ශලනිගේ_රෙදි ගැලවෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ශලනිගේ_රෙදි ගැලවෙයි

    ඔන්න බලපන් උපාසක අම්මලා වගේ ඉන්න ගෑණුන්ගේ වැඩ.උබලත් පරිස්සමෙන්.:baffled:අනික ගෑණු නිසා මැරෙන්න එපා.ඒක පිරිමිකම නෙමෙයි පොන්න කම.:growl:


    කොළඹ සිට අප ගමන්ගත් වෑන් රථය නුවර මාර්ගයේ තිහාරිය පසු කරමින් මීටර් කිහිපයක්‌ ඉදිරියට ගමන් කළේය. ඉන් පසු දකුණු දෙසට විහිදුණු අතුරු මාර්ගයකට වෑන් රථය හැරෙව්වේය. එම මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ගමන් ගත් අපි එක්‌තරා නිවසක්‌ ඉදිරිපිට වෑන් රථය නතර කළෙමු.

    අඩකටත් වඩා අඩුවෙන් වැඩ අවසන් කර තිබූ එම දෙමහල් නිවසේ ගෙමිදුල තුළ තරුණයන් කිහිපදෙනෙක්‌ යම්කිසි කාර්යක නිරත වෙමින් සිටියහ. ඒ සමඟම සුදුවතින් සැරසී සිටි කාන්තාවක්‌ අප පිළිගැනීමට ඉදිරියට පැමිණියාය. සුහදශීලී සිනහවකින් අපව පිළිගැනීමට තැත් කළත් ඇයට එසේ කර ගැනීමට නොහැකි වූවාය. එක්‌වරම මා දැත් බදාගත් ඇය නොනවත්වාම අඬන්නට පටන් ගත්තාය.

    පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ ඇය දින කිහිපයක්‌ ඇතුළත වැහැරී ගොසින්ය. නිතරම මුහුණෙහි රැඳුණු සිනහව අතුරුදහන්ව ගොස්‌ය. කලක්‌ සතුටින් ජීවත් වුණු ඇය දැන් ගත කරන්නේ දුකින් පිරුණු ජීවිතයකි. යළි කෙදිනක ඇය සතුටින් ජීවත් වේවි දැයි අපිට කිව නොහැකිය. ඒ මන්ද යත් ඇය සිටින්නේ ඒ තරම්ම ලොකු සිත් වේදනාවකින් නිසාය. නමින් ඇය ශ්‍යාමා හේරත්ය. එහෙත් රටම ඇයව දැන ගත්තේ සියදිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වාගේ මෑණියන් ලෙසින්ය.

    දැන් එම මවට මියගිය තම පුතණුවන් ගැන දහසකුත් දේ පැවසීමට ඇත. ඒ දසුන්ගේ මරණයෙන් පසු ඇතිවූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසාය. සමහර මාධ්‍ය ඔස්‌සේ තම මියගිය පුතා ගැන අසත්‍ය තොරතුරු පවා පවසන බවට ද ඇය චෝදනා කරයි. ලේ කිරි කර පොවා ලොකු මහත් කළ දසුන් ගැන තමාට වඩා දන්නා කිසිවකු මේ ලෝකයේ නැති බව ඇය ඉතා සංවේගයෙන් යුතුව පැවසුවාය.

    මගේ පුතා මෙහෙම මැරෙන්න ඕන කෙනෙක්‌ නොවෙයි. එහෙත් එයාව මරා ගත්තා. ඒ ශලනි තාරකා සහ පුතාගේ බිරිඳ සංදීපනි. ඒ දෙන්නා තමයි මගේ රත්‍රන් පුතාගේ මරණයට වග කියන්න ඕනෑ. මම මේක කියන්නේ වගකීමකින් යුතුවයි. එලෙස චෝදනා එල්ල කරමින් ඇය දිවි නසාගත් තම පුතා වන ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වා සහ තම පවුලට එල්ල වී ඇති බොරු චෝදනා ගැන පැවසුවේ මෙලෙසින්ය.

    “මගේ නම ශ්‍යාමා හේරත්. මගේ උපන් ගම නුවර. මම දැනට දශක තුනකට පමණ ඉහතදී විවාහ වුණා. මගේ මහත්තයා සිවිල් ඉංජිනේරුවෙක්‌. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. විවාහයෙන් වසරකට පමණ පසු දසුන් පුතා උපදිනවා. ඒ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී. ඉන් පසු අපි නුවර අස්‌ගිරිය ප්‍රදේශයේ පදිංචියට යනවා.”

    “වසර ගණනක්‌ මහත්තයයි මමයි දසුන් පුතයි අස්‌ගිරිය ප්‍රදේශයේ ජීවත් වුණා. ඒ කාලේ උපරිම විදිහට එයාට සැලකුවා. කිසිම දෙයකින් අඩුවක්‌ කළේ නැහැ. මොන්ටිසෝරි පවා ගියේ ජාත්‍යන්තර පාසලක. පසුව දසුන්ව අස්‌ගිරියේ වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් කළා. නමය වසර දක්‌වා ඔහු එහි අධ්‍යාපනය හැදැරුවා.”

    “මගේ මහත්තයා වේවැල්දෙණිය ප්‍රදේශයේ නිවසක්‌ හදනවා. එම නිසා අපිට අස්‌ගිරියෙන් එන්න සිද්ධ වෙනවා. එතකොට මට දෙවැනි පුතා හම්බ වෙන්නත් ඉන්නවා. ඒත් දසුන් පුතා වේවැල්දෙණියේ ඉඳන් නුවර සුමංගල විදුහලට යනවා. වාර දෙකක්‌ පමණ ඔහු එලෙස පාසල් ගියා. පස්‌සේ තේරුණා ගමන් මහන්සිය නිසා පුතා ගොඩක්‌ දුක්‌ විඳිනවා කියලා. ඒක නිසා මම එයාව එම පාසලෙන් අස්‌කරගෙන මිහිරිගම කනිෂ්ඨ විදුහලට ඇතුළත් කළා.”

    “ඒක මිශ්‍ර පාසලක්‌. එහෙදි තමයි මගේ පුතා සංදීපනි සමඟ යාළුවෙන්නේ. පළමුව සංදීපනී බැහැ කියනවා. පස්‌සේ පුතා කොහොම හරි ඇයව යාළු කරගෙන තියෙනවා. ඊට පස්‌සේ අපිට ඒ සම්බන්ධතාව ගැන ආරංචි වෙනවා. මුලින්ම අපි විරුද්ධ වෙනවා. මම පුතාට කිව්වේ ඉගෙනගෙන ඉවර වෙලා ඕවා කරගන්න කියලා. ඒ අවස්‌ථාවේදී පුතා ඒක ඇහුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ.”

    “මොනව කළත් පුතා ඉගෙන ගන්න හරි දක්‍ෂයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මිහිරිගම පාසල් තුනකින් හොඳම ප්‍රතිඵල ලබාගෙන තිබුණේ දසුන් පුතා. ඒ නිසා එයාට ගම්පහ බණ්‌ඩාරනායක විදුහලට යන්න පුළුවන් වුණා. එම විදුහලේ ජීව විද්‍යා අංශයෙන් ඔහු උසස්‌ පෙළ හැදැරුවා. එතකොටත් සංදීපනි සමඟ සම්බන්ධතාවය තිබිලා තියෙනවා.”

    “ඔය අතර දෙවැනි පුතා හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්‌සේ මගේ ස්‌වාමි පුරුෂයා විදේශ රැකියාවක්‌ කිරීම සඳහා කැනඩාව බලා පිටත් වුණා. එහෙම ගිහිල්ලා කාලයක්‌ ගතවෙනකොට එයා එහෙදි වෙන විවාහයක්‌ කර ගත්තා. මට ඒ වෙලාවේ ලොකු දුකක්‌ මගේ සිතට ආවා. ඒත් කාටවත් මම ඒක පෙන්නුවේ නැහැ. මගේ සැමියා එයාට කැමති දෙයක්‌නේ කරගෙන තියෙන්නේ කියලා හිත හදා ගත්තා.”

    “හැබැයි මම එකක්‌ ස්‌ථිරවම හිතා ගත්තා. ඒ කොහොම හරි මගේ දරුවො දෙන්නට හොඳින් උගන්නලා සමාජයේ හොඳ තැනකට රැගෙන එනවා කියලා. මහත්තයා මාව අතහැරියත් ආර්ථික අතින් මට ප්‍රශ්න තිබුණේ නැහැ. මම ඉතිරි කරගත් සල්ලිත් ගොඩක්‌ තිබුණා. කාර් එකකුත් මට තිබුණා. සමහරදාට දසුන් පුතාව මම ඒකෙන් පාසලටත් ගිහින් දානවා.”

