වෛරයේ හිස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙලොස්‌වන සියවසේ සිට එන වෛරයේ හිස

    head.jpg

    දොළොස්‌වන සියවසේ දී එංගලන්තයේ ජීවත් වූ "ඩි රොන්ඩිෆර්ට්‌ "සාමිවරයා නිරන්තර උත්සාහයක යෙදුනේ ගුප්ත විද්‍යාව මගින් ඇසෙන තොරතුරු පිළිබඳව පදනම්ව ඇති සත්‍ය සොයා බැලීමයි. එහි වරදක්‌ නොමැති වුණත් ඔහු අනුගමනය කරන ලද ක්‍රමවේදය ඉතාම බියකරු විය. ඔහු මේ වෙනුවෙන් පාදක කර ගත්තේ මිනිසුන්ගේ ජීවිතයයි. ඩිවුටන්බරි ප්‍රදේශයේ වනාන්තරයේ පිහිටි රොන්ඩ්ෆර්ට්‌ගේ මාළිගයට අවට ගම්මානවලින් පැහැර ගෙන යන මිනිසුන් යොදා ගෙන ඔහු මෙම අධ්‍යනයන් සිදු කළ අතර එය ප්‍රසිද්ධ රහසක්‌ද විය. ඒත් මේ වෙනුවෙන් කිසිවෙකුත් නැගී සිටියේ නැත. ඔහුගේ මෙම කටයුත්ත නිසාම සාමිවරයා ජීවත් වූ මාළිගාව "වදක මාලිගය" යනුවෙන් හඳුන්වන ලදී.

    වතාවක්‌ ඔහුගේ මෙම ගුප්ත විද්‍යාවේ අත්හදාබැලීම වෙනුවෙන් නිමිති වූයේ "ලූසිපර්" නම් යක්‌ෂයා වෙනුවෙන් පූජාවක්‌ පැවැත්වීමයි. යාබද ගම්මානයේ සිටි වංශාධිපතිවරයෙකුගේ දියණිය පැහැර ගෙන විත් ඇගේ ලැමැදට කිණිස්‌සකින් ඇන එයින් ගලා ගෙන ආ රුධිරයෙන් පූජාවක්‌ පවත්වන ලදී. මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු පැතිරීම නිසා මහත් සේ ආවේගයට පත් ජනතාවගේ ඉවසීමේ සීමාව අවසාන විය. වංශාධිපතිවරයා සේනාවක්‌ රැගෙන විත් රෝන්ඩ්ෆර්ට්‌ සාමිවරයාගේ මාළිගාව සහමුලින්ම විනාශ කරන ලදී. සාමිවරයා පිළිබඳවත් කිසිම තොරතුරක්‌ එයින් පසුව ආරංචි නොවීය.

    මේ සිද්ධියෙන් කාලයකට පසුව බ්‍රිතාන්‍යයේ පුරාවිද්‍යා පර්යේෂක මන්ක්‌ටන් විසින් මෙම ප්‍රදේශයේ කැණීම් සිදු කරන ලද අතර එහිදී ඇටකටු සහ වෙනත් අවශේෂ අතර තිබී වීදුරු පෙට්‌ටියක්‌ හමු විය. එහි වූයේ මිනිස්‌ හිසකි. සාමිවරයා මෙම වීදුරු පෙට්‌ටිය රැගෙන ආවේය. එය තමා නිදා ගන්නා කාමරයේ තබා ගත්තේය. දින හතක්‌ ගෙවෙන තෙක්‌ මෙහි කිසිම වෙනසක්‌ නොවීය. නමුත් එක්‌ දිනක්‌ රාත්‍රියේ පුරාවිද්‍යාඥ මන්ක්‌ටන් හදිසියේ අවදි වූයේ "මන්ක්‌ටන්" , "මන්ක්‌ටන්" යනුවෙන් තමා ආමන්ත්‍රණය කරන නාදයයි. ඔහු අවදිවී වටපිට බැලුවේය. යෝධ වවුලෙක්‌ පියඹා ගියේය. තවත් ටික වේලාවකින් යෝධ වවුලන් කිහිප දෙනෙක්‌ කාමරයේ ඒ මේ අත පියඹා ගිය අතර ඔවුන්ගේ තටු පටස්‌ පටස්‌ යනුවෙන් එකටෙක ගැටෙනු ඇසුණි. මන්ක්‌ටන්ගේ හිත තිගැස්‌සුන අතර පසුදිනම මෙම වීදුරුපෙට්‌ටිය ඉවත් කළ යුතු යෑයි තීරණය කළේය. කෙසේ වෙතත් වීදුරු පෙට්‌ටිය ඉවත් කිරීම අතපසු විය. තවත් දිනක්‌ සාමිවරයාට මන්ක්‌ටන් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇසුණි. එය පසුගිය දිනට වඩා වේගවත් අතර එහි කිසියම් ද්වේෂයක්‌ ගැබ් වී තිබුණි. වීදුරු පෙට්‌ටියේ වූ හිසේ දෙනෙත් ඇදී තිබුණි. දවට සේ රත්පැහැති ඇස්‌ ඔහුගේ මුහුණට ඉලක්‌කව තිබුණි. එතැනින් ඉවත් වීමට තැත් කළත් පුරාවිද්‍යාඥවරයාට ඒ වෙනුවෙන් ශක්‌තියක්‌ නොවීය. දෙදිනක්‌ ගෙවී ගියේය. එදා රාත්‍රියේ මන්ක්‌ටන් යන හඬත් සමඟ අවදි වූ සාමිරයා දුටුවේ වීදුරු පෙට්‌ටියේ වූ හිස යමක්‌ පවසන ආකාරයයි. මන්ක්‌ටන්ට හිතුනේ හිස කියා සිටින්නේ වීදුරු පෙට්‌ටියෙන් තමා නිදහස්‌ කරන ලෙසින් වූ ආයාචනයක්‌ දෝ යන්නයි. මට බොහොම වෙහෙසයි. රාත්‍රිය දිගුය. මගේ ජීවිතයේ අවසානය දැන් ඉතාම ළඟක ඇත. වීදුරු පෙට්‌ටියේ තිබෙන හිස කුමක්‌දෝ වෛරයක්‌ මගෙන් පිරිමසා ගන්නට යන්නේදැයි සිතේ. මන්ක්‌ටන්ගේ දිනපොතේ සටහන්ව තිබුණි.


    පුන්‍යා චාන්දනී ද සිල්වා