ශ්‍රද්ධාව නිවනට හේතු වන ආකාරය

hpalpola

Well-known member
  • “මහණෙනි, මම එක්වරටම රහත්වීම නොකියමි. එසේවුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේ.

    “මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන් පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත් බවට පැමිණීම වේද? මහණෙනි, මේ ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන්වෙත එළඹෙයි, ගුරුන්වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි, කණ එළවා තැබූයේ, බණ අසයි, බණ අසා දරාගනියි, දරාගන්නේ ධර්මයන්ගේ අර්ථය සලකා බලයි, අර්ථය සලකා බලන්නේ වැටහෙන නුවණ උපදියි. වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි, කැමැත්ත ඇත්තේ, උත්සාහ කරයි. උත්සාහ කොට අනිත්‍ය දුඃඛ අනාත්මයයි විමසාබලයි. විමසා බලා දැන මාර්ගය ලැබීමට උත්සාහ කරයි. මාර්ගය ලැබීමට උත්සාහ කළේ නාමකයින් නිවන්සුව අවබෝධ කරයි. මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි, මහණෙනි, ඒ ශ්‍රද්ධාව නොවීද, මහණෙනි, ඒ ගුරුන්වෙත එළඹීමද, නොවීද මහණෙනි, ඒ ආශ්‍රය නොවේද, මහණෙනි, ඒ කණ එළවා තැබීමද නොවේ. මහණෙනි, ඒ බණ ඇසීම නොවීද, මහණෙනි ඒ ධර්මය දැරීමද, නොවේ. මහණෙනි, ඒ දරන ලද ධර්මයාගේ අර්ථය සලකා බැලීම නොවේද, මහණෙනි, ඒ ධර්මය වටහා ගත් නුවණ නොවේ, මහණෙනි, ඒ කැමැත්ත නොවීද, මහණෙනි, ඒ උත්සාහය නොවේ, මහණෙනි, ඒ විමසා බැලීම නොවීද, මහණෙනි, ඒ මාර්ගය ලැබීමේ උත්සාහය නොවේ.

    ——- කීටාගිරි සූත්‍රය - ——
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    🙏🙏

    බස් එකේ යනකොට පන්සලක් ගාවින් නැගිටලා ඊට පස්සේ පික්පොකට් ගහන එකේක් උනත් මේ පාත් එකේම තමා ඉන්නේ.
    ------ Post added on Dec 22, 2024 at 12:37 PM
     
    hpalpola

    Well-known member
  • 🙏🙏

    බස් එකේ යනකොට පන්සලක් ගාවින් නැගිටලා ඊට පස්සේ පික්පොකට් ගහන එකේක් උනත් මේ පාත් එකේම තමා ඉන්නේ.
    ------ Post added on Dec 22, 2024 at 12:37 PM
    අඥාන කෙනෙකුට මෙහෙම හිතුනොත් ඒකෙ වරදක් නැහැ මහත්මයා.
     
    • Like
    Reactions: Gunther

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    🙏🙏

    බස් එකේ යනකොට පන්සලක් ගාවින් නැගිටලා ඊට පස්සේ පික්පොකට් ගහන එකේක් උනත් මේ පාත් එකේම තමා ඉන්නේ.
    ------ Post added on
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔව්,ශ්‍රද්ධාව ආකාර දෙකකින් උපදින්න පුළුවන්. දිට්ටි ගත ඥානයන් නිසා ඇතිවන ශ්‍රද්ධාව බය ඇති කරනවා. ප්‍රත්ක්ෂේප කරන්නේ දුක. දුකින් මිදීම කාට හරි කරවන්න පුළුවන් කියල හිතෙනකොට ඒ හිත විචාර කරන්න තරම් දක්ෂ නැහැ.පන්සලක් ගාව බහුතරයට නැගිට්ටෙන්නේ ඔය බය නිසා හටගන්නා ශ්‍රද්දව හේතුවෙන්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,875
    4,279
    113
    ඔතන ශ්‍රද්ධාව කියන්නේ ගුරුවරයා ගැන තියෙන විශ්වාසය නේද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    ඔව්,ශ්‍රද්ධාව ආකාර දෙකකින් උපදින්න පුළුවන්. දිට්ටි ගත ඥානයන් නිසා ඇතිවන ශ්‍රද්ධාව බය ඇති කරනවා. ප්‍රත්ක්ෂේප කරන්නේ දුක. දුකින් මිදීම කාට හරි කරවන්න පුළුවන් කියල හිතෙනකොට ඒ හිත විචාර කරන්න තරම් දක්ෂ නැහැ.පන්සලක් ගාව බහුතරයට නැගිට්ටෙන්නේ ඔය බය නිසා හටගන්නා ශ්‍රද්දව හේතුවෙන්.
    එතකොට එහෙම බය වෙන අයට කොයිම වෙලාවකවත් මේ මොකක් නිසාද කියන එක හිතෙන්න පටන් අරගෙන විචාර කරන්න පටන් අරගන්න එහෙම බය ඇතුව හටගන්න ශ්‍රද්ධාව හේතුවක් වෙන්නෙ නැද්ද?
     
    hpalpola

    Well-known member
  • ඔතන ශ්‍රද්ධාව කියන්නේ ගුරුවරයා ගැන තියෙන විශ්වාසය නේද?
    ඒකත් ශ්‍රද්ධාව විදියට කියන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව ඊට වඩා පුළුල් දෙයක්.

    එතකොට එහෙම බය වෙන අයට කොයිම වෙලාවකවත් මේ මොකක් නිසාද කියන එක හිතෙන්න පටන් අරගෙන විචාර කරන්න පටන් අරගන්න එහෙම බය ඇතුව හටගන්න ශ්‍රද්ධාව හේතුවක් වෙන්නෙ නැද්ද?
    බයක් ඇතුව ශ්‍රද්ධාවක් හට ගන්න අපහසුයි. නමුත් වෙන්න බැරි නැහැ. නිදසුනකට අපායගාමී වීම මුල් කරගෙන ඇති වෙන බය තුළ ශ්‍රද්ධාව හට ගන්න පුළුවන්.
    ------ Post added on Dec 22, 2024 at 7:09 PM

    පැහැදිලි කරන්න පුළුවන් නං
    මෙහෙම කෙනෙක් පන්සල ඉස්සරහදි නැගැටින්නෙ ශ්‍රද්ධාව නිසා ම නෙමෙයි. ශ්‍රද්ධාව චූට්ටම චූට්ටක් හරි තියෙනවා නම් ඒ කෙනා පොකට් ගහන්නෙ නැහැ, ඒ කියන්නෙ අදත්තාදානය කරන්නෙ නැහැ.
    ------ Post added on Dec 22, 2024 at 7:11 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    ඒකත් ශ්‍රද්ධාව විදියට කියන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාව ඊට වඩා පුළුල් දෙයක්.

    බයක් ඇතුව ශ්‍රද්ධාවක් හට ගන්න අපහසුයි. නමුත් වෙන්න බැරි නැහැ. නිදසුනකට අපායගාමී වීම මුල් කරගෙන ඇති වෙන බය තුළ ශ්‍රද්ධාව හට ගන්න පුළුවන්.
    ------ Post added on Dec 22, 2024 at 7:09 PM

    මෙහෙම කෙනෙක් පන්සල ඉස්සරහදි නැගැටින්නෙ ශ්‍රද්ධාව නිසා ම නෙමෙයි. ශ්‍රද්ධාව චූට්ටම චූට්ටක් හරි තියෙනවා නම් ඒ කෙනා පොකට් ගහන්නෙ නැහැ, ඒ කියන්නෙ අදත්තාදානය කරන්නෙ නැහැ.
    ------ Post added on Dec 22, 2024 at 7:11 PM
    🙏
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    එතකොට එහෙම බය වෙන අයට කොයිම වෙලාවකවත් මේ මොකක් නිසාද කියන එක හිතෙන්න පටන් අරගෙන විචාර කරන්න පටන් අරගන්න එහෙම බය ඇතුව හටගන්න ශ්‍රද්ධාව හේතුවක් වෙන්නෙ නැද්ද?
    මොකද නැත්තේ ? හේතු වෙනවා.හැබැයි ගොඩක් ප්‍රමාද වෙනවා.සීල මාර්ගය බව තණ්හාවේ ප්‍රති පලයක්.