන්න අයිතියක් නැහැ.එහෙම නම් පඩියත් අඩුවෙන් ගන්න ඕනි
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0

    අතීතෙ දන්නෙ නෑ වගේ:lol:.
    ඇත්තම කීවොත් ඔය දැන් ඩොකාලට විරුද්ධව කෑ ගහන රත්නප්‍රිය පවා ඉස්සරහට ගෙනාවෙ ඩොකාලා. ජී එම් ඕ ඒ එක මතක විදිහට 1990 ගනන් වල අන්තිම කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයෙ සේර
    කැටගරි එක්කාසු කරගෙන සංධානයක හැදුව මොද ඒ වෙනකොට විශේෂයෙන් සෞඛ්‍ය කම්කරු අය හිටියේ හරි යුනියන් ලීඩර්ස්ලා නැතිව එහෙන් මෙහෙන් තැලී තැලී. ඔන්න ඔය සංධානය හරහා බොහො කැටගරි වලට (විශේශයෙන් කම්කරු උපස්ථායක වගෙම එම් එල් ටී, නර්සින් - රත්නප්‍රියලා වගෙ- හාමුදුරුවො නෙවෙයි) නායකයෝ බිහි වුනා, හැබැයි අන්තිමෙ වුනෙ එහෙම බිහි වෙච්ච නායකයො ටික දේශපාලකයෝ ඩැහැ ගත්ත තමන්ගෙ උවමනා එපාකම් කරව ගන්න. . සමහර මෙහෙම බිහි කරපු නායකයින් හිස උදුම්මවා ගත්තා - මුල අමතක කරලා මූලික අරමුණු වලින් පිට ගිහින් - හරියට වඳුරට දැලි පිහිය අහුවුනා වගෙ -
    මේ නායකයින් බිහි කලෙත් ඒ
    යට එක්කාසු වෙන්න තැනක් හැදුවෙත් ජී එම් ඕ එක මූලික වෙලා.. එත් දැන් ඉතින් සමහරු අර මූසිලලව ගෙ නැග්ග ඉනිමගට පයින් ගහලා තම්න්ගෙ බඩ වඩා ගන්නවා.
    ජී එම් ඕ ඒ එක එක දෙයක් ඉගෙන ගත්තා ඒකෙන්.ඒකෙන් පස්සේ අනුන්ට කරන්න ගිහින් ඉල්ලන් කන එක ටිකක් අඩු කර ගත්තා..මෑතකදි නම් නර්සින් අය මිඩ්-වයිෆ්ලව කපලා දාන්න හදපු වෙලාවෙනම් මෑතකදි ජී එම් ඕ ඒ එක මැදිහත් වුනා

    කම්කරුවා කිව්වම ඒකට ඉස්පිරිතාලේ කම්කරුවා විතරද අයිති ? දැන් එතකොට ඇයි ඉස්පිරිතාලෙන් පිට මිනිස්සු මේ වෙනුවෙන් කතා කරන්නේ? විශ්වවිද්‍යාවල ශාස්ත්‍ර පීඨ ඇයි කෑ ගහන්නේ ? පෙළපාලි යන්නේ ඇයි? උදාහරණයකට කවදාවත් ලංකාවේ කලාව තැනකට ගෙන ඒම වෙනුවෙන්,උසස් රසිකත්වය නිර්මාණය කිරිම වෙනුවෙන් කතා කරලා කී දෙනාද ඉන්නේ? ඇයි කලාව රටේ කොටසක් නෙමෙයිද? ඒවට සද්ද නැහැ.අහිංසක ලෙඩ්ඩුන් අමාරුවේ දාන චණ්ඩි දොස්තරලට පුළුවන්ද ඇමැති කෙනෙක්ට බෙහෙත් කරන එක වර්ජනය කරන්න ? එහෙම කොන්දක් තියෙන්නේ කාටද ? තමන්ට අදාළ වන තාක් කල් පවතින ක්‍රමයේ අවුල දොස්තරලට තේරුණෙත් නැහැ.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඒක පහසුකම් වල ප්‍රශ්නයක්...... පහසුකම් නැත්නම් අමාරු ලෙඩ්ඩුන්ව පහසුකම් තියෙන් තැන් වලට යවනව......
    මේක ප්‍රමිතිය & ලෙඩ්ඩුන්ගෙ ජීවිත ආරක්ශාව ගැන ප්‍රශ්නයක්.......
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩ වර්ජන කියන්නෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලින් එකක්. ඒක තමන්ගෙ රැකියාවට අදාලව තමයි කෙරෙන්න ඕනෙ.

    ලෙඩ්ඩුන්ට ඇඳන් නැහැ කියල දොස්තරල/නර්ස්ල/ඇටෙන්ඩන්ල/සිකුරිටිල ස්ට්‍රයික් කලොත් ඒක වැරදියි.

    ඒ වගේම සයිටම් නිසා තැපැල් වර්ජනයක් කලොත් ඒකත් වැරදියි.

    තේරුනාද මල්ලිට?
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පුදුම ප්‍රශ්න නේද මිනිස්සුන්ට ඇති වෙන්නෙ....දොස්තරලගෙ ස්ටයික් වැරදියි...නෙවිලට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ ඔනෙ...පදනමක් ඇති දෙයක් කියපන් බන්...රෙදි ගලෝගෙන කඩේ යන්නෙ නැතුව...

    Umbata kohenda ban redi?
     

    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    දොස්තරලා කවදාවත් ලෙඩ්ඩුන්ට මෙන්න මේ පහසුකම් ලැබෙන්න ඕනි කියලා කවදාවක හරි වර්ජනයක් කරලා තියෙනවද ? තමන්ගේ දොස්තරකමට ප්‍රශ්නයක් වෙනකොට නේද අහිංසක ලෙඩ්ඩු ටික ඉස්සරහට දාලා වර්ජන කරන්නේ? :rolleyes::rolleyes:

    Very true .. mun hospital ekakata giyama adu gane ledak ta Karunawen katha karawada? Anika Nevil Fernando eka wahana welawe munta barida mun ge hospital devolop karanna wadak hithanna eka? SAITEM wahana ma hoda Na.. premadasa wage inna thibbe
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    showing ur clz cant tolarate a decent comment....total dependent of a politician lol....reported
    Date Comment
    වෛද්‍ය වැඩ වර්ජන 07-22-2017 11:27 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek ona
     
    Last edited:

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    showing ur clz cant tolarate a decent comment....total dependent of a politician lol....reported
    Date Comment
    වෛද්‍ය වැඩ වර්ජන 07-22-2017 11:27 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek ona


    class ? ඒක ඇත්ත. පවතින ක්‍රමයේ අවුල සවුදි ගියපු ගෑණුන්ගෙන් පෙනෙද්දි, රටේ තේ දළු නෙළන කම්කරුවාට දැනෙද්දි,රබර් කිරි කපන කම්කරුවාට දැනෙද්දි කට පියාගෙන හිටපු දොස්තර පැලැන්තිය තමන්ගේ පැලැන්තියට කෙළවෙද්දි,තමන්ගේ ඒකාධිකාරය බිඳ වැටෙද්දි දඟලන දැඟලිල්ල දැන් පේනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දොස්තරලා වෙනුවෙන් කම්කරුවෝ කතා කරයි.පාරට බහියි.උද්ඝෝෂණය කරයි. හැබැයි කවදාවත් කම්කරුවා වෙනුවෙන් දොස්තරවරවරු කම්කරුවාගේ අයිතිය වෙනුවෙන් පාරට බහින්නේ නැහැ.උද්ඝෝෂණය කරන්නේ නැහැ.දොස්තරවරු තමන්ට කෙළවෙද්දි තමයි දඟලන්නේ.මොකද එයාලා බයයි එයාලගේ තත්ත්වය පහතට වැටෙයි කියලා.ආධිපත්‍යය බිඳ වැටෙයි කියලා බයයි.

    දැන් නෙවිල් එක නිසා කෙලවෙන්නෙ දොස්තරලටද???? නොදකින් බන් උබල වගේ මීහරක්....දොස්තරල මේ සටන් කරන්නෙ ආධිපතය වෙනුවෙන්...මොකද නෙවිලගෙ a/l ෆේල් සායනික පුදුනුවක් පවා නැති නමට දොස්තරල මාරම කෙලිපයිඩ්...නොදකින් තොපි වගේ හරක්...:confused::confused::confused:
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    උබේ කතාව ඇත්ත මචන්. මිනිස්සු ගැන හිතලා වර්ජනය කරනවා කියලා බොරුවට කියනවා. ඒත් දොස්තරු හිතන්නෙ තමන් ගැන විතරයි. ගොඩක් අය වර්ජනය කරන්නෙ ඒකාධිපත්‍යට ඇති වෙන තර්ජනයට බය වෙලා මිසක් වෙන එහෙකට නෙවෙයි. මම නම් සයිටම් විරෝධියි ඒ නිසා දොස්තරවරු කියන සමහර දේවල් වලට එකඟයි. එකට සටන් කරත් කාගෙ කාගෙත් ප්‍රොපගැන්ඩා දැනගෙන ඉන්න එක ඇඟට ගුණයි.

    සරල උදාහරණයක් ගමු.ඉන්දියාවේ ඉස්සරහින් ඉන්නේ කලාකාරයෝ.කලාව තමයි උතුම්.මං කියන්නේ නැහැ වෛද්‍ය වෘත්තිය උතුම් නැහැ කියලා.ඒත් ඒ හැම දේකින්ම ඔප්පු වෙන්නේ වෛද්‍ය සටනේදී තමන්ගේ වෛද්‍ය පැලැන්තිය රැකගන්න කියලා හිතෙන්නේ නැද්ද? අනික ඔයා හිතන්න දොස්තරලා වැඩිවෙනවට ඔතැන ඉන්න දොස්තරලා කීදෙනෙක් කැමැති වෙයිද ?

    ඔයා මෙහෙම හිතන්නකෝ.රේඩියෝ,ඉන්ටර්නෙට්,ටීවී,ෆිල්ම් හෝල් ඔය මොනම විදිහකින් හරි කලා නිර්මාණ බලන්න බැරුව බ්ලොක් කරා කියලා හිතන්නකෝ.මිනිස්සුන්ට මොකක් වෙයිද? හැමෝටම වෘත්තිය ගරුත්වයක් තියෙන්න ඕනි.කසිකබල් ටෙලිනාට්‍ය නිසා සමාජයට වෙන හානිය කී දෙනෙක් කතා කරනවද? ඔය අගේට ඒවා ප්‍රචාරය වෙන්නේ.කසිකබල් සින්දු ඇහෙන්නේ අගේට. මං ඒකයි කියන්නේ. බයෝ,මැත්ස් කරන උන්ගේ හෙන ගණන් ඉගෙනගන්න කාලේ ඉඳන්.මං කියන්නේ ඇයි සරල වෙන්න බැරි? කලාවත් රසවිඳින සැහැල්ලු මිනිස්සු වෙන්න පුළුවන් කීදෙනාද ඉන්නේ? ඉස්කෝලේ ඉන් කාලේ ඉඳලම කරන්නේ බොහොමයක් දෙනා කරන්නේ කලාව සහ සෙසු වෘත්තීන් පහතට දාලා කතා කරන එක.අඩුම ගාණේ රටට විනිමය ගේන ගෘහ සේවිකා ප්‍රශ්නය වෙනුවෙන් කී දෙනෙක් කතා කරනවද ? වැදගත්ම දේ මේකයි.මනුස්සයෙක් බිහි කරන්න දොස්තර කෙනෙක් ඕනි.හැබැයි ඒ මනුස්සයා ජීවත් කරවන්න වෛද්‍යවරුන් වගේම අනික් වෘත්තීන් ඕනි.අනික් මිනිස්සු ඕනි. ඒත් එහෙමද හිතන්නේ. ඕකයි මට තියෙන ප්‍රශ්නේ
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83


    class ? ඒක ඇත්ත. පවතින ක්‍රමයේ අවුල සවුදි ගියපු ගෑණුන්ගෙන් පෙනෙද්දි, රටේ තේ දළු නෙළන කම්කරුවාට දැනෙද්දි,රබර් කිරි කපන කම්කරුවාට දැනෙද්දි කට පියාගෙන හිටපු දොස්තර පැලැන්තිය තමන්ගේ පැලැන්තියට කෙළවෙද්දි,තමන්ගේ ඒකාධිකාරය බිඳ වැටෙද්දි දඟලන දැඟලිල්ල දැන් පේනවා.
    Those are the jobs of your heavnly politicians dude aka ur boss....no point in discussing this with you....you my frnd smiply cant understand wt im saying....good lck sleeping wth bloody politikkas
     

    ncbrando

    Member
    Jan 31, 2014
    838
    115
    0
    දැන් නෙවිල් එක නිසා කෙලවෙන්නෙ දොස්තරලටද???? නොදකින් බන් උබල වගේ මීහරක්....දොස්තරල මේ සටන් කරන්නෙ ආධිපතය වෙනුවෙන්...මොකද නෙවිලගෙ a/l ෆේල් සායනික පුදුනුවක් පවා නැති නමට දොස්තරල මාරම කෙලිපයිඩ්...නොදකින් තොපි වගේ හරක්...:confused::confused::confused:

    සායනික පුහුණුව හෝමාගම රෝහලෙන් දෙන්න හදද්දි ඒකට විරුද්ධ වුණේ වෛද්‍ය සංගමය.ඒ නිසා තමයි රෝහලක් හැදුවේ.මෙන්න නෙවිල් ප්‍රනාන්දු මව්බිමට දුන්නු සම්මුඛ සාකච්ඡාව.

    “කවුද මේ නෙවිල් ප්‍රනාන්දු. ඉස්පිරිතාලේ බදු දුන්නද - ණය ගෙව්වද?” • දොස්තර නෙවිල්ගෙන් Mawbima ප්‍රශ්න කරයි.

    ••• Interview by Bharatha Prabhashana Thennakoon

    නෙවිල් ප්‍රනාන්දු. 1931 ඉපදුණු නෙවිල් ප්‍රනාන්දුට දැන් වයස 86යි. හැබැයි එයා හැප්පෙන්නේ අවුරුදු විස්සේ විසි පහේ කොල්ලොත් එක්ක. වයසින් තිස් හතලිස් ගණන් වල ඉන්න බලසම්පන්න වෛද්‍යවරු ඇතුළු සංවිධානත් එක්ක. මොකද්ද මේ ජවය. කවුද මේ නෙවිල්. අපි හම්බුණා.

    1. පොඩි කාලේ ගෙවුණේ කොහොමද?
    අපේ තාත්තා රජයේ සේවකයෙක්. ඒ නිසා අවුරුදු දොළහට ඉස්කෝල දහතුනක ඉගෙන ගත්තා. පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ, අම්බලන්ගොඩ වගේම මහනුවර ධර්මරාජෙත් ටික කාලයක් ඉගෙන ගත්තා. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා. 1957 දි වෛද්‍යවරයෙක් හැටියට පිටවුණා.
    ඊට පස්සේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කළා. දේශපාලනයට සම්බන්ධ වුණා. ව්‍යවසායකයෙක් හැටියට විවිධ ක්ෂේත්‍ර වලට යොමු වුණා.

    2. නෙවිල් ප්‍රනාන්දු කියන්නේ ඒ කාලේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්?
    ඒ කාලේ මම තමයි ඒ පළාතේම හිටපු ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ලාබාලම වෛද්‍යවරයා. 1959 ඉ`දලා අවුරුදු විස්සක් මම පානදුරේ මගේ ක්ලිනික් එකේ වැඩ කළා. ඒ කාලේ මගේ ගාස්තුව රුපියල් දෙකයි ශත පණහයි.

    3. එතනින් පස්සේ?
    හැත්තෑ ගණන් වල මට ආරාධනා කළා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න. මම පානදුරේ සංවිධායක වුණා. ඒ කාලේ පානදුරේ කියන්නේ වාමාංශික ආසනයක්. පානදුරේ සංවිධායක හැටියට හිටියේ ලෙස්ලි ගුණවර්ධන. 77 ඡන්දෙදි වාමාංශික අපේක්ෂක ලෙස්ලි ගුණවර්ධනව වැඩි ඡන්ද දහදාහකින් පරද්දලා මම පානදුරේ මන්ත්‍රී වුණා.

    4. වාමාංශික ආසනයක් වුණු පානදුරේ අනිත් පැත්ත පෙරළුවේ කොහොමද?
    ඕනම රෑක ඕන වෙලාවක කවුරු හරි ඇවිත් කීවොත් ප්‍රතිකාරයක් කියලා සල්ලි හම්බුණත් නැතත් මම ගියා. සමහර තැන් වලට ගිහිං වැඩ ඉවර වුණාම කියනවා සල්ලි නෑ කියලා. මම හිස් අතින්ම ආපහු එනවා. මම අවංකවම මිනිස්සුන්ට සේවය කළා. වෛද්‍යවරයෙක් හැටියට මට ලොකු කීර්තියක් තිබුණා. ඉතිං මම ඡන්දෙට ආපුහාම රතු පාටට තිබුණු පානදුරේ කොළ පාට වුණා.

    5. ඡන්දෙට කීයක් වියදං කළාද?
    මට මුළු ඡන්දෙටම වියදම් වුණේ රුපියල් විසි පන්දාහයි. මුළු කැන්වසින් එකම ගියේ ඩීසල් බැරල් හතරකින්. මගේ වාහන දෙකකින් මම මුළු ආසනේ පුරාම ගියා. ඒ හැමෝටම වගේ නම කියලා කතා කරන්න පුළුවන් දැන හැ`දුනුම්කමක් මට තිබුණා. පෝස්ටර් කටවුට් ගහලා ඒ කාලේ ඡන්ද දිනන්න බෑ. මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. ආසනේ මන්ත්‍රී ආසනේට වැඩ කළේ නැත්නම් ඊළ`ග ඡන්දෙදි ජනතාව උත්තර දෙනවා.

    6. 77 මන්ත්‍රී වුණාට මන්ත්‍රීකම වැඩි කාලයක් කරන්න වුණේ නෑ නේද?
    77 අපි බලයට ආවේ ධර්මිෂ්ට සමාජයක් හදනවා කියලානේ. ඒත් ටික කාලයක් යනකොට ඒ පොරොන්දු ඉශ්ඨ නොවෙනකොට වෙන වෙන පාරවල් වල යනකොට මම පාර්ලිමේන්තුවේ රණ්ඩු කළා. ඥානම්ට සාරි ගේන්න දුන්නු පර්මිට් එකට කලිසම් රෙදි ගෙනාවම ලොකු දඩයක් ගැහුවා. ආණ්ඩුව මැදිහත් වෙලා ඒවා නිදහස් කළාට පස්සේ මම ඒක ප්‍රශ්න කළා. ඊට පස්සේ හිටපු ලීගල් ඩ්‍රාෆ්ට්මන්ව තනතුරෙන් ඉවත් කරන එකට විරුද්ධව මම කතා කළා.

    ඊට පස්සේ මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ වෙලාවේත් මම විරුද්ධ වුණා. ආණ්ඩු පක්ෂ රැස්වීමේ තිබුණු ඡන්ද විමසීමේදි මම ඡන්දය නොදී හිටියා. මගේ ල`ග හිටපු මන්ත්‍රීතුමා මගේ අතට තට්ටු කරලා කීවා අත උස්සන්න කියලා. මම මගේ අත ගසා දැම්මා. ජනාධිපති ඡේආර් ජයවර්ධන ඒක දැක්කා. එයා දැනගත්තා මම හරියන මිනිහෙක් නෙවෙයි කියලා.

    ඊට පස්සේ එක එක අවවාද කළා. පණිවිඩ එව්වා. මාව අවනත කරගන්න උත්සාහ කළා.

    7. එතකොට මන්ත්‍රීකම අත්හරින්නේ?
    අච්චුවේලි වල ගුවන්හමුදා භටයෝ කීප දෙනෙක් ඝාතනය වෙලා කොළඹ ගෙනාවා. මම ඒ වෙලාවේ පානදුරේ රැස්වීමක් තියලා කීවා zඡේආර්ට මේක කරන්න බැරිනම් පුළුවන් කෙනෙකුට දීලා යන්නZ කියලා. මගේ කතාව පත්තරවල ගියා. මේක ගියා zසවුදි අරාබියාZ කියලා පත්තරේක. එතකොට ජනාධිපති ජයවර්ධන හිටියේ සවුදියේ.

    ලංකාවට ආපු ගමං කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරලා මාව පක්ෂෙන් අයින් කළා. මට උසාවි යනවද නැත්නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවවකට මුහුණ දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගන්න වුණා. මම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තෝරා ගත්තා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දැම්මා. ඒකෙන් පස්සේ ඡන්ද විමසීමක් තියන්න තීරණය කළා මට විරුද්ධව.

    ජනාධිපති ජයවර්ධනගේ හයෙන් පහේ බලයක් එක්ක ඊට එරෙහිව පාර්ලිමේන්තුව ඇතුලේ ඡන්ද විමසීමකට මුහුණ දෙනවා කියන්නේ විහි`ථවක්. ඒ නිසා ඡන්දය ආරම්භ වෙනකොට මම මගේ ඉල්ලා අස්වීම භාර දීලා ගෙදර ගියා.

    8. ඉතිං ඔබ ජේආර් ජයවර්ධන ගැන නොදන්නවා වෙන්න බෑනේ?
    මම විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඡේආර් ජයවර්ධන ගැන...

    9. එතනින් දේශපාලනේ නතර කළාද?
    ඊට පස්සේ මැතිණි මට ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙලා ඒකේ උප ලේකම්වරයෙක් වුණා. මගෙත් එක්ක හිටපු අනිත් උප ලේකම් තමයි මහින්ද රාජපක්ෂ. 94 වෙනකල් ශ්‍රී ලංකා එකේ හිටියා.

    10. ජේආර් සහ සිරිමාවෝ කියන නායකයින් දෙන්නා එක්කම ඔබ වැඩ කළා. කවුද වඩාත් සිත්ගත් නායකයා?
    මැතිණි. උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. හැමෝටම කන්දීලා හැමෝගෙම දේවල් වලට අවස්ථාවක් දෙනවා.

    11. අපි නෙවිල් ප්‍රනාන්දු කියන ව්‍යවසායකයා ගැන කතා කළොත්, ඔබ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනකොටම ව්‍යාපාර වලටත් අත ගැහුවද?
    මම මුළින්ම කළේ දේපළ වෙළ`දාම්. ඉඩම් අරගෙන ගෙවල් හදලා විකුණුවා. ඒකෙන් හම්බුණු ලාභ වලින් ලක්ෂ නවය හමාරකට ඛෙන්තොට පටන් ගත්තා තරු පංතියේ සංචාරක හෝටලයක්. අක්කර පහක තිබුණු කාමර 31ක හෝටලයක්.

    ඒක දියුණු වීගෙන එනකොට ඒක ලක්ෂ පහළවකට විකුණලා පොල් වත්තක් ගත්තා. හෝටලේ කොටස් අයිතිකාරයින්ට රුපියල් දහයේ කොටසකට රුපියල් පහළව ගාණේ ගෙව්වා. අක්කර හැත්තෑ පහක වත්ත 1972 ගෙනාපු උපරිම ඉඩම් අයිති නීතියෙන් මට අක්කර පණහක් ඉතිරි වෙලා ඉතුරු විසි පහ ආණ්ඩුවට ගත්තා. ඊට පස්සේ මම ඒක විකුණුවා.

    ඊට පස්සේ අසූ ගණන් වල අක්කර විසිතුනක ඉඩමක මම පෝසිලීන් ෆැක්ටරියක් පටන් ගත්තා. හැම තැනම තිබුණේ වෙන වෙනම වැඩ කරන පෝසිලීන් ෆැක්ටරි. මම පටන්ගත්තා එකම තැනක හැම දේම කරන එකක්. ඒකේ පළවෙනි පෝසිලීන් තොගය එක්ස්පෝර්ට් කරාට පස්සේ මගේ කොටස මගේ හවුල්කාරයාට විකුණුවා. මම පටන් ගත්තා ඇඩ්වර්ටයිසින්, ප්‍රින්ටින් කරන්න පු`ථවන් සියලූම පහසුකම් තියන මුද්‍රණාලයක්. දැන් ඒකේ ශාඛා කීපයක් ලෝකේ රටවල් කීපයක තියනවා.

    ඒ වෙනකොට කඩා වැටිලා තිබුණු ආශා සෙන්ට්‍රල් රෝහල මම ගත්තා. ඒක මම දියුණු කළා. 1998 දි පටන් ගත්ත ආශා සෙන්ට්‍රල් එක මිලියන එක්දාස් හයසීයකට විකුණලා සයිටම් එක පටන් ගත්තා.

    12. ඇයි ව්‍යාපාර හද හද විකුණන්නේ?
    මම කැමතියි අලුත් අභියෝග භාරගන්න.

    13. ඔබ ජීවිතේ එක එක වෙලාවේ මහ අමුතු විදිහට දේවල් අත්හැරීම් කරලා තියනවා?
    ඔව්. පටන් ගන්නවා. දියුණු කරනවා. අත්හරිනවා. තව පියවරක් ඉස්සරහට තියනවා. මගේ ජීවිත කාලේ ගොඩක් දේවල් කරන්න පු`ථවන් වුණේ ඒක නිසා. එකම දෙයක් අල්ලගෙන හිටියානම් මේ කිසි දෙයක් කරන්න වෙන්නෑ. කාට වුණත් ඒක පොදුයි. ඉස්සරහට ගියේ බදාගෙන හිටපු මිනිස්සු නෙවෙයි, අත්හැරපු මිනිස්සු.

    14. ලංකාවේ හා හා පුරා කියලා පටන් ගත්ත පුද්ගලික වෛද්‍ය විද්‍යාලයත් අන්තිමේට රජයට ගත්තා. එහෙම තියෙද්දිත් ඇයි ඒ වගේ එකකටම අත ගැහුවේ?
    මගේ පවුලේ ඉන්නවා දොස්තරලා පහළවක් විතර. තව ඉංජිනේරුවෝ පහක් හයක්. ඒ හැමෝම ඉගෙන ගත්ත අය. අපේ දෙමව්පියෝ අපිට හො`දට ඉගැන්නුවා. ඉතිං මට ඕන වුණා අපි ලබා ගත්ත අධ්‍යාපනය තව කෙනෙකුට දෙන්න. මට එහෙම උවමනාවක් තියනකොට තමයි විශ්වා වර්ණපාල ඇමතිතුමා ආරාධනා කළේ ලංකාවේ ව්‍යවසායකයින්ට පුද්ගලික අධ්‍යාපන ආයතන පටන් ගන්න එන්න කියලා.

    15. සයිටම් කියන්නේ සල්ලි ගරන උපාධි කඩයක් නේද?
    දැනටත් සයිටම් එකේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සීයට තිහක් ඉන්නේ ශිෂ්‍යත්වලාභීන්. මේ වෙනකොට මම දීලා තියනවා මිලියන 550ක් වටිනා ශිෂ්‍යත්ව. ඉගෙන ගන්න කැමති දක්ෂ ළමයින්ට ඒ උවමනාව ඉශ්ඨ කරගන්න උදව් කරනවා. මට සල්ලි වැඩක් නෑ. ආශා සෙන්ට්‍රල් එක විකුණලා ඒ මිලියන 1600 බැංකු පොතක දැම්මාත් මට හො`දට ජීවත් වෙන්න පුළුවන්. මගේ දරුවෝ, මුණුපුරෝ මිණිබිරියෝ හො`දට ඉගෙන ගත්ත අය. ඒ අයට මේ සයිටම් එකෙන් සල්ලි හොයගෙන ජීවත් වෙන්න උවමනා නෑ.

    16. සයිටම් එකට දැන් මොකද වෙන්නේ?
    මේ වෙනකොට වෛද්‍ය උපාධිදාරීන් අනූවක් විතර පිට වෙලා තියනවා. ඊට අමතරව ඉංජිනේරු උපාධිදාරීන් හාරසීයක් පමණ පිටවුණා. ලෝකේ පුරා එයාලා දැන් වැඩ කරනවා. තවත් ළමයි ඉගෙන ගන්නවා. එයාලාත් උපාධිදාරීන් හැටියට පිටවෙයි.
    අද වෙනකොට සයිටම් කියන්නේ ඉතාම ශක්තිමත් විශ්වවිද්‍යාලයක්. මගේ රෝහල ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ගරු සෞඛ්‍ය ඇමතිතුමා යෝජනා කළා වෛද්‍ය පීඨයට ළමයි දෙසීයක් ගන්න අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා. ඊට පස්සේ පන්සීයක් දක්වා වැඩි කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා එතුමා කීවා. මම බලාපොරොත්තුවෙනවා ඇමතිතුමා යෝජනා කරපු ඉලක්කයට යන්න. ක්‍රමයෙන් සිසුන් සංඛ්‍යාව පන්සීය දක්වා වැඩි කරන්න. පළවෙනි අදියර විදිහට වෛද්‍ය පීඨයට සිසුන් දෙසීයක් සහ ඉංජිනේරු පීඨයට සිසුන් දෙසීයක් බදවාගෙන ඔවුන්ට හො`ද අධ්‍යාපනයක් ලබා දෙන්න මම සැලසුම් කරගෙන යනවා.

    17. ඇයි තමන්ගේ සල්ලි වලින් හදපු රෝහල රජයට දුන්නේ?
    මම කීවා මම ඒක පරිත්‍යාග කරන්නම් කියලා.
    මම ඔය රෝහල පටන් ගත්තේ අපේ ළමයින්ට හෝමාගම රෝහලේදි සායනික පුහුණුව දෙන්න රජයේ වෛද්‍යවරු විරුද්ධ වෙලා එළවාගත්තට පස්සේ. ඒ ළමයින්ට ඉගෙන ගන්න තැනක් ඕනේ. තව ගොඩක් අයට සේවයක් කරන්න පුළුවන්. මම ඉංජිනේරු පීඨය පටන්ගන්න හිතාගෙන පටන්ගත්ත ගොඩනැගිල්ල රෝහලක් කළා.
    ලංකාවේ ලොකුම පුද්ගලික රෝහල තමයි ඇ`දන් 1002ක් තියන නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල. සාමාන්‍ය වාට්ටු, නවීන පහසුකම් වලින් සමන්විත කාමර, රසායනාගාර, ශල්‍යාගාර වගේ හැම දේකින්ම අංගසම්පූර් රෝහලක්.

    18. ඒ කියන්නේ අහම්බයක් වගේ ජීවිතේ පළවෙනි වතාවට අලූත් රෝහලකුත් හැදුවා?
    මම මුළින්ම රෝහලක් හැදුවේ 77 පානදුරේ. කේතුමතී කාන්තා රෝහල. හැබැයි, දැන් සති කීපෙකට කළිං මම පානදුරේ යනකොට ඒ රෝහලේ මට විරුද්ධවම කලූ කොඩි උස්සලා බැනර් එල්ලලා. මම එතන හිටපු අයට ඉතිහාසේ කියලා දීලා ඒවා ගලවලා දාලා ආවා.

    කොළඹින් පිට අදටත් තියන එකම කාන්තා රෝහල. අදටත් ලංකාවේ තියන ඉහළම පහසුකම් සහිත රෝහලක් ඒක. ඒ ගොඩනැගිලි රජයට ප්‍රදානය කරලා තිබුණට වැඩක් අරගෙන තිබුණේ නෑ. මම කීවා මම මන්ත්‍රී වුණාම මේ ගොඩනැගිල්ලේ පූර්ණ පහසුකම් සහිත මාතෘ රෝහලක් හදනවා කියලා. ඉතිං මම ඒ ඡන්ද පොරොන්දුව අනුව ඒ රෝහල හැදුවා. ඒ වෙලාවේ සමහරු යෝජනා කළා ඒ රෝහලට මගේ නම දාන්න කියලා. මම කීවා අනුන්ගේ දේපල වල, අනුන්ගේ සල්ලි වලින් හදපු රෝහල් වලට මගේ නම දාන්නේ නෑ- ඒත් කවදා හරි මගේ සල්ලි වලින් හදපු රෝහලකට මගේ නම දානවා කියලා. මම මගේ වියකමින් හදපු රෝහලට නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල කියලා නම දැම්මේ ඒ නිසා.

    19. දැන් ගොඩක් අය ප්‍රශ්න කරනවා නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල වෙනුවෙන් ගත්ත ණය ගෙවන්නේ කවුද කියන එක. ?
    මම. සම්පූර්ණයෙන්ම මගේ ණය ගෙවන්නේ මම. මම ණය ගන්න බැංකුවට ගිය වෙලාවේ බැංකුව මගෙන් ඇහුවා, මගෙන් පස්සේ කවුද මේ වැඩ කරන්නේ කියලා. මගේ මිනිබිරීට ඒ හැම දේකම වගකීම පවරලා තියෙන්නේ. අපි ගත්ත හැම සතයක්ම වෙලාවට ගෙවලා ඉවර කරනවා.

    20. රෝහලයි සයිටම් ප්‍රශ්නෙයි කියන්නේ දෙකක්. දැන් සයිටම් එකට මොකද වෙන්නේ?
    සයිටම් එක ඉස්සරහට යනවා. රෝහල තමයි සායනික පුහුණුවට හැදුවේ. රෝහලයි සයිටම් එකයි කියන්නේ එකිනෙකට බැ`දුණු එකක්. සයිටම් එකට තමයි රෝහල අයිති වෙලා තිබුණේ. රෝහල රජයට පැවරුවට පස්සේ, රෝගීන් වැඩි වෙනවා. අද සල්ලි ගෙවන රෝහලක් නිසා රෝගීන් එනවා අඩුයි. රජයේ රෝහලක් හැටියට නොමිලේ සේවය සපයනකොට ගොඩක් රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබන්න පුළුවන්. ඒක නිදහස් සෞඛ්‍යයටත් විශාල ශක්තියක්.
    ඒ වගේම, අධිවේගී මාර්ග පද්ධතිය දියුණු වෙනකොට අධිවේගී මාර්ගවලින් කොළඹට එන ගිලන්රථ වලට පුළුවන් විනාඩි කීපයකින් මගේ රෝහලට එන්න. දැන් තියන විදිහට කොළඹට යන්න වැඩි වෙලාවක් යනවා. මේ රෝහලෙන් ඒ ප්‍රශ්නේ විසෙ`දනවා. ඒ නිසා රජය බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණු මුල් කරගෙන මේ රෝහලක් හැටියට පවත්වාගෙන යන්න.

    21. රෝහල රජයට පවරා දීමට එකග වුණා කියන්නේ, ඔබ ටිකක් බය වෙලා අඩියක් පස්සට ගත්තා නෙවෙයිද?
    නෑ. මම කවදාවත් අඩියක් පස්සට තියලා නෑ. මම අඩියක් ඉස්සරහට තිබ්බා. මම මේ දුන්නේ ධානයක්. අපේ පවුල්වල අවුරුදු සිය ගාණක් තිස්සේ ධාන දීලා තියනවා. අපි ධානයක් දුන්නට පස්සේ දුක් වෙන්නේ පසු තැවෙන්නේ නෑ. සන්තෝස වෙනවා. ඒ නිසා මම මේ ලොකූ ධානේ දීලා ගොඩක් සතුටු වෙනවා.

    22. සයිටම් කියන්නේ වෛද්‍ය විද්‍යාලයක් විතරක් නෙවෙයි. ඔබ හිතන්නේ ඇයි මේ වෛද්‍ය උපාධියට විතරක් විරෝධතා?
    ඒක තමයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ තියන කුහකකම. එයාලා බයයි වෛද්‍යවරු වැඩි වැඩියෙන් වෛද්‍ය වෘත්තියට ඇවිත් එයාලගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට පාර වදියි කියලා. ඒක නොකියා වෙන එක එක හේතු කියනවා.

    23. ඔබ ඉගෙන ගත්ත පාසලක් වුණු මහනුවර ධර්මරාජෙම ආදි ශිෂ්‍යයෙක් තමයි අන්තරේ මෙහෙයවන ලහිරු වීරසේකරත්...?
    ඒක හරි අපූරුයි. එක එක්කෙනාගේ දේශපාලන වැඩ වලට ඒ ළමයි උසිගන්නලා තියෙන්නේ.

    (ලහිරුලාට කදුළුගෑස් ගහන පොලීසියභාර පූජිත ජයසුන්දර මහත්තයාත් වගේම බන්ධනාගාරේ ලොක්කෝ කීප දෙනෙක්මත් ඒ ඉස්කෝලෙම ආදිශිෂ්‍යයෝ තමයි. ඒක හරි අපූරුයි තමයි)

    24. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගැන මොකද්ද අදහස?
    අපිට මහ විශාල කර්මාන්ත පටන් ගන්න, නිෂ්පාදන සිදු කරන්න සම්පත් නෑ. තියන සීමිත සම්පත් වලින් ගොඩක් දේවල් කරන්න බෑ. එහෙමනම් අපි කරන්න ඕනේ මොලේ විකුණන එක. අපේ ළමයින්ට දැනුම දීලා, ඒ වෙනුවෙන් ආයෝජනය කරලා ඒ දැනුමෙන් අපිට පුළුවන් රට දියුණු කරන්න. මේකට පුද්ගලික අංශය, රජය වගේම පුද්ගලික-රාජ්‍ය මැදිහත්වීමෙන් දේවල් කරන්න ඕනේ.

    25. දැන් ඉතිං ඊළ`ගට මොකද්ද කරන්නේ?
    තව අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක දැන්ම කියන්න කාලේ වැඩියි. බාගයක් ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතුරු බාගේ මගේ හිතේ තියනවා. ඒකත් කොහොම හරි කරනවා.

    26. සාමාන්‍යයෙන් මිනිස්සු අවුරුදු 55-60 වෙනකොට විශ්‍රාම යනවා. දැන් ඔබට වයස 86ක්?
    එහෙම හිතන නිසාම තමයි මේ රටවල් පස්සට යන්නේ. අලුතෙන් දේවල් හිතන්නැතුව ඉන්නකොට මොළේ මලකඩ කනවා. මොන අභියෝග ආවත්, මම ජීවිතේ අවසන් මොහොත වෙනකල්ම අලූත් දේවල් කරනවා.