ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය”

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය”

    ඇඩම්ස්පීක් නම වෙනස් වෙයි – “ගෞතම ශ්‍රී පාදස්ථානය” නමින් රජයෙන්ම ලියාපදිංචි කරයි..!

    sripadaya.png


    ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නම් කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එකඟතාව පළකොට තිබේ. ඇමැතිවරයා එසේ එකඟතාව පළකොට තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකටය.

    ජාත්‍යන්තර වශයෙන් “ඇඩම්ස් පීක්” ලෙස හඳුන්වන ශ්‍රී පාදස්ථානය ඉදිරියට “ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කරදෙන ලෙස තමන්වහන්සේ ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව එය ඉටුකර දීමට ඇමැතිවරයා එකඟවූ බව නාහිමියෝ පවසති.

    මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 03 වැනි දින උඳුවප් පොහෝ දිනෙන් ආරම්භව 2018 වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් අවසන් වෙයි. මාස හයක් පුරාවට ශ්‍රී ලංකාවේ දීර්ඝතම වන්දනා සමය මෙය වන අතර ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ බැතිමතුන්ද මේ වන්දනාවට ලක්ෂ ගණනින් සහභාගි වෙති.

    මේ වන්දනා වාරය ආරම්භ කිරීම සඳහා පැල්මඬුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරයෙන් මාර්ග තුනක් ඔස්සේ බළන්ගොඩ ශ්‍රී පලාබද්දල හා හැටන් මාර්ගයන් ඔස්සේ සධාතුක කරඬුව, දේවාභරණ හා සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද මළුව දක්වා වැඩම කරවීමේ පෙරහර සංවිධාන කටයුතු හා සමඟ වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා (ඔක්. 2දා) ශ්‍රී පාදස්ථානාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක පැල්මඬුල්ල රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ හා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ශ්‍රී පාදස්ථානය ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කෙරෙන බව ධම්මදින්න නාහිමියන් අවධාරණය කළේ මේ සාකච්ඡාවේදීය.
    මේ අවස්ථාවට නුවරඑළිය බෞද්ධ කටයුතු සමායෝජක මාකඳුරේ රතනසාර, දෙහිඕවිට බෞද්ධ කටයුතු සමායෝජක ගලහිටිකන්දේ ධම්මවංශ හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් සරත්චන්ද්‍ර මහතාද, රත්නපුර, අඹගමුව, කුරුවිට, පැල්මඬුල්ල හා අනෙකුත් පෙරහර හා සම්බන්ධ මාර්ග අයත් ප්‍රාදේශීය ලේකම්වරුද සමනල අඩවිය භාර අඩවි ආරක්ෂක නිලධාරි වී.කේ. මනෝජ් විද්‍යාරත්න, රත්නපුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීහුද කුරුවිට යුද හමුදා කඳවුරේ ප්‍රධානීහුද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි ඩී.ටී. ප්‍රනාන්දු දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි නිරෝෂා ශ්‍යාමලී යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.

    කුරුවිට – කේ.ඒ. එස්. පියතිලක
     
    • Like
    Reactions: DangerMan119

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඕක නිල වශයෙන් ලෝකෙට කිවා නං හරි. නැත්තන් නිකන් බෝඩ් ලෑල්ලක් විතරක් තියෙයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    ඕක නිල වශයෙන් ලෝකෙට කිවා නං හරි. නැත්තන් නිකන් බෝඩ් ලෑල්ලක් විතරක් තියෙයි
    :yes::yes:

    petition ekakkuth sign kala neda nama wenas karanna kiyala...owa ithin kerenakan sure na...

    e machan google map ekata. un change kara. dan thiyenne sri paadhasthanaya kiyalane. kage kawda kiyala hariyatama sadahanak nahane. ekai gauthama sri paadhasthanaya kiyala wenas karanne.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    kawadahari cable car newei eeta wada pahasu gaman kramayak hadewi samaharawita
    නැ ඔකට කේබල් කාර් එකක් දාන්න 2005දි විතර යොජනාවක් ආවා. මට මතක හැටිය. නමුත් පස්සේ ආගමික බලපැමක් නිසා ඒක නතර උනා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    නැ ඔකට කේබල් කාර් එකක් දාන්න 2005දි විතර යොජනාවක් ආවා. මට මතක හැටිය. නමුත් පස්සේ ආගමික බලපැමක් නිසා ඒක නතර උනා.

    කරුණාවයි කරුණාවයි ...කකුල් පන තියෙන උන් පමණක් කරුණාවයි ...අනිත් උන්ට අකරුනවයි