වෛද්‍ය සාෆි නිදහස්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,112
    8,220
    113
    Safi-1.jpg


    වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

    ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීය.

    එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.

    ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු නිදහස් කරන බවත්, නඩුව පවත්වාගෙන යාමට කරුණු නොමැති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර තිබේ.

    මෙහිදී වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඉවත්කර ඇති බව "අද දෙරණ" වාර්තාකරු සඳහන් කළේය.

    වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින අතර ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මේ මනුස්සය පවු බන්. පොරගේ ළමයි පවු ඔක්කොටම වඩා.
     
    • Like
    Reactions: haunte