ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501

    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්තරකාරිය - අන්තිමේදී තානාපති සේවයටත් ගිහින්


    n13-1.jpg
    ඇය උපත ලද්දේ 1917 ජුලි මස 20 දා කොළඹදීය. මරදානේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ මානගේ පියදාස මහතා ඇයගේ පියාය. මව එලිසබෙත් පොන්වීර මහත්මියයි. එම යුවළට සිටියේද එම දරුවා පමණි. ඇය හෑදී වැඩෙන්නේ කිසිදු අඩුපාඩුවක්‌ නොමැතිව හා ඉංගී්‍රසි පන්නයට හිතන පතන පරිසරයකය. මරදානේ ක්‌ලිප්ටන් බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලද ඇය නොබෝ කලෙකින් කොළඹ කාන්තා විදුහලට ඇතුළු වී පසුව කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ශාස්‌ත්‍රය හැදැරුවාය. මෙහිදී ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය සඳහා උගත්තාය. ඉංගී්‍රසි, ලතින් භාෂාව, තර්ක ශාස්‌ත්‍රය මෙන්ම ආර්ථික විද්‍යාවද හැදැරූ විෂයයන් අතර විය. 1939 වසරේදී විශ්වවිද්‍යාලයෙන් පිටවූ ඇය එම වසරේදීම විවාහ වූවාය.

    ඇයගේ සැමියා වූයේ උපාධිධාරී බැරිස්‌ටර්වරයකු වන දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළෙඳ අධිකාරිවරයකු වූ එච්. ආර්. ගුණවර්ධන මහතාය. විවාහයෙන් පසු ඇය තේජා ගුණවර්ධන නම් වූවාය.

    1953 වසරේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා, එවකට පුරප්පාඩු වී තිබුණ ලංකාවේ ආණ්‌ඩුකාර ධුරයට නිර්දේශ කර තිබුණේ ශ්‍රීමත් ඔලිවර් අර්නස්‌ට්‌ ගුණතිලක මහතාගේ නමය. මෙසේ තිබියදී ඔහු ඒ සඳහා පත් කිරීමට යැම සම්බන්ධයෙන් තදබල ලෙස විරෝධය පා "ට්‍රයින්" පුවත්පතේ ලිපියක්‌ පළ විය. එම ලිපියෙන් ඔලිවර් ගුණතිලක සාපරාධී ලෙස විවේචනයට ලක්‌වීමෙන් එතුමාට අපහාසයක්‌ සිදු වී ඇති බවට ලිපියේත්, පුවත්පතේ කතුවරිය වූත් තේජා ගුණවර්ධන මහත්මියටත් එදිරිව ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පවරනු ලැබීය. එවකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සම්බන්ධ µS්‍රප්‍රෙස්‌ සමාගම විසින් පළ 'ට්‍රයින්' පුවත්පතේ කතුවරිය වී සිටියේද තේජා ගුණවර්ධන මහත්මියයි.

    n13-2.jpg
    මහත්වූ ආන්දොaලනයට ලක්‌වූ එම නඩුවට හා සම්බන්ධ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක යනු කවරෙක්‌ දැයි පළමුව සොයා බැලිය යුතුය.

    ශ්‍රී ලංකාව " ලේ නොසොල්වා නිදහස ලබා ගැනීමටත්, ඩී. එස්‌. සේනානායක පත්වීමටත් (ජාතියේ පියා) මග පෙන්වූ පුද්ගලයා වන්නේ ශ්‍රීමත් ඔලිවර් අර්නස්‌ට්‌ ගුණතිලක මහතා බව බොහෝදෙනකු නොදන්නා කරුණකි. සමසමාජ පක්‌ෂයේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ලෙස්‌ලි ගුණවර්ධන මහතා ඒ හා සම්බන්ධව මෙසේ පවසා සිටී.
    n13-3.jpg

    ".... එහෙත් ලංකාවට දේශපාලන බලය පැවරීම සඳහා සූක්‌ෂම තර්කවලින් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සතුටු කරවා ගැනීම නිසා අකමැත්තෙන් වුවද කෘතඥ විය යුතු පුද්ගලයකු වෙත්නම් ඒ තැනැත්තා ඩී. එස්‌. සේනානායක මහතා නොව සර් ඔලිවර් ගුණතිලක මහතායි. යුද්ධ සමයේදී සිවිල් ආරක්‌ෂක කොමසාරිස්‌ ලෙස කටයුතු කොට ඉන් අනතුරුව මුදල් ලේකම්වරයා වශයෙන් සේවය කළ බ්‍රිතාන්‍යයන්ගේ මෙම හිතවත් සේවකයා හෙවත් විශ්වාස කටයුතු උපදේශකයා ලංකාවට දේශපාලන නිදහස ලබාදීමට වැදගත් හේතුවක්‌ ඉදිරිපත් කළේය. එනම් විශේෂයෙන් අවදානම් යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට සෑම ආකාරයේම සහයෝගිතාවක්‌ පිරිනැමූ ලංකාවට නිදහස නොදෙමින් ඉනදියාව හා බුරුමය වැනි ස්‌වකීය නිදහස සඳහා අරගලයන්හි යෙදුනා වූ රටවල්වලට එම නිදහස දෙනු ලබන්නේ නම් මුළු මහත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ වෙසෙන අනෙකුත් යටත් විජිත වාසීන් නිසැකවම බසින එකම නිගමනය වනුයේ දේශපාලන නිදහස ලබා ගැනීමට ඇති එකම මාවත සටන් මාවත බවයි."

    ".... ලංකාවේ වාසියට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව නම්මවා ගැනීමට හැකි වූයේ මෙම තර්කය හේතු කොට ගෙනය...." 11 පිටුව (ලංකා සමසමාජ පක්‌ෂය එහි ගමන් මග හා පසුබීම - ලෙස්‌ලි ගුණවර්ධන)

    1945 වර්ෂය මුලදී ලංකාවට පැමිණි සෝල්බරී සාමි හෙවත් හර්වල්ඩ් රැම්ස්‌ බොකම් ගේ නායකත්වයෙන් යුතු කොමිසම ලංකාවට එවීම කඩිනම් වූයේද මේ ආදී හේතුන් නිසාය. එම කොමිසමේ සාමාජිකයන් සමග රට වටා ගිය ඔලිවර් ගුණතිලක මහතා උපායෙහි අති දක්‌ෂයකු වූවා පමණක්‌ නොව කීර්ති, ප්‍රශංසා නොලබාම නිදහස ලබා ගැනීම සඳහා ඉමහත් සේවයක්‌ ඉටු කර ඇත. එම කොමිසම ගමන් ගන්නා මාර්ගයේ සමහර ස්‌ථානවල ගොවීන් හා ගෙවිලියන් සමග කරන ලද සාකච්ඡාවලදී කොමිසමේ සාමාජිකයන්ට හැඟී ගියේ මෙරට ගොවීන් පවා උගත් බුද්ධිමත් අය බවයි. කොමිසමට මුහුණ දුන් ගොවියන් හා ගෙවිලියන් වනහී වෙස්‌ ගන්වන ලද විශ්වවිද්‍යාල සිසුන් හා සිසුවියන් බව එවකට දැන සිටියේ ඔලිවර් ගුණතිලක මහතා ඇතුළු දෙතුන් දෙනකු පමණි. ඒ ඔහුගේම උපායක්‌ ක්‍රියාත්මක වූ නිසායි.

    එපමණක්‌ නොව ලංකාවට උචිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරිමෙහිලා ශ්‍රීමත් අයිවෝර් ජෙනිංස්‌ මහතාට සහාය වූ එකම ලාංකිකයා වූයේද ඔලිවර් ගුණතිලක මහතාය.

    1947 සැප්තැම්බර් මස 26 වැනිදා රාජ්‍ය සේවයෙන් ඉවත් වූ ඔලිවර් ගුණතිලක මහතා ඩී. එස්‌. සේනානායක රජයේ ස්‌වදේශ කටයුතු භාර ඇමැතිවරයා ලෙස පත්වූයේය. ඒ වනවිට ඔහු සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ මන්ත්‍රී ධුරයක්‌ දරමින් සිටියේය.

    ලංකාවට නිදහස ලැබීමෙන් පසු වැඩි කලක්‌ යන්නට පෙර සියලුම තනතුරුවලින් ඉල්ලා අස්‌වූ ඔහු එංගලන්තයේa මහ කොමසාරිස්‌ ධුරයට පත් විය. ආපසු ඔහු ලංකාවට පැමිණියේ 1952 දී ඩී. එස්‌. සේනානායක මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහාය. එසේ පැමිණි ඔලිවර් ගුණතිලක මහතා ඩඩ්ලි සේනානායක රජයේ කෘෂිකර්ම හා ආහාර ඇමැති ධුරයද හෙබවීය. ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්‌වීමෙන් පසු අගමැති ධුරයට පත් ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ රජයේ මුදල් ඇමැති වූයේ ඔලිවර් ගුණතිලක මහතාය.

    මේ අතර එවකට ආණ්‌ඩුකාර ධුරය දැරූ සෝල්බරි සාමිගේ සේවා කාලය අවසන් විය. එම පුරප්පාඩුව සඳහා අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා නිර්දේශ කළේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාවය. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා තරම් රාජ්‍ය සේවයේත්, දේශපාලනයේත් තනතුරු හොබවන ලද පුද්ගලයෙක්‌ අද වන තුරුත් බිහිව නැත. පළපුරුද්දට හා උගත්කම බුද්ධියද එක්‌වූ සියලු අංගයන්ගෙන් පරිපූර්ණ වූ අසාමාන්‍ය පෞරුෂයක්‌ හෙබි පුද්ගලයකු වූ ඔලිවර් ගුණතිලක මහතාගේ එක්‌ දුර්වලකමක්‌ද විය. ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතය ගෞරවනීය එකක්‌ නොවූ බවය. එහෙත් ඒවා විවේචනයට බඳුන් නොවූයේ, ඔහු විසින් දරන ලද පදවි හා තානාන්තරය නිසා ඇතිව තිබූ තත්ත්වය නිසාය. මේ වනවිට ඔහුගේ බිරිඳ එස්‌තර් ජයවර්ධන ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී දශක දෙකක්‌ පමණ වූ කාලයක්‌ ගතවී තිබිණි. මෙම යුවළට දූවරුන් දෙදෙනකු හා පුතෙක්‌ද විය.

    අධිරාජ්‍යවාදීන්ගේ (සුද්දන්ගේ) විශ්වාසය දිනා ඔවුන්ගේ සිරිත් විරිත්වලට බෙහෙවින්ම කැපවී සිටි එක්‌සත් ජාතික පාක්‌ෂිකයකු වූ ඔලිවර් ගුණතිලක මහතා කෙරෙහි සමසමාජ කොමියුනිස්‌ට්‌ස්‌ පක්‌ෂවලින්ද තිබුණේ දැඩි විරෝධයකි. එක්‌සත් ජාතික පක්‌ෂය තුළ සිටි කාල සමයේදී එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කටයුතුවලට බාධාකාරී ලෙස ක්‍රියා කර ඇති ඔලිවර් ගුණතිලක මහතා කෙරෙහි එතුමාගේද ප්‍රසාදයක්‌ තිබුණේ නැත.

    මේ වනවිට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහිව තිබූ අතර එහි නිල සිංහල පුවත්පත 'සිංහලේ' නම් විය. 'ට්‍රයින්' එම පක්‌ෂයට සම්බන්ධ ඉංගී්‍රසි පුවත්පත විය. හැම වාමාංශික පුවත්පතක්‌ම පාහේ ඔලිවර් ගුණතිලක මහතා ආණ්‌ඩුකාර පදවියට නිර්දේශ කිරීම ගැන දැඩි ලෙස විරෝධය පා තිබිණි. එහෙත් එතුමාගේ පෞද්ගලික ජීවිතය දැඩි ලෙසම විවේචනයට ලක්‌ කර අනුකම්පා විරහිතවම දොaෂ දර්ශනයට ලක්‌ කර තිබුණේ 'ට්‍රයින්' පුවත්පත පමණි. මෙයින් කුපිත වූ රජය ආණ්‌ඩුකාර ධුරයට නිර්දේශිත ඔලිවර් ගුණතිලක මහතා සාපරාධී ලෙස විවේචනයට ලක්‌ කිරීමෙන් එතුමාට අපහාසයක්‌ විනැයි 'ට්‍රයින්' පුවත්පතේ කතුවර තේජා ගුණවර්ධන මහත්මියට එදිරිව ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩුවක්‌ පවරනු ලැබීය.

    මේ වකවානුව වනවිට මහිලා සමිති ව්‍යාපාරයේද ක්‍රියාකාරිනියක වී සිටි ඇය මෙරට කාන්තාවන්ගේ ශුභ සිද්ධිය අරභයා 'මහිලා' නමින් පුවත්පතක්‌ද ආරම්භ කර තිබුණාය. සියලුම වාමාංශික බලවේගයන් සමග සබඳතා පවත්වාගෙන සිටි ඇය කළු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා ජාත්‍යන්තරව පිළිගැනීමක්‌ද ලැබ තිබිණි. ඒ 'µqල්බ්‍රයිට්‌' ශිෂ්‍යත්වය ලැබ අධ්‍යාපනය සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයට ගොස්‌ සිටියදීය.

    ඇයට එදිරිව පැවරූ නඩුව ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව ආසියා මහද්වීපය තුළම මාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවූ නඩුවක්‌ බවට පරිවර්තනය වී තිබීමද විශේෂත්වයකි. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් ආන්දොaලනයට ලක්‌වූ නඩුවක්‌ද විය.

    මුදල් හදල් ගැන නොසිතා ඇය තමා වෙනුවෙන් පෙනී සිටීමට තෝරාගන්නා ලද්දේ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් නීති විශාරදයකු වූ එංගලන්තයේ විලියම් ප්‍රීට්‌ මහතාය. මේ වනවිට රාජ්‍ය දොaහී චෝදනාවක්‌ යටතේ, කැරලි නායකයකු විනැයි බ්‍රිතාන්‍ය විසින් නඩු පවරනු ලැබූ කෙන්නියාවේ ජෝමෝ කීsනියාටා මහතා නිදහස්‌ කර ගැනීමෙන් විලියම් ප්‍රීට්‌ මහතා ජාත්‍යන්තර වශයෙන් නමක්‌ දිනා සිටි නීති විශාරදයෙක්‌ විය.

    තේජා ගුණවර්ධන මහත්මියට එදිරිව පවත්වාගෙන ගිය නඩුව සමථයකට පත් කර ගැනීමට ආණ්‌ඩුකාර ධුරයට පත්ව සිටි ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාට අවශ්‍ය විය. අදාළ ලිපිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාවගන්නේ නම් නඩුව ඉල්ලා අස්‌කර ගැනීමට කැමැති බව සඳහන් පණිවුඩයක්‌ හර්බට්‌ හුලුගල්ල මහතා මගින් ඇයට දැනුම් දෙන ලදී. මේ 'යකඩ ගැහැනිය' එනම්, මේ දිරිය කාන්තාව එක හෙළාම එය ප්‍රතික්‌ෂේප කරමින් අභීත ලෙස නඩුව ඉදිරියට ගෙන යැමට කටයුතු යෙදුවාය.

    මෙරට පුවත්පත් කලාවේ ස්‌වාධීනත්වය හා නිදහස තර්ජනයට ලක්‌වූ පළමු වතාව මෙය බැවින්, එනයින්ද මේ නඩුව විශේෂත්වයක්‌ ගත්තේය. සාමාන්‍ය ජනතාවද මෙම නඩුව කෙරේ බලවත් අවධානය යොමු කළේ මෙරට මෙන්ම පිටරටවලද නමක්‌ දිනා සිටි, ඉතා බලවත් රජකු වැනි පුද්ගලයකුට එරෙහිව සාමාන්‍ය පුවත්පත් කලාවේදිනියක්‌ විසින් එල්ල කරන ලද අභියෝගය නිසාය.

    අග්‍රවිනිචයකාර ශ්‍රීමත් ඇලන් රෝස්‌ මහතා ඉදිරියේ විභාග වූ නඩුව අවසානයේදී විත්තිකාරිය වූ තේජා ගුණවර්ධන නම් වූ මෙම එඩිතර කාන්තාව සියලු චෝදනාවලින් ඉතා ගෞරවයෙන් යුතුව නිදහස්‌ කරනු ලැබීය. ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ආණ්‌aඩුකාරතුමාගේ මෙම පරාජය, සාමාන්‍ය ජනතාවගේ වාමාංශිකයන්ගේ, උගතුන්ගේ පමණක්‌ නොව එක්‌සත් ජාතික පක්‌ෂයේම සමහර උදවියගේද ඉමහත් ප්‍රසාදයට හේතු වූ බව පෙනී යන්නේ, එම පක්‌ෂයේ නායකයකු මෙන්ම මන්ත්‍රී මණ්‌ඩලයේ සභානායක වූද ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් කරන ලදැයි කියන පහත සඳහන් ප්‍රකාශයෙනි. "පිරිමින් දහසකට වඩා එක තේජා කෙනෙක්‌ වටිනවා."

    තේජා ගුණවර්ධන මහත්මිය පුවත්පත් කලාවට පමණක්‌ සීමා වූ ගැහැනියක නොවූවාය. මෙරට සාහිත්‍යය, අන්තර්ජාතික දේශපාලනය හා සංස්‌කෘතිය වැනි ක්‍ෂේත්‍ර තුළද ඇය දස්‌කම් දක්‌වා ඇත. කොංගෝ දේශය නොනැසි ගැලවෙයි, ඉන්දු - චීන සබඳතා කොයිබටද? චීන සංස්‌කෘතික විප්ලවය ආයෙ නම් කිසි දිනෙක බැහැ, ජපානයේ අදිටන, කෘෂෙප්වාදය ඇය විසින් ලියා ඇති ග්‍රන්ථවලින් කීපයකි. "කෘෂප්වාදය" නමැති ග්‍රන්ථය ජාත්‍යන්තර වශයෙන්ද වැදගත් වූවකි. දශක හතරක පමණ වූ කාලයක්‌ තිස්‌සේ පර්යේෂණය කර 1975 වසරේදී එළිදැක්‌වූ මාහැඟි ග්‍රන්ථය වන 'කොහොඹා කංකාරිය' අති විශිෂ්ට කෘතියක්‌ ලෙස සැලකේ.

    රාජ නීතිඥ විලියම් ප්‍රිට්‌ මහතා විසින් පසු කලකදී ලියන ලද තමා විසින් පෙනී සිටි විත්තිකරුවන් හා සම්බන්ධ කෘතියෙන් තේජා ගුණවර්ධන මහත්මිය වෙනුවෙන් වෙන්වී ඇති පරිච්ඡේදයේ දක්‌වා ඇති රහසක්‌ මගින් ඇය කෙබඳු තැනැත්තියක්‌ දැයි හෙළි වන්නේය. ආන්දොaලනයට ලක්‌වූ ඇය විසින් ලියන ලද ලිපිය පළ වනවිට එම පුවත්පතේ අයිතිය හිමිවී තිබුණේ එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාටය, එම නිසා අවශ්‍ය වී නම් එතුමියට ඉතා පහසුවෙන් එම නඩුවෙන් ගැලවී යා හැකිව තිබිණි. එහෙත් ඇය ප්‍රිට්‌ මහතාට කියා තිබුණේ ලිපියේ හැම ඉස්‌පිල්ලක්‌, පාපිල්ලක්‌ දක්‌වා තමා වගකියන බවත්, පෙරකී කරුණ කෙරේ අවධානය යොමු නොකරන ලෙසත්ය.

    මේ අයුරින් විවිධ ක්‍ෂේත්‍රයන් කෙරේ දස්‌කම් දැක්‌වූ තේජා ගුණවර්ධන මහත්මිය, තම රාජ්‍ය පාලන සමයේදී සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිතුමිය විසින් පකිස්‌ථානයේ හා ඉරානයේ තානපතිවරිය වශයෙන්ද පත් කරනු ලැබීය. ලෝක සාම සම්මේලනය ලංකාවේ පැවැත්වීමෙහිලාද ඇය මහත්වූ කාර්යභාරයක්‌ ඉටු කරනු ලැබ ඇත. චීනයේ චෞ එන්ලායි, සූ චිලිං, කියුබාවේ පිදෙල් කස්‌ත්‍රොa, වියට්‌නාමයේ හෝ චිමිං හා පකිස්‌ථානයේ සුල්පිකාර් අලි භූතෝ වැනි සුප්‍රසිද්ධ ශේ්‍රෂ්ඨ නායක නායිකාවන් රැසක්‌ ඇසුරු කිරීමටද ඇයට අවස්‌ථාව හිමි වූවාය.

    උපතින්ම මහා ධනස්‌කන්ධයකට හිමිකම් පෑවද, ඒ සියල්ල සමාජ සේවය සඳහා කැප කිරීම හේතු කොට ගෙන, ජීවිතයේ අවසන් කාලය ගත කර ඇත්තේ තම ආදරණීය සැමියාගේ විශ්‍රාම වැටුපෙනි. 1995 ජුලි 17 වන දින ඇය අභාවප්‍රාප්ත වූවාය.

    ඉතා කනගාටුවෙන් යුතුව කිව යුතුව ඇත්තේ තම වගකීම්, යුතුකම් හා ආචාර ධර්ම අදාළ ක්‍ෂේත්‍රයන් තුළ මනාව ඉටු කර ඇති මේ උදාර කාන්තා රත්නය, නිසි ඇගයීමකට මෙතෙක්‌ ලක්‌වී නොමැති බවය.

    ආරියපාල මුදලිගේ