ශ්‍රීලාංකික_විරුවන්

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මෙවන් පුතුන් බිහි කල මවුවරුන්ට ජාතියේම ගෞරවය ...

    විරුවනි ඔබ උපන් බිමට ණය නැත..

    යුද්ධය ඉවර වුනාට පස්සේ මිනිස්සුන්ට රණවිරුවන් නැවතත් හමුදා කාරයන් බවට පත් වෙලා තියෙන කලෙක මේ වගේ පොස්ට් එකක් දැම්මට ස්තුතියි මචන්
     
    Last edited:

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඊයේ මේ ත්‍රෙඩ් එක දාපු මං අද හවස 4.30 ට විතර කුරුණෑගල ටවුමේ ෂෙඩ් එකකට ගියා බයික් එකට පෙට්‍රල් ගහන්න, එතන අපේ යුද හමුදාවේ සෙබලෙක් ටිකට් විකුණනවා.. ෂෙඩ් එකට එන හැම මනුස්සයෙක් ලගටම ගිහින් මේ ටිකට් එකක් ගන්න කියල කියනවා.. ඒ සෙබලත් පෙනුම අනුව අපි වගේ අවුරුදු 23-25 අතර කොල්ලෙක්, මුනේ ලොකු විඩාබර පෙනුමකුත් තිබ්බා. හැමෝම ලගටම ගියා වගේ මං ලගටත් ඇවිත් කිව ටිකට් එකක් ගන්න කියල, ටිකට් එක රුපියල් 50/= මගේ පර්ස් එකට නම් රුපියල් 50 ත් දැනෙන ගානක් එත් අර සොහොයුරාගේ මුහුණ දැක්කම මට එකක් නොගෙන බැරිවුණා..මං එයට කිව අයියේ මෙච්චර පිළිගැනීමක් තියන හමුදාවට ඇයි මෙහෙම වුනේ කියල..

    ඒ සහෝදරයත් කගේ හරි දෙමවුපියෙක්ගේ දරුවෙක්, යුද්දේ ඉවර වුන දවස් වල එයාව ගමේ උත්සව තියල පිළිගන්න ඇති.. ඒ අම්ම තාත්තා තමුන්ගේ පුතා මෙහෙම මහ පාරේ හිගන්නෙක් වගේ ටිකට් විකුණනවා දැක්ක නම් මොනවා හිතෙයිද..? ඒ කොල්ලටත් ආත්මගවුරවයක් තියනවා නේද? තමුන්ගේ වයසේම කොල්ලෙක් ලගට ඇවිත් ටිකට් එකක් ගන්න කියන්න එයාටත් ලජ්ජා ඇති.. එත් මොනවා කරන්නද? නිසි බලධරයෝ මේවට කොහොම අණ දෙනවද මන්ද...



    :angry::angry::angry: හමුදාවේ බලධරයනි, මේවා කරන්න අණ දෙන ඔබලා ගැන ලැජ්ජයි!!! :angry::angry::angry:
     
    • Like
    Reactions: kalharabest