වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි

වොෂින්ටනයත් ගංජා අලෙවිය අරඹයි.. වෙළඳසැල්වල පාරිභෝගිකයන් පෝලිමේ


ඇමරිකාවේ වොෂින්ටන් ප‍්‍රාන්තය තුල නීත්‍යානුකූල ලෙස මරිජුවානා අලෙවි කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.


ඒ අනුව වොෂින්ටනය නීත්‍යානුකූල ලෙස මරිජුවානා අලෙවි කරන දෙවන ප‍්‍රාන්තය බවට පත්වේ.
මින් පෙර කොලරාඩෝ ප‍්‍රාන්තය තුල මරිජුවානා අලෙවි කිරීමට පියවර ගනු ලැබිණි.
පළමු වටයේදී ප‍්‍රාන්ත බලධාරීන් විසින් අලෙවිසැල් හිමියන් 25 දෙනෙකුට බලපත‍්‍ර ලබාදී තිබේ.
පළමු දිනය තුළම මෙම අලෙවිසැල් ඉදිරිපිට විශාල පෝලිම් දක්නට ලැබුණු බව පැවසේ.
මරිජුවානා හෙවත් ගංජා මේ වන විටත් ඇමරිකානු ෆෙඩරල් බලධාරීන් විසින් පළමු ශ්‍රේණියේ මත්ද්‍රව්‍යයක් ලෙස සලකනු ලැබුවත් 2012 නොවැම්බර් මාසයේදී කොලරාඩෝ සහ වොෂින්ටන් ප‍්‍රාන්තවල ජනතාව එය නීතිගත කරන ලෙස ඡුන්දය ලබාදෙනු ලැබිණි.


ඇමරිකාවෙන් ප‍්‍රාන්ත අඩක පමණ ඖෂධයක් ලෙස මරිජුවානා භාවිතා කිරීමට අවසර දී තිබේ.
මේ අනුව වොෂින්ටන් ප‍්‍රාන්තයේ වැඩිහිටියන්ට වියළි මරිජුවානා අවුන්සයක් දක්වා මිලදී ගත හැකි අතර ගංජා මිශ‍්‍රිත ඝන ආහාර අවුන්ස 16ක් සහ ගංජා මිශ‍්‍රිත ද්‍රව වර්ග අවුන්ස 72ක් දක්වා මිලදී ගැනීමේ හැකියාව පවතී.


ප‍්‍රාන්ත වැසියන්ට පමණක් නොව වෙනත් ප‍්‍රාන්තවල පුද්ගලයන් වෙතද මෙම අලෙවිසැල් තුළදී මරිජුවානා අලෙවි කෙරෙන බව පැවසේ.
තවමත් බලපත් හිමිවී ඇත්තේ සීමිත ගොවීන් සහ අලෙවිසැල් ප‍්‍රමාණයකට වීම නිසා මරිජුවානා සැපයුම වෙත බාධා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


marjijuana.jpg




[FONT=Verdana, Geneva, sans-serif]lankacnews[/FONT]​
 

rRASHENTHA

Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    අනේ වාසනාවන්..... :D:D
    මෙහෙත් ඔය දේම කලානම් හෙන ගහයිද............. :sorry: