ශවේන්ද්‍ර සිල්වා සහ Ban Ki Moon
කීර්ති වර්ණකුලසූරිය
අත්අඩංගුවේ සිටි ආරක්‍ෂක හමුදා සහ සිවිල් සිරකරුවන් මරා පුළුස්‌සා දමමින් කොටි සංවිධානය බරපතළ ලෙස යුද අපරාධ සිදුකර ඇතැයි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ඇතුළු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත. නීතිපති මොහාන් පීරිස්, විදේශ ලේකම් රොමේශ් ජයසිංහ සහ එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමක් පෙරේදා මහලේකම් බෑන් කී මූන් සහ මාණ්‌ඩලික ප්‍රධානී විජේ නම්බියාර් ඇතුළු නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ශ්‍රී ලංකාවට එරෙහි සාවද්‍ය යුද අපරාධ චෝදනා නඟා ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා සිවිල් ජීවිත විශාල සංඛ්‍යාවක් විනාශ කළ කොටි සංවිධානයට සම්බන්ධ පාර්ශවයන් යෑයි ද හෙතෙම තවදුරටත් දන්වා ඇත.
ශ්‍රී ලංකා හමුදාව කොටි ග්‍රහණයෙන් සිවිල් ජීවිත බේරාගැනීම සඳහා මානුෂික මෙහෙයුමක් දියත් කළ බවද තුවාල ලත් කොටින් ගුවන් මගින් කොළඹට එවා ප්‍රතිකාර ලබාදීමට තමා ක්‍රියාකළ බවද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.
ඇමරිකාවේ සහ විදේශ රටවල සිටින කොටි හිතවාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව අතිශයෝක්‌තියෙන් යුත් සාවද්‍ය චෝදනා නඟා ඇතැයි ද කී ඒ මහතා සෑම සෙබළකුම මානුෂික නීතිය හදාරා ඇතැයි ද පවසා ඇත.
Source
http://www.divaina.com/2011/02/25/news07.html
මෙතුමා නියම සේවයක් කරන්නේ ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට. නියම තීරණයක් මෙතුමාව නිත්‍ය නියෝගිතය වශයෙන් පත්කිරීම.