වොක්ස්වැගන් ඉතිහාසය
වොක්ස්වැගන් ඉතිහාසය
වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදනය1937 මැයි 28 දින Gesellschaft zur Vorbereitung des Deutschen Volkswagens mbH යන ජර්මානු සමාගම විසින් ආරම්භ කරන ලදී.ඉන් වසරකට පසුව එය Volkswagenwerk GmbH බවට පත්කර කර එය ජර්මනියේ Wolfsburg(වොක්ස්වැගන් ප්‍රධාන මෙහෙයුම් කාර්‍ය්‍යාලය,ජර්මනිය)හි පිහිටුවන ලදී.ජර්මානුවන් සඳහා හිට්ලර්ගේ සිහින කාරය සඳහා වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදන බලාගාරය වොක්ස්වැගන් සමාගමේ කම්කරැවන් විසින් ඉදිකරන ලද අතර විශේෂයෙන් Ferdinand Porsche යන අයගේ මූලිකත්වයෙන් නිර්මාණය කරන ලදී.
මේ කාල වකවානුව වන විට දී දෙවන ලෝක යුද සමය ආරම්භ වී තිබූ අතර හිට්ලර් සැලසුම්කර තිබූ පරිදි මහජනයාගේ කාරය(People's Car )මහාපරිමාණ ලෙස නිෂ්පාදනය කිරීම සාර්ථක නොවීය.මේ නිසා වොක්ස්වැගන් වාහන නිෂ්පාදන බලාගාරය වොක්ස්වැගන් ලාංඡනය යටතේ දෙවන ලෝක යුද්ධය සඳහා හමුදාමය උපකරණ සහ වාහන නිපදවා තෙවන ජර්මානු රාජ්‍ය හමුදාව වෙත යැවීම සිදුකළේය.යුද්ධයෙන් පසුව Wolfsburg හි විශේෂ බ්‍රිතාන්‍ය මිත්‍රපාක්ෂික පාලනය යටතේ මේජර් Ivan Hirst ගේ අධීක්ෂණය යටතේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් Volkswagen Beetle Type1 නිෂ්පාදනය ආරම්භවීය.
මේ කාල වකවානු වන විට දී මූලික විදේශ විකුණුම් දුර්භාග්‍ය ලෙස බිඳවැටෙමින් තිබුණු නමුත් දක්ෂ වෙළඳ දැන්වීම්කරණය නිසා වොක්ස්වැගන් බීටල් රථය තරුණ පිරිස අතර 1945 සිට1955 දක්වා ජනප්‍රියම වාහනය බවට පත්වෙමින් මිලියනයක වාර්තගත අලෙවියක් වාර්තා කලේය.1940 අවසාන කාලය අතර තුර වොක්ස්වැගන් සමාගම විසින් Volkswagen Type 2 ලෙස හඳුන්වනු ලබන VW Bully නමින් මගී ප්‍රවාහනය කල හැකි වාහන වර්ගය හඳුන්වා දෙන ලදී.බීටල් රථය යල් පැන ගිය බවට පත් වෙමින් තිබියදීත් 60 සහ 70 දශකවල ඉහලම විකුණුම් තලක රැඳීසිටීමට හැකිවිය.විශ්වසනීයත්වය,පහසු නඩත්තුව,අඩු ඉන්ධන පරිභෝජනය වැනි කාරැණු නිසා වොකස්වැගන් බීටල් කාරය පාරිභෝගික යාගේ ප්‍රියතම වාහනයවිය.1972 පෙබරවාරි 17 වැනි දා වොක්ස්වැගන් මෙම බීට්ල් රථ මිලියන 15 කට වැඩි ඒකක ප්‍රමාණයක් අලෙවි කිරීම සැමරන ලද අතර මේ කාලය වන විට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මෝටර් රථය ලෙස Ford Type T පත්ව තිබුණත් මෙම කුඩා වොක්ස්වැගන් බීටල් මෝටර් රථය එදා සිටම අද දක්වාම සාර්ථකව තවමත් පවත්වාගෙනයයි.
බීට්ල් රථය සාර්ථකව තිබිය දීම 70 දශකයේ ආරම්භයේ දී Volkswagen AG මගින් පැරණි බීට්ල් රථය වෙනුවට නව බීටල් රථ ආකෘතියක දැඩි අවශ්‍යතාවයක් ඇති විය.මේ සඳහා Volkswagen AG 1960 ගණන් වලදී ගණන්වලදී මිළදීගත් අවුඩි මෝටර් රථ වාහන සංගමය(Audi/Auto Union)මෙම අවස්ථාවේ දී මහත් පිටුවහලක් විය.අවුඩි මෝටර් රථ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් සහ වෝටර් කූලිං එන්ජින් සඳහා දැනුම ගෙනාවේය.
1974 දී ප්‍රථම වරට Volkswagen Golf මෝටර් රථය කර්මාන්ත ශාලාවෙන් එළියට පැමිණෙන අතර ඉතා ඉක්මනින්ම එක්සත් ජනපදය හා කැනඩාවේ තුල Rabbit ලෙස කරලියට පැමිණියේය.මෙය තවදුරටත් මෝටර් රථ සිතියමේ වොක්ස්වැගන් නාමය තබාගනීමේ වගකීම ඉටු කිරීමක් විය.එම වසරේ දීම වඩාත් ක්‍රියාශීලී ආකෘතියක් වන Volkswagen Scirocco එළිදකින අතර එය වොක්ස්වැගන් මෝටර් රථ ගමන් මාර්ගයට එකතුවීය.කුඩා මෝටර් රථ වෙළෙඳපොළේ සඳහා ජර්මානු මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන් සමාගම 1976 දී බටහිර යුරෝපය පුරා ඉතා ජනප්‍රිය වූයේ Volkswagen Polo රථයත් සමගය.
ඊළඟ දශකයේ වොක්ස්වැගන් සියලු පැරණි මාදිලි නව පරපුරේ මාදිලි සමඟ ඔවුන්ගේ නිෂ්පාදන වැඩි දියුණු කිරීම සඳහා ස්පාඤ්ඤ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Seat-Czech මූලික කරගෙ Skoda Auto මෝටර් රථ නිෂ්පාදන සමාගම අත්කර ගැනුණි.
90 දශකයේ දී වොක්ස්වැගන් සමාගමට අයත් අවුඩි රථ වඩාත් නවීනපන්නයේ වෙළෙඳපොළ සඳහා නිර්මාණය කර ඇති නිෂ්පාදන බී.එම්.ඩබ්ලිව් හා මර්සිඩීස් බෙන්ස් සඳහා සෘජු තරඟකරුවා බවට පත් විය.මෝටර් රථ වෙළඳපල තුල මෙම දෙකඩවීම නිසා වොක්ස්වැගන් සමාගමට සාමාන්‍ය වෙළඳපොල තුළ සැපයුම් කිරීම වෙහෙසකර කාර්‍ය්‍යයක් වීය.මෙහි ප්‍රථිපලයක් ලෙස තෙවැනි පරම්පරාවේ වාහන වඩා ගුණාත්මක සහ ප්‍රමිතීන් සමඟ කරලියට පැමිණියේය.මේ අනුව වොක්ස්වැගන් සමාගම ටිකෙන් ටික නව සුඛෝපභෝගී ආකෘති හඳුන්වාදෙන ලද අතර Volkswagen Touareg රථය එවැනි ඔෆ් රෝඩ් ප්‍රිමියම් වර්ගයේ වාහනයකි.
පසුගිය දශක කිහිපය තුල වොක්ස්වැගන් සමාගම පෙට්‍රල් සහ ඩීසල් මත ධාවනය ඔවුන්ගේ සාමාන්‍ය එන්ජින් වල අවම CO2 හා ඉන්ධන කාර්‍ය්‍යයක්ෂම තාක්ෂණතාවයට පැමිණීමේ වාර්තා පිහිටුවීමේ උත්සාහයේ කාර්යබහුල වී ඇති අතර (නමුත් ඔවුන් ද හයිබ්‍රිඩ් වාහන සහ විදුලි වාහන ද දියුණ කරමින් තිබේ)මේ නිසා වොක්ස්වැගන් සමාගම ඔවුන් විසින් නිපදවන 2L TDI ඩීසල් එන්ජින් සඳහා එන්ජින් කොන්ට්‍රෝල් යුනිට් මෘදුකාංග මගින් වායු විමෝචන දත්ත වාර්තා වංචාකිරීමේ වරදට 2015 වසරේ දී එක්සත්ජනපදයේදී ප්‍රථම වතාවට එලිවීමත් සමග එදා මෙදා තුර විශාල කීර්තියක් අත්කරගෙන තිබූ ඔවුන්ගේ වොක්ස්වැගන් කීර්තිනාමයට විශාල කලු පැල්ලමක් එක්කලේය.මෙනිසා ලොව පුරා විකුණනු ලැබූ ලක්ෂ සංඛ්‍යාත වොක්ස්වැගන් මෝටර් රථ වාහන(අවුඩි,ස්කෝඩා සහ සියැට් ද ඇලුව) නැවත කැඳවීමට සිදුවී ඇති අතර 2017 ජනවාරි 11 දින වොක්ස්වැගන් සමාගම ඒ සඳහා ඩොලර් බිලියන 4.3 වන්දියක් ගෙවීමට එකඟ වී ඇති අතර වොක්ස්වැගන් සමාගමේ ඉහල විධායක තනතුරැ 6 ක් ද වෙනස් කරන ලදී.ඇමෙරිකානු අධිකරණ නියෝග මත 2017 ජනවාරි මස 23 දින සිට බල පැවැත්වෙන පරිදි වොකස්වැගන් සමාගමේ කළමණාකාරිත්වයට ඇ.එ.ජ ඇතුල්වීමට පව අනතුරැ අඟවා ඇති අතර ඇමෙරිකානු වොක්ස් වැගන් අලෙවිනියෝජිතයන් 650 දෙනෙකුට ඩොලර බිලියන 1.2 ක බේරැම්කාරක වන්දි මුදලක් ඇමෙරිකානු වොක්ස්වගන් පාරිභෝගිකයන් හට ගෙවීමටද නියෝග කර ඇත.
ඒ කෙසේ වෙතත් වොක්ස්වැගන් සමූහය යුරෝපයේ රටවල් 20 ක් සහ ඇමරිකාව,ආසියාව හා අප්‍රිකාව ඇතුලු තවත් රටවල් 11 ක නිෂ්පාදන බලාගාර 120 ක්‍රියාත්මක කරයි.370,000 ක සේවකයන් පිරිසක් ලොව පුරා රථ නිෂ්පාදනය සහ වාහන සම්බන්ධ අනෙකුත් සේවා හෝ වෙනත් ව්‍යාපාර ක්ෂේත්‍රවල වැඩ කරන අතර දිනකට 26,600 ක රථ සංඛ්‍යාවක් නෂ්පාදනය කරන රටවල් 150 කට වාහන අලෙවි කරන වාහන ලොවේ අති විශාල දැවැන්ත සමාගමකි.
(චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)
02/05/2017