ශ්‍රී පාද ස්ථානය වදින්න යන්න ඕන සින්හළු - උදව්වක් ඕන

Samaposha

Well-known member
  • Nov 9, 2016
    531
    541
    93
    Habarana
    කොච්ච් කරදරයි, හැටන් වලින් බැහැල් ආයෙ බස් එකෙ යන්න ඕන
    බෑග් උස්සගෙන ඕක මල වදෙ

    කෙලින්ම කොටුවෙ සීටීබී ස්ටෑන්ඩ් එකට ගිහිල්ල, හැටන් බස් නවත්තන තැනට යන්න
    එතන තියනව නල්ලතන්නියටම යන බස් එක.
    හැමදාම උදේ 8 වගෙ එකක් යනව, ( මේක කෝල් කරල අහල බලන්න )
    එකෙ නැග්ගම, කෙලින්ම නල්ල තන්නිය ස්ටැන්ඩ් එකෙ
    එතනින් බැහැල, කෙලින්ම කන්ද නගින්න තියෙන්නෙ. ආයෙ කොහෙවත් යන්න දෙයක් නෑ

    එනකොටත්, කන්ද බැහැල, ස්ටෑන්ඩ් එකට ආවම , තියනව නල්ලතන්නිය - කොලබ සී ටී බී

    එක බස් එකයි, වැඩේ ඉවරයි

    ----

    කන්න නන් මග කඩ තියනව
    උඩට යන්න යන්න ගාන වැඩියි
    නිකන් ප්ලෙන්ටි එහෙකුත් 150ක්වත් වෙයි උඩ හරියෙ

    වතුර එකක් අරන් යන්න, බිස්කට් එකයි, රොටියක් අනන් මනන්
    හීතල කේස් නන් ජැකට්, අයිස් කැප්, ලිප් බාම් අරන් යන්න
    ජොගින් සපත්තු දාගෙන ය්‍න්න ( තියනව නන් )

    වීකෙන්ඩ් පට්ට සෙනග, එපා වෙනව
    එක එකා එක්ක වැඩි බජනෙට යන්න එපා, හොර තක්කඩි ඉන්නෙ

    පිරිත් නූල් ගැටගහන්න සල්ලි ඉල්ලන එවුන් ඉන්නව, හොර තක්කඩි

    හවස 3ට වගෙ පටන් ගත්ත නන්, හිමීට යන්න පුලුවන් පාන්දර ඉර බලන්නත් එක්ක ( සෙනග නැත්නන් )

    -----

    කරුණාවයි....කරුණාවයි..... 🙏
    අන්නේකයි!
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මචං ෆේස්බුක් එකේ ගෲප් එකක් තියෙනවා "සමනල කන්ද රසික එකමුතුව" කියලා,
    ඒකට ජොයින් වෙලා අහපන් ඕන දෙයක් කියලා දෙයි,
    දන්නේ නැති දෙයක් තියෙනම් ඕන වෙලාවක අහපන්,
    මම 10 පාරකට වඩා ගිහිල්ලා තියෙනවා
    ඒල මචො,මන් කලින් ගිහින් තියෙනවා ,කොච්චියෙ,බස් එකෙ ගිහින් නැ.යන විදිහ තමයි දැනගන්න ඕන
     
    • Like
    Reactions: Solo Rider

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මම ආසම ගමනක්. කවදාහරි හැම පාරකින්ම සිරිපා කරුණා කරන්න මට ලොකු ආසවක් තිය්නවා. උබලත් උත්සහ කරපල්ලා. හැමදාම හැටන් පාරෙන්ම යන්නත් එපා. තාම ගියේ නැති අය ඉන්නව නම් එක පාරක්වත් යන්න උත්සහ කරන්න. සිරිපාදේ ගිහින් නෑ කියන්නෙ වැඩක් නෑ ඉතින්.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,135
    14,224
    113
    මම ආසම ගමනක්. කවදාහරි හැම පාරකින්ම සිරිපා කරුණා කරන්න මට ලොකු ආසවක් තිය්නවා. උබලත් උත්සහ කරපල්ලා. හැමදාම හැටන් පාරෙන්ම යන්නත් එපා. තාම ගියේ නැති අය ඉන්නව නම් එක පාරක්වත් යන්න උත්සහ කරන්න. සිරිපාදේ ගිහින් නෑ කියන්නෙ වැඩක් නෑ ඉතින්.
    අපෝ ඔව් බන්,මේ පාර යන්නේ තනියෙම නෙමේ,කෙල්ලෝ එක්ක කැලේ රිංගන්න කැමති නැ,කරදර වැඩ.ඊළගට හැටන් නැතුව වෙන පාරකින් යන්න හිතන් ඉන්නේ.මොනවාද හොද සජෙෂන්