ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සි&

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සි&

anduwata kade giyapu kattiyama mehema kiyanne:rofl:

http://www.dinamina.lk/2015/01/12/_art.asp?fn=n15011212
ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
- මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරයි
මහින්ද අලුත්ගෙදර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරයි.

ඊයේ (11) රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් මේ තීරණය ගෙන තිබෙන අතර සභාපතිවරයාට අමතරව හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා ලේකම්වරයා වශයෙන් ද ජ්‍යෙෂ්ඨ ඇමැති එස්.බී නාවින්න මහතා භාණ්ඩාගාරිකවරයා වශයෙන් ද තෝරා පත්කරගෙන තිබේ. මේ අතර ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ජාතික සංවිධායක ලෙස ද ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පක්ෂයේ අනුශාසකවරුන් වශයෙන් පත්කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙමින් රටේ අනාගතය වෙනුවෙන් යහපත් කාර්යභාරයක් ඉටුකිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනතා නියෝජිතයන් විශාල පිරිසක් සහාය පළකිරීමට එක්වෙති. ඒ අනුව පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විශාල පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට එක්ව තිබෙන අතර ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, පියසේන ගමගේ, එස්.බී නාවින්න, අතාවුද සෙනෙවිරත්න, ඇමැතිවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, විජිත් විජයමුණි සොයිසා, රෙජිනෝල්ඩ් කුරේ, ජගත් පුෂ්ප කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ, වයඹ පළාත් ප්‍රධාන ඇමැති දයාසිරි ජයසේකර මහත්වරු ඒ අතර වෙති.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් කොළඹ පිහිටි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නි‍වසේ දී පැවැති අතර එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහස් කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව ඉදිරියේ දී රට වෙනුවෙන් සේවය කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට ආරාධනා කරන බවත් ය. පක්ෂයට අවශ්‍ය නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට බලය තිබෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ අනුව නව නිලධාරී මණ්ඩලය පත්කර ගෙන තිබෙන බව ද ඉදිරියේ දී කිසිඳු භේදයකින් තොරව සියලු පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද සඳහන් කළේය.

මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ පක්ෂයේ සභාපතිවරයා වශයෙන් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කළ නමුත් ඒ මහතා පරාජයට පත් වූ බවත් ඒ අනුව පක්ෂයේ ලේකම්වරයා ලෙස සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළ පසු සභාපතිවරයා වශයෙන් තෝරාගත් බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවේ 12 - 2 ආ වගන්තිය යට‍තේ පක්ෂ‍ය නියෝජනය කරන අයෙකු රටේ ජනාධිපතිවරයා වූවා නම් ඔහුට නිතැනින්ම පක්ෂයේ සභාපතිත්වය හිමිවන බව ද එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහ.