ශ්‍රීලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු කුමන&
ශ්‍රී ලංකාවට එරෙහි දකුණු අප්‍රිකානු කුමන්ත්‍රණය එළිදකී...........
* ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කී තැනැත්තා රොබට් බ්ලේක්‌ගේ යුද රහස් ලියවිල්ලෙන් හෙළිවේ
* කොටි හිතවාදීහු ප්‍රංශයේ සිට ජිනීවා වෙත ඒමට අධිවේගී දුම්රියක් වෙන්කර ගනී
* මාලදිවයින හිටපු ජනාධිපතිගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්
* ශවේන්ද්‍ර සිල්වා ඇමරිකාවෙන් පැන්නීමේ හා මෙරටට ගෙනඒමේ මෙහෙයුම්
* යුරෝපා සංගමය වෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවකට හිටපු කැරලිකරුවකු වන රංජිත් හෙන්නායකගේ බිරිය වූ බාබරා ලොහ්බිලර් සම්බන්ධවේ
* ප්‍රංශයටත් ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරියකු අවශ්‍ය යෑයි ප්‍රංශ ශ්‍රී ලාංකිකයෝ පවසති
කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවත් ඔවුන් සමග සාකච්ඡාවකට යන ලෙසත් ශ්‍රී ලංකා රජයට නියෝග කළේ මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක්‌ය. මෙයට කලකට පෙර මේ ඇමරිකානු නිලධාරියා මෙරටට පැමිණ ද්‍රවිඩ සන්ධානයට 13 වැනි සංශෝධන බලතල ලබාදෙන ලෙස සහ උතුරේ ද්‍රවිඩ පොලිස් සේවාවන් ස්‌ථාපිත කරන්නැයි ද රජයට කියා සිටියේය. එහෙත් බ්ලේක්‌ගේ ඉල්ලීම ඉටුවූයේ නැත. පසුගිය සඳුදා සවස කොළඹ හිල්ටන් හෝටලයට ඔහු පැමිණියේ මානව කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ මේරි ඔටේරෝ සමගය. “එල්ලවූ යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයක් වී නැහැ. ජිනීවා නුවරදී ලබන මාර්තු මස ආරම්භ වන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහි විශේෂ යෝජනාවකට ඇමරිකාව සෘජු සහාය දක්‌වනවා”යෑයි රොබට් බ්ලේක් මාධ්‍ය අමතමින් සඳහන් කළේය. බ්ලේක්‌ගේ මේ ප්‍රකාශය මේරි ඔටේරෝ ද අනුමත කළාය.
ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොළඹට අවුත් පැවසුවේ පුලිතේවන්, නඩේසන් ඇතුළු කොටි මිනීමරුවන්ට සිදුවූ දේ කුමක්‌ද සහ ඔවුන්ගේ මරණවලට වගකිවයුතු හමුදා නායකයන්ට දඬුවම් දෙන ලෙසත් නැත්නම් ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනාවලට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන යන බවයි.
මෙහිදී බ්ලේක් හා ඔටේරෝ කොළඹ හිල්ටන් හෝටලයේදී මහත් උජාරුවෙන් රඟ දැක්‌වූයේ ප්‍රභාකරන් මෙන් පැමිණිලිකරු, සාක්‍ෂිකරු හා විනිසුරුගේ චරිතයයි. එසේම මේරි ඔටේරෝ ප්‍රකාශයක් කරමින් තමා එන්.ජී.ඕ. ප්‍රධානීන් දේශපාලන නායකයන් හා මාධ්‍යවේදීන් සමග ද සාර්ථක සාකච්ඡා කළ බව හෙළි කළාය. (I’ve had series of productive meeting with the Govt as well as civil society, political leaders and
Journalist)
මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය හමුවූ මේ මාධ්‍යවේදීන් කවුරුන්ද යන්නයි. එහෙත් ඇය හමුවී ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කියන මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින ෙද්‍රdaහීන් බව පැහැදිලි විය.
මෙලෙස ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවට තර්ජනාත්මක ප්‍රකාශයක් එළිදැක්‌වෙද්දී ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලෙයි විසින් එක්‌සත් ජාතීන්ගේ මහකොමසාරිස් බෑන් කී මූන් වෙත හදිසි ලිපියක් යවමින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්‌සත් ජාතීන්ගේ සාම සාධක බළකායේ උපදේශකයකු ලෙස පත් කිරීම ගැන කනගාටුවට පත්වන බවත් ඔහුව නිෂේධ බලය යොදවා ඉවත් කරන ලෙසත් කියා සිටියාය.
නවි පිල්ලේගේ මේ ලිපියත් සමගම ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සති හයක් තිස්‌සේ දියත්වී තිබූ කුමන්ත්‍රණ සැලසුම හෙළි විය. ඇමරිකානු කොටි ජාලය විසින් ඔහුව ඇමරිකාවෙන් පැන්නීමටත් මෙරට ඇතැම් පාර්ශ්වයන් ගෙන්වා ගැනීමටත් සැලසුම් කර තිබූ බව තවදුරටත් අනාවරණය විය.
කොටි ඝාතක සමාගමේ නායකයන් විනාශවීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටින කොටි ජාත්‍යන්තර ජාලය ශවේන්ද්‍රව ඇමරිකාවෙන් පැන්නීම සඳහා ඩොලර් මිලියන ගණනක රහසිගත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබිණි.
මෙය සනාථ වූයේ දින කීපයකට පෙර නෝර්වේහි බර්ජන් නගරයේ පැවැති රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙය වූ සමුළුව නිව්යෝර්ක් සිට වීඩියෝ සබඳතා මගින් ඇමතූ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ විශ්වනාදන් රුද්‍රකුමාරන් “අපි දියත් කරන සැලසුම් ද්‍රවිඩ ප්‍රජාව වෙත හෙළි නොකරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ක්‍රියාමාර්ග රැසක් යොමුකර ඇති බවත් පැවසීමයි. රුද්‍රකුමාරන් මේ ප්‍රකාශය කිරීමට පෙර දකුණු අප්‍රිකානු රජය ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන විමර්ශනයක් ආරම්භ කළ යුතු යෑයි දන්වා තිබිණි.
මේ අතර කොටි රමේශ්ගේ බිරිය වූ වත්සලාදේවි විසින් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැවරූ නඩුවෙන් ඇය පරාජය විය. ඇයට දේශපාලන රැකවරණ ලබාදී ඇත්තේ ද දකුණු අප්‍රිකානු රජයයි.
මෙම පසුබිම යටතේ නවිපිල්ලේ විසින් බෑන් කී මූන් වෙත ලිපියක් යවා පසුගිය අඟහරුවාදා ඇය හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාය. මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට සැකකරන අයගේ ලැයිස්‌තුවක් අප වෙත තිබෙනවා. ශවේන්ද්‍ර සිල්වාගේ උපදේශක ධුරය කනගාටුවට කරුණක් යෑයි එහිදී ඇය කියා සිටියාය.
නවි පිල්ලේ යනු දකුණු අප්‍රිකානු ද්‍රවිඩ කාන්තාවකි. ඇගේ එම ප්‍රකාශයත් සමගම වත්සලාදේවි, දකුණු අප්‍රිකානු කොටි ජාලය, දකුණු අප්‍රිකානු රජය එක්‌ව දියත්වූ සැලසුමේ දෙවැනි අදියර හෙළි විය.
ශවේන්ද්‍ර සිල්වා නමැති හමුදා නිලධාරියා ඇමරිකාවෙන් පැන්නීමේ ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවේ ප්‍රධාන ඒජන්තවරයා වන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ වාර්තාකරුවකු ලෙස ක්‍රියා කරන මාටින් රසල් ලී නමැත්තායි. කැනඩා කොටි ජාලයේ අරමුදල් මත ක්‍රියාත්මක වන රසල් ලී ශවේන්ද්‍ර සිල්වා සමග දැඩි වෛරයකින් පසුවෙමින් ඔහුව යුද අපරාධකරුවකු කිරීමට වාර්තා විශාල සංඛ්‍යාවක් ප්‍රකාශයට පත්කර තිබිණි.
නිව්යෝර්ක් නුවරදී චැනල් 4 රූපවාහිනිය තිරගත කළ “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටයේ දර්ශන සාවද්‍ය බවත් මාටින් රසල් ලී 55 සහ 58 වැනි සේනාංක ස්‌ථානගතව සිටියේ කුමන ස්‌ථානයේදී කියා නොදන්නා බවත් ශවේන්ද්‍ර සිල්වා විසින් පවසනු ලැබීය.
මේ අතර තම නිෂේධ බලය යොදවා ශවේන්ද්‍ර සිල්වා උපදේශක ධුරයෙන් පහකළ නොහැකි යෑයි බෑන් කී මූන් විසින් ප්‍රකාශ කර ඇත. “සාම සාධක බළකාය පාලනය වන්නේ එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව සහ ආරක්‍ෂක මණ්‌ඩල ප්‍රඥප්ති මතයි. ඒ නිසා නිෂේධ බලය යෙදවිය නොහැකි”යෑයි බෑන් කී මූන්ගේ ප්‍රකාශක නෙසර්කි කියා සිටියේය. මේ ප්‍රකාශයත් සමගම කෝපයට පත් මාටින් රසල්ලී නමැත්තා ශවේන්ද්‍ර සිල්වා මහතාව සාම සාධක උපදේශක මණ්‌ඩලයට පත් කළ ආසියානු කලාපීය රටවලට පෙත්සම් යවමින් ශ්‍රී ලංකා හමුදා නිලධාරියාව ඉවත් කරන්නැයි බලපෑම් කර ඇතැයි වාර්තා විය.
එම බලපෑම්වලින් පසු කොටි හිතවාදී මැතිව් රසල් ලී පුවතක් විකාශනය කරමින් යුද අපරාධකරු උපදේශක මණ්‌ඩලයට පත්වී ඇති බවත් ජනරාල්වරයාට පිස්‌සු යෑයි ශ්‍රී ලංකාව පවසන බවට අවමන් සහගත පුවතක් විකාශනය කළේය.
මේ අතර නිව්යෝර්ක්‌හි මිලේනියම් හෝටලයේ පැවැති ඉරාන ජාතික දින සාදයට ද පැමිණ රසල් ලී විදේශ තානාපතිවරු උසි ගැන්වීමට ද උත්සාහ කර ඇත. මේ සාදයට මත්පැන් නොතිබීම ගැන ඔහු කණගාටුවට පත්වී තිබේ.
මෙම වාතාවරණය මැද මාටින් රසල් ලී එක්‌සත් ජාතීන්ගේ බංගලාදේශ නිත්‍ය නියෝජිත අබ්දුල් වුමන් හමුවී ශවේන්ද්‍ර සිල්වාව සාම සාධක බළකා උපදේශක මණ්‌ඩලයෙන් ඉවත් නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කර ඇත. මේ වාතාවරණය මැද ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධ සැකකරුවකු යෑයි පැවසූ මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලෙයි යුද අපරාධ රැසකට සම්බන්ධ ප්‍රංශයේ සිටින වී. කිරුබාහරන් නමැති ත්‍රස්‌තවාදියාව මානව හිමිකම් සමුළුව වෙත සහභාගිවීම සඳහා අවසර දී තිබේ. කැනඩා රහස් පොලිස් වාර්තාවට අනුව කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියායි. එසේනම් ඇය මානව හිමිකම් කොමසාරිස් ධුරය දැරීමට සුදුසු නොවන බව සනාථ වේ.
මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා නෝර්වේ රාජ්‍යයේ ඔස්‌ලෝ නුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව තවත් කොටි චිත්‍රපටයක් තිරගත විය. මෙය නිර්මාණය කළේ කළු කොටි බෝම්බකාරියන් ගැන ශ්‍රී ලංකාවට අවුත් වන්නියට ගොස් මයි ඩෝටර් ටෙරරිස්‌ට් නම්වූ චිත්‍රපටය නිපද වූ බියටේ ඈන්ස්‌ටඩ් නමැත්තියයි. ඇගේ මෙවර චිත්‍රපටයේ තේමාව නිසල කළ හඬවල් හෙවත් පිටුවහල්වී සිටින ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ කතාබහ යනුවෙනි. බියටේ ඈන්ස්‌ටඩ් මෙම ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටයේ මාධ්‍යවේදියකු ලෙස ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රභාකරන්ගේ සියලු ත්‍රස්‌ත ක්‍රියා අනුමත කළ මෙරටින් ජර්මනියට පැන ගොස් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බවට චැනල් ෆොa රූපවාහිනි සේවාවට සාවද්‍ය වීඩියෝ පට යෑවූ තැනැත්තාත් ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියට සම්බන්ධ ත්‍රස්‌තයකු වූ ලොකිසන් නමැත්තායි.
චැනල් 4 රූපවාහිනියට සාවද්‍ය වීඩියෝ පට යෑවූ මේ “ෙද්‍රdaහියා” භීෂකයා නමින් හඳුන්වනු ලබයි. වන්නියට පා නොතැබූ මේ මාධ්‍යවේදී වෙස්‌ගත භීෂකයා යුද අපරාධ සියෑසින් දුටුවාක් මෙන් දේශනයක් පවත්වා ඇත.
ඈන්ස්‌ටඩ් නමැති චිත්‍රපට අධ්‍යක්‍ෂවරිය මේ අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ හිටපු බී.බී.සී. වාර්තාකාරියක් වූ ප්‍රාන්සස් හැරිසන් ද ගෙන්වා තිබිණි. බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් ඉරාක යුද්ධයට වගකිවයුතු බව දැක්‌වීම වසන් කළ ප්‍රාන්සස් හැරිසන් ද කොටි වෙනුවෙන් හඬ නැඟූ තැනැත්තියකි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පකිස්‌තානයේ සංචාරයක යෙදෙන අවස්‌ථාවේ ඇය පකිස්‌තාන් මාධ්‍යවලට ලිපියක් යවමින් වන්නි මෙහෙයුම සිදුවන අවස්‌ථාවේ බංකරයක සිටි ද්‍රවිඩ මවක් දරුවකු ප්‍රසූත කළ බවත් ඇයට සහල් කිලෝ 2 ක් ලබාගැනීමට රන් කිලෝ 16 ක් දීමට සිදුවූ බවත් සඳහන් කර ඇත.
මෙලෙස කොළඹ කොටි හිතවාදීහු විදෙස් මාධ්‍ය ලවා ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය පුවත් මවද්දී ද්‍රවිඩ සන්ධානය නැගෙහිර යළිත් ගිනි ඇවිලවීමට උත්සාහ කරන බව අනාවරණය විය. මේ සතියේ දිනෙක මඩකලපුවේ ශ්‍රී මමන්ගේස්‌වර් පාසල් ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ පී. ආරියනේන්ද්‍රන් මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රකාශ කර ඇත. “නාගරික සංශෝධන නැගෙනහිර දිස්‌ත්‍රික්‌කයේ ක්‍රියාත්මකවීමට ඉඩ ලැබුණොත් සෑම තැනකම බෞද්ධ පන්සල් ඉදිවෙයි. ස්‌වාමිමලෙයි ප්‍රදේශයේ පන්සලක් ඉදිකිරීමට හමුදාව සහ භික්‍ෂූන් පිරිසක් ගන්නා උත්සාහය මා හෙළා දකිනවා.”
ද්‍රවිඩ සන්ධානය තවත් වසර දහයකින් යුද්ධයක් ඇති කිරීම සඳහා තරුණ තරුණියන්ගේ මනසට “විෂ” ඇතුල් කරන බව නියෝජ්‍ය අමාත්‍ය විනයගමූර්ති කරුණා පවසා තිබිණි. ආරියනේන්ද්‍රන් පාසල් දරු දැරියන් අමතා කර ඇත්තේ එම ක්‍රියාදාමය නොවේද?
මේ අතර කුමන්ත්‍රණයකින් බලයෙන් ඉවත් කළ මාලදිවයින හිටපු ජනාධිපති නෂිද් මෙරට රජයේ බලධාරීන්ගේ ද දැඩි අවධානයට ලක්‌විය යුතු ප්‍රකාශයක් කර ඇත. “ව්‍යාපාරිකයන් සිව් දෙනෙක් මුදල් වැය කරමින් මේ කුමන්ත්‍රණය මෙහෙය වූවා” යෑයි නෂිද් හෙළි කළේය.
ප්‍රභාකරන්ට ඩොලර් මිලියන හතරක් ලබාදුන් රාජ් රාජරත්නම් නමැති ඇමරිකානු ද්‍රවිඩ කෝටිපතියාගේ කොළඹ ඒජන්ත තවමත් යහතින් සිටී. එසේම කොළඹ සිට විවිධ උපාංග ඇතුළත් කන්ටේනර් රැසක් වන්නියට යෑවීමට සහාය වූ ද්‍රවිඩයා අද කොළඹ විදෙස් බැංකුවක ප්‍රධානියෙකි. මේ අතර රොබට් බ්ලේක් විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා තිබූ “අතිශයින් රහසිගතයි” මැයෙන් යුත් සංදේශයෙන් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කිවූ පුද්ගලයකු හෙළි විය. බ්ලේක්‌ගේ එම රහස් ලියවිල්ලේ මෙලෙස දක්‌වා තිබේ. “ද්‍රවිඩ රූපවාහිනි ශිල්පියා 2008 සැප්තැම්බර් සහ ඔක්‌තෝබර් මස ඇමරිකාවේ හොනලුලුහි පැවැති නව පරපුරේ සමුළුවට සහභාගි විය. (ඔහුගේ අනන්‍යතාවය අතිශයින්ම රැකිය යුතුයි (STRICTLY PROTECT) ඔහු පැවසුවේ ආරක්‍ෂක ලේකම්වරයා ද්‍රවිඩ ව්‍යාපාරියන්ගෙන් මුදල් එකතු කිරීම සඳහා ඊ.පි.ඩී.පී. සහ කරුණාට අවසරය දුන් බවයි.
රොබට් බ්ලේක්‌ගේ මේ රහස් ලියවිල්ලෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඇමරිකානුවන්ට පාවාදීමට උත්සාහ කරන පාර්ශ්වයන් සනාථ නොවන්නේද?
වත්මන් රජය තුළට රිංගා සිටින සතුරන් ගැන අපි මුලින්ම හෙළි කරද්දී “එයා අපේ ළමයෙක්” යෑයි පැවසූ පිරිස් දැන් කුමක්‌ද කියන්නේ යෑයි විමසිය යුතුව ඇත. මේ පසුබිම යටතේ රජය දැන්වත් සතුරන් කව්ද? මිතුරන් කවුද කියා හඳුනා ගන්නේද?
මේ අතර යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට දක්‌වමින් යෝජනාවක් සම්මත කර ඒ ගැන මානව හිමිකම් සමුළුව විසින් විමර්ශනය කිරීමට ජාත්‍යන්තර කොමිසමක් පත් කළ යුතු යෑයි ඉල්ලා ඇත.
මේ යෝජනාව ඉදිරිපත් කළ පක්‍ෂ අතර ගී්‍රන් පක්‍ෂය ද වේ. එහි නියෝජිතවරිය බාබරා ලොහ්බිලර්ය. ඇගේ සැමියා මෙරටින් ජර්මනියට පැනගිය හිටපු කැරලිකරුවකු වූ රංජිත් හෙන්නායක ලොහ්බිලර්ය.
මේ නිසා ශ්‍රී ලංකාව යුද අපරාධකරු කිරීමට දියත් කර ඇති කුමන්ත්‍රණයට තවදුරටත් සාක්‍ෂි අවශ්‍ය ද? මේ අතර ශ්‍රී ලංකාවේ විවිධ විරෝධතා මතුවන අවස්‌ථාවේ අතිශයින් සතුටට පත් කොටි යුරෝපා ජාලය මාර්ත 5 වැනිදා ප්‍රංශයේ සිට ජිනීවා වෙත කොටි හිතවාදීන්ව ගෙනඒම සඳහා අධිවේගී දුම්රියක් (TVG) මුළුමනින්ම වෙන් කරගෙන ඇත.
- කීර්ති වර්ණකුලසූරිය / දිවයින
February 19, 2012 at 12:37 am | Lanka C News.

Last edited: