ශක්තිමත්ම ජීවියා..

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ශක්තිමත්ම ජීවියා..

    10612605_623972654367131_4245331866881401835_n.jpg


    ***ලොව වෙසෙන ශක්තිමත්ම ජීවියා***

    න්‍යෂ්ටික පිපුරුමකට වුවද මුහුණදී නොමැරී ජීවත්විය හැකි සත්වයෙකු ලෙස අප බොහෝ දෙනකු විසින් හඳුනාගෙන සිටින්නේ කැර‍පොත්තන් පමණක් වුවද, න්‍යෂ්ටික පිපුරුමක් මතු නොව ලෝක විනාශයකට වුවද මුහුණදී ඉදිරියටද ජීවත්විය හැකි ලොව වෙසෙන ශක්තිමත් ජීවියා ලෙස අවිවාදයෙන් සැලකෙනුයේ ‘ටාඩිග්‍රේඩ්’ නොහොත් ‘දිය වලසාය’. වලසෙක් ලෙස හැඳින්වුවද මොහු ප්‍රමාණයෙන් මිලිමීටර් එකක පමණ විශාලත්වයකින් යුතු පියවි ඇසට පැහැදිලිව දැකගත නොහැකි සරල ජීවියෙකි.
    බැලූ බැල්මට කිසිදු සිත් ඇදගන්නාසුලු පෙනුමකින් තොර ඛණ්ඩිකා සහිත ශරීරයකට උරුමකම් කියන ‘ටාඩිග්‍රේඩ්’ විශේෂ නවසියයකට අධික සංඛ්‍යාවක් ලෝකයේ උසැතිම කඳුමුදුනේ සිට මුහුදේ ගැඹුරුම අගාධය දක්වාවූ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්‍යාප්තව සිටින්නෝය. සැකෙවින් කිවහොත් ලෝකයේ ඕනෑම ස්ථානයක, ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ ජීවත්වීමේ හැකියාව මොවුන් සතුය.ප්‍රමාණයෙන් ක්ෂුද්‍ර වුවද මොවුන් සතු දරාගැනීමේ හැකියාව ඇත්තෙන්ම මවිත කරවනසුලුය.
    උණු වතුරෙන් තම්බා, ජලය මිදෙන උෂ්ණත්වයද ඉක්මවා අධිශීතකොට යළිත් වියළා විකිරණයන්ටද ලක් කළද එකී සියලු උපද්‍රවයන්ට සාර්ථක ලෙස මුහුණදී තවත් වසර දෙසීයක කාලයක් ජීවත්වීමට තරම්
    දිය වලසුන් ශක්තිමත්ය. -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු ග්‍රේ 10-20 (‘ග්‍රේ’ යනු විකිරණ ප්‍රමාණය මැනීමට භාවිත කරන අන්තර්ජාතික ඒකකයයි) වූ විකිරණ ප්‍රමාණයකට ලක්වීමෙන් ලොව බුද්ධිමත් සත්වයා වන මිනිසා මියයත්දී ග්‍රේ (gray) පන්දහස් හත්සියයක්වූ විකිරණ කදම්බයකට වුවද ලක්වී නොමැරී ජීවත්වීමට තරම් සුවිශේෂී හැකියාවකින් යුතු දිය වලසෙකු හට ආහාර හෝ ජලය හෝ නොමැතිව වසර දහයක් වුවද ජීවත් වීමේ හැකියාව ඇති බව කියැවේ. කිසිදු ජීවියෙකුට ජීවත්විය නොහැකි ලෙසට සැලකෙන අභ්‍යවකාශයේ වුවද කිසිදු අපහසුවකින් තොරව ජීවත්වීමට හැකි දිය වලසුන් සැබැවින්ම ජීවී ලොවේ තවත් එක් ආශ්චර්යයක් නොවන්නේ දැයි සිතා බැලීම වටී


    අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    -4570Cක තරම් පහළ උෂ්ණත්වයක්ද 3570C වැනි ඉතා ඉහළ උෂ්ණත්වයක්ද දරාගනිමින් ජීවත්වීමට සමත් මොවුහු


    මේක නම් වැරදි මලයෝ. -4570C කියන්නේ පවතින්න පුළුවන් උෂ්ණත්වයක් නෙවේ. මම දන්නා තරමින් පවතින්න පුළුවන් අඩුම උෂ්ණත්වය −273.15 සෙල්සියස්. (Absolute zero) :yes: :) පොඩ්ඩක් හොයල බැලුවා. මුන්ට ඉන්න පුළුවන් උෂ්ණත්ව පරාසය -200 °C සිට 151 °C !!! ඒ මදෑ !!! :D

    Anyway good post :)

    මුගේ අමුතු ලස්සනකුත් තියෙනවා :D
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක නම් වැරදි මලයෝ. -4570C කියන්නේ පවතින්න පුළුවන් උෂ්ණත්වයක් නෙවේ. මම දන්නා තරමින් පවතින්න පුළුවන් අඩුම උෂ්ණත්වය −273.15 සෙල්සියස්. (Absolute zero) :yes: :) පොඩ්ඩක් හොයල බැලුවා. මුන්ට ඉන්න පුළුවන් උෂ්ණත්ව පරාසය -200 °C සිට 151 °C !!! ඒ මදෑ !!! :D

    Anyway good post :)

    මුගේ අමුතු ලස්සනකුත් තියෙනවා :D

    yes me prashne matath awa... -272.15 di shunya wenawa kiyalane science waladi uganwanne...

    anyway TFS kolla
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මේක නම් වැරදි මලයෝ. -4570C කියන්නේ පවතින්න පුළුවන් උෂ්ණත්වයක් නෙවේ. මම දන්නා තරමින් පවතින්න පුළුවන් අඩුම උෂ්ණත්වය −273.15 සෙල්සියස්. (Absolute zero) :yes: :) පොඩ්ඩක් හොයල බැලුවා. මුන්ට ඉන්න පුළුවන් උෂ්ණත්ව පරාසය -200 °C සිට 151 °C !!! ඒ මදෑ !!! :D

    Anyway good post :)

    මුගේ අමුතු ලස්සනකුත් තියෙනවා :D

    තන්කු ෆොර් දි කරෙක්ශන් සහෝ..
    නෙට් එකෙන් ඉස්සපුවනෙ බන්,,,