වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වෛද්‍ය වෘත්තියේ කීර්තියත් අනතුරේ

    SAITM.jpg

    ශ්‍රී-ලංකාවේ උපාධි ලබාදෙන පෞද්ගලික ආයතන ගණනාවක් පැවතුනද මාලඹේ පිහිටි SAITM (South Asia Institute of Technology & Medicine) ආයතනය තරම් ආන්දෝලනයට ලක්වූ වෙනත් ආයතනයක් ශ්‍රී-ලංකාව තුල ඇතැයි සිතිය නොහැක. මෙසේවන්නට හේතුව එම ආයතනය තුල උගන්වන වෛද්‍ය වෘත්තිය ගරු වෘත්තියක් වශයෙන් ලාංකිකයන් තුල පිලිගැනීමක් පැවතීමත්, පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් ශ්‍රී-ලාංකිකයන් තුල ඇති විශ්වාසය මඳකමත් වන්නට ඇත.

    මෙම ආයතනය මේ වනවිට ආරම්භ කර ඇත. 2009 වසරේ ආරම්බ කරන ලද මෙම ආයතනයෙන් උපාධි ලබාගන්නා පලමු උපාධිධාරීන් කණ්ඩායම මෙම වසරේ සිය උපාධිය අවසන් කිරීමට නියමිත වන නමුත් මේ දක්වා මෙම ආයතනය ලබාදෙන උපාධිය ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවෙන් පිලිගන්නා උපාධියක් ලෙස අනුමැතිය ලබා දී නොමැත.

    මේ තත්වය හමුවේ ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ නියෝජිතයින් කණ්ඩායමක් SAITM වෙත යැවීමට කටයුතු කරන ලදී. මෙම ආයතනයට ශ්‍රී-ලංකා වෛද්‍ය සංගමයේ අනුමැතිය ලබාදීමට ප්‍රථම එම ආයතනය සතුව වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිලිගැනීමට අවශ්‍ය අවම අවශ්‍යතා හෝ පවතිනවා ද යන්න පිළිබඳ සොයාබැලීම මෙම කණ්ඩායම යැවීමේ අරමුණයි.

    මෙම කණ්ඩායමට වෛද්‍ය වෘත්තිය හා සම්බන්ධ නියෝජිතයෝ 10 දෙනෙකු ගෙන් සමන්විත විය. ජූනි 13-14-15 යන දිනවලදී මෙම කණ්ඩායම මෙම වෛද්‍ය විද්‍යාලය නිරීක්ෂණ කරන ලදී. මෙහිදී මෙම කණ්ඩායමේ නිගමනය වී ඇත්තේ SAITM ආයතනය ගොඩනෑඟිලි පහසුකම් සඳහා අති විශාල මුදලක් වියදම්කර ඇති නමුත් සිසුන් 200 දෙනෙකුට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය අනෙකුත් පහසුකම් මෙම ආයතනය සතුව නොමැති බවයි.

    සාමාන්‍යෙයන් එක් වෛද්‍ය සිසුවෙකු බඳවාගන්නා විට එම වෛද්‍ය විද්‍යාලයට අනුයුකුත රෝහලේ එම ශිෂ්‍යයා සඳහා ඇඳන් 5ක් තිබිය යුතුවීම සාමාන්‍ය පිළිගැනීමයි. එමෙන්ම මෙම ඇඳන් සංඛ්‍යාවෙන් 80%ක් පිරීතිබිය යුතු වීමත් අත්‍යවශ්‍ය කරුණකි. ඒ අනුව SAITM ආයතනය වාර්ශිකව බඳවාගන්නා සිසුන් 200 සඳහා එම ආයතනය සතුව පවතින රෝහලේ ඇඳන් 1,000ක් තිබියයුතු වුවත්. එපමන ඇඳන් සංඛ්‍යාවක් එම රොහල සතුව නොපවතී. එමෙන්ම මෙම රෝහලෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාවද ඉතාම අඩු අගයක පවතී. මෙම නිරීක්ෂකයින් එම රොහල නිරීක්ෂණය කරන අවස්ථාවේ දී සමහර වාට්ටු වල සිටි රෝගීන් සංඛාව 1-2ක් පමණ වූ බවත් දැනගන්නට ඇත. එමෙන්ම මෙම රෝහල සතුව සිටින පුහුණු විශේෂඥ වෛද්‍යවරුන්ගේ ද බලවත් අඩුවක් පවතී.

    මේවාට අමතරව රෝහලක් ශික්ෂණ රොහලක් ලෙස නම් කිරීම සඳහා තවත් විශේෂ කරුණු කාරනා ගණනාවක් සම්පූර්ණ කල යුතුව ඇත.

    සාමාන්‍යෙයන් අවසන් වසරේදීවත් ඉතා හොඳ සායනික පුහුණුවක් ලබාදිය යුතුය. නමුත් SAITM ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ට ලැබෙන සායනික පුහුණුව ඉතාම අවම තත්වයේ පවතින බව මෙම නියෝජිත කණ්ඩායමේ බහුතරයේ නිගමනය වී ඇත.

    SAITM ආයතනය ශ්‍රී-ලංකාවේ පවතින අධ්‍යාපන ආයතන වලින් වැඩිම මුදලක් අයකරන අධ්‍යාපන ආයතනය වන අතර මෙම ආයතනයේ පසුගිය වසරේ ශුද්ධ ලාභය රුපියල් බිලියනය ඉක්මවයි. 200ක් වැනි සිසුන් පිරිසක් වාර්ශිකව බඳවාගන්නා ආයතනයක් රුපියල් බිලියනයක ශුද්ධ ලාභයක් ලබන්නට නම් එක සිසුවෙකුගෙන් ලබාගන්නා මුදල සම්බන්ධයෙන් වැඩි දුර විමසිය යුතු නැත. එතරම් මුදලක් ගෙවීමෙන් අනතුරුවත් මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලබාගන්නා සිසුන්ට ලැබෙන අධ්‍යාපනය වෘත්තියට ගැලපෙන අධ්‍යාපනයක් නොවන බව ඉහත විශේසඥ කණ්ඩායමේ නිගමන වලට අනුව පෙනීයයි. මෙම තත්වය තුල ඇති බරපතලම ගැටළුව වන්නේ මෙසේ නිසි පුහුණුවක් නොමැති අයත් සැලකෙන්නේ ශ්‍රී-ලාංකික වෛද්‍යවෘත්තිකයන් ලෙස වීම නිසා ජාත්‍යන්තරයතුල සමස්ථ ශ්‍රී-ලාංකික වෛද්‍ය වෘත්තිකයන් සඳහා ඇති පිළිගැනීම හෑල්ලුවට ලක්වීමයි.

    කෙසේ වෙතත් ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ සිටින පුද්ගලයන් තිදෙනෙකු විසින් මෙතරම් අඩුපාඩු තිබියදී මෙම ආයතනයට ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදෙන ලෙසට බලපෑම් එල්ලකරන බව වාර්ථා වේ. මේ ආකාරයට බලපෑම් එල්ලකරන්නේ හිටපු ජනාධිපතිවරයාගේ කාය වෛද්‍යවරයා ලෙස කටයුතු පුද්ගලයෙකු, රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන වකුගඩු රෝග සම්බන්ධයෙන් විශේෂඥයෙකු වන සහ පසුගිය කාලයේ වකුගඩු රෝග සම්බන්ධයෙන් ශ්‍රී-ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ පවා පුවත් මවන්නෙකු වූ මහාචාරයවරයෙකු, සහ රාගම ව්‍යෛ පීඨයට අයත් විශේෂඥ වෛද්‍යවරියක් විසිනි.

    මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනවාට විරුද්ධව වෛද්‍යවරුන්, දේශපාලඥයන්, අධ්‍යාපනඥයන්, වෛද්‍ය සිසුන් ඇතුළු විශාල පිරිසක් සිය විරෝධය පලකලත් එම විරෝධය නොසලකමින් මෙම ආයතනය ආරම්භ කිරීමට පසුගිය රජයේ උසස් සධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක අමාත්‍යවරයා කටයුතු කරන ලදී. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය හිමුවූයේ ඔහුගේ පෞද්ගලික කාය වෛද්‍යවරයා මෙන්ම ඔහුගේ උපදේශකයෙකුද වන ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයාගේ බිරිඳ මෙම ආයතනයත් සමඟ ඇති සම්බන්දය හේතුවෙනි. මෙම කාර්යය ඉටුකිරීම වෙනුවෙන් එස්. බී. ටත් මහින්ද රාජපක්ෂටත් SAITM ආයතනය නොසලකා සිටියේ නැත. ඒ සඳහා පඬුරු පාක්කුඩම් වශයෙන් මුදල්, ද්‍රව්‍ය මෙන්ම කාන්නාවන් ද අල්ලස් වශයෙන් ලබාදීමට කටයුතු කර තිබුණි.

    මෙවැනි කටයුතුතක් ආරම්භ කිරීමේ දී සාමාන්‍යෙයන් රජය විසින් එම ක්ෂේස්ත්‍රෙය් විශේෂඥයින්ගේ අවශ්‍ය උපදෙස් ලබාගන්නා නමුත් මහින්ද රාජපක්ෂ සහ එස්. බී. දිසානායක තමාට ලැබුන පඬුරු පාක්කුඩම් හමුවේ බහුතරයක් ජනතාවගේ මෙම විරොධය නොසලකා හරින ලද අතර ඔවුන් මෙම ගැටළු පෙන්වා දුන් අවස්ථාවේ ඒවා මර්ධණය කිරීමට කටයුතු කරන ලදී.

    එම අවස්ථාවේ නිසි පියවර ගත්තානම් මේ ගැටළුව මෙතරම් දුරදිග යන්නේ නැත. මේ වන විට මෙම ගැටළුව නිසා මෙම වෛද්‍ය විද්‍යාලයට ඇතුලත්වූ ළමයින් 1,200ක පමණ පිරිසක් ද දැඩි ගැටළුවකට මුහුන දී සිටිති.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    SAITM එකේ medicine කරන්න ලක්ෂ 95ක් යනවලු :dull::baffled::baffled: මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් කරනවා :dull: ඊට වැඩ ලාභදායි china වගේ යන එක ගානත් අඩුයි ඔච්චර කරදරත් නැහැ :):baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    SAITM එකේ medicine කරන්න ලක්ෂ 95ක් යනවලු :dull::baffled::baffled: මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් කරනවා :dull: ඊට වැඩ ලාභදායි china වගේ යන එක ගානත් අඩුයි ඔච්චර කරදරත් නැහැ :):baffled:

    :baffled::baffled::baffled:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    SAITM එකේ medicine කරන්න ලක්ෂ 95ක් යනවලු :dull::baffled::baffled: මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් කරනවා :dull: ඊට වැඩ ලාභදායි china වගේ යන එක ගානත් අඩුයි ඔච්චර කරදරත් නැහැ :):baffled:
    :rolleyes::baffled::baffled: echara wenawada ban,man hithuwe 50 withara goda yannna puluwan kiyala,ohoma balanakota china hari,russia hari yana eka thamai laba
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    SAITM එකේ medicine කරන්න ලක්ෂ 95ක් යනවලු :dull::baffled::baffled: මන් දන්නා කෙල්ලෝ දෙන්නෙක් කරනවා :dull: ඊට වැඩ ලාභදායි china වගේ යන එක ගානත් අඩුයි ඔච්චර කරදරත් නැහැ :):baffled:

    :oo::oo::oo::frown::frown::(:(
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    giya chandedi mahindage campaign ekata sahenna wiyadam kara menna meya, neville fernando. patan gaththa thana idanma hora wada karala patangaththe. sakwithita eha. mahinda nathi nisa thawa auruddakin dekakin oka wahila giyama mu salli aran rata pani
    8-03.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    giya chandedi mahindage campaign ekata sahenna wiyadam kara menna meya, neville fernando. patan gaththa thana idanma hora wada karala patangaththe. sakwithita eha. mahinda nathi nisa thawa auruddakin dekakin oka wahila giyama mu salli aran rata pani
    8-03.jpg

    එහෙම උනොත් ඕකට ගියපු උන්ට තමා කෙල වෙන්නේ :oo::oo:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    :rolleyes::baffled::baffled: echara wenawada ban,man hithuwe 50 withara goda yannna puluwan kiyala,ohoma balanakota china hari,russia hari yana eka thamai laba

    දැන් තම බන් මෙහෙම වත් අඩු ඊට කලින් කොටියත් පැන්නා දැන් මේ උපරිම අඩු කරලලු :P
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කාටද ? ඒ ? කොයි පැත්තේ උන්ටද ? :oo::oo:

    එළකිරියේ නෙවෙයි රටේ ඉන්න ගොඩාක් එව්නුත් මේකට බනින්නේ GMO එකේ එව්න් කියන කතාව අහලා විතරයි.ඔය එකෙක්වත් SAITM එකේ එවුන්ගේ කතාව ඇහුවේ නෑ.:eek::eek::eek:
    මේ රටේ කාලයක් තිබුනා සල්ලි නැති කම නිසා අකුරු වට කරලා පවුරු බැඳපු.
    නිදහස් අධ්‍යාපන පනත නිසා ඒක කඩලා දැම්මා.:yes::yes::yes:
    දැන් ඒ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන එන එවුන්ම සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න එවුන්ට අකුරු වටේ පවුරු බඳින්න හේතු හදාගෙන යනවා.:yes::yes::yes:
    මේක ගැන මීට කලින් කිරියේ අපි සැරට කතා කලා.
    ඇයි ලංකාවේ අනන්තවත් ඉංජිනේරු උපාධි පුද්ගලිකව දෙනවා.
    කෝ ඉන්ජෝ මැරෙන්න හදනවද..?:no::no::no::no:
    නෑනේ.
    උන් කියන්නේ එකම දෙයයි.කොහෙන ගත්තත් කමක් නෑ.ඇවිත් වැඩ කරලා බලමු කියලා.
    දොස්තරලට එහෙම කියන්න බෑ.:frown::frown::frown:
    උන්ට තියෙන්නේ තමන්ගේ ඒකාධිපති ගෝත්‍රය විනාශ වේවි කියලා බයක්.:lol::lol::lol:
    මොකද අද දොස්තරලා ඉන්නේ මේ රටේ වෙනම ග්‍රහ ලෝකයකින් පහල වුනා වගේ.:dull::dull:
    උන් ඉල්ලන ඉල්ලන දේ උන්ට දෙන්න වෙනවා.එහෙම දුන්නේ නැත්තම් ස්ට්‍රයික්.කිසිම රෝගියෙක්ට දොස්තරව ප්‍රශ්ණ කරන්න බැහැ.දොස්තරලා නිසා මැරෙන රෝගීන් ගැන කවුරුවත් බලන්නේ නැහැ.
    මෙන්න මේ ගෝත්‍රයට පහර වදින නිසයි උන් GMO එකෙන් පිට එකම දොස්තර කෙනෙක්වත් රටේ ඉන්නවට අකමැති.:yes::yes::yes:
    මේක මීට එහා ගිය මාතෘකාවක්.
    වෙලාව නාස්ති කරගන්න බැහැ.මම නම් කරන්න පුළුවන් හැමදේම කරනවා දොස්තර ගෝත්‍රයේ කටු කම්බි ගලවන්න.මොක්ද මගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා අපමණ දුක් වින්දා ඔය බලු සත්තු නිසා.මට මැරෙනකම් තාත්තා විදපු දුක අමතක කරන්න බැහැ.ඕකුන්ගේ චැනල් එකේ සල්ලි ගෙවපු නිසා උණ හෙම්බිරිස්සාව හැදුනු එවුන් පහලොවක් විතර බලලා තමයි සල්ලි නොගෙවා ආපු කකුල කැඩුනු තාත්තව ඕකුන් බැලුවේ.
    මට කියන්න නම් දේවල් තියෙනවා.
    අද මේ රටේ විශාල ප්‍රමාණයක් මිනිස්සු දැන් දොස්තරලට එරෙහිව මානසිකව ශක්තිමත් වෙලා ඉන්නේ.:yes::yes:
    මම SAITM නෙවෙයි.තාත්තාව චැනල් කරන්න සල්ලි නොතිබුන මම ඕකට යන්නේ නෑනේ.:(:(:(:(හැබැයි දැන් මම උපාධිය තියෙන හා හොඳ රැකියාවක් කරන එකෙක්.:):):)මට දැන් තමයි පකේ දොස්තරලාගේ ගෝත්‍රයේ බලු වැඩ තේරෙන්නේ.:yes::yes::yes:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන

    :yes::yes::yes: this is reality.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරනවාට විරුද්ධව වෛද්‍යවරුන්, දේශපාලඥයන්, අධ්‍යාපනඥයන්, වෛද්‍ය සිසුන් ඇතුළු විශාල පිරිසක් සිය විරෝධය පලකලත් එම විරෝධය නොසලකමින් මෙම ආයතනය ආරම්භ කිරීමට පසුගිය රජයේ උසස් සධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක අමාත්‍යවරයා කටයුතු කරන ලදී. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය හිමුවූයේ ඔහුගේ පෞද්ගලික කාය වෛද්‍යවරයා මෙන්ම ඔහුගේ උපදේශකයෙකුද වන ශ්‍රී-ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයාගේ බිරිඳ මෙම ආයතනයත් සමඟ ඇති සම්බන්දය හේතුවෙනි. මෙම කාර්යය ඉටුකිරීම වෙනුවෙන් එස්. බී. ටත් මහින්ද රාජපක්ෂටත් SAITM ආයතනය නොසලකා සිටියේ නැත. ඒ සඳහා පඬුරු පාක්කුඩම් වශයෙන් මුදල්, ද්‍රව්‍ය මෙන්ම කාන්නාවන් ද අල්ලස් වශයෙන් ලබාදීමට කටයුතු කර තිබුණි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    nidahas adyapanen awilla thawaa minissu huraa kanna nedaa onaa....
    desapaluwanta dewani naa lankawee dostaralaa...

    channel karanna gaana adu wei, tharagayak ei kiyalaa bayeee... :lol::lol:
     
    Similar threads