    “කාලයක්‌ ඔහොම ගතවෙලා ගියා. ආදායම් මාර්ගයක්‌ නොමැති නිසා අතේ තිබුණ සල්ලි අඩුවෙන්න පටන් ගත්තා. ඒත් ජීවත් වෙන්න උවමනා ප්‍රමාණයට මට සල්ලි තිබුණා. ඔය කාලය අතරතුර දසුන් පුතාට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්‌ථාව ලැබුණා. එතකොට එයා උසස්‌ පෙළ කරනවා. ඉන් පස්‌සේ යාළුවකුගේ මාර්ගයෙන් එයා නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමඟම දසුන් පුතාත් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා.”

    “උසස්‌ පෙළ විභාගයෙන් පසුව දසුන් දීර්ඝකාලීනව නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වුණා. ඒ සමඟම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ බාහිර උපාධියක්‌ හැදැරුවා. කොළඹ සරසවියේ”

    “ඔය කාලය අතරතුර දිනක්‌ සංදීපනී සමඟ තිබුණ ආදර සම්බන්ධතාවය ගැන පුතා මට පැවසුවා. මුලින්ම මම ඒ සම්බන්ධතාවට විරුද්ධ වුණා. මොකද සංදීපනිලාගේ පවුල අපිට ගැලපුණේ නැහැ. මම ඒ පවුලට අපහාස කරනවා නොවේ. ඇත්තටම ඒගොල්ලන්ට අපිට තරම් ආර්ථික මට්‌ටමකුත් තිබුණේ නැහැ. දිගින් දිගටම පුතා මේ ගැන මගෙන් අහනවා. අවසානයේ එයාගේ කැමැත්තට ඉඩ දීලා මම මේ සම්බන්ධතාවට කැමති වුණා. එතැනින් පසුව තමයි සංදීපනිලාගේ පවුලේ අයව මම හඳුනා ගත්තේ.”

    “එක්‌තරා දිනක රාත්‍රි අටට පමණ මගේ මෝටර් රථය අනතුරකට ලක්‌වෙනවා. එම නිසා මාස හතරක්‌ පමණ රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගන්න මට සිදුවෙනවා. ඒ සමඟම ආර්ථික ගැටලු කිහිපයක්‌ පැනනගිනවා. ඒක නිසා මම තීරණය කළා වේවැල්දෙණියේ තියෙන මගේ නිවස විකුණා දමන්න. ඒ අනුව මම ඒක විකුණලා කුලී නිවසක පදිංචියට එනවා.”

    “එම කාලය වෙනකොට දසුන් පුතාට මම සල්ලි වියදම් කළේ නැහැ. එයා උපයා ගත් මුදල්වලින් එයාගේ අවශ්‍යතා ඉටුකර ගත්තා. එතකොට දසුන් කොළඹ බෝඩ්වෙලා හිටියේ. එයාගේ කටයුතු කරගෙන යැමේ පහසුව සඳහා.”

    “වේවැල්දෙණිය නිවස විකුණූ සල්ලි වලින් රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ මම දසුන් පුතාට දුන්නා. එයා ඒක ඒ මොහොතේම එයාගේ යාළුවෙක්‌ ඉන්නවා රෙජී කියලා, එයාට දීලා තිබුණා. එයා පුතාට මේ ෆීල්ඩ් එකට එන්න ගොඩක්‌ උදව් කළ කෙනෙක්‌.

    රෙජී අහලා ඇයි මට මේ සල්ලි දෙන්නේ කියලා. එතකොට දසුන් පුතා කියලා ‘අපේ ගේ විකුණලා අම්මා මට ඒක දුන්නා තියා ගන්න කියලා. උඹ මේක තියාගෙන ඕන දෙයක්‌ කරපන් මම යනවා’ කියලා. රෙජී ඒ සල්ලි ඔහුගේ තාත්තාට දී පවසා ඇත්තේ මේ දසුන් අයියාගේ සල්ලි වගයක්‌. පස්‌සේ එයාට දෙන්න පරිස්‌සමින් තියාගන්න කියාය.”

    “2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ පුතා සංදීපනිලාගේ ගෙදර යනවා පළවැනි වතාවට එයාගේ දෙමාපියන්ව මුණගැහෙන්න. ඒ සමඟම විවාහය ගැනත් කතා කරගන්නවා. ඔය අතර දසුන් පුතාට මම දුන්න ලක්‍ෂ දහයෙන් එහි ඉඩමක්‌ ගන්න තීරණය කරනවා. සංදීපනි සමඟ එකතු වී ඉඩමක්‌ ගන්න හොයනවා. අවසානයේ දසුන් පුතා දැනට අපි පදිංචිවෙලා ඉන්න මේ ඉඩම ගන්නවා. ඒ මම දීපු සල්ලිවලින්.”

    “නිවෙස්‌වලින් කැමැත්ත ලැබුණු පසු සංදීපනි මා සමඟත් ඉතා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඇත්තටම මම එයාට සැලකුවේ මගේ දුවෙක්‌ විදිහට. මම එයාට හිත රිදෙන්න වචනයක්‌වත් කියලා නැහැ. ඔය අතරතුර දෙන්නගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා 2015 වර්ෂයේදී. ඊට පස්‌සේ පුතා සංදීපනිලගේ ගෙදරත් නැවතිලා හිටියා.”

    “දසුන් පුතා අපි දැන් පදිංචිවෙලා ඉන්න මේ නිවසේ වැඩ කටයුතු පටන් ගත්තෙත් ඔය කාලේදීමයි. ඔහු පළමුව කුඩා කාමර දෙකක්‌ සහිතව දෙමහල් නිවසේ පිටුපස කොටස සාදා ගත්තා. එලෙස සාදාගත් නිවසට 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා අපි පදිංචියට පැමිණියා.”

    “එහි පදිංචියට ආ පසු දසුන් පුතා නිතරම පැවසුවේ අම්මේ අම්මා මැරෙනකම්ම මෙහේ ඉන්න ඕන. ඉක්‌මනට මම මේ නිවසේ වැඩ ඉවර කරනවා කියාය. එලෙස වසර දෙකක්‌ පමණ ගතවී ගියා. පුතා ඒ අතර කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගියා. විවේක ලද හැම මොහොතකම පැමිණ මගෙයි එයාගේ මල්ලිගෙයි දුක සැප හොයලා බැලුවා. මල්ලිට එයා නිතරම පැවසුවේ පිටරට ගිහින් ඉගෙන ගන්න. එයත් උදව් කරන්නම් කියායි.”

    “2017 වර්ෂයේ අගෝස්‌තු 2 වැනිදා පුතා ගෙදර ආවා. රාත්‍රි කෑම ගන්නා අතරතුර එයාට කෝල් එකක්‌ ආවා. මට තේරුණා ඒ කතා කළේ පිරිමි කෙනෙක්‌ නොවන බව. පසුව මම පුතාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයා වැඩි විස්‌තරයක්‌ මට කිව්වේ නැහැ. මට තේරුණා මොකක්‌ හරි අවුලක්‌ තියෙනවා කියලා. මගේ දසුන් පුතා වැඩිය කතා කරන කෙනෙක්‌ නොවෙයි. හැම දේකටම දෙන්නේ කෙටි උත්තර. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ලොකු දෙයක්‌ මට අහගන්නත් බැරි වුණා.”

    “සංදීපනිත් වෙනදා වගේ මට කතා කරන්නෙත් නැහැ. ඒ ගැනත් මට පොඩි සැකයක්‌ තිබුණා. දවසක්‌ සංදීපනි යන ගමනක්‌ ගැන අහද්දි එයා මට කීවා යන හැම තැනක්‌ම ඔයාට කියලා යන්න ඕනැද කියලා. ඒ එක්‌කම අගෝස්‌තු 10 මගේ යාළුවෙක්‌ කතා කරලා ඇහුවා ඔයාගේ දුව ඕස්‌ට්‍රේලියා ගියා නේද? කියලා. මම ‘කිව්වා මට කියලා ගියේ නැහැ’ කියලා. පස්‌සේ මම පුතාගෙන් ඒ ගැන විමසුවා. පුතා කිව්වා ‘ඔව් අම්මේ සංදීපනි රට ගියා’ කියලා. ඉතින් මම ඇහුවා පුතා ඇයි ගියේ නැත්තේ කියලා. ‘අම්මා මට වැඩ තියනවා ඒක නිසා ගියේ නැහැ’ කීවා.”

    “හැබැයි වෙනදාට වඩා පුතා ගෙදර එන්න පටන් ගත්තා. ඒ එන හැම වෙලාවකම මම අහනවා දුව කතා කළා ද කියලා. පුතා කියනවා ඔව් කියලා. ඊට වඩා වැඩි දෙයක්‌ එයා කියන්නේ නැහැ. කොච්චර මම අහන්න උත්සහ කළත් එයා උත්තර දෙන්නේ නැහැ. හැබැයි මොකක්‌ හරි ප්‍රශ්නයක පුතා ඉන්න බව මට තේරුණා.”

    “පුතා ඉන්න ප්‍රශ්නය මොකක්‌ද කියලා අහන්න මම දුවට දුරකථන ඇමතුමක්‌ ගත්තා. එතකොට එයා කිව්වා දැන් එයා ගැන කතා කරලා වැඩක්‌ නැහැ මගෙන් මොකුත් අහන්න එපා. එයාගෙන්ම අහගන්න කියලා. මම ඒ වෙලාවේ කිව්වා පුතා මට මොකුත් කියන්නේ නැහැ ඔයා මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ සංදීපනි දුව කිව්වා මම දැන් පාසලේ වැඩක ඉන්නේ පස්‌සෙ ඔයාට ගන්නම් කියා.”

    “හවස සංදීපනි දුව මට දුරකථන ඇමතුමක්‌ ගත්තා. ඒ අරන් පැවසුවේ දසුන්, නිළියක්‌ සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ජනවාරි මාසයේ සිට ඇතිකරගෙන තිබෙන බවත් එය තමාට හසුවුණේ ජුනි මාසයේදී බවත්. ඒ පිළිබඳ විමසීමේදී දසුන් වරද පිළිගත් බවත් දැන් ඔහු තමාව බලන්න එන්නේ නැති බවත් ඇය පැවසුවා. ශලනි අක්‌කා මට හැම දෙයක්‌ම පවසන බවත් ඇය කිව්වා.”

    මෙයට අමතරව සංදීපනි ඇයට කතා කරන හැම මොහොතකම දසුන්ගේ ලස්‌සන මුහුණ නිසා තමයි මේ සේරම වුණේ. ඒක නිසා එයාගේ මූණ කුඩුපට්‌ටම් වෙන්න ඕනෑ, ඕකට යහතින් ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉක්‌මනටම මැරෙන්න ඕනෑ කියා දෙස්‌ දෙවොල් කියා තිබේ. එවිට ඇය පවසා ඇත්තේ දෙස්‌ දොවොල් නොතියා ප්‍රශ්නයක්‌ තියෙනවනම් බේරාගන්න කියාය.

    මෙම සිද්ධිය පිළිබඳව ඇය දසුන්ගෙන් විමසා තිබේ. එවිට ඔහු ශලනි තාරකා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති බවට පිළිගෙන තිබේ. වැඩිදුරටත් පවසා ඇත්තේ තමා බලාපොරොත්තු වූ ආදරය සංදීපනිගෙන් නොලැබුණු නිසා ශලනි සමඟ ආදර සම්බන්ධතාවක්‌ ඇතිකර ගත් බවයි. එවිට ඇය පවසා ඇත්තේ සංදීපනී දුවට අසාධාරණයක්‌ කරන්න එපා කියාය.

    අවසන් වරට ඇය දසුන් සමඟ කතා කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදාය. ඒ ඔහු ගෙල වැලලාගෙන මියයැමට පෙර දිනයේය. ඒ අවස්‌ථාවේදී පවා දසුන් පවසා ඇත්තේ “මම හොඳින් ඉන්නවා. මල්ලිට හොඳින් උගන්වන්න. අම්මා මැරෙනකම්ම ඔතන පදිංචිවෙලා ඉන්න ඕනෑ” කියාය.

    පසුදින සංදීපනි දසුන්ගේ මවට දුරකථන ඇමතුමක්‌ දී පවසා ඇත්තේ “අන්න අරූ මැරිලා” කියාය.

    දසුන්ගේ මරණය ඇය දැනගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. දසුන්ගේ මළ සිරුර රෝහලට ගෙන යන අවස්‌ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය යහළුවකු දසුන්ගේ සොහොයුරාට දී තිබේ. එය දුටු සංදීපනි සොහොයුරාගෙන් මුදල් පසුම්බිය රැගෙන දසුන්ගේ බැංකු කාඩ් ටික රැගෙන තිබේ. එම මොහොතේ ඇයට වටින දේ වී ඇත්තේ දසුන්ගේ බැංකු කාඩ් පමණි. එලෙස පවසන්නේ දසුන්ගේ මවයි.

    දසුන්ගේ මව වන ශ්‍යාමා හේරත් යළි සංදීපනි සහ ශලනි ගැන පැවසුවේ මෙවැනි දෙයකි. “මගේ පුතා සංදීපනිගෙන් වෙන් වෙන්න හේතුව මම පස්‌සෙ හොයලා බැලුවා. එතකොටයි දැනගන්න ලැබුණේ. පුතා බලාපොරොත්තු වූ ආදරය ඇයගෙන් ලැබිලා නැහැ. ශලනි සමඟ තිබුණ සම්බන්ධය ඇය දැනගත් පසුව ශලනි සමඟ හිතවත්කමක්‌ ගොඩනඟාගෙන මගේ පුතාට විවිධ බලපෑම් කරලා තියෙනවා. ඒ සමඟම ශලනි ද දසුන් සමඟ යන එන තැන් ආදී සියලු තොරතුරු දසුන්ට හොරෙන් සංදීපනිට පවසා තියෙනවා. මේ අයුරින් ශලනියි සංදීපනියි එකතුවී මගේ පුතාගේ ඔළුව නරක්‌වෙන විදිහටයි හැසිරිලා තියෙන්නේ. අවසානයේ ඒ දෙන්නගෙන් එන පීඩනය දරාගන්න බැරුව තමයි මගේ පුතා සියදිවි හානිකරගෙන තියෙන්නේ.”

    “මම කියන්නේ නැහැ මගේ පුතා මෙතැනදි නිවැරැදියි කියලා. එයාගෙත් වරදක්‌ තියෙනවා. හොයන ආදරය නොලැබුණා කියලා විවාහ වුණ බිරිඳව අතහැරලා වෙන කෙනෙක්‌ ළඟට යන්න නරකයි. නීතිමය වශයෙන් වෙන් වෙන්නත් පුතා සංදීපනිට යෝජනා කරලා තිබුණා. එහෙත් එයා ඒකට කැමති වෙලා නැහැ. අවසානයේ මේ දෙන්නටම ඕනවෙලා තිබුණේ මගේ පුතා එක්‌ක ජීවත් වෙන්න.”

    “සංදීපනි කියලා තිබුණා මම දසුන්ලාගේ පවුලට ගොඩක්‌ උදව් කළා කියලා. ඒක අමූලික බොරුවක්‌. ඒගොල්ලන්ට කාටවත් උදව් කරන්න පුළුවන් මට්‌ටමේ ආර්ථික තත්ත්වයක්‌ තිබුණේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. සංදීපනි අපිට මුදල් වලින් කිසිම උදව්වක්‌ කරලා නැහැ. ඒ වගේම ඇය දසුන් මගේ සල්ලිවලින් ගත්ත අපි දැන් පදිංචිවෙලා ඉන්න ඉඩමේ ඔප්පුවත් අරන් ගිහින් තියෙනවා. ඇය මට කිව්වා මගේ බාල පුතාගේ උසස්‌ පෙළ විභාගය අවසන් වූ ගමන් මේ නිවසින් අපිව පන්නලා දානවා කියලා. බලන්න ඇය කොතරම් පහත් විදිහටද අපිට සැලකුවේ කියලා. ඒ මදිවට දැන් ඇය ඉන්නෙත් ඕස්‌ට්‍රේලියාවේ.”

    “මම සංදීපනි දුවගෙන් එක ඉල්ලීමක්‌ කරනවා. මගේ පුතා මිලදී ගත් අපි ජීවත්වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත්වෙලා ඉන්නකම් කීවේ “අම්මේ අම්මා මැරෙනකම් මෙතන ජීවත්වෙලා ඉන්න ඕන කියලා.”

    “ශලනි තාරකාටත් මට කියන්න දෙයක්‌ තියෙනවා. එයා කවි පන්තියක්‌ දාලා තියෙනවා හත් දවසක්‌ යන්නත් කලින් නැන්දම්මලා ලේලිලා එකතුවෙලා දේපළ බෙදාගන්න බැරිව රණ්‌ඩු වෙනවා කියලා. ඒක අමූලික බොරුවක්‌. මම නොවෙයි දේපළ ඉල්ලලා රණ්‌ඩු වෙන්නේ සංදීපනි. ඒක මතක තියාගන්න. මට මගේ ජීවිතේ වටිනාම වස්‌තුව අහිමි වුණා ඒගොල්ලන්ගේ සමහර වැඩ නිසා. ඒක නිසා මට මේ දේපළවලට රණ්‌ඩු වෙලා වැඩක්‌ නැහැ.”

    “ශලනි තාරකා කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒක නිසා එයා කියලා තියෙන වැරදි ප්‍රකාශයට ප්‍රසිද්ධියේ එයා මගෙන් සමාව ගන්න ඕනෑ”

    “මගේ පුතා මත් පෙති ගන්නවා දිනපතා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා, “බ්ලූ වේල්” ගේම් එක සෙල්ලම් කළා. කාන්තාවන් පසුපස ගියා කියා නොයෙක්‌ චෝදනා සමහර මාධ්‍ය ඔස්‌සේ එල්ල කර තිබුණා. මම වගකීමෙන් යුතුව කියනවා මගේ පුතා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි කියලා. සාදයකදී මත්පැන් ටිකක්‌ බිව්වට එයා ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක්‌ නොවේ. හරිම අහිංසක සංවේදී මිනිහෙක්‌.”

    අවසාන වශයෙන් ද ඇය පවසා සිටියේ තම පුතාගේ මරණයට ශලනි තාරකා සහ ඔහුගේ විවාහක බිරිඳ වන සංදීපනි ද වගකිව යුතු බවයි.



    dassa300.jpg


    dasun.jpg


    dasun2.jpg


    dasun4.jpg


    dasun5.jpg


    19227524_232543657242238_4093597342010179584_n.jpg




    source:දිවයින/නෙත් news​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොන්ටිසෝරි පවා ගියේ ජාත්‍යන්තර පාසලක

    :(ඌට ඌව හදාගන්න දහදුක් විදපු අම්මට වඩා කොහෙවත් නැති ගෑණු දෙන්නෙක් ලොකු උනා.ඒත් කමක් නැහැ ඒ ගෑණු මූට ඇත්තටම ආදරේ කරානම්...මේ වගේ අම්මා කෙනෙක් හම්බවෙන්න පින් කරන්න ඕන.කොහෙද ඉතින්.පවට පින දෙන්න බැහැනේ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔ‍ටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔ‍ටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.

    :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :(ඌට ඌව හදාගන්න දහදුක් විදපු අම්මට වඩා කොහෙවත් නැති ගෑණු දෙන්නෙක් ලොකු උනා.ඒත් කමක් නැහැ ඒ ගෑණු මූට ඇත්තටම ආදරේ කරානම්...මේ වගේ අම්මා කෙනෙක් හම්බවෙන්න පින් කරන්න ඕන.කොහෙද ඉතින්.පවට පින දෙන්න බැහැනේ.

    ගෑනුන්ට වැරැද්දක් කියන්න බෑ මුගෙ සල්ලාල කමට කරගත්ත දේවල් වලට.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගෑනුන්ට වැරැද්දක් කියන්න බෑ මුගෙ සල්ලාල කමට කරගත්ත දේවල් වලට.

    උගේ වයිෆ් සන්දීපනිගේ වැරද්දක් නෑ. ඒකි අහිංසකයි.මූ තමයි වැඩේ වරද්දගෙන තියෙන්නේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔ‍ටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.
    :rofl:
     

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.



    :confused:what
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.



    :confused:what

    සිරසේ කෙල්ලො ටික බදින එවුන් නෙවෙයි
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Originally Posted by amasin

    කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ශලනි ඩීසන් බඩුවක් බං.:Pඒත් ඉතින් මූත් වැරදියිනේ.ගෑනු හින්දා මැරෙනවනම් අපි දැන් කීපාරක් මැරෙන්න ඕනද.:rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අරූ බෙල්ලෙ වැල දාන් මැරෙන වීඩියො එක තියෙන්නෙ කා ළඟද ? :rolleyes: