ශ්‍රී පාදය වැඳල

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.

කවුරුත් නොහිතන කාරනය තමයි ඇයි...වාරය හා අවාරය කියා දෙයක් තියෙන්නේ කියන එක
.....එ කෙලෙස් වලින් පිරිච්ච මිනිසුන්ට වෙනම කාලයකුත්...අවාරයෙදි... දේව මන්ඩල වල වැඩවසන දෙවිවරුන්ටත්.....තමයි....
cable car දැම්මහම අවාරය කියල දෙයක් නැතිව යනවා....මොකද මාස 6ක් ඔයsystem එක shut down කරල තියන්න බැනේ....එ නිස ඒක අවුරුද්ද පුරාම දුවයි.....එතකොට කො දෙවියන්ට අවස්තාවක් සිරිපතුල වන්දනා කරගන්නට......


owu ... eeka aththa......
apita peena deewalama vitarak newei.... iiita ehaa giya deewal sambandhawath balanna oooni....


aaanduwe mola baaaga walata ooowa peeenne nahane....
 

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    හේතු කීපයක් හන්දා මම අකමැතියි...හොටෙල් හදයි..තවකාලෙකින් බියර් අරක්කු එහෙමත් විකුනයි...පරිසරය ඉවරඉ...ශ්‍රි පාදස්ථානයේ වටිනකමත් ඉවර කරල..බෞද්ධ අපේ වටිනාම උරුමයට කෙලින්න හදන අන්යාගමිකයන්ගේ කූට උපක්‍රමයක් මචන්ලා මේක...
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    හේතු කීපයක් හන්දා මම අකමැතියි...හොටෙල් හදයි..තවකාලෙකින් බියර් අරක්කු එහෙමත් විකුනයි...පරිසරය ඉවරඉ...ශ්‍රි පාදස්ථානයේ වටිනකමත් ඉවර කරල..බෞද්ධ අපේ වටිනාම උරුමයට කෙලින්න හදන අන්යාගමිකයන්ගේ කූට උපක්‍රමයක් මචන්ලා මේක...

    සංවර්දනය මුවාවෙන් නිකමට හරි...මෙහි ඇති ආගමික වටිනාකමට වඩා වානිජමය වටිනාකමක් දුන්නොත්....මොනවයින්...මොනවා වෙයිද දන්නෙ නැ....මෙච්චරමේ ආරක්ශාවක් තිබ්බ කොළඹ කෞතුකාගාරය කඩලා බඩු ටික ඉස්සුවානම්....ඔක මොකක්ද......
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සිරිපාදෙත් එක්ක බැඳිච්ච අවුරුදු සියගණනක් පැරණි චාරිත්‍ර වාරිත්‍ර වලින් පිරුණු වෙනම අතීත කතාවක් අපිට තියනවා වගේම අපි එක වර්තමානයටත් ඒ විදිහටම අරන් ඇවිත් තියනවා. සිරීපාද වන්දනාවේ අගය සුන්දරත්වය තියෙන්නේ ඒ තැනට ලනගවෙන්න අපි ගන්න උත්සාහය එක්ක. මෙතනට කේබල් කාර් දාන්න තරම් කර්කශ යන්න බැරි පරිසරයක් සිරිපද රක්ෂිතයේ නැහැ. එකේ තියෙන්නේ බොහොම සෞම්‍ය සුන්දර පිහිටීමක්. ඒ සෞම්‍ය සුන්දර පරිසරයත් එක්ක බැඳිච්ච විශේෂ ස්ථාන චාරිත්‍ර කොච්චර අපිට තියද? යන්න කලින් දවසේ ඉඳන් මස්මාංශ වලින් වලකින එක. සිතගන්ගුලෙන් නාල පිරිසිදු වෙන එක. සිතගන්ගුලෙන් කෝඩුකාරයන් දෙහි ගාල නාවල සමන්දෙවියන්ට භාර වෙලා යන එක,. බුදුන් වහන්සේ තමන්ගේ ශ්‍රී පතුල පිහිටවන්න වඩිද්දී උන්වහන්සේගේ චිවරය ඉරිලා එය මැසු ස්ථානය සිහිකරලා ඉඳිකටු පානේදී ගෙත්තම් කිරීම, හැරමිටි පානේදී හැරමිටියක් අතට ගන්න එක . මෙන්න මේවා එකතු වෙලා තම ශ්‍රී පාද වන්දනාව සම්ම්පුර්ණ වෙන්නේ. නැතුව උඩින් ගිහින් පාත් වෙලා "මෙන්න බුදුන් මල් - ඕන් අපි ගියා" වගේ සම්ප්‍රදායකින් නෙවි. මේ කේබල් කාර් කතාව කියෙව්වම මට එක දෙයක් සිහියට අව. අපි අපේ ජිවිතේ ජීවත්වෙලා වයසට ගියාම අපහු හැරිලා බැලුවම අපිට ඉතුරුවෙලා තියෙන්නේ අපි ඒ ජීවිතේදී කරපු කියපු ලබාගත්තු දේවල් විතරයි. නමුත් මේ කරන්න යන්නේ ළමා වයසේ ඉඳන් එකපාරටම වයසට යවල මහල්ලෙක් කරලා "කොහොමද ජිවිතේ නියමයි නේ " කියල අහනවා වගේ වැඩක්.

    මේකෙන් හානිය වෙන්නේ සිරිපාද රක්ෂිතයට විතරක් නෙවි සිංහල බෞද්ද අනන්‍යතාවයට, සංස්කෘතියට. පෞද්ගලකව මමත් මේ වැඩේට විරුද්දයි.ඔච්චරම මෙතන දියුණු කරන්න ඕනේ නම් හැටන් පාරේ පඩිපෙල් ටික හරියට හදන්න. මිනිස්සුන්ට ගිමන් හරින්න තැන හදන්න. පිරිසිදු කැසිකිලි වැසිකිලි පද්දතිටිකක් හදන්න. උඩ මලුව හරියට පිරිසකල කරන්න.සිරිපා වඳින්න යන ගමන අපි කරගන්නම්.
     
    Last edited: