ශ්‍රී පාදයට නල්ලතන්නියෙන් ගිය ගමන ඡායාරූ

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    ශ්‍රී පාදයට නල්ලතන්නියෙන් ගිය ගමන ඡායාරූ

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B12%25255D.jpg

    ශ්‍රී පාදස්ථානය/ සමනළ කන්ද ඉංග්‍රීසින් අතර Adam’s Peak ලෙසින්ද දමිළ ජනතාව අතර Sivanolipatha Malai - சிவனொலி பாதமலை ලෙසින්ද හදුන්වනු ලැබේ. මුහුදු මට්ටමේ සිට මීටර 2243ක්, එනම් අඩි 7359ක් උසින් පිහිටා ඇති කදු මුදුන ශ්‍රීලංකාවේ මධ්‍යයට වන්නට පිහිටා ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සමනළ කන්ද රත්නපුරට කිලෝමීටර 40ක් ඊසානට වන්නට පිහිටා ඇත. මෙම කන්ද ශ්‍රීපාදය ලෙසට ප්‍රකටව ඇත්තේ කදු මුදුන මත පිහිටි කළුගල මත බුදුන්වහන්සේගේ පා සටහන පිහිටා ඇතැයි සැලකෙන බැවිණි. එලෙසම හින්දු භක්තිකයන්ද ශිව දෙවියන් පිදීමටද, ක්‍රිස්තියානි භක්තිකයන් ඔවුන්ගේ ආගම පිදීමටද, මුස්ලිම් භක්තිකයන් ආදම් පිදීමටද සමනළ කන්ද යොදා ගනී. එමනිසා ශ්‍රී ලාංකික ජනතාවගේ ගරු බුහුමනටපත් සුවිශේෂී ස්ථානයක් ලෙසට සමනළ කන්ද හැදින්විය හැක.

    ශ්‍රීපාද කන්ද තරණය දුශ්කර කාර්‍යයක් උවද බැතිමතුන් එය සැදැහැසිතින් ඉටුකරන්නේ කදුමුදුනේ පිහිටා ඇති ආගමික ස්ථානයට කරනු ලබන ගරු කිරීමක් වශයෙනි. පිය ගැට දහස් ගණනකින් සැදි මාර්ගය තරණය කිරීමට පැය ගණනාවක් ගතවේ. කදු තරණ වාරය සෑම වසරකම උදුවප් පොහොය සිට(දෙසැම්බර්) වෙසක් පොහොය(මැයි) දක්වා පැවැත්වේ. මීට අමතරව අවාරයේ සිරිපා කරුණාවද කළ හැක. නමුදු මෙලෙස අවාරයේ සිරිපා කරුණාව පහසු කරුණක් නොවේ. දැඩි වර්ෂාව මෙන්ම අධික සුළඟින්ද අවාරයේ සිරිපා කරුණාව දුෂ්කර කර ඇත.

    කදු මුදුන මත සිට හිරු උදාව නැරඹීමට බැතිමතුන් තුළ විශේෂ කැමැත්තක් ඇත. ස්වාභාවධර්මයෙන් ලද තෑග්ගක් ලෙස හිරු උදාවේ චමත්කාරය විද ගැනීමට කදු මුදුන මත පැය ගණනක් උවද සිටීමට ජනයා මැලි නොවේ.

    කදු මුදුන කරා ලඟාවීමට විවිධ දිශාවලින් දිවෙන මාර්ග 06කි. රත්නපුර-පළාබද්දර මාර්ගය, හැටන්-නල්ලතන්නිය මාර්ගය, කුරුවිට-එරත්න මාර්ගය, මුර්රායිවත්ත මාර්ගය, මූකුවත්ත මාර්ගය සහ මාලිම්බොඩ මාර්ගය එම මාර්ග හයයි. මෙම මාර්ග හය අතුරෙන් නල්ලතන්නිය සහ පළාබද්දර මාර්ගය වඩාත් ප්‍රචලිත මාර්ගයන්‍ වේ. හැටන්-නල්ලතන්නිය මාර්ගය වඩාත් කෙටිම මාර්ගය වන අතර එහි බෑවුම වැඩි වුවද දුර ප්‍රමාණය කිලෝමීටර් 5ක් පමණ වන හෙයින් එම මාර්ගය භාවිතයට වැඩි දෙනා පෙළඹේ.

    ගූගල් සිතියමෙහි පහත ස්ථානය වෙත යාමෙන් භූගෝලීය පිහිටීම නිරීක්ෂණය කළ හැක. N 06.80933 latitude; E 080.49933 longitude; elevation 2243 meters

    කොළඹ නගරයේ සිට හැටන්-නල්ලතන්නිය මාර්ගයේ ගමන් කරන්නෙකු අවිස්සාවේල්ල, ගිනිගත්හේන, දියගල, නෝර්ටන් බ්‍රිජ්, මස්කෙළිය හරහා නල්ලතන්නියට ලගා විය හැක. කිලෝමීටර් 150ක පමණ දුරක් කොළඹ සිට මෙම මාර්ගයේ ගමන් කරන්නට සිදුවේ. හැටන් සිට කිලෝමීටර 32කි. හැටන් සිට නල්ලතන්නිය වෙත ලගාවීමට බස් රථ ඇති හෙයින් ගමනාගමනයට පහසුවකි. එසේම හැටන් වෙත දුම්රිය භාවිතයෙන්ද කොළඹ සිට ලඟාවීමට හැකියාව ඇත.

    මෙතැන් සිට හැටන්-නල්ලතන්නිය මාර්ගය භාවිතයෙන් සමනළ කන්ද තරණය ගැන කරුණු බලමු. හැටන් වෙත ඉහතින් දැක්වූ අවිස්සාවේල්ල මාර්ගයේ මෙන්ම දුම්රියෙනුත් ලගා වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් දුම්රිය භාවිතය වඩාත් සුදුසු මාර්ගය කියලා කියන්න පුළුවන්. හේතුව තමයි මේ ගමන දුෂ්කරයි. ඉතින් වාහනයකින් ගිහින් එනවා නම් වාහනයට රියදුරෙක් වෙනමම ඕන වෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදලා හැටන් වෙත දුම්රිය 5ක් දිනපතා ධාවනය වෙනවා. උදේ 5.55, 8.30, 9.45 දහවල් 12.30 සහ රාත්‍රී 8.00 යන වෙලාවල් වලට. මෙයින් උදේ 9.45 තෝරගන්නවා නම් රාත්‍රී කාළයේ කන්ද තරණය කරන්න යොදාගන්න පුළුවන්. දිවාකාලයට වඩා රාත්‍රී කාලයේ කන්ද තරණය වඩාත් පහසුයි. ඉහළට යන්න යන්න ටිකක් හීතල උනාට විඩාව දැනෙනවා අඩුයි.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B32%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B129%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B7%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B84%25255D.jpg

    තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 140ක් වෙනවා. දෙවන පන්තියේ රුපියල් 260ක් සහ පළමු පන්තියේ රුපියල් 460ක් ලෙස ප්‍රවේශපත්‍ර මිළ සටහන් වෙනවා. ඒත් මේ දුම්රිය සෑම විටකම මගීන්ගෙන් පිරී ඉතිරී යන නිසා ආසනයක් වෙන්කරගෙන ගමන යොදාගන්නවා නම් ලොකු පහසුවක් වේවි. කන්ද තරණයට පෙර සුවපහසු ආකාරයට හැටන් වෙත යන්නත්, ආපසු එන ගමනේදී දැනෙන අපහසුතාවලින් යම්තාක් දුරට අත්මිදෙන්නත් ඒක රුකුලක් වේවි. දෙවන පන්තියේ වෙන්කළ ආසනයක් හැටන් වෙත රුපියල් 600ක් වෙනවා. ඒ වගේම පළමු පන්තියේ වෙන්කළ ආසනයක් රුපියල් 1250ක් වෙනවා. (2014 අප්‍රේල්) තවත් විශේෂ ආකාරයකට යන්න ඕන නම්, නැරබුම් මැදිරියේ ආසන වෙන්කරගන්න පුළුවන්. ඒ ආසනයක් රුපියල් 1000ක් වෙනවා. දින 45කට පෙර ඉදලා ආසන වෙන්කරගන්න පුළුවන් දැන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B3%25255D.jpg

    කොළඹින් උදේ 9.45ට පිටත් වෙන දුම්රිය සවස 2.30 විතර වෙනවිට හැටන් වෙත ලගා වෙනවා. හැටන් ඉදලා නල්ලතන්නියට බස් රථ ධාවනය වෙන නිසා දුම්රියෙන් ආව කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒත් බස් රථය උනත් ඉක්මනින් පිරෙනවා මගීන්ගෙන්. ඒකට හේතුව දුම්රිය එන වෙලාවට විතරයි බස් රථ දුම්රිය පොළ ලගට එන්නේ. දුම්රියෙන් බැස්ස ඉක්මනින් බස් රථයකට ගොඩවෙන්න බලන්න වාඩි වෙන්න ඕන නම්. හැටන් ඉදලා නල්ලතන්නියට රුපියල් 75ක දුරක් යන්න තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර 32ක වගේ දුරක්. පැය 1.15ක් වගේ ගමනකින් පස්සේ නල්ලතන්නියට ලගා වෙන්න පුළුවන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B149%25255D.jpg

    නල්ලතන්නියේ තියෙනවා විශ්‍රාම ශාලා පහසුමක්. අවශ්‍ය නම් රුපියල් 1000ක් වගේ ගෙවලා කාමරයක් වෙන්කරගන්නත් පුළුවන්. ඒ වගේම නල්ලතන්නියේ රථ ගාල් 6ක් තියෙනවා එන වාහන නවත්තන්න. ඒ නිසා වාහනයක ගියත් භය නැතුව වාහනය නතරකරලා තියන්න පුළුවන්. ඒත් පාරේ වාහනේ දාලා යන්න එපා. එහෙම පාරේ නවත්තලා වාහන තදබදයක් ඇති වුනොත් පොලිසියෙන් දඩ කොළයකුත් ලැබෙනවා.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B75%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B41%25255D.jpg

    නල්ලතනියෙන් ශ්‍රීපාදයට ඇතුළුවන හැමෝම වගේ පහලින් ගලා යන ජලපාරෙන් නාලා පිරිසිදු වෙලා තමයි තරණය ආරම්භ කරන්නේ. ඉවුරට ආසන්නයේ ඉදලා නාන එක ගොඩක් ආරක්ෂිතයි. කදු මුදුන්වලට ඇද හැලෙන වර්ෂාවෙන් ජල පහර වේගවත් වෙන්න පුළුවන් ක්ෂණිකවම.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B36%25255D.jpg

    නාලා පිරිසිදු වෙලා බුදුරදුන් වගේම සුමන සමන් දෙවියන් පහල තියෙන බුදුකුටියෙනුත්, දේව මැදුරෙනුත් වැදකියාගෙන පඩුරු පූජා කරන්න පුළුවන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B92%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B13%25255D.jpg

    ටික දුරක් යනකොට සිව ඊශ්වර දේවස්ථානය හමුවෙනවා. එතැනත් මදකට නැවතිලා වැද ආශිර්වාද ගන්න.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B55%25255D.jpg

    ඉන්පසුව හමුවෙන ඝණ්ඨාරයෙන් සිරිපා ගමන්වාරය කරුණා කරන්න.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B136%25255D.jpg

    ඉන්පසුව ස්වාමීන්ද්‍රයන් වහන්සේලා විසින් පිරිත් නූල් අතේ ගැටගහලා ආශිර්වාද කරනවා. මේ ස්ථානයේ තමයි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපනයට වැඩමවා ඇත්තේ.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B29%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B31%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B18%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B52%25255D.jpg

    මෙතැන් සිට ටික දුරක් යන විට මකර තොරණ හමුවෙනවා. මෙතැනදී බුදුන් වැද සමන්දෙව් ආරක්ෂාව ලබාගන්න එක බෞද්ධ හැමෝගෙම සිරිතක්. කෝඩුකාරයන් පඩුරක් ගැට ගහලා ආරක්ෂාව ඉල්ලා සිටිනවා. සමන්ගිර තරණය කරලා නැවත ආරක්ෂිතව පහලට එන්න පුළුව්න් වේවා කියලා හිතාගෙන නඩේ ගුරා තමයි කෝඩුකාරයන්ගේ අතේ පඩුර බදින්නේ.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B142%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B49%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B39%25255D.jpg

    මකර තොරණ පහු කරලා ඉදිරියට යනවිට සප්ත මහා දේවාලය, ධර්ම රාජ මහා විහාරය සහ රතු පාලම යන ස්ථාන තුනම එකවිට හමුවනවා. මෙම ස්ථානයේම තමයි වෙන්ඩෝල් විශ්‍රාම ශාලාව පිහිටලා තියෙන්නෙත්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B151%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B24%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B165%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B159%25255D.jpg

    රතු පාලම පහු කරලා කදු මුදුන දෙසට යන අපට ජපන් සාම චේතිය හමුවෙනවා. විශාල ගල්පර්වතයක් පාමුල පිහිටි මෙම ජපන් සාම චේතිය ජපානෙන් ලංකාවට ලද ත්‍යාගයක්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B182%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B93%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B48%25255D.jpg

    සාම චේතිය පසු කළ ගමන් අපට විශාල ඝණ්ඨාරයක් දැකගන්න පුළුවන්. මේ ඝණ්ඨාරය පසෙකින් සමනළ සිරස අලංකාර දසුනක්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B1%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B125%25255D.jpg

    මේ ඝාණ්ඨාරයෙන් පසුව හමුවන්නේ සිරිපා වදින්නට සිව්රඟසෙන් කැටුව පැමිණ නිශ්ශංකමල්ල රජු නැවතුන නිශ්ශංක ලෙනයි.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B134%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B120%25255D.jpg

    ඊට ටිකක් දුර ඇවිදගෙන යන අපට සමන් දේවාලයක් හමුවෙනවා. පසෙකින් සමනළ කදු මුදුන අලංකාරව මෙතැනට දර්ශනය වෙනවා.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B34%25255D.jpg

    මඟදිගට හමුවන අම්බලම වල නැවතිලා විඩා නිවාගෙන ඉහලට කරුණා කරන ගමන් දෙපස කඩ වලින් කුසගින්න නිවාගන්න ආහාරත් මිලට ගන්න පුළුවන්. ඒත් ඉහළට යන්න යන්න මේ ආහාරවල මිලත් වැඩිවෙනවා. ඒ නිසා පහලින් අරගෙන යන්න පුළුවන් තරමක් කෑම බීම අරගෙන යන්න පුළුවන් නම් හොදයි.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B103%25255D.jpg

    ටිකක් දුර යනකොට සිද්ධාලේප මැදුර සහ ලක්පේයාව දන්සැල හමුවෙනවා. නලලේ සිද්ධාලේප ටිකක් ගාගෙන ලක්පේයාව බීලා ගමන නැවත ආරම්භ කරන්න. පහළට කරුණාකරනකොට නම් මේ ස්ථානය ගොඩක් වැදගත් වෙයි. අවශ්‍ය අයට සිද්ධාලේප ගාවගෙන කකුල් දෙක මසාජ් කරගන්න මේ ස්ථානයෙන් පුළුවන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B175%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B172%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B4%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B169%25255D.jpg

    ඉන්පසු හමුවන ප්‍රධාන ස්ථානය සීත ගඟුල. සිරිපා හිමයට ඇතුළුවන ප්‍රධාන පූජනීය ස්ථානය මෙයවේ. සීත ගඟුලෙන් ජල ස්නානය කර පිරිසිදුවී සුදු පිරුවට හැද පඩුරු බැද පන්සිල් සමාදන්ව පේවී සිරිපා කරුණා කරන්න. මේ ස්ථානයේ භාරවී ගැට ගසාගෙන යන පඬුරු නැවත එනවිට එම ස්ථානයේ ගැටගසා ඔප්පුකළ යුතු වෙනවා.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B137%25255D.jpg

    ඉන්පසු හමුවන වැදගත් ස්ථානය නම් ඉදිකටුපාන. මෙතැනදී ඉදිකටුවට නූළ අමුණා ඇස් පෙනෙන තුරාවට සිරිපා කරුණා කරන්නට ලැබේවායි සිතා ගෙත්තම් කරමින් ඉහලට යා යුතුයි. මෙසේ ටික දුරක් යන විට රත්නපුර පාර හමුවන මංසන්ධියට ලගා වීමට හැකියාව ලැබෙනවා.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B114%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B21%25255D.jpg

    ඇහැළ කණුව, අවසාන හෝටලයෙන් පසු මහගිරිදඹ නැගීම ආරම්භ වෙනවා. උඩමළුවට පෙර භගවා ලෙන පිහිටි ස්ථානය බලාගන්නත් හැකියාව තියෙනවා.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B37%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B168%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B163%25255D.jpg

    උඩමළුවට උදෑසන 5.30න් පසුව ළගාවන ඔබට ඉර සේවයේ චමත්කාරය විදගන්නත් පුළුවන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B5%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B160%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B60%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B25%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B45%25255D.jpg

    උඩමළුවට ගොස් වැද නමස්කාර කොට සිරිපතුළ මත තෙවරක් හිස තබා වැදීමෙන් පසුව ඝාණ්ඨාරය නාදකොට පහළට කරුණාකිරීම ආරම්ණ කරන්න පුළුවන්.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B77%25255D.jpg

    පහලින් තියෙන ඡායාරූප සමනළ කන්දේ ස්වභාව සුන්දරත්වය මැනවින් කියාපාවි.

    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B87%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B138%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B158%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B180%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B89%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B173%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B146%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B80%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B100%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B74%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B51%25255D.jpg


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B121%25255D.jpg

    ශ්‍රී පාදය කියන්නේ පොදු ස්ථානයක්.ඉතින් ඒ වගේ ස්ථානයක් රැක ගැනීම කාගෙත් යුතුකමක්. ඒ නිසා පොලිතින්, ප්ලාස්ටික් බෝතල් තැන තැන දාන්න යන්න එපා. ඒ වගේම ජෛව විවිධත්වයකින් යුතු මේ පරිසරයේ ගහ කොළ පවා රැක ගැනීම හැමෝටම අයිති කාර්‍යයක්. විශේෂයෙන් මේ වගේ තැනක තරු පහේ හෝටලයක තියෙන සනීපාරක්ශක පහසුකම් නෑ. ඒත් තියෙන පහසුකම් හොදින් පරිහරණය කල යුතු වෙනවා. සීතලකදි අදින්න පුළුවන් ඇදුමක් ගෙනියන්න අමතක කරන්න එපා. හදිසියකට බොන්න බෙහෙත් එහෙම ගෙනියන්න පුළුවන් නම් හොදයි. උඩ මළුවේ දොස්තර මහත්මයෙක් ඉන්න නිසා අවශ්‍ය නම් එතුමාගේ සහයත් ලබාගන්න පුළුවන්.

    බුදුසරණයි.
    සමන්දෙවි රැකවරණයි.


    Adams-Peak-2014-by-Ruwan-Dileepa--le%25255B11%25255D.jpg

    මේ ලිපිය සමගින් තවත් ඡායාරූප ඇතුලත්ව මගේ බ්ලොග් සයිට් එක: http://lessonforfree.blogspot.com
    එළකිරි.කොම්හි මගේ කලින් ලිපියට: පොළොන්නරුවට Trip එකක් - ස්ථාන 45ක් (with Photos)
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Nice thred.
    Eth Hatton nathuwa Rathnapuren hari Kuruwiten hari yanna tibbe.
    Hatton wala kisima lassanak na arawath ekka baladdi..

    :rolleyes::rolleyes::rolleyes: