මම නං මොබයිල් ෆෝන්/ලැප්ටොප් වගේ දේවල් ගන්නේ ඒජන්ට්ගෙන්ම තමයි. එහෙම ගන්න කොට ගාන ටිකක් වැඩියි තමයි. නමුත් හදිසියේ වත් අපි ගන්නා භාණ්ඩයේ දෝෂයක් මතු උනොත් ඒ වෙනුවට අලුත් එකක් හරි ඉක්මනට ගන්න පුළුවන්.
මම අබාන්ස්, සොෆ්ට්ලොජික්, ජෝන්කීල්ස් වගේ අයගෙන් ගත්තු භාණ්ඩ ඇතැම් වෙලාවට දෝෂ නිසා මාරු කරලා තිබෙනවා. ඒ වෙනුවට මට අලුත්ම භාණ්ඩ ලැබිලා තිබෙනවා කිහිප වරක්ම. ඩොන්ගල්, මොනිටර් වගේ එව්වා.
කිසිම වෙලවට ඔය මුලින් කිව්ව සමාගමක් සමග වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම ගැටළු මතු වෙන්නේ නෑ. මොකද එව්වා විශාල සමාගම්. නිකං දොඹ ගස් යට අටවන් ඉන්න කඩ වගේ නෙමයි. ඉතින් ඔය ලොකු සමාගම් වලට හානිවූ භාණ්ඩය වෙනුවට අලුත් එකක් දෙන එක සිම්පල් වැඩක්.
මම නං ඒ හින්දම තමයි පොඩි ලාභයක් බලං පොඩි පොඩි ෂොප් වලට යන්නේ නැතිව ඒජන්ට් ගෙන්ම භාණ්ඩ මිලට ගන්නේ.
අනික් අය නං කොහොමද දන්නෑ. මම කිව්වේ මම කරන දේ.