වොක්ස්වැගන් කර්මාන්තශාලාව

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    වොක්ස්වැගන් කර්මාන්තශාලාව

    rtpyja.jpg
     
    • Like
    Reactions: Sachith777

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි.

    දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, කටාර් ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ‍්‍රී ලංකාවේ ඇති නව ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ජනාධිපතිතුමා අදහස් දැක්වීය.

    දෙරට අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම දෙරටටම වාසිදායක නැවුම් සබඳතා රැසක් ඇතිකර ගැනීමට ජනාධිපතිතුමාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව කටාර් විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

    සාර්ථක අවස්ථාවල මෙන්ම අසීරු අවස්ථාවන්වල ද ශී‍්‍ර ලංකාව කටාර් රාජ්‍යය සමග අඛණ්ඩව බැඳි සිටීම පිළිබඳව මෙහිදී කටාර් විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමුවේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදහස් දක්වමින් කියා සිටියේ විදේශ ප‍්‍රතිපත්තියේදී මැද මාවතක් අනුගමනය කරන ශී‍්‍ර ලංකාව ලෝකයේ සියලු රටවල් සමඟ මිත‍්‍රශිලීව සහ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

    ශී‍්‍ර ලාංකිකයින් විශාල පිරිසක් මේ වන විට කටාර් රාජ්‍යයේ විවිධ ක්ෂේත‍්‍රවල සේවයේ නිරතව සිටින අතර ඉදිරියේදී ද ශ‍්‍රී ලාංකික වෘත්තිකයින්ට කටාර් රාජ්‍යය තුළ වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට කටාර් විදේශ අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

    මේ අතර අද පස්වරුවේ දෝහා නගරයේ පැවති කටාර් – ශී‍්‍ර ලංකා විශේෂ ව්‍යාපාරික සහ අයෝජන හමුව සඳහා ද ජනාධිපතිතුමා එක්විය.

    කටාර් වාණිජ මණ්ඩලය සහ කටාර්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ මෙම හමුවට දෙරටේ ව්‍යාපාරිකයින් 150 කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

    ශී‍්‍ර ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ, සංචාරක මණ්ඩලයේ සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජිතයින් විසින් මෙහිදී පුළුල් ලෙස කරුණු ඉදිරිපත් කළ අතර අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් සහ වසන්ත සේනානායක යන මහත්වරුන් ද හමුව ඇමතීය.

    කටාර් රාජ්‍යයේ වෙළෙඳ සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසක් ද මීට එක්ව සිටියහ